Social Icons

හොයමු බලමු

Showing posts with label අපි නොදන්න පොලිටික්ස්. Show all posts
Showing posts with label අපි නොදන්න පොලිටික්ස්. Show all posts

Sunday, April 12, 2015

මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං .....................




ආදරණීය ගුරුතුමනි ,
මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු,
නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....

මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.
මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ට
මානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....
ඔබේ උත්සාහය අවසානයේ ලොවට 
උගත් අමනුෂ්‍යයින්-- දක්ශ යක්ෂයින්
දායද කලයුතු නැත....

ලිවීම , කියවීම , ගණිතය , ඉතිහාසය , වැදගත් වන්නේ ............
ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට
කියාදෙන්නේ නම් පමනි .........





මේ ටික මෙහෙමම නැතත් ටිකක් හරි මේ වගේ සමානව හිතුනේ ට්‍රෙිනිං එක අතරවාරේදි ඇස් වල මොකද්දෝ ආසාදනයක් වෙලා බෙහෙත් ගන්න නාගොඩ රජයේ රෝහලට ගියපු වෙලාවේ ...

අසරණ අහිංසක අම්මලාට නර්ස්ලා කෑගගහා බනිනකොට,
ළමයි හම්බවෙන්න ඉන්න අම්මලාට ඇටෙන්ඩන්ලා සත්තුන්ට වගේ කථා කරනකොට ........
ලස්සන දොස්තර නොනා කෙනෙක් මගේ මූනවත් බලන්නෙ නැතුව ඇහැට දාන්න ඕනේ බෙහෙත් ලියලා දෙනකොට ....
ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුන්ව ඉස්පිරිතාල සිකියුරිටිගේ සපත්තුවට පෑගෙන හැටි දැක්කාම ..........
ප්‍රයිවට් ඉස්පිරිතාලෙට යන්න හරියටම 3.30ට පිට වෙලා යන දොස්තර මහත්තුරු දැක්කාම .....
මහ පාන්දර ඉදං බඩගින්නේ පොලිම් වල වේලෙන මිනිස්සු මේ ඉන්නෙ තමංගෙ දිහාවත් බලන්නෙ නැතුව බෙහෙත් දෙන දොස්තරලව හබ්බවෙන්න කියලා හිතෙනකොට ............

තමයි  ඇයි බං මේ රටේ මිනිස්සු මුංට ඉගෙන ගන්න සල්ලි දුන්නෙ කියලා හිතෙන්නේ

ළමයින්ව ඉස්කෝලෙට දාන්න විදුහල්පති වරු සල්ලි ඉල්ලද්දි ......
ඉස්කෝලෙට යන පොඩි කෙල්ල ගුරුවරු අතින් දූශනය වෙද්දි .....
සුදුසුකම් නැති උන් අධ්‍යාපනයේ මුලු පුටුවල වැජඹෙද්දි ....
කැම්පස් එකේදි , විද්‍යාපීඨෙදි හොයපු සාදාරන ලෝකේ ,එලියට ඇවිත්  ඒ ලෝකේ හොයපු ඈයොන්ගෙ අතින්ම කෙලිසිලා යද්දි.....

කුඔුරු වේලෙද්දිත් වතුර දෙන්නෙ නැතුව වැව පුරවලා 100000 හොයන ඉන්ජිනේරුවේ ඉද්දි .........
බල්ලෝ බලල්ලුන් ගානට මිනිස්සු දාන බස් සේවකයෝ ඉද්දි ......
ඉතුරු දෙන්නෙ නැති කොන්දොස්තරලා ඉද්දි .......

කක්කුස්සි වලක හරි කමක් නෑ හදලා තියෙන හෝටල් පගාවට ඒ ශ්‍රේනියේ ආපන ශාලා කියලා සහතික දෙන සෞඛ්‍ය පරීක්ශක වරු ඉද්දි .....
ගස් කපලා , දඩයමේ යන කැලෑ මහත්තුරු ඉද්දි ......

මුලු දවසම නිදාගෙන පඩි ගන්න රජයේ සේවකයෝ ඉද්දි ........
ලක්ශ ගනං පඩි අරං තවත් පඩි ඕනේ කියන විදුලි බල සේවකයෝ ඉද්දි ..



.
.
.
.
.
.
.
ඒහෙම කලා කියලා උන්ට බන්න ගහන්න අපිට බෑබං ....... අඩුම ගානේ ඒහෙම කරන්න ඒපා කියලා වත් කියන්න අපිබෑ ........ කිව්වෝත් මිනිස්සු දාස් ගානකගේ ජීවිතත් ඒක්ක උං සෙල්ලං කරන් ගන්නවා වැඩ කරන ඒක නවත්තලා දාලා........ ඉල්ලීම් දෙනකල් 
ඒහෙව් ඒකේ .....

උඹලා උඹලගේ පීඩනේ පිට කරන්න කාලෙන් කාලෙට පොලීසියට , හමුදාවට බනින එක සාදාරනයි බං ..........
මොකද උඹලා බැන්න කියලා .. ගැහුවා කියලා ... උන්ට වැඩ වර්ජන කරන්න උද්ගෝශන කරන්න , ඉල්ලීම් ඉල්ලලා උසාවියට පාගමන් යන්න , පාර්ලිමේන්තුව ජනපති මැදුර වටලන්න......
බෑනේ බං ........



 මූණ අකුලං පැත්ත ගහලා ඉන්න ඒක හැර උන්ට කරන්න පුලුවං මඟුලක් නැති නිසා ........ පීඩනේ උංගේ පිටිං අැරලා දාපං .......

Friday, October 18, 2013

කැරැල්ලක් 02 ( ඔපරේශන් වයිප් අවුට් නොහොත් අවසන් සටන )

පලවෙනි කොටස



"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....

"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර  ටීචර් , චමිලා මිස්  පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා....

                   දෙවනි පාරටත් අත උස්සන්න හදපු කොම්පීතර සර්ගේ රැස් ඩිංගක් විතර අඩුවෙලා යනවා වගේ පෙනුනේ චමිලා මිස්ගේ මැදිහත්වීමත් එක්කයි .

 මොකද කොමිපියුටර් මහත්තයෝ ඔය කොල්ලව මරන්න හදන්නේ ?

බලන්න චමිලා මිස් මේ ළමයා වයසේ හැටියට නෙවෙයි වැඩ , දෙයක් කිව්වහම  පිලිගන්නේ නැතුව එකට එක කියවන්න එනවා .....

නිකං බොරු කියන්න එපා සර් , කොහෙදෝ ඉදන් මේක මැද්දට ඇවිල්ලා මං ගත්තු  තීරණ වෙනස් කරන්න හදන්නේ ඇයි .... චමිලා මිස් දිනෙල්ක මල්ලි කියවපු එකට එකක් නෑ 

ආහ් , ඒ පාර තමුසෙත් පටන් ගත්තද ? එහෙම කියපු කොම්පියුටර් සර් නිවාස නායකයා දිහවටත් මරුමුස් බැල්මට් එකක් දැම්මා .

මට පේන්නෙත් කොම්පියුටර් මහත්තයා තමන්ට අයිති නැති දේකට මැදිහත් වෙලා නිකං බොරුවට ළමයි එක්ක ප්‍රශ්න හදාගන්න වගේ හදන්නේ . කරුණා කරලා ඔබතුමා  අර ඒසී කාමරේ ඇතුලට ගිහිං ගේම් එකක් ගහගෙන පාඩුවේ ඉන්න . චමිලා මිස් එතැනින් ගියේ ඒ විදිහට කියාගෙන .
                                                 විනාඩි දෙක තුනක් යනකං එතනටම වෙලා දත්මිටි කාපු කොම්පියුටර් මහත්තයා අපි දිහා බලන්නෙවත් නැතුව ලැබ් එක දිහාට ඇවිදගෙන යන්න ගියේ අපේ කොල්ලෝන්ගේ හූ සද්දෙ මැද්දෙන්. 
                                       වීරයෝ වගේ හූ කිව්වට මොකද තිබුන අවුල දැන් දෙක තුන වෙලා තමයි එලියට බහින්නේ කියලා අපිට තේරුනේ ඈතින් පුශ්පකුමාර සෑර් උත්තමයා වේවැලත් අරන් එද්දී . හූ කියන එක තවත්තලා එකා දෙන්නා හෙමින් සීරුවේ පතෝල මැහි අස්සෙන් නොපෙනී යන්න  ගත්තා .
                                    හැමෝටම පුදුම  හිතුනේ තෝරගැනීම් තිබුන ඉතුරු දවස් කීපය කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගිය නිසා . ඒත් මාහා කුණාටුවකට කලින් ගුප්ත නිහැඩියාවක් තියෙනවා කියන කථාව ඇත්තක් . තෝරා ගැනීම් තරඟ ඉවරවුන පලවෙනි දවසෙ උදේ පාන්දරම දහය වසර සෙක්ශන් එකටම පිට්ටනියට එන්න කියලා පුශ්පකුමාර සර් එවලා තිබුන පණිවිඩයත් එක්කයි . මොනව උනත් විදුහල්පති ‍කෙනෙක්ගේ අණට පිටින් යන්න හිතුවේ නැති අපි කියපු පරක්කුවෙන් පිට්ටනියේ . පාවට්ටා ගස් දෙකක් අතර හැදිලා තිබුන මහ අඹ ගහ යට රැස්වෙලා හිටපු අපේ පැත්තට ආපු පුශ්පකුමාර සර් බොහොම දරුණු විදිහට අපේ දිහා බැලුවා.

තොපි කාලකන්නි හැත්ත , උඹලා නේද අර අළුත් කොම්පියුටර් සර්ට හූ කිව්වේ !!!!! වේවැල් තුනක් විතර එකට තියලා හදාගත්තු පොල්ලක් වගේ එකකින් අහුවෙච්ච පලවෙනි එකාගේ උරපත්ත පැලෙන්න තරං හයියෙන් ගහපු පුශ්පේ ඉස්කෝලෙම දෙදරන තරං හයියෙන්ඇහුවා . 
ගුටි කාපු එකා උරහිස අතගගා කොල්ලන්ගේ මැද්දට එන අතරෙ තවත් දෙතුන් දෙනෙකුටම ඒ පොලු පාරටත් වඩා සැරට දෙන්න අළුත් සර් අමතක කලේ නෑ .

හැදියව් තොපි කාලකන්නි හැත්ත පිට්ටනිය මැද්දේ පෝලිමක් ....... දණ ගහපිය අව්වේ ....

                                   මුළු දහය වසරම ගිණිකාස්ටක අව්වේ දණ ගස්සපු අළුත් සර් කොණක ඉඳන් පටන් අරන් හැම එකාගෙම පිට මැද්දට දෙක ගානේ අර  පොලු කෑල්ලලෙන් ගහන්න පටන් ගත්තා .

නැගිට්ටනේ නෑ තොපි එකෙක්වත් අද ඉස්කෝලෙ ඇරෙනකං හිටපියව් ඔහොම .......

                                           ඔය වෙලාවෙ තමයි කිසිම කෙනෙක් විශ්වාස නොකරන විදිහේ වැඩක් සිද්ද වුනේ , ඒ ලෙවල් පන්ති වල හිටපු සේරම කොල්ලොයි එකොලහ වසරේ සෙක්ශන් එකෙන් භාගයකුයි අනාරාධිතවම ඇවිත්  කට්ට අව්වේ අපිත් එක්කම දණ ගහගෙන ඉන්න ගත්තේ .අළුත් සර්ගේ කට ඇරිලා දිව එලියට ඇවිත් ....

මේ මොකද වෙන්නේ , තමුසෙලාට කවුද එන්න කිව්වේ ....... පලයව් යන්න 

නොකරපු වැරද්දකට දහය වසරේ කොල්ලොටික දඬුවම් විඳිනවා , අපි ආවේ උන් එක්ක ඒක බෙදාගන්න , අපිටත් දැන් දඬුවම් විදින්න දෙන්න සර් , මොකද ඉස්සරහට අපේ අතින් වැරද්දක් වෙන්න තියෙනවා . ඒ වෙනුවෙන් තමයි මේ අවේ ............. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායකයා වගේම මට කලින් විවාධ කන්ඩායමේ නායකයා වෙච්ච විජිත අයියා එහෙම කිව්වේ දනිස් දෙකේ දූවිලි ගෑවෙන එක නවත්තන්න බිම එලපු කොල කෑල්ලක් උඩ දණ ගහන ගමන් .
                                          කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරිවුන ලොකු සර් තමන්ගේ කාර්්‍යාලය පැත්තට ගියේ උගන්වන්න ළමයි නැතිවුන පන්ති වලින් එලියට බැහැලා පිට්ටනිය දිහා බලාගෙන ඉන්න ගුරුවරු දිහා එක පාරක් විතරක් හැරිලා බලලයි .

පිස්සුනේ විජිත අයියේ , උඹලා මොන රෙද්දටද ආවේ ? රන්දිකයා කථා පටන් ගත්තා .

මේක මෙහෙම කරන්න බෑනේ බං , අපිට නං මූව එපා වෙලා තියෙන්නේ . දැං බලපං අපේ ඉස්කෝලේ කෝටිපතියන්ගේ ළමයි නෑනේ බං ....... එහෙම වෙලා තියෙද්දි . මේ හුත්** පුතා හැම සතියෙම මොකක් හරි ලබ්බක් කියලා පන්තිවලින් සල්ලි එකතු කරනවා ............... ඒ ලෙවල් පන්තිවල හිටපු ගුරුවරු මාරුවීම් හදාගෙන ගිහිං , මූ එක්ක ඉන්න බෑ කියලා .....  අපිට උගන්වන්න ගුරුවරු නෑ ........ මං නං  කියන්නේ අපි කොහෙම හරි මූව එලවමු . විජිත අයියා තමන්ගේ අදහස එලියට දැම්මේ ඒලෙවල් පන්තියේ තමන්ගේ යාළුවෝ දිහා බලන ගමන් . 
උන් සේරම හිටියේ එකම අරමුනකින් කියන එක ඒ වෙලාවේ මූණු වලින් බේරිලා ආපු හැඟීම් වලින් අපි සේරටම පැහැදිලි වුනා . එත් මූව එලවන්නේ කොහොමද ?

අපෙන් කඩා ගන්නවා විතරක් නෙවෙයි බං , මූ හැමදාම හවසට බෝතලයක් ගෙනත් සික්කත් එක්ක කඩාගෙන බොනවා ....

සික්කත් එක්ක !!!!

ඔවු බං .......... මහ පොන්***** , බොන්න එකෙක් නැත්තං තනියෙං බීපං . අනික ඉස්කෝල ඇතුලට ඕවා ගේන්න තහනං නේද බං ....... අපි මූ බොන වෙලාවක් බලලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් එක්කං එමුද ? ඒ අයිඩියාව ලොම්බගෙන්

ඒ විතරක් මදි , මෙහෙම වැඩ වලට අපි විරුද්ධයි කියලා පෙන්වන්න අද කලිං ඉස්කෝලෙං එලියට යමු බං ......... ඒ ලෙවල් පන්තියෙන්ම තවත් යෝජනාවක්.

                                       ලොම්බා දීපු ඒ අයිඩියාවත් එක්ක පිනා එලවන්න ඕනේ කියන ඒත් කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර නැත්තෙම නෑ කියලා තේරුනා . අළුත් සර් ගැන ඔත්තුව අමාත්‍යංශෙට දීලා ගේම ක්ලෝස් කරන වැඩේ විජිත අයියා බාරගත්තා . කුමන්ත්‍රනේ එතනින් ඉවර කරලා , ඉස්කෝලෙ ඇරෙනකං දණ ගහං ඉන්න හිටපු අපි සේරම නැගිටලා පන්තිවලට ඇවිත් පොත් මළු කරේ දාගෙන රොත්ත පිටින්ම ඉස්කෝලෙන් පිට වෙලා ගියා . සික්කාට උනත් ඒ තරං සේනවක් එක්ක හැප්පෙන්න බැරි නිසා පැත්තකට වෙලා බලාගෙන හිටියා .

මං නං කියන්නේ ඒ මදි බං ....... ඊළඟ දවසේ උදෙන්ම පන්තියට ආපු ඩප්පියත් අළුත් සර්ගේ ගැන කථාවට පැටලුනා 

උඹ මොනවද කියන්නේ එහෙනං ....

හේතුවක් නැතුව අපිව මෙහෙම අව්වේ දනගස්සපු එකට රිටන් එක දෙන්න ඕනෙ .....

ඉතිං දැං වැඩේ ප්ලෑන්නේ බං ....

එහෙම නෙවෙයි බං !!! රිදෙන්න දෙන්න ඕනේ......අපි මේ කරන වැඩෙන් යන්නේ පිනා විතරයිනේ , ඌත් එක්ක එකගෙයි කන අනිත් හු**ලා ට මොනවත් වෙන්නේ නෑනෙ බං 

මොනවද කරමු කියන්නේ ? 

අපි මිනිහගේ කාමරේට කෙලවමු , ලොකු සද්දයක් එන විදිහට ......... කට කොනකින් හිනාවෙන ගමන් ඩප්පියා කිව්ව ඒ කථාව ඇතුලෙ හැංගුන මොකද්දෝ දරුණු සැලස්මක් තියෙනවා කියලා 10A පන්තියේ හිටපු අපි හැමෝටම තේරුනා .

වරෙල්ලාකෝ කියන්න .......... අපි සේරම ඩප්පියාව වට කරගත්තා .

*********************************************************************************************

                                          ඩප්පියාගේ ප්ලෑන් එක බොහොම අවදානම් වුනත් පුශ්පකුමාර උත්තමයට ඇඟට දැනෙන්නේ මෙහෙම එකක් කලොත් තමයි කියන මතයට අපි හැමෝම ආවේ , ඒක ජන්දයෙන් ඒ සැලසුම අනුමත කරගෙන . ප්ලෑන් එක අහපු වෙලාවෙ ඉඳක්  හැම එකාම පුදුම කික් එකකින්. කික් එක වැඩි කමටම අපි මේ කරන්න යන වැඩේට නමකුත් දැම්මා ....... ඔපරේශන් වයිප් අවුට්

                            සම්පූරණ සැලස්ම කොටස් තුනකින් ක්‍රියාත්මක වෙනවා .......... අන්තිම කොටස බොහොම භයානකයි වගේම , ඉස්කෝලෙ නමටත් හරි නැති වෙන්න පුලුවන් . එත් අළුත් සර්ව යවන එක ඉක්මන් කරන්න නං මේ වැඩේ කරන්නම වෙනවා .

සීය සීය ගනිල්ලා ....... මේ අන්තිම පාර , ආයේ උඹලාගෙන් අර පල්ලෙහා කාමරේ සුදු ඇඳන් ඉන්න කලවැද්දා සල්ලි ගන්නේ නැති වෙන්න නං මේ ඉල්ලන ගාන අද දීපල්ලා ..... සීයක් නැත්තං තියෙන කීය කීය හරි කමක් නෑ .....
                         ඉන්ටර්වල් එක වෙලාවේ අපේ දෙතුන් දෙනෙක් හැම 10 වසරේ පන්තියකටම ගිහිල්ලා අපේ ගරිල්ලා සැලසුම පැහැදිලි කරලා සල්ලි ඉල්ලුවේ ඒ විදිහට .
                             අපේ උන් මිශන් ඉම්පොසිබල් ජාතියේ ගේම් වලට බොක්කෙන්ම බහින්න ඕනේම වෙලාවක රෙඩි වෙලා ඉන්න නිසා අළුතෙන් ගෙනාපු ඔපරේශන් වයිප් අවුට් ප්ලෑන් එකත් එක්ක බ්‍රයිටගේ ඉඳන් පාංකඩයා දක්වා ඉන්න හැම එකාම එකතුවුනා . 
                         සීය ගානේ නෙවෙයි තියෙන උන් දෙතුන් සීය ගානේ සම්මාදමට දායක වුනා. අන්තිමට පන්ති හතරකින් රුපියල් දොලොස්දාස් ගානක් එකතුවුනා .

ඔපරේශන් වයිප් අවුට් , පළවෙනි කොටස යෙදිලා තිබුනේ අපි සල්ලි එකතු කරපු ඉන්ටර්වල් එකට පස්නේ තිබුන පලවෙනි පීරියඩ් එක වුනු ගණිතය පීරියඩ් එකේදී .
                                        පුශ්පකුමාර ගැන්සියේ හිටපු ගුරුවරියක් විදිහට ප්‍රසිද්ද වෙලා හිටපු ඇන්ටිමනී මිස්  වෙනදා වගේම පැද්දි පැද්දි පන්තියට ආවා . ඇන්ටිමනී කියන්නේ එයාගේ නම නෙවෙයි , අපි දාපු නමක් .........මේ ටීචර් අඳින්නෙම පිටෙන් භාගයක් නැති සාරි ජැකට් ඒ වගේම බුරියටත් අඟල් හය හතක් පාත් වෙන්න සාරිය , ඇන්ටිමනී  කියන්නේ ආවර්ථිතා වගුවේ මූලද්‍රව්‍යක් කියලා දන්නවා ඇතිනේ සංබේතය වෙන්නේ Sb  අපි මේ ටිචර්ට මුලින්ම නම දීලා තිබුනේ සෙක්සි බඩුව ( sexy baduwa ) කියලා ඉතින් ඔය වචන දෙකේ මුල අකුරු වෙච්ච  Sb දෙක එක තැන තියලා Sb වෙනුවෙන් තියෙන හොඳ වචනෙ වෙච්ච ඇන්ටිමනී කියන නම ටීචර්ට රෙජිස්ට් කලා .
                               කුමන්ත්‍රනයේ මූලික අදිර ලෑස්තී . ටීචර් ඇවිත් උගන්වන්න පටන් ගත්තා  වෙනද එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න අපි සෙරම අද හෙන උනන්දුවෙන් පාඩම අහගෙන ....... ටීචර්ට නිකං මොකද්ද වගේ ඇයි යකෝ වෙනදා වගේ නෙවෙයි ...... කවුරුත් කෑගහන්නෙ දඟලන්නේ නෑ .කවුදෝ මන්දා පුටුවක් පිට්පස්සට අදින සද්දයක්, ඔන්න අපි බලාගෙන හිටපු සංඥාව මෙච්චර වෙලා කඳ කෙලින් තියාගෙන හිටපු සේරම උන් ඔළුව ඩෙස් එකේ තියාගෙන පොත අරගෙන ඔළුව වහගත්තා . ළමයි පනහක් ඉන්න පන්තියක හැම එකාම පොත් ඔළුවෙ තියාගෙන නිදාගෙන ඉන්නව දැක්කහම කොහොමද...

තමුසෙලාට මොකද වෙලා තියෙන්නේ , ආහ් ..... උගන්වන්න ඕනේ නැද්ද .......ඔළු උස්සනවා . මොකද්ද මේ විකාරේ ....... ඇන්ටිමනී ඔහේ කියවනවා , අනේ අපිටනං තඹ සෙම්බුවක ගානක් නෑ .

හිටපල්ලා මං ප්‍රින්සිපල්ව එක්කං එන්නං , එතකොට කට්ටියගේ රැස් බහින්නේ නැතෑ ......
විනාඩි විස්සක් විතර නවත්තන්නේ නැතුව බැනප ඇන්ටිමනී ටීචර් පන්තියෙන් එලියට ගියෙ එහෙම කියාගෙන ......

අඩෝ හරි දැන් දෙවනි කොටස ......... සමිරයා එහෙම කියාගෙන පොත් සේරම ඔබාගෙන  බෑග් එක කරට ගත්තා . 

කට්ටියම බොහොම කලබලෙන් පන්තියේ ඩෙස් පුටු එහෙට මෙහෙට ඇඳලා මේස ටිකක් විතරක් පන්තියෙ මැද තියෙන විදිහට පන්තිය හැදුවා . පුටු සේරම පන්තිය වටේට . අනිත් පන්තිවලට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න බොහෝම හෙමින් තමයි මේ වැඩේ වුනේ හැබැයි වේගෙන් . විනාඩි දෙකක් යන්න කලින් වැඩේ හරි ......
සනිදුවා අපි කලින් ලෑස්ති කරගත්තු බෝඩ් කෑල්ල . මේස ටික උඩින් තිබ්බේ පන්තියට ඇතුල් වෙනකොටම පේන විදිහට ....

අපි එන්න කලින්,,



ඇන්ටිමනී , කොම්පිතර , සමසමාජ , ඇස්ගුල්ලා,...... තොපි සේරම පල.....



පිනා ( පුශ්පකුමාර ) , තෝ අනිවාර්යයෙන්ම පල                 
      


                                          

                                         බොහොම පැහැදිලි අකුරින් ඒ බෝඩ් එකේ ලියලා තිබුනේ එහෙමයි ....... පිනා එන්න කලින් පන්තියෙන් පිටවුන අපි තාප්පෙන් පැනලා ගෙවල් වලට ගියේ ඔපරේශන් වයිප් අවුට් තුන්වෙන් කොටස වෙච්ච දවසක් පාසල වර්ජනය කිරීම කියන එක හෙට දවසේ කරන්න හිතාගෙන . ඊට අමතරව තුන්වෙන් කොටසෙම අනු අංගයක් විදිහට අද රෑට ගුරුනිවාසෙ වටේට හිස් අරක්කු බොතල් තියන වැඩේ ඉස්කෝලෙ ලඟින්ම පදිංචි වෙලාහිටපු සෙට් එකකට පවරන්නත් අමතක කලේ නෑ 
                               ඇන්ටිමනීට විරෝධය අපේ විදිහට පලකලාට පස්සේ දවසේ අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.එදා දවස මුලු 10 වසර සෙක්ශන් එකම නිවාඩු අරන් . උදේ නැගිටලා මිදුලට එන කොටම පේන්න තිබුන හිස් අරක්කු බොතල් තොගේ නිසා පුශ්පකුමාර සර් අම්බානක මලෙන් ඉන්නවා කියන එක අපේ සන්තෝසේ වැඩිකරන ආරංචියක් වුනේ ඔපරේශන් වයිප් අවුට් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා .
                            වයිප් අවුට් අවසාන කොටස යෙදිලා තිබුන දවසේ අපි ඉස්කෝලෙට එකතු වුනේ උදේ 6.30 ට.පරක්කු වුනොත් වැඩ වරදින්න තියෙන ඉඩ වැඩිනිසා දෙතුන් දෙනෙක් හැරෙන්න අනිත් සේරම වගේ ඒ වෙලාව වෙනකොටත් ඇවිල්ලයි හිටියේ . හැමෝගෙම හිත්වල උනන්දුව වගේම බය කියන එකත් අඩු නැතිව එකතු වෙලා තිබුනා . 
                          අවසාන කොටසේ පලවෙනි අදීරය වුනේ , දෙවනි තට්ටුවේ තිබුන අපේ සෙක්ශන් එකට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැරිවෙන විදිහට පඩිපෙල බ්ලොක් කරන එක , උඩට එන්න තිබුන පඩිපෙලවල් දෙකම පන්ති දෙකක තිබුන ඩෙස් පුටු සේරම දාලා බ්ලොක් කරලා පස්සේ දහය වසර සෙක්ශන් එකේ තිබුන හැම ජනේලෙයක්මත් වහලා දැම්මා ....... දැං පලවෙනි කොටස සාර්ථකයි . වැඩ කටයුතු ඔහොම වෙන අතරේ තුන්වෙනි තට්ටුවේ හිටපු ඒ ලෙවල් ආර්ට් පන්ති ටිකත් අපිත් එක්ක අමතර සේනාංක විදිහට එකතු වුනා . අනිත් උන්ට එකතු වෙන් බෑ මොකද කාටවත් එන්න බැරි වෙන්න අපි පඩිපෙල හරස් කරලා තිබුන නිසා . ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගැහුවා . 
                                එලියේ ඉන්න හැමෝම කලබල වෙලා ........ ඇයි දෙයියනේ පඩිපෙලවල්  දෙකක් සීල් වෙලානේ. 
                                 ඔය අතරේ   තඩිම තඩි  පොහොර මලු තුනක් උස්සගෙන ආපු අයියලා තුන්දෙනෙක් , සැලස්මේ ඊළඟ අදීරය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා . මලු තුන පිරෙන්න තිබුනේ තුන්හුලස් , රතිඥ්ඤා. වගේම අහස්කූරු .
                                        පන්සිල් ගන්න පටන් ගන්න ගහන දෙවනි බෙල් එකත් එක්කයි අපි අපේ වැඩේට මුල පිරුවේ .......... අපේ පන්තියට යාර දහයක් විතර ඉස්සරහින් පහලින් පේන්න තියෙන විදුහල්පති කාමරේ හොයාගෙන එක වේගෙන් පියාඹගෙන ගියපු අහස්කූරු වැස්සකින්.
                              එතනින් එහාට කිසිම පාලනයක් තිබුනේ නෑ , ඉස්කෝලෙ ඇතුල නන්දිකඩාල් කලපුව වගේ වෙන්න පටන් ගත්තා . අහස්කූරු  , රතිඤ්ඤා , අහස්කූරු ඉස්කෝලේ වටේම තිබුනු පුශ්ප කුමාර සර්ගේ බංකර් හොයාගෙන පියාඹලා ගියා . අපේ පහරදීම සාර්ථකයි .... කොම්පියුටර් ලැබ් එකට වැටුන තුන්හුලස් වලින් කූල් වෙච්ච කොම්පීතර සර්ගේ ගුරු විවේකාගාරයේ ආරක්ශාව හොයාගෙන දුවන්න පටන් ගත්තා . විදුහල්පති අළුත් සර්ට තමන්ගේ කාර්්‍යාලයේ මේසේ යට හැංගෙන්න වුනේ  මිනිහා එලියට එන්න හදන හැම වෙලාවෙම තමන්ව ඉලක්ක කරගනෙ අහස්කූරු කන්දක් පියාඹගෙන එන්න වීම නිසා . 
                           එක පාරටම පටන් ගත්තු ගිනි කෙලි සංදර්ශනේ නිසා පැයක් යන්නත් කලියෙන් මුලු බොරැල්ලම ඔකද වෙලා . දෙමාපියෝ ඉස්කෝලෙ වටේට එකතු වෙන්න පටන් ගත්තා . අපි බලාපොරොත්තු නොවුන විදිහට දෙමාපිය සහයෝගයත් අපේ ඔපරේශන් වයිප් අවුට් එකට ලැබෙන්න පටන් අරන් .අළුත් සර්ගේ කුහක වැඩ ගැන දෙමාපියොත් බොහොම තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ.
                                                                ඇතුලෙ යුද්දෙ බොහොම දරුණු විදිහට යනවා . 
  පැයකට විතර පස්සේ පුශ්පකුමාර  සේනාව අපි අවහිර කරපු පඩිපෙල හරහා උඩට එන්න හෙන ගේමක් දෙන්න ගත්තත් එක දිගට කකුල් වලට වැටුන රතිඤ්ඤා කරල් ඒ උත්සාහය හීන කලා බොහොම අමාරුවෙන් කාගෙන පඩිපෙලේ බායක් නැගපු කැඩෙට් ප්ලැටුන් එක බාර සර්ටත් පහු බහින්න වුනේ පඩිපෙලේ උඩ ඉඳන් ලේන්සුවලින් මූනේ පහල කොටස වහගත්තු ඒ ලෙවල් ගැන්සි කොහෙන්දෝ හොයාගත්තු පොලුවගේකින් සන්නද්ද වෙලා ඉන්නවා දැක්ක නිසා .වැරදිලා හරි උඩට ගියා නං අම්බානක ෆෝම් වෙලා ඉන්න කොල්ලො නිසා  සර්ගේ ඇට ටික එකතු කරන්න වෙන්නේ සවලකින් තමයි .                                                                                             පහු බැහැපු පුශ්ප කුමාර ගැන්සිය සංගීත කාමරේ ඇතුලට රිංගනවා දැක්කා . ඊට පස්සේ දෙවනි තට්ටුවේ දහය වසරෙන් සංගීත කාමරේට එල්ලවුනේ බොහොම දරුනු ප්‍රහාරයක් තුන්හුලස් වැල් පිටින් සංගීතකාමරේ ටියුන් කරන්න පටන් ගත්තා . දෙවනි තට්ටුවේ ඉඳන් සංගීත කාමරේ වහලෙට පැනපු අපේ ගරිල්ලා බටයෝ වහලේ තිබුන උලු එහෙ මෙහෙ කරලා එතනිනුත් ඇතුලට පහර දෙන්න ගත්තා . ඒ දරුණු ප්‍රහාරය නැවතුනේ ඇතුලේ හිටපු දෙන්නෙක්ගේ කලිසම් වලට ගිනි ඇවිලිලා ටැප් එක පැත්තට දුවන් ගත්තට පස්සෙයි ......
                                           මේ වෙද්දි සිද්ධිය සමථයකට පත්කරන්න හිතාගෙන පොලීසියෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඇවිත් හිටපු නිසා අවහිර කරපු පඩිපෙල ක්ලියර් කරගෙන අපි විදුහල්පති කාමරය වටකරගත්තා . ඉතුරු වෙලා තිබුන රතිඤ්ඤාටිකත් පත්තු කරලා කාමරේ ඇතුලට විසිකරපු අපි එක හඩින් කිව්වේ විදුහල්පති මේ දැම්මම තියෙන කොට්ට පැදුරුටික අකුලං යන්න ඕනේ කියන එකයි. 
                                             උදේ අටට පටන් ගත්තු ඔපරේශන් වයිප්අවුට් නතර කරලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආපු මහත්තුරුන්ට සාකච්චාවක් දෙනකොට වෙලාව දොලහත් පහුවෙලා . ඒ මහත්තුරු අළුත් පුශ්පකුමාර සර්ව අදම වෙන තැනකට යවන්ත් . මේ ඉස්කෝලෙ කරපු වැඩ ගැන පරීක්ශනයක් තියන්නත් තීරණය ඇමති තුමාගේ නියෝගයක් යටතේ තීරනය කරලා . 
                     ඒ නිසා මේ වැඩේ නවත්තලා හොඳ ළමයි වගේ ගෙවල් වලට යන්න කියලා . පොලොවෙ හැපි හැපී ඒ මහත්තුරු ඉල්ලා හිටියා . 



කෙටියෙන්ම කියනව නං අපි සටන දිනුවා . ඔපරේශන් වයිප්අවුට් නිසා අමාත්‍යංශයෙන් කරන්න ඕනේ වැඩ ටික ඉක්මනට කරවන්න අපිටපුලුවන් වුනා . විදුහල්පති කාර්්‍යාලයේ අරක්කු බොතල් තියාගෙන හිටපු අළුත් සර් කැලනියේ ගුරුකු**** ඉස්කෝලෙට ගියපු බවත් එතනිනුත් බොහොම කෙටිකාලෙකින් ළමයින්ගේ විරෝධය නිසා වෙන තැනකට යන්නත් වුන බව දැන ගන්න ලැබුනා .අළුත් සර්ගේ වටේට ගොට්ට අල්ලගෙන හිටපු මානසික රෝගියොන්ට දුශ්කර පලාත්වල පනිශ්මන්ට් ට්‍රන්සර් ලැබුනා. හැබැයි ඔපරේශන් වයිප්අවුට් නිසා අපේ ඉස්කෝලෙට තිබුන මදාවි කියන නම තවත් දෙතුන්ගුනයකින් වැඩි වුනා.
               
 පහුගිය මාසේ සෙනසුරාදා දවසක්......... බොහොම සාමාන්‍ය දවසක් වුනත්  නාරහෙන්පිට අපේ සයිට් එකේ වැඩට එනකොට මුන ගැහුන චරිතයක් නෙවෙන්න මට මේ කථාව ලියන්න නොහිතෙන්න ඉඩ තිබුනා . 
                                                          ඒ වෙන කවුරුත් නෙවෙයි , ඔපරේශන් වයිප්අවුට් සැලස්ම මුලින්ම ඉදිරිපත් කරපු ඩප්පියා . මිනිහා දැන් යුධ හමුදාවේ ෆුට්බෝල් ස්කොඩ් එකේ සාමාජිකයෙක් . ඩප්පියා කියපු විදිහට  අපේ සටනේ ඉස්සරහින්ම හිටපු ලොම්බා දැන් වෙළඳ නැවක සේවයට බැදිලා .. සනිදු නං ඇමරිකාවේ ගිහිල්ලා ජොබ් එකකට . කොහෙම හරි වේවා එදා ගේම ඇදපු හැම එකාම , මාත් ඇතුලුව අද වෙනකොට හොඳටම නැතත් හොඳ තැනක ඉඳීම ගැන මට තියෙන්නේ මුලු හිත ඇතුලෙන්ම එන සන්තෝසයත් එක්ක ආයේ උන්ව ලේසියෙන් හම්බ වෙන්නේ නෑ නේද කියන දුකත් මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් .




                                   
                         

Thursday, October 10, 2013

ගෑණූ කොහොමත් විකිනෙන්නේ වැඩිම ලංසුවට බං !!!!




අයිස් ක්‍රීම් එකක් කමුද ? "

මොකක් ? 

අයිස් ක්‍රීම් බං !!!එව්වා එකක් කමුද ? ..... හැබැයි ෆලුඩා මැජික් "

මොලේ හොඳ නැද්ද යකෝ!!! "

ඇයි ? "

ඇයි අහන්නේ !!!! ගේ කපල් එකක් කියලා හිතයි ...... ෆලූඩා කන්න ..... මෙන්න මෙහෙ වර ගිහිං ස්ප්‍රයිට් පාරක් දාමු !!!! "

තර්කයක් නෑ ..... මේ දුක හිතෙන වෙලාවක් , එත් කවදාවත් නැතුව සජිත්ගෙ මුනේ තිබුනේ අතරමං වෙච්ච එකෙකුගේ පෙනුමක් . ඉස්කෝලෙ යන දවස් වල පන්තියේ හිටපු සංවේදීම චරිතේ , හිතේ තිබුන දේවල් හංඟන්නේ නැතුව කියලා දාපු  මනුස්සයෙක්ට මේ වගේ වෙන්න තරම් ........ ඇයි ඒ.....
නනාගේ කඩේ තවම තියෙනව නේද බං !!! උඹට මතකද අපි ඉස්සර සෙට් එක පිටින්ම ඇවිත් මෙතන බදු ගන්නවා , මුස්ලිම් මින්ස්සුන්ගෙන් මට හම්බවුන එකම හොඳම මිනිහා බං ....."

කඩේ තිබුනට නනා නෑ බං , දැන් වෙන එකෙක් කරනවා ඇත්තේ  ..... ලෝකෙට මුස්ලිම් වුනාට ඌ ස්ලාම්  නෙවෙයිනේ බං ...... "

හ්ම් ........ කොම්පඤ්ඤ වීදියේදි වෙඩි කාලා මැරුනනේ "

මිනිහා හිටිය නං අද ස්ප්‍රයිට් එකට සල්ලි  ඕනේ නෑ ....... මුලු හවස් වරුවටම සජිත්ගේ මූනේ ලාවට ඇදිලා ගියපු පලවෙනි හිනාව දැක්කේ ඒ වෙලාවේ .

******************************************************
දිනෙල්ක , හෙට උදෙන්ම පනා‍ගොඩ ගිහින් අළුත් ප්ලාන්ට් එකේ ඉලෙක්ට්‍රසිටි වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනේ හොඳද "

හොඳයි සර් "

මෙහෙන් හයට විතර පිටත් වෙන්න , නැත්තං පාදුක්ක ඉලෙට්‍රසිටි බොඩ් එකේ උන් ඩිස්මිස් වෙලා ඉඳි යද්දි ........ මගේ වාහනේ අරන් යන්න , අද හවසට මං ඒක තියලා යන්නං. පෙට්‍රල් වලට බිල් එක ගේන්න නැත්තං ක්ලේම් කරන්න බැරිවෙනවානේ.... ඕකේයියියි...... "

ඔකේ සර් මං යන්නම් "

                                  හෙනම උනන්දුවෙන් , ආසාවෙන් , උවමනාවෙන් ඕකේ සර් කියලා කිව්වට මොකද මට නං දැං තෝව මරාගෙන කන්න තරං කේන්තී ....... කාටද යකෝ උදේ 6ට වැඩට එන්න පුලුවන් ....... මට හොඳටම නින්ද යන්නේ 6ට ..... අනික ඒ වෙලාවට සික්කත් බුදිද කොහෙද . අද රෑ නං කකුලා විතරක් නෙවෙයි උගෙ ගෑනිවත් කොට්ටේ උඩ තියාගෙන තමයි බුදියන්න වෙන්නේ , නැත්තං කොහොමද 6ට වැඩට යන්න ලෑස්ති වෙන්නේ .......

******************************************************

ආහ් ........ දිනෙල්ක මහත්තයා !!!! ඉතින් කොහොමද ??? ඇයි අද උදෙන්ම ඇවිත් ....."

ඔවු ඔවු ..... මේ පනාගොඩ යන්න තියෙනවනේ ... කෝ **** මහත්තයාගේ වාහනේ තියෙනව නේහ්??"

" හ්ම් ...... ඊයේ යද්දි මට කියලා ගියේ අද  දිනෙල්ක මහත්තයා උදෙන්ම එයි ආවහම දෙන්න කියලා , රෙස්ට් රෑම් එකෙන් ඩ්‍රයිවර් කෙනෙක්වත් කථා කරලා ගන්න කිව්වා ."

ඇ යකෝ එහෙනං ගේට්ටුවෙන් එද්දිම  අද උදෙන්ම ආවේ මොකද කියලා ඇහුවේ ආච්චිගෙ වස්තරේටද ..... මට පේන්නේ සික්කා මාව කොචොක් එකට අරන්ද කොහෙද !!  මූසලයා ග්‍රවුට් වලකට වැටිලා මැරියං .

*****************************************************

වැඩේ ඉවරද මහත්තයා ? "

හ්ම් ........ මං දැනං හිටියේ නෑනේ ලයිට් ඉල්ලලා ඇප්ලිකේශන් එකක් දාන එන මේ තරං වෙලා යන වැඩක් කියලා . අර ග්‍රාමසේවකයගෙන් තමයි ලොකුම වදේ තිබුනේ . අම්මාපා අස්සනක් ගහන්න එච්චර වෙලා යනවනේ ඌට ."

ඕහොම තමයි මහත්තයා , ඔය මොකුත් නෑ කීයක් හරි මිට මොලවලා ආවනං ...... මිනිහම ඇවිල්ලා වයර් ටිකත් ඇදලා දෙයි ."

එකෙන් මේකෙන් මහින්ද අයියට දවල් කෑමත් පරක්කු වෙලා නේද !!! දැං එකත් පහුවෙලා මගේහිතේ ..... ෆෝන් තිබුනට ඒවගේ වෙලාව  වැඩ කරන්නේ නෑනේ ."

දැං ඉතිං ගිහිල්ලාම කමු ..... කෑමඑක පිළුනුවෙලාද දන්නේ නෑ "

                                   රටේ තියෙන කාළකන්නි පරිපාලනයත් එක්ක බැඳුන ක්‍රියාපිලිවෙත් ගැන අන්තෙටම කලකිරිලා ගොඩක් කල් නිසා මේ සිද්දියට මගේ හිත අළුතෙන් රිද්දන්න පුලුවන් වුනේ නෑ .ඒත් මෙතන නං විකාර ගොඩයි  විදුලිබල මන්ඩලේ කාර්්‍යාලය තියෙන්නේ පාදුක්කේ , සල්ලි ගෙවන්න ඕනේ හංවැල්ලේ මහජන බැංකුවට ......... කළමනාකරනය හා මහජන සුභසාදනය ගැන ඉතිං තවත් කුමන කථාද !

*****************************************************

 ජීවිතේ හරි පුදුමයි , කාලයක් අපි දොස්තරලා ඉන්ජිනේරුවෝ පයිලට්ලා වෙන්න හීන දැක්කා .එහෙම හීන දැක්කේ ඒ හීනෙ හැබෑ කරගෙන සන්තෝසෙන් ඉන්න , හීන හැබෑකරගන්න කළයුතු දේවල් සතුටින් කරන්න  ......දැන් හීනේ හැබෑ වේගෙන එනවා  , තව අවුරුදු දෙකකින් විතර හරියටම හරියයි .... ඒත් සතුට කෝ . "

" දැං මොකද්ද වෙලා තියෙන්නේ කියපංකෝ බං උඹයි මායි මේ සෙට් වුනේ අවුරුදු 5කට විතර පස්සේ , ඔලෙවල් වලින් උඹ  විසි වෙලා වෙන ඉස්කෝලකට ගියානේ ......"

ඔය මොකා වෙන්න හීන දැක්කත් වැඩක් නෑ ............ සල්ලි අපිව යට කරලා .සල්ලි තියෙන එකා තමයි හැමදාමත් දිනන්නේ , සල්ලි නැති එකාට වෙන්නේ මාසේ අන්තිම වෙනකං සල්ලි කාරයංගේ කුණු අදන එක .... "අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මූ බයිලා කියවනවා .

එහෙම තමයි බං මං අද දවසටම කෑවේ උදේ කෑම එක විතරයි . කන්න බොන්න ඕනෙ කමට සල්ලි හෙව්වට , අපිට සල්ලි දෙන උන් කෑම කන්න වෙලාවක් දෙන්නේ නෑ බං . සල්ලි දීලා අපේ ගාව තියෙන හැම දෙයක්ම උදුර ගන්නවා , වැඩේ කියන්නේ උන් ඒවා අපෙන් උදුරගෙන කියලා තේරෙනකොට පරක්කු වැඩී . "

මෙච්චර වෙලා ගෝල් ෆේස් එකේ බංකුවක ඇන්ද උඩට වෙලා ඉඳගෙන හිටපු සජිත් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . 

උඹ වෙනස් වෙලා , ඒ කාලේ උඹ ඔහොම කථා කලේ නෑ "

මේකට කියන්නේ අනුගත වීම කියලා බං ........... ආහ් එක නෙවෙයි , ඒලෙවල් කරන කාලේ එක දවසක් මං උඹව දැක්කා සුවිසයිඩ් බාලිකාවේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාල යනවා ........."

*****************************************************
කොහොමද දිනෙල්ක .......... වැඩේ කලාද ? "

ඔවු සර් දැන් ඇස්ටිමේශන් එක ආවාම ගාන ගෙවන්න විතරයි තියෙන්නේ !!!"

ගූඩ් ගූඩ් ....."

"දිනෙල්ක තව පොඩි වැඩක් තියෙනවා ....... කෑමට කලින් ඒකත් කරන්නකෝ ....."

It's time to play the game...
Time to play the game! Ha ha

It's all about the game and how you play it.
All about control and if you can take it.
All about your debt and if you...................

"ආහ්.... ආන්සර් කරලම එන්නකො !!!"

අම්මේ කථා කරපු එකාට පිං දැං ඉතිං කථා කරලා කාලම තමයි ඇතුලට යන්නේ , නැත්තං ඉතිං කන්න වෙන්නේ නෑ....
දන්න අදුරන නම්බරයක් නොවුනට කවුරු වුනත් තැංකූ වේවා 

හෙලෝ ........."
මචං දිනෙල්ක !!!!"
ඔව් "
මං සජිත් බං !!!!"
මොන......"
ඇයි බං **** මේ හිටියේ "
අඩෝව්ව්ව්ව්......... අවුරුදු කීයකට පස්සෙද !!!!  ඉතිං ඉතිං  කොහොමද නම්බරේ හොයා ගත්තේ ....
ඒ ගැන පස්සේ කථා කරමුකෝ , මට උඹව හම්බ වෙන්න ඔනේ අද හවසට ගොල් ෆේස් එක පැත්තේ වරෙං ...... මං කෝල් එකක් දෙන්නං ඇවිත් ....... අනිවා වරෙං ආ ... හෙන වැදගත් "
"උඹලව බලන්නත් ආසයි බං .... හරි හරි මං එන්නං ....."
.
.
.

දිනෙල්ක ....... ප්ලීස් කම් ඉන් සයිඩ් .."
කාලා හමාරයි ( ෆක් යූ )

*****************************************





                                                    බටහිර මුහුදේ කරදිය සුවඳත් එක්ක මුහුවෙලා එන මොකද්දෝ අමුතු සුවඳකින් මුලු වෙරළම පිරිලා ඉතිරිලා . වෙනද තරම්ම නැති වුනත්, අපේ ජීවිත කථාව වගේ ඔහේ පාවෙන සරුංගල් , ඒ දිහා බලාගෙන හූල්ලන පොඩිඋන්ගෙන් වෙරළ පිරිලා. එක පේලියට හයිකරලා තිබුන බංකු උඩට වෙලා තමන්ගෙම ලෝකවල තනිවෙලා වැරදි පැත්තට කුඩ ඉහලං ඉන්න පෙම්වතුන් , ඒ දිහා පිලිකුලෙන් බලලා සන්තෝසෙන් ඉන්න ආපු හවස්යාමේ ලේපුච්ච ගන්න වැඩිහිටියෝ ......... ඒ හැම දේම දිහා බලාගෙන මොකද්දෝ ලොකු කථාවක් කියන්න හදන අපි .

ඒ ගැන කථා කරන්න කියලා තමයි බං එන්න කිව්වේ .. ලොකුම ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් සජිත් කථාව පටන් ගත්තා ."

ආහ් ......... බූට් එකක්ද ? ඕවා ඔහොම තමයි බං ....... කවුද ගනං ගන්නේ , අනික එහෙම එකක් කෑවෙ නෑ කියන්නේ ජීවිතේ ලොකු අඩුවක් . "

උඹ කියන තරං ඒහෙම එකක් දරාගන්න ලේසී නං මොනවා කරන්න බැරිද බං ."

කවුද කිව්වේ ලේසී කියලා ...... ලේසි නෑ බං .....ඒත් මුහුද දිහා බලාගෙන හිතුවා කියලා ගිය එක එන්නේ නෑ බං ..... මං දන්නවා , දැන් උඹ මුලු ගෑනු සංහතියටම වෛර කරනවා ඇති . "

පිස්සුද බං ....... මං ඒ තරං බිමට වැටිලා නෑ, මටත් අම්මෙක් අක්කෙක් ඉන්නවානේ , ලස්සනට ආදරේ කරන කෙල්ලොත් දැකලා තියෙනවනේ ... ඒත් හරි අමාරුයි බං ."

මොකද උනේ කියපංකෝ  "

 මට ඒකිව හම්බ වුනේ  ඒලෙවල් කරද්දි තමයි , අර උඹ දැක්කා කිව්වේ , ඒ ඒයත් එක්ක යනකොට වෙන්න ඇති . මට වෙන කෙල්ලෝ හිටියේ නෑනේ බං . පලවෙනි  ලව් එක !!!! "

ම්"

ඒ ලෙවල් ඉවර උනා , දෙවනි පාරත් කලා ..... අපි දෙන්නම , විභාගෙ පාස් වුනත් කැම්පස් යන්න බැරිවුනා. ජොබකට සෙට් වුනා . "

ඉතින් ......"

අවුරුදු හතක් අපි එකට හිටියා බං . මීට මාස දෙකකට කලින් කෙල්ලත් ජොබ් එකක් පටන් ගත්තා . ***** ට්‍රස්ට් බැංකුවේ , ***ය බ්‍රාන්ච් එකේ. "

ඉතිං ..........."

මං කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ් කියවලා නෑ ...... එයාගේ එෆ් බී එකවුන්ට් එකේ පාස්වර්ඩ් ඉල්ලලා නෑ , ඊමෙල් පාස්වර්ඩ් ඉල්ලලා නෑ .....  ගමනක් යන්න හදනකොට එපා කියලා නෑ . කොටින්ම උපරිම නිදහස් "

අපිට උංව හිර කරලා තියන්න බෑනේ බං "

ඒ නිසා තමයි බං මාත් අරම කලේ 
ඉතිං ......... ගිය සෙනසුරාදා උදෙන්ම මට කෝල් කලා , අපි හැම සෙනසුරාදම හම්බ වෙනවා , කොහෙ හරි යනවා , කනවා බොනවා . විහිලු කරනවා ,...... මේ සෙනසුරාදා උදෙන්ම කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නේ නෑ . යළුවෙක්ගේ මල ගෙදරක යන්න තියෙනවා සොරි කියලා ......
                  මොනතරං දුක හිතුනත් බං , යන්න එපා කියන්නෙ කොහොමද ! මලගෙදරක්නේ .... මං හා කිව්වා , කොහෙවත් යන්නත් නැති එකේ මං පබ්ලික් ලයිබ්‍රියට ගියා යාළුවෙක්ගේ පොතක් එලිදක්වන උත්සවේකට එන්න කියලා තිබුන නිසා . යන්න නෙවෙයි හිටියේ ඒත් ගියා බං ........ 
                     අපි ඉතිං තාමත් ගමන ලක්ෂ 60 වාහනේ නේ බං ...... ටවුන් හෝල්එක ගාව තියෙන 155 බස් හොල්ට් එකට වෙනකං ඇවිදන් ආවේ විහාරමහාදේවි එක පැත්තෙන් .උඹ විස්වාස කරපං අවුරුදු හතක් තිසේසේ මං පන දෙන්නං කියලා කියපු අපේ ගෑනි ඇතුලෙ ඉඳන් එලියට එනවා කොල්ලෙක් එක්ක...... මට හිටපු තැනත් අමතක වුනා බං විනාඩි දහයක් විතර යනකං , කර කියාගන්න දෙයක් හිතාගන්න කලින් උන් දෙන්නා ප්‍රාඩෝ එකක නැගලා යන්න ගියා . "

සල්ලි කාරයෙක්........ඒත් . යාළුවෙක්ද දන්නේ නෑනේ බං "

උඹට පිස්සුද බං , එහෙමනං අත බදාගෙන තුරුල් වෙලා එයිද  අනික ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනානේ ! "

ඒ කොහොමද ? "

මාසයක් විතර තිස්සේ කෙල්ල මට කෝල කලෙත් අඩුවෙන් බං , මං කෝල් කරපු ටික විතරයි ඒකි කලේ කෝල් කලොත් ආන්සර් කරන එක විතරයි . අර සීන් එකෙන් දවස් හතරක් විතර යනකන් මං කෙල්ලට කථා නොකර හිටියා , මොකද වෙන්නේ බලන්න . "

ඉතිං ? "

වැඩක් නෑ බං ....ඒකිට මං උන්නද මලාද කියලා හොයන්නවත් උවමනාවක් නෑ ... කෝල් එකක් නැතිම තැන මං ඊයේ හවස ගියා කෙල්ලගේ ගෙදර . "

යකෝ ..... උඹ මාර පොරක්නේ "

අවුලක් නෑ බං .... ගෙදරින් දන්නවා ., "

හ්ම් ...... ඉතිං "

වෙනදා හෙන හැපි එකෙන් පිලිඅරං කාමරේටම ඇදං යන කෙල්ල අද එලියට ආවෙත් මං ගිහිං විනාඩි දහයක් විතර පුටුවක ඉඳං හිටියාම , අම්ම උනත් හෙන අකමැත්තෙන් හිටියේ ,..... හරියට නිකං තරහකාරයෙක් ඇවිත් වගේ ......
                        කෙල්ල ඇවිත් ඇහුවා දැන්ද ආවේ කියලා , ඉතිං මොනවා කියන්නද බං ,....... වැඩිය වටේ යන්නේ නැතුව මං කෙලින්ම ඇහුවා කවුද අර එදා හිටපු පොර කියලා .......සෑහෙන වෙලාවක් යනකං කෙල්ලට උත්තර නෑ . "

එහෙම පුලුවන් ද බං උත්තරයක් දෙන්න එපාය..... මොන හු**ද "

සොරි ...... අපි හුඟක් කල් එකට හිටියා ,  අපි ගැල පෙන්නේ නෑ , මට ඔනේ දේ දෙන්න ඔයාට බෑ , ඔයා ඒක තේරුම් අරන් මට යන්න දෙයිකියලා මං හුඟක් කල් බලාගෙන හිටියා . ඒත් එහෙම වුනේ නෑනේ, ඉතිං මං තීරණය කලා ඒ තීරණය මමම ගන්න ඔනේ කියලා .කැම්පස් නොගියට කමන්නෑ , ඒත් ඔයා හිතන්නකෝ ඔයා ගන්න හිඟන පඩියෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා . ම් ....... බෑ නේද !! ඒකයි මං ජොබ් එකකටත් ගිහින් බැලුවේ පුලුවන්ද කියලා ..... ඒත් බෑ .... සොරි සජිත් මේක ඉවරයි 
ඒකි එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගියා බං .......විනාඩි ගානක් යකනං සජිත්ට කියන්න දෙයක් හිතාගන්න මට පුලුවන් වුනේ නෑ .
උඹට මතකයිනේ දිනෙල්ක , අපි දෙන්නම එකට ඩිබෙටින් ටීම් එකේ හිටියේ , උඹ කැප්ටන් කරද්දි මං ෆෝත් , මං කැප්ටන් කරද්දි උඹ ෆෝත් . කවදාවත් කවුරුවත් කියපු දේකට උත්තර නොදී ඉන්න තරං මාව හිර වෙලා නෑ . ඒත් ඊයේ ........ "

                                        ලෝබ කමක් නැතුවම ඇස් ඇතුලේ හිරවෙලා මෙච්චර වෙලාවක් දුක්විදපු කඳුලු පේලියක් මුහුදු හුළඟත් එක්ක පැටලුන හැන්දෑ අදුරට එකතු වුනේ කොල්ලගෙ හිතේ තෙරපෙන්නේ මොනතරං දුකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න වගේ . පිරිමියෙක් ලේසියෙන් අඩන්නේ නෑ , අඩනකොට හිත හදන්නත් ලේසියෙන් බෑ.

සජිත් , මචං ප්‍රශ්න එනවා තමයි බං , ඒත් ඒවට වැටිලා බෑ ...... "

උඹ දන්නවද .... ඊට පස්සේ කෙල්ලගෙ අම්මා ආවා , මං මගේ කෙල්ලව හැදුවේ තැන තැන වැටිලා රස්සා කරන්න නෙවෙයි .අවුරුදු 22ක් වෙලත් බස් එකේ යන  මං වගේ හිඟන්නෙකුට නෙවෙයි ඒකිව දෙන්නේ මොනවා නැතත් සල්ලි තියෙන එකෙකුට කිව්වා . වෙන වෙලාවක ඔහොම එකක් කිව්වා නං මං උත්තර දෙනවා බං , ඒත් වෙලාවෙ හැටියට මට වචන එකතු කරගන්න බැරිවුනා ..... මං හිඟන්නෙක්ද බං දිනෙල්ක?
ඇයි බං මේ සම්භන්දේ ඉවරයි කියලා නැවත්තුවෙ නැත්තේ , මගෙ අම්ම තාත්තවත් එහෙම කියලා නෑ බං."

උඹට පිස්සුද බං , එහෙනං මේ රටේ බස් වල යන සේරම හිඟන්නෝ වෙන්න එපාය . අනික වාහන වල යන උන් තමයි බං හිඟන්නේ , උන් අනිත් උන්ගෙං හිඟාකාපුවා එකතු කරලා තමයි ඕවා ගන්නේ , ඔන්න බලහං මං කිව්වා කියලා මතක තියාගනිං . එකිව අරන් යන එකා ගැන ඒකිගේ අම්මා හිතාගෙන ඉන්නේ අර විදිහට නං ........ උඹේ කෙල්ලව අරන් යන එකා ඒකට කන බොන ටික දෙන්නෙත් මැනලා කියලා. "

ආත්මීය ආදරය , ආත්ම ගනාක් එකට හිටපු කථා , පණ දෙන සීන් අපිත් ඒවා විස්වාස කරගෙන බඩ බැඳං හිටපු මිනිස්සු
                                                          ඒත්මේවා සේරම බොරු කථා බං .ආදරේ කියලා දෙයක් නෑ බං , කවුරුත් ආදරේ කරන්නෙත් නෑ , ඇත්තටම ආදරේ කරන උනුත් මේ වගේ දේවල් නිසා ආදරේ විස්වාස කරන්නේ නැතිවෙනවා බං .  ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . ඒ වගේම උන් ඒ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලින් මිසක් ආදරෙන් නෙවෙයි .  අපි ජීවත් වෙන්න ඕනේනේ බං , ඒකට සල්ලි ඕනේ ඒ නිසා කෙල්ලෝ ඒවගේ වැඩිම ලන්සුවට යන එක වැරදී කියලා මං කවදාවත් හිතන්නේ නෑ ........ 
"

                                    බැහැලා ගියපු ඉරත් එක්කම පායාගෙන ආපු තරුවලින් අහස පිරිලා . ෆ්ලෑශ් ලයිට් එලියෙන් පේන වෙරල පුරා දුවන කකුලුවෝ රෑනක් හදිස්සියේම කඩාගෙන ආපු රළපාරකට අහුවෙලා මුහුදටම ඇඳිලා ගියා . තමන් කරපු වැඩේ ගැන දුක හිතිලා වගේ කකුලුවෝ වෙනුවට සුදු පාට පෙන ඉතුරුකලා රැල්ලත් යන්නම ගියා .

අපි වෙන කෙල්ලෙක් හොයාගමු බං , වෙරලේ ඉන්නේ එක කුකුලුවද .."

හ්ම් ....... සජිත්ගේ කඳුලු වේලිලා . ලාවට හිනාවක් මතුවුනා . හොයාගමු  හොයාගමු , හැබැයි මං ආයේ ආදරේ කරන්නේ නෑ ,  සල්ලි හොයනවා විතරයි ,ඊළඟ මාසේ මං ඇමරිකාවේ යනවා ....... පහුගිය සෙනසුරාදා කෙල්ලව හම්බවෙලා මං ඒ ගැන කියන්න හිටියේ . මං අර හදපු පෑනට පේට්න් එක ලැබුන නේ  , ඒ විස්තරෙත් දාලා මං එහෙ යුනිවර්සිටි එකකට ලියුමක් දැම්මා . උන් මට ෆුල් ස්කොලශ්ප් එකක් දෙන්න කැමති වුනා . ලියුමත් ආවා . පාට් ටයිම් ජොබ් පර්මිට් එකකුත් දුන්නා . "

සුපිරි මචං සුපිරි ........... අරකි මේ සීන් එක දැන ගත්තහම අපරාදේ කියලා හිතෙයි . මෙච්ච වෙලා මූඩ් ගහල හිටපු මටත් අමුතුම කික් එකක් ආවේ ඒ ආරංචියත් එක්ක

මට ලංකාවෙන් යද්දි කියලා යන්න හිතුනේ උඹට විතරයි බං . මං දිනේ කියන්නං එයාපෝර්ට් වරෙං ... "

එල එල ......... අවුරුදු කීයකටද ??? "

මං ආයේ එන්නේ නෑ .........අළුතේන් හදපු ජැටිය පැත්තට එන නැවක ලයිට් එලිය දිහා බලාගෙන සජිත් කිව්වා .

මේ පිස්සු නං කෙලින්න එපා ඇ ...... අපි මේ රටේ  නිදහස් අධ..... "

අනේ උඹේ ලබ්බේ බණ........... අපි එහෙම ඉඟන ගත්ත තමයි . ඒත් එහෙම ඉගගෙන අපි මොනව හරි කලාම කෝ බං පිළිගැනීමක් . කෝ අපිට කරන්න රස්සා ,අපේ නිර්මානශීලීත්වය බල්ලට දාලා , අපිව ගනං ගන්නේ නෑ බං . මෙහෙ තියෙන්නේ ගාමන්ට්වලයි , බැංකුවලයි ජොබ් තමයි . සයන්ස් කරපු අපිය කෝ ගැලපෙන ජොබ් .........ඒකනේ බං සයන්ස් උපාධි කාරයෝ සේරම රට දාලා යන්නේ . මේ රටේ  උන්ට තැනක් නෑ . පිස්සු හුත්*** තමයි මෙහෙ තැන තියෙන්නේ . අපිට උඹලට හරියන්නේ නෑ බං මෙහෙ.
              දැන් උඹ බලපං , මට අර පෑණ හදන අයිඩියා එක දුන්නේ උඹ , මූලධර්මෙ පෙන්නුවේ උඹ ...... උඹ මොනවද කරන්නේ ජොබ් එකට ආහ් ...... මං යනවා බං ආයේ එන්නේ නෑ ,අම්මලාවත් එහෙට ගන්නවා , සුද්දියෙක්ව බඳිනවා , උන් හෙන ඕපන් ........ උඹත් එනව නං වරෙං .... මං දාපු යුනියටම ඇප්ලයි කරපං ඒත් ඊට කලිං මට කියලා දුන්න වගේ ප්‍රින්සිපල් එකක් ඇප්ලයි කරලා අළුත් දෙයක් කරල වරෙං , එතකොට උන් පිලිගන්නවා උඹව ........උඹට එහෙ ආපුවාම උදව් කරන්න මං සැදී පැහිදී !!!! මොකද මේ ලෝකෙට ඕනේ උඹලා වගේ මිනිස්සු ....
                                         මං උඹට එන්න කිව්වෙත් මේ කථාව කියලා උඹටත් ඒහෙට ඇප්ලයි කරන්න කියන්න "

හහ් ......... මගෙන් සුබ පැතුම් බං , යන දවසට කියපං මං අනිවා එන්නං.
 මොකක් හරි අළුත් දෙයක් නේද ........ බලමු ...... දැං වරෙං යන්න , ගිහිං ෆලූඩා මැජික් එකක් කමු "







Tuesday, July 9, 2013

හෙළුවෙන් යාමට ඔට්ටු ඇල්ලූවෙම් .


" ඕං පේනවා නේද මහත්තයෝ අපේ ලොක්කොන්ගෙ වැඩ " 

                           කටපිරෙන්න තිබුන බුලත් කෙල සේරෝම ටික, අල්ලපු වත්තේ උන් බොහොම අමාරුවෙං වවාගෙන තියෙන ගොටුකොල යායට වැටෙන විදිහට කෙලගහන ගමන් සයිට් එකේ වම් පැත්තේ කොනකට වෙන්න ලෑලි ගහලා හදලා තිබුන ටකරං වාඩියට , ප්‍රේමදාස මාමා , එහෙම කියාගෙන ගොඩවුනේ මං සජිතයත් එක්ක වාඩියේ කොනකට වෙලා කවුදෝ මන්දා උදේ පාන්දර ගෙනත් තිබුන කැවුම් මල්ලෙන් ගත්තු මුං ඇට කැවමක් එක්ක උණු ප්ලේන්ටියක් ගහන අතරෙයි.

ඇයි බං අයියේ !!! මොනවෙයි වෙලා තියෙන්නේ "

                 තඩි වලහෙක් මීවදයක් කනවා වගේ අත් දෙකෙන්ම කැවුම් දෙකක් අල්ලගෙන කට පුරා කැවුම් පුරවගෙන  දුම් දාන ප්ලේන්ට්ය දිහා බලාගෙන හිටපු රසිකයා එහෙම අහද්දි , මාත් ඒ පැත්තට ඇන්ටනා පාර දැම්මේ මේවගේ තේවෙලාවකදි සයිට් එකේ උන්ගෙ කටිං කියවෙන එව්වා සතියක් විතර මතක්කර කර හිනාවෙන්න පුළුවන් බව තක්කෙටම විස්වාස නිසා .

කොහෙද ඉතිං උඹලා මේ ලිඳ ඇතුලෙම ඉන්නවා මිසක් රටේ ලෝකෙ වෙන දෙයක් දන්නව කියලයෑ . රටට ගේට්ටුවෙන් එලියෙ කොටි ගැහුවත් උඹලා දන්නේ නෑ !  අන්න බලාපං අද පත්තරේ තියෙනවා අයෙමත් පාරක් දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවට එනවා කියලා. "

හප්පට සිලිං කිව්වලු "  රසිකයා එහෙම කිව්වෙ කටේ පුරවං හිටපු කැවුම් සේරම ටික උගෙම තේ එකට වැටෙන්න විදිහට කට ඇරලා .
                                                       කට අස්සෙ තිබුන කැවුං හපේ දැකලා ඒ ඉස්සරහිංම බිම ඇන තියාගෙන උන් මාරිස් අප්පු , කොට ටකරං බිත්තියෙන් එලියට කෙල ගහැවේ අතට ගත්තු කැවුම ආයෙම බෑග් එකට දාන ගමන් .

වටේටම ඇන්ටනාව දාන ගමන් මං සජිතයා දිහා බලලා හිනා වෙලා තවත් කැවුමක් අතට ගත්තා .




වෙන්න බෑ , ඌව අයෙ ගනීද මාමේ රට කොරන තැනට " සෙට් එකේ  හිටපු බාලම කොල්ලා එහෙම කිව්වේ උනු ප්ලේන්ටි උගුරක් බඩට යවාගන්න ගමන්

උඹ දන්න බම්බුව , පත්තරවල ඉන්න මිනිස්සු බොරු කියාවිද . අනික ඒක තිබුනේ තඩි අකුරිං මුලපිටුවෙමයි ." 

අම්මාපල්ලා මුංටත් අමු කැවිලද කොහෙද නැතං අයෙ පාරක් මේ හාල්පාළුවාව ගනීවිය " මෙච්චර වෙලා කට වහාගෙන හිටපු අන්දිරිස් මාමත් කථාවට එකතු වුනේ සජිත්ගේ මූණ දිහා බලාගෙන කැවුමක් අතට ගන්න ගමන්. 

" ඕකනං මොකද්ද බං  දැන් ඉන්න සේරම එව්වෝ හොරුයි , මංකොල්ල කාරයොයි ,  ස්ත්‍රී දූශකයොයි , මිනීමරුවොයිනේ ඔය ගොඩට තව එකෙක් එකතු වුනා කියලා මහා වෙනසක් වෙන්නේ නෑ " ආයම පාරක් මැදින් දුන්නේ රසිකයා . මේ පාරනං ප්‍රේමදාස මාමා ඌ දිහා බැලුවෙ බොහොම දරුණු විදිහට.

ඔවු ඉතිං උඹලා චන්දෙ දීපු එවුන්නේ "

බම්බුව "

ආහ් ......... මහත්තයා කියන්ට බලන්ට ඒ කරපු වැඩේ හරිද නැද්ද " ප්‍රේමදාස මාම ඒ විදිහට කියලා මගේ දිහා බැලුවේ අන්තිම කැවුං කෑල්ලත් හපාගෙන ප්ලේන්ටියට කට තියන්න යද්දිමයි . 
                                  එකපාරට ආපු කැස්සත් එක්ක දුඹුරු පාට කහට කෝප්පෙකං කාලක් විතර සුදු ශර්ට් එක දිගේ ගලාගෙන ගියා. වාඩියේ උන්න හැම එකාම මගෙ දිහා බලාගෙන හිටියේ අළුතෙන් සත්තු වත්තට ගෙනත් දාපු ගෝරිල්ලෙක් දිහා බලාගෙන ඉන්න විදිහට.
                                      මාත් , ඔන්න ඔහේ ඕනේ රෙද්දක් කියලා ප්ලේන්ට් උගුරක් පහලට බැස්සුවෙ මොන වගේ උත්තරයක් දෙන්නද කියලා හිතන ගමන් .
                             සයිට් එකේ වැඩ කරන උන්ට වෙනමයි , වැඩ බලන අපිට වෙනමයි තේ හදන්නේ ඇයි කියලා තේරුනේ මේ වෙලාවේ . ඒත් දැං පරක්කු වැඩී  මායි සජිතයයි මේ රිංගගෙන ඉන්නෙ අපිට තේ හදන වාඩියට නෙවෙයි. කැවුමට පෙරේතකමේ පොඩි උන්ගෙ වාඩිට .

" මං නං කියන්නේ ඒකේ ඒ තරං අවුලක් නෑ මාමේ "  තවත්  ප්ලෙන්ටි උගුර සනීපෙට පහලට බහිද්දි මං කිව්වේ ඇඟටපතට නොදැනෙන විදිහට.

                                අඩුසීනි කහට එකක් බබී හිටපු ප්‍රේමදාස මාමාගෙ තේඑක උගුරෙ හිරවෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ , කැවුං මල්ල බදු ඇරං හිටපු රසිකයගෙ අතිං ඒක අන්දිරිස් අප්පොගෙ තේ කෝප්පෙ උඩට  අතඇරුනේ වොට් තිස් තුන්දාහක් වැදුනා ව‍ගේ ගැස්සිලා . විසික්වෙලා ගියපු කහට වලින් නාගත්තු පූස් තඩියෙක් වාඩිය ඇතුලෙ ඉදං එලියට ලිඳ පැත්තට දුවගෙන ගියා . හෙට ලිඳ ඉහින්න වෙයිද දන්නේනෑ !

"  මහත්තයලා මොනවද දන්නේ දේශපාලනේ ගැන . මේ ඊයෙ පෙරේදා ඉස්කෝලෙන් පිටවුන කොල්ලෝ ප්‍රේමදාස මාමා මගෙන් බලාපොරොත්තු වුනේ මිනිහගේ කථාවට මාත් හූ මිටි තියයි කියලා .

"  එහෙම කියන්ට බෑනේ ප්‍රේමදාස අයියේ  දැං ඔය වැඩිපුරම දේශපාලනේ වෙන්නේ රජයේ විස්ස විද්‍යාල වලනේ  රසිකයා  කැවුං මල්ල පැත්තකින් තියලා මගේ පැත්තට  අඩේ තිබ්බේ  ඌ මුල ඉඳලම අනිත් පැත්තට ටෝක දීගෙන හිටපු නිසා වෙන්න ඇති .

"  අනේ ඔය චූ කොල්ලංගෙ දේශපාලනේ අන්තිම තේ උගුරත් බඩට දාගෙන කෝප්පෙ හෝදන්න හිතාගෙන නැගිටින ගමන් 

ඒ පාරනං මටත් නහුතෙටම මල පැන්න .ඇය් යකෝ මේ පැත්තනට වෙලා හිටපු මාව මොකද්දෝ  අහකයන වස්තරේකට අල්ලගෙන චූ කොල්ලා කියන්නේ . අර ඇමති උන්නාන්සෙගෙ පුතාටනං එහෙම කිව්වත් කමක් නෑ .
කටට ආවට ඔහෙ කිව්වා මිසක් කියපු දේ සාධාරණයි කියලා කියන්න හේතුවක් නැතුව ඔළුවෙ හැම අස්සක් මුල්ලක්ම පීරනකොට තමයි මට ඒක මතක් උනේ . ඔවු ....... සිරකරුවෝ මනුශ්්‍යයෝය.

"  ලෝකෙ තියෙන හැම දේම වෙනස් වෙනවා කියලා බුදු හාමුදුරුවොත් කිව්වනේ  , ඉතිං ඇයි දුමින්ද සිල්වට වෙනස් වෙන්න බැයි ද ? ඒ මනුස්සයා දැං සෙමින් දැහැමින් පාලයන කරගෙන යයි 

"  අන්න හරි මහත්තයෝ . අංගුලිමාල මිනී කීයක් මරලද අන්තිමට රහත් උනේ , ඒ මනුස්සයත් දැං වෙනස් වෙලා ඇති . අන්දිරිස් අප්පොත් මගේ පැත්තට මුක්කුව ගැහුවා .
                                මාව ඔකඳ වෙලා හිටියට මොකද , මෙච්චර වෙලා තමංගෙ මතේට හූමිටි තිබ්බ උන් හෙමීට පැත්ත ගහද්දි ප්‍රේමදාස ගොයියට ඉහුලුං නැතුව ගියා . මගේ පඬිටොක් එක නිසා වාඩියේ උන්න සේර උං ප්‍රේමදාස මාමා දිහා බැලුවේ කොචොක් එකට වගේ .

"  ඇත්ත ඇත්ත මහත්තයෝ අනික දැං මිනිහට කලිං වෙච්ච දේවල් මතකත් නෑනේ !!! රසිකය එහෙම කිව්වේ හැම එකාටම කැවුං හිරවෙන්න හිනාවකුත් එකතු කරනගමන් ,ඒත් ප්‍රේමදාස මාමා නෙවෙයි හිනා උනේ.

"  එහෙම උනේ නෑ බොලව් මේක පොරජාතත්ත්‍රවාදී රටක් "  

 මොකක් යකෝ ඒ කිව්ව කුණුහබ්බෙ 

"  ඔය පේනවනේ, ඒව වත් දන්නෙ නැති උන් තමයි මෙතන හූමිටි තියන්නේ .ඔය හිරේ ගියපු උන් එලියට ඇවිල්ලත් කරන්නේ ඒ ජරාවැඩේම තමා . හැත්ත!!!!! තොපිට ඒක තේරෙන්නේ නෑ 

ප්‍රේමදාස මාමාට නහුතෙටම මලපැනල ඉන්නේ . අනේ මටනං කැවුමක් තරං වත් ගානක් නෑ . 

"  එහෙම නෙවෙයිනේ , දැං බලන්ට මාමේ  විජය කුමාතුංග හිරේ ගියා , මැතිනිට ප්‍රජාඅයිතිය නැති උනා , සරත් පොන්සේකා ත් හිරේ ගියානේ  අද රටේ ඉන්න උසස් අධ්‍යාපන ඇමතිත් එකපාරක් කට තියාගන්න බැරුව හිරේ ගියානේ . දැං ඔය එලියට ඇවිත් ඉන්නේ යස අගේට 
                                                    මං එහෙම කියවගෙන යද්දි ප්‍රේමදාස මාමට කට උත්තර නෑ . කථාව ඉවර උනත් හරි රසිකයයි අන්දිරිස් අප්පොයි දෙන්නා අප්පුඩියකුත් ගැහුවා .

"  ඒ ඉස්සරනේ බොලව් දැං එහෙම උන් නෑ !!! මොකෝ කියන්නේ මහත්තයා . මං ඕනේ ඔට්ටුවක් අල්ලන්න ලෑස්තී ඔය හොරා මේ අවුරුද්ද ඉවර වෙන්න කලිං ආයෙම මොකක් හරි මගෝඩි වැඩකට මාට්ටු වෙලා පෙරෙවූත්ති වල පෙන්නනවා  .  මගෙ මුලු ඇඟම සීතල වෙලා ගියා . ඔට්ටුවක් !!!!! හත් ඉලව්වේ  දීපු ටෝක්වල හැටියට ඔට්ටුව බාර ගත්තෙ නැත්තං !!!!!  ඊට හොඳයි ඇඳුං නැතුව සයිට් එකට එනවා .

"  අන්න හරි  මාමේ මේ අවුරුද්ද ඇතුලත උන්දා මොකතට හරි මාට්ටු උනේ නැත්තං  මාමා සරම නැතුව සයිට් එක වටේ චූකර කර දුවන්ට ඔනේ !!!!මොකද කියන්නේ . මගේ ඉහිං කනිං දාඩිය බේරෙද්දි මෙච්චර වෙලා කටවහගෙන මගේ ගාව ඉඳගෙන හිටිය සජිතයාත් උ‍ගෙ කටේ බලේ පෙන්නුවා . 
"  තොට මෝල්ද යකෝ  මං උගෙ කනට කරලා එහෙම ඇහුවේ ඔට්ටුව පැරදුනොත් ඌ මට මොනව  කරන්න කියයිද දන්නේ නැති නිසා .

ඔය අල්ලපනල්ලෙම තමයි සයිට් එකේ ඉන්න ලොකුම ඉන්ජාත් මඩුවට ගොඩ උනේ . වසලා හමාරයි .

"  ඕක මොකද්ද !!!! ඇඳුං නැතුව යනවා විතරක් නෙවෙයි මං වැලිගොඩේ පෙරලෙනවා බොලව් "  ප්‍රේමදාස මාමා ඔට්ටුව භාර ගත්තා .

"  හැබැයි අයියේ උඹ පැරදිලා හැංගිලා ඉන්න නං බෑ ඕං හොයාගෙන ගමට ඇවිල්ලා ඇඳුං ගලවන්නේ බලාගං 

අපි එහෙම බයේ ඉන්න උන්ද බොලව් .එහෙම කියපු ප්‍රේමදාස මාමා කාරලා කෙල පාරක් ගහලා අයෙම කැවුමක් හපන්න ගත්තා .

"  හරි දැං මං ඔට්ටුව පැරදුනොත් !!!   මං  මෙච්චර වෙලා හිතේ තෙරපි තෙරපි තිබුන  ප්‍රශනේ එලියට ඇදලා දැම්මා .

"  එහෙම උනොත් ඉතිං වෙන මොනවා කරනනද !!!!  මහත්තයා කලිසම ගලවගෙන වැඩපොල වටේ ඇවිදින්න ඕනේ  හුටා !!!! 

"  වැඩපොලේ විතරක් නෙවෙයි ඌ  හෙඩ් ඔෆිස් එකේත් ඇවිදී දිනෙල්කයා. ඒ ගැන බය වෙන්න එපා . සජිතයා මොන රෙද්දක් කරනවද මන්දා සයිට් එකේ නං ඉන්නේ පිරිමි විතරයි ඒත් හෙඩ් ඕෆිස් එකේ කෙල්ලොත් ඉන්නවා යකෝ . තෝ මැරියං  මේ කරපු බලු වැඩේට.

"  හරි එහෙනං ඔට්ටුව පැරදුනොත් මහත්තයා සයිට් එකේ නෙවෙයි ඔපීසියේ ඇවිදින්න ඔනේ කලිසම නැතුව  ඕන්න ඔට්ටුව හරි මෙතන සේරම සාක්කි .  මහ ඉන්ජා එහෙම කිව්වේ  මගෙ දිහා බලාගෙන නක්කලේට හිනා වෙන ගමන් . සජිතයත් ඒ හිනාවටම එකතුවුනා .

"  පුතා බයද? මහ ඉන්ජා ආයම මගේ දිහා බැලුවා . 
                                         වාද පිටියකට ගිහින් දෙතුන් සීයක් එක්ක වාද කරන්න මං බය නෑ . තනිංයෙං ඉද්දි විසි තිස්දෙනක් එක්ක ගහගන්නත් බය නෑ ( එච්චර උන් හිටියොත් ගුටි කන එක වෙනම කථාවක් ) එහෙව් එකේ  ඇඳුං නැතුව හෙඩ් ඔෆිස් එකේ ඇවිදින එකට මං බයවෙයිද  !!!! ඔවු........... එකටනං මං ගූ බයයි . 

දැං ඉතිං පස්ස ගහන්න බෑ ...... එහෙම කලොත් වස නෝන්ඩිය . 
"  හරි එහෙනං අපි බලමු  කෝ මොනවද වෙන්නේ කියලා. 




                                 වෙනදවස් වලටත් වැඩියෙන්ම මම එන්නේ මේ පොඩි උන්ගේ වාඩියට වෙලා උන් එක්ක තේ එක බොන්න . ලොකු උන් එක්ක වෙනම තේඑක බීලා පොඩි උන් එක්ක වැඩ කරනවට වඩා මේ විදිහට උන් එක්කම තේඑක බොන්න එන එකෙන් උන් එක්ක මගේ තිබුන හිතවක් කම වැඩි උනා වගේම මං  කියන වැඩ ටිකත් නෑ බෑ කියලා කියන්නේ නැතුව කරන්න උන්ව කැමති කරගන්න මට පුලුවන් උනා . 
                             අද වාඩියෙන් එලියට යන්නේ මේ අවුරුද්ද ඇතුලත ඔනේම දවසක ඇඳුං ගලවන්න ලෑස්තිපිටයි.මුලිං මුලිං අවුලක් තිබුනට දැන් නං  ඒ ගැන කිසිම බයක් නෑ .මොන මගෝඩි වැඩක් කලත් දුමින්ද උන්නාස්සේ මේ අවුරුද්ද ඇතුලෙ නං එහෙම එකක් නොකරද බව ඉරහඳ වගේ විස්වාසයි . ඔට්ටුව දැම්මයි කියලා , වාදයක් ගියයි කියලා මං මුං එක්ක තරහ වෙන‍්නෙත් නෑ උං මගෙත් එක්ක තරහ වෙන්නෙත් නෑ කියලා මට හෙට ඉරපායන්න කලිං මං කක්කුස්සි යනවා කියන එකටත් වඩා විස්වාසයි .
                             අනේ ඉතිං ජනවාරි පලවෙනිදා ඇඳුං නැතුව සයිට් එකේ ඇවිදින ප්‍රේමදාස අංකල්ව මට මැවිලා පේනවා .  හිතවත්කම වැඩිවෙද්දි මේවගේ ඒවා වෙනවා . ඒත බං ........... මං හෙට තේ එක බොන්නෙත් මෙතනිංම තමයි 

- දිනෙල්ක -

පහුගිය දවස්වල දාපු පෝස්ට් වල මගේ සුපුරුදු ශෛලිය නැතිවෙලා තියෙන්න ඇති . වෙන විදිහකට ලියන්න පුලුවංද කියලයි අතහදා බැලුවේ . ඒ උනාට මගේ විදිහ මට හොඳයි කියලා තේරුනා . ආය් වෙන විදි නෑ ඔං ආයුබෝවං . අයෙත් පාරක් විලක්කුව විලක්කුවම වෙයි .

 

Sample text

Sample Text

Sample Text