Social Icons

හොයමු බලමු

Friday, July 13, 2012

අවසන් විනිශ්චය ............................


A/L කොරලා අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියා ද! , අනේ මන්දා වෙලාවකට හිතෙනව ඔව් නිකරුනේ ගෙවිල ගියා කියල ,හැබැයි  "නෑ එහෙමමත් නෙවෙයි " කියලත් හිතෙනව ..........හිත එක විදිහකට නැතිවුනහම මෙහෙම වෙනව ඇති .
                                  ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල ඒ කාලේ කවුරුහරි  අහනකොට ඒ මම හැමවෙලාවකම ‍ගොළුවුනා. එක වසරෙදි මුලින්ම ගමේ ඉස්කෝලෙට ගියපු දවසේ පන්තියේ හිටපු ටීච හැමෝ ගෙන්ම ඇහුව ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල , හැමෝටම බොහෝම විස්වාසෙන් දෙන්න උත්තරයක් තිබුනට මට එහෙම එකක් තිබුනේ නෑ ,මම එදා දොස්තර කෙනෙක් වෙන්න කැමති කිව්වේ මගේ එහා පැත්තේ හිටපු කෙල්ලත් දොස්තර කෙනෙක් වෙන්න කැමතී කිව්ව නිසා.
                            කරන්න  පුළුවං උනත් බැරි උණත් මම මගේ ජීවිතේ හැමදාම තෝරගත්තේ කරන්න අමාරු දේවල්, ඒ විදිහට පටන්ගත්තු වැඩ හරිගියත් වැරදුනත් මම සන්තොස වුනා ,කිසිම වෙනසක් නැතිව, එකම විදිහට . ඒ ඇයි කියල කියන්න මට තේරෙන්නේ නෑ , විභාගයේදි උනත්, හැමෝම ලේසි ගැටළුවලට උත්තර මුලින් ලියද්දි මම හැමදාම තෝරගන්නේ අමාරුම ඒවා ටික ( අමාරු බව දැන දැනම තමයි එහෙම ක‍ලේ. ) මම හිතන්නේ මම A/L වලට ගණිතය තෝරගත්තෙත් ඒ නිසා වෙන්න ඇති,,,,,,,,,,,

මම දන්නව මේ පෝස්ට් එක කියවන් අය හිතනව ඇත් මම අමුතුවිදිහේ ,තේරුම්ගන්න අමාරු චරිතයක් කියල. අනේ නෑ මම එහෙම මානසික රෝගියෙක් නං නෙවෙයි, සාමාන්්‍ය විදිහට පොලවේ පයගහල ජීවත්වෙන, යාළුවෝ රෑනක් වටකරගෙන ආතල් එකේ ඉන්න කොල්ලෙක් !!!!!! ඒත් මම උඩින් ලියල තියෙන හැම දෙයක්ම ඇත්ත .
හැබැයි A/L කරල අද වෙනකම් මම ගෙවපු ජීවිතේ නිසා  ඊටකළින් මගේ තිබ්බ අදහස් සමපූරණයෙන්ම වෙනස් කලා. සමහර විට මෙච්චර කාළයක් නොලැබුන විදිහට තනියම , පහුගිය දේවල් ගැන හිතන්න  කාලයක් ලැබුන නිසා වෙන්න ඇති !!!!! ඇත්තම කිව්වෙත් මම ජීවිතේ විදින්න පටන් ගත්ත ,පලවෙනි වතාවට   !!!!! ඒකයි මම කිව්වේ  අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියේ නෑ කියල හිතෙනව කියල............ ඒත් අනිත් අතින් බැළුවහම මම මේ මාස 10යේ මෙලෝකේ දෙයක් කොරල නෑ.......එකට ඉගනගත්තු හැමෝම මොනව හරි කරනව, මොනවම හරි කරනව!!!  ඒත් මම ,නිකන්. ( මමගේ යාළුවෝ මම ගැන අවංකවම , මුළු හදවතික්ම සන්තෝස වෙනව මෙතුවක් කාලෙකට එකට හිටපු එවුන්ට අනාගතයක් තියෙන නිසා  ) .මමත් ඔය තියෙන් කෝස් කෑලි කීපයක්ම පටන් ගත්තත් ඉවර කලේ නෑ , මම ඒවා මගදි අතඇරල දාපු නිසා නෙවෙයි එහෙම උනේ වෙන වෙන හේතු නිසා ............. ඒව මොනවද කියල අහන්න එපා , කියන්න බෑ ( දුක වැඩිවෙනව ) !!!!! මේ ලෝකේ ඉන්න හැමෝටම වඩා මට බලාපොරොත්තු තියෙනවා ( ගොඩාක් ලොකු ඒව නම් නෑ ) , හැමෝටම වඩා ඒවා වෙනුවෙන් මහන්සිවෙන්නත් මට පුලුවන්, ඒ වෙනුවෙන් ඔනම දෙයක් කරන්නත් මගේ හිතේ හයිය තියෙනව ( මිනී මරණව ‍වගේ දෙවල් නම් නෙවෙයි.. ). ඒත් අදටත් මම දන්නෑ මට ඕනේ කවුරු වෙන්නද කියල.
                              අවුරුද්දක් තිස්සේ එක එක ඒවට ඉන්ටවීව් ගිහිල්ල ගිහිල්ල ඇතිවෙලා හිටපු මට ඔන්න අද ගෙදරටම ඇවිල්ල රස්සාවක් දීල ගියා .ඒත් ඒක මම හීනෙන් වත් කරන්න හිතපු එකක් නෙවෙයි , රස්සාව නරක එකක් නෙවෙයි ඒත් මට අදාල ෆීල්ඩ් එක නෙවෙයි ,ඒකයි  එහෙම කිව්වේ. හොද පඩියකුත් තියෙනව හැබැයි පුහුණු කාලයෙන් පස්සේ තමයි ඒක ලැබෙන්නේ . ඉතිං ඔන්න මම තීරනය කලා ජොබ් එක භාර ගන්න !!! එගමන්ම මගේ ෆීල්ඩ් එක ඒකියන්නේ ඉන්ජිනියරින් වලින් වගේම මට ලැබුන තනතුරට අදාලවත් ඉදිරියට ඉගෙන ගන්න .
අවුරුදු විස්සකට පස්සේ මම ,මටම කියල බලාපොරොත්තුවක් හදාගත්ත මම මේවගේ කෙනෙක් වෙනව කියල !!!!!!!!!!!!!!!!!!!!!   






    

Wednesday, July 11, 2012

අන්නාසි

මම ලියපු දෙයක් නං නෙවෙයි ආයුබොවං , ඒත් දැක්කම නොදා බැරිවුනා












ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් 

ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව 

කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම 

ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි 

බෑවා.

ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ 

නායකයා ඉදිරියේ.
මේ තුන් දෙනා දිහා බලාගෙන හිටිය ගෝත්‍රික නායකයා කිව්වා


"උඹලගේ ජීවිතේ මම බේරනවා හැබැයි එහෙම කරන්නේ මම කියන 

දේ කලොත් විතරයි" කියලා...
ඒක අහපු මිනිස්සු තුන් දෙනා ගොඩක් කැමැත්තෙන් කිව්වා"හා... අපි 

ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්නම්" කියලා.

"හොදයි එහෙනම් දැන්ම කැලේට ගිහින් එක එකා එක පළතුරු 

වර්ගෙකින් ගෙඩි 10 ගානේ ගෙනෙල්ලා" කියල ගෝත්‍රික නායකයා 

කිව්වා.
ඉතින් තුන් දෙනා කැලේට ගියා වෙන වෙනම. ගිහින් ටික වෙලාවකින් 

එක මිනිහෙක් ඇපල් ගෙඩි 10ක් උස්සගෙන ආවා.
ඊට පස්සේ ගෝත්‍රික නායකයා අණ කලා ගෙඩි 10ම මිනිහගේ අධෝ 

මුඛයෙන් ඇතුල් කරන්න කියලා,හැබැයි ගෙඩි 10ම ඇතුල් කරනකන් 

කිසිම විදියෙ හැගීමක් මූණෙන් පෙන්නන්නත් බෑ.එහෙම හිටියොත් 

එයාට අභය දානය දෙනවා.

බොහොම අමාරුවෙන් එක ඇපල් ගෙඩියක් ඇතුල් කරනකන් හිටියත් 

දෙවෙනි එක ඇතුල් කරන්න යනකොට මිනිහාට වේදනාවෙන් කෑ 

ගැහුනා. ගෝත්‍රික නායකයා ඒ මිනිහාව මරන්න අණ කලා.

ටික වෙලාවකින් තව මිනිහෙක් කැළෙන් මතු උනා,මිනිහා ගෙනල්ලා 

තිබුනේ මිදි ගෙඩි 10ක්.ගෝත්‍රික නායකයා කලින් වැඩේම කරන්න 

අණ කලා.

මිදි ගෙඩි 9ක්ම ඇතුල් කරනකන් බොහොම ශාන්තව හිටිය මිනිහා 10 

වෙනි ගෙඩිය ඇතුල් කරන්න යනකොටම බක බක ගාලා බොහොම 

හයියෙන් හිනා වෙන්න ගත්තා කිසිම හේතුවක් නැතුව.
ඉතින් ගෝත්‍රික නායකයා කලින් වගේම මේ මිනිහවත් මරන්න අණ 

කලා.

මැරුව මිනිස්සු දෙන්නා දිව්‍ය ලෝකෙදි මුණ ගැහුනා.
දැන් පලවෙනි මිනිහා මෙහෙම අහනවා " ඇයි බං උබ එච්චර හයියෙන් 

හිනා වෙන්න ගත්තේ? අපරාදෙනේ තව එක ගෙඩියයිනේ දාන්න 

තිබුනේ එහෙනම් දැන් උබ නිදහස්නේ" කියලා.
දෙවෙනියාට තවම හිනාව නවත්ත ගන්න බෑ,මූ හිනා වෙවී මෙහෙම 

කියනවා "මොනවා කරන්නද මචං ...මම දැක්ක අනිත් එකා අන්නාසි 

ගෙඩි 10ක් උස්සගෙන එනවා"...


උපුටා ගැනීම -

Tuesday, July 10, 2012

තොවිලය 03 ( අඩව්ව.......)

තොරු මොරු අස්සෙ හාල් මැස්සො කිව්වලු ,මමත් ඉදිරිපත් වුනානේ බස් රේඩියෝ බ්ලොග් තරගාවලියට, මේ සතිය පුරාම පොස්ට් දාන්නලු , ඔං ඉතිං ඒ නිසා තොවිලයේ අන්තිම කොටසත් පරක්කු නොකරම ලියල දාන්න හිතුවා . ආසයි නේ...............

( මේකේ පලවෙනි කොටසයි දෙවනි කොටසයි  කියවන්නෙ නැතිව නම් තුන්වෙනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි.




තොවිලය 01 ( ආවඩන්නට පෙර.......)

තොවිලය 02 ( හොර පොල් කැඩීම..... )

ඔන්න තියෙනව පලවෙනි කොටසයි දෙවනි කොටසයි  කියවලාම 


එන්නකෝ .......)


ඔං‍ තුන්වෙනි කොටස පටං ගන්නව ඈ,

..................................................................................................................................

වැටට උඩින් පනිනකොට රජිය වැට අස්සේ හිර වෙලා හිටිය දැක්කට 


,මොකාද යකෝ හිතන්නේ මූ සරම ගලවලා වැටේ තියල දුවයි කියලා.

" ඇයි බං මුටම මෙහෙම වෙන්නේ .........." 

" ආහ් ........ඒව එහෙම තමයි .ඒකනේ අපි මේවගේ ගමන් යනකෙට මූව 


අනිව ඇදගෙන යන්නෙ, මොනව හරි වෙන්න තියෙනවනං මූට තමයි 


වෙන්නෙ ...... පුදුම වාසනාවන්තයි " 


කොහොම හරි රජියගේ සරම ගැන ඒකමතික (රජියා හැර )  තීරනේ වුනේ 


ඒක ගන්න ආපහු යන්න බෑ කියන එකයි. ඌ කිව්වේ අපි තුන්දෙනා ගිහිං 


ඒක ඇරං එන්ට ඕනෙ කියල , අපිනං යයි.

" එතකොට තොපිදැං මට කියන්නේ ජීවිතේ ඉතුරු කාලේ මේ පදුරට 


මුවාවෙලා ඉන්න ඕනේ කියලද ? "


" ඉදිං මම උඹට කොළ අතු ටිකක් දෙන්ට , ........"


ඔය විදිහට අපි ඌව විනාඩි 15 විතර පදුර අස්සෙ දාගෙන බයිට් කොළා 


........අන්තිමේදි ලාල් ගෙදර ගොහිං උගේ තිබ්බ සරමක් ගෙනල්ල දීල 


රජීයව පදුරෙන් එලියට ගත්තා.

" හූ.............. හූ................... රජිය හෙළුවෙන් හූ................ " 
                                   
                                 ඈ .......... ඒ මොක්කුද කෑගහන්නේ ...... මම 


වටපිට බැළුවේ කළුවරත් එක්ක කෑගහන එවුංව එක පාර‍ටම හොයාගන්න 


බැරි වුන නිසා. හත්ඉලව්වයි!!!! කොල්ලො කාන්ඩයක් කමතේ ඉදං 


කෑගහනවා , අපිට නොපෙනෙන්න පදුර පිටිපස්සෙ හැංගිලා උන්නට 


මොකද මේ ගල් මූසලය එතන ඉදං වටපිට බලලා නෑ නොවැ පදුර 


පිටිපස්ස කියන්නේ කමතේ ඉදං බලනකොට පදුරේ ඉස්සරහා, මේ නිල 


මැස්සා මෙච්චර වෙලා පස්ස ‍උරුක් කොරං ඉදල තියෙන්නේ කමතට,දැං 


ඉතිං මේකා හෙට ඉදං පාරේ බැහැල ගිහිං ඉවරයි ඉතිං.  

" තොපි වලත්ත හැත්ත යකෝ .............. මේක සමාජවාදී රටක් ( 


හැ......... සමාජවාදී ) මට ඕනේ තැනක මම ඇදුං නැතිව ඉන්නව යකෝ " 


මේං රජිය අළුත් සරම කරට අරං කෑගහනව .


" ඈ ................... මොන එකාද යකෝ මහ රෑ  මගේ ඉඩමේ 


හෙළුවෙං නටන එකා " අලි මදිවට හරක් , යකෝ සීය නේද , මෙතන 


ඉදං මාට්ටු වුනොත් ජංජාලයයි..  අනිත් උන්ට ඔනේ කුදයක් ගහගනියයව් 


කියලා මම කලේ , ශේප් එකේ, ‍මඩ ගෑවුනත් කමක් නෑ කියල හිතාගෙන 


කුඹුර මැද්දෙන්ම බොන  ලිද දිහාට පහුබහින එක. ඔන්න ඔහොමයි 


තොවිලෙට කලිං දවසේ රෑ මගේ හොර පොල් විකුම ‍ඉවර වුනේ.




ඔන්න ඉතිං කොහොමෙං කොහොමෙං හරි පහුවෙනිදා උදෙත් වුනා 


................... කවුරු කවුරුත් කලිංදා රෑ වෙච්චි දේවල් අමතක කරල දාල 


එහෙම ............ තොවිලෙට ඕන කරන කලමනා කාරිය එක්කාසු කරන්න 


පටාං ගත්ත !!!!!!!!!!! ගොක්කොළ, පුවක් ගස් ,පොල්මල් එකතු කරන්න 


කාන්ඩයක් මහන්සි වෙනකොට වැඩිහිටි ඈයෝ ඒවා අරං ,තොවිලෙට 


ඇවිත් උන්න කපු උන්නැහේලා කියන විදිහට එව්වා මෙව්වා හදනවා 


........................ ගමේ හැමෝම වගේ එක්කාසු වෙලා උන්න නිසා වැඩි 


අමාරුවක් නැතුවම වෙලාවටත් කලිං වැටික ඉවර උනා . රෑ තියෙන 


තොවිලෙට නා කියාගෙන එන්නංය කියල හැමෝම තොවිල් පොලෙන් 


එළියට ආවේ කෙරෙන්ට ඕන විදිහට විදිහට හැම වැඩක්ම ඉවර උනහමයි 


.

" මතක ඇතුව අද රෑට වත් මේකට කලිසමක් අන්දන වරෙව් !!!! " 


" එව්වා හරි !!!!!!! " 



( ඔන්න කට්ටියට බලන්න කියල කලිං දැම්ම සිත්යං පොඩ්ඩ මම ආයේ 


දානව , ඔව් ඔව්!! ඒක ඕන වෙනව ) 






හවස හත අට වෙලා හද එහෙම පෑයුවා ( හද භාගයයි තිබ්බේ )..  ඔන්න 


ඉතිං පිරුවට එහෙම ඇදගෙන, බොහෝම පිරිසිදුවට ‍ගමේ ඈයෝ එකා 


දෙන්න කමතට සේන්දු වෙන්න පටන්ගත්ත . ආහ් කියන්න අමතක  


වුනානේ තොවිලෙ තියන්න තියෙන බිම විදිහට තෝරගෙන තිබ්බේ අපේ 


කමත .

                                         කොල්ලො ද කෙල්ලො ද උංගේ අම්මලා 


තාත්තලා ද වලපයයි ගොඩ පයයි ඉන්න උන් ද කොටින්ම කිව්වොත් 


ගමේ ගෙවල් වල ඉන්න බල්ලොත් ගැන්සි පිටින් තොවිල් පොලට 


බැහැල තිබ්බා . සූ ගාලා සෙනග , කෙල්ලෝ කොනකට වෙලා කිචි බිචි 


ගානවා කොල්ලෝ තවත් කොනක උන්දිහා බලන් ඉන්නවා 


,කෙල්ලොන්ගේ අම්මලා කොල්ලොන්ට රවනවා , බල්ලෝ 


පොරකනවා ,කට්ටඩියෝ ලෑස්තිවෙනවා ,....... මං ඉතිං කොනකටවෙලා 


බලාන ඉන්නව .

 කට්ටඩියෝ ගෙනත් තිබ්බ බෙර ටියුන්වෙලා කමතට එනකොට 9.30 ට 


විතර ඇති . ‍හරි , ක්ට්ටිය බෙර ගහගෙන පන්දං පත්තුකොරං බැස්සෙනැතෑ 


කමතට . හැබෑම ලස්සනයි ( අපේ කම දැනුන මොහොතක් ). එකෙක් 


දාගෙන මතුරන අතරෙ තමයි අනික් ගැන්සිය නටන්නේ.ටික වෙලාවකින් 


,සුදු රෙද්දක් ඔළුවේ ඉදං පෙරවලා සමධි අක්කව 


වැඩමවෙව්ව.ගේනකොටම මේකි නටන්න තැනුව ඒත් නැන්ද කනට 


කොරල මොකක්ද කිව්වට පස්සේ කිසිම නැටිල්ලක් නැතුව ඉදගත්ත 


.දැම්ම නෙවෙයි පස්සේ නටපං කියලද දන්නෑ කිව්වේ .

ඔන්න ඔය විදිහට බොහෝම අපූරුවට පැය හතරක් පහක් මේක 


කෙරීගෙන ගියාය කියමුකෝ ........ දැං තමයි අන්තිම කොටස ,අර යස 


අගේට උන්නු සමධි අක්කව  බිම පෙරලගෙන  ඔළුවට පොල්මලකින් 


තඩිබාපු කපුව කිව්වේ යකා සමධි අක්කගේ ඇගෙන් නිදහස් වෙලා 


එලියට ආව කියලයි . මොකා........ එතකොට දැං යකා කමතෙද !!!!!! 



වෙස් මූනකුත් දාගෙන පිස්සුවෙන් වගේ වටේට බලපු කපු උන්නැහේ 


ඊළගට කොලේ ‍තව පොල්මලකුයි පන්දමකුයි අරගෙන ඇලවේල්ල 


දිහාට දුවන්න ගත්තු එක .........හැ ...... ඒ මොකද ? 

තොවිල් පොලේ උන්න අනිත් කපුව කිව්වේ ඒ දුවන්නේ එලියට ආපු 


යකාගේ පස්සෙන්ය ,ඌව නරකාධියටම එලවන්නය කියල.

ටිකක් දුර දුවපු උන්දෑ නවතින්න හදනකොටම මේකගේ පස්සෙන් 


මෙච්චර වෙලා පොරකකා උන්න බල්ලෝ දෙන්නෙක් පන්නන්න ගත්ත 


එකපාරක් විතරක් පස්ස බලපු උන්දෑ වේගේ වැඩිකොලා.


ඇලවේල්ල ඉවරවෙනකං දුවපු කපුව ඒ හුසුමටම  පාරට පැනල දුවන්න 


ගත්ත. දැන්නම් හොදටම ශුවර් මූ දුවන්නේ බල්ලට බයයේ ,,,,,,,,,

අතේ තියෙන පන්දම වේගෙන් යන නිසා කමතේ උන් දන්නව මූ තාම 


දුවනව කියල ........ ඔහොම යනකොට අර පන්දම එකපාරටම 


ගුවන්ගතවුනා , බිමට වැටිල නිවිල ගියා ........................ 


මෙහෙම තොවිල් වෙන නෑ ඔං , ‍ඊලගට , මෙච්චර වෙලා තමංගේ ගුරු 


කපු උන්නැහේ පස්සෙන් බල්ලෝ පන්නනව බලාගෙන උන්න අනිත් 


කපුවත් පන්දමක් වෙනුවට ටෝච් එකක් අරං දුවන්න ගත්ත, ඒ පස්සෙන් 


තොවිල්පොලේ උන්න එවුං දුවන්න ගත්ත. ( මාත් දිව්ව.......... ) .

උඩහ ක‍ඩේට ඇතුල්වෙන කඩුල්ල ලග බිම , කපුවා දොයියං ඉන්නව මම 


ඈතටම දැක්ක.....  

................................................................................................................................................................

උක්කුවා කියන්නේ ගමේ ඉන්න බේබද්දන් අතර අග තැන්පත් වෙලා 


උන්න බෙබේ කෙනෙක් .මුළු ගමම 


සමධි අක්ක වෙනුවෙන් තොව්ලෙට ඇවිල්ල ඉන්න අතරෙත් මේ උන්දැ 


කලේ  ගමේ කොනකට වෙලා උගේ ගැන්සියත් එක්ක වෙල් ෆැන්ටා ‍


බැරල් එකකට වග කියන එක ............රෑ 10 ට 11‍ ට  පටං ගත්තු සාජ්ජේ 


ඉවර වෙනකොට ඔං පාන්දරත්  වුනා , කාපු බීපු තැන්වල සතා 


සරුපයාවත් ඉන්නැතිනිසා , උක්කුවා ගොයියත් තමංගේ කෑලි පහේ 


ටෝච් එකත් පත්තුකොරං  පාන්දර පාන්දර  කියල බලන්නැතිව ගෙදර 


යන්න පිටත්වුනා.මගක් යනකොට තමයි මතක් උනේ අ‍ඩේ අප්ප අද  


සමාධි කෙලීගේ තොවිලෙ නේද කියල ............" ඔන්න ඔහේ ඔන දෙයක් 


කියල යන්න ඕනේ කමත පැත්තේ "



 ඔන්න ඔය විදිහට  හිතල එනකොට මගදිම ටෝච් එකේ බැටරි බැහැපි 


....... මක්කොරන්ටද කියල තිත්ත කළූවරේම එනකොට තමයි ,, 


බල්ලො දෙන්නෙක් පන්නං එන යකෙක්ව උක්කුවාට මුනිච්චි වුනේ 


........කටේ කෙල සේරෝම හිදිල ගියා

පන්සලේ පිලිම ගෙයි ඉන්න අබල ඉන්න යකා ව‍ගේමයි .................. 


ඒමදිවට පො‍ල් මලකුත් අරං දුවගෙන එන්නේ තමංගේ පැත්තටමයි ..... 


උක්කුවා බයටම ඇස් දෙකත් වහගෙන බිම ඉදගත්ත ......... ඒත් යකා 


වගේ ව‍ගක් නැතුව තමංව පහු කරල දුවනව දැකපු උක්කුවාට හෙනම 


හැපී.........බීපුමිනිහට යක්කුත් බයයි කියන කියමනත් මතක්වුනා ........ 


" සමාධි කෙලීටත් ලෙඩ දෙන්න ඇත්තේ මේ වගේම එකෙක් 


වෙන්ටෑ....දෙන්නම් මූට ........  " 



යකාගේ පස්සෙං එලවපු උක්කුවා දෑතම බදල අතේ තිබ්බ කෑලි පහේ 


ටෝච් ‍එකෙං ‍කෙලල ඇරිය ...............


වැදිච්ච පාරට වැටිච්ච යකාගේ ඇගට චූ කරපු උක්කුවා හෙන සතුටින් 


ගෙදර ගියා !!!!!!!!!!!!!!









ඔන්න ‍අපේ ‍‍‍ගමේ තොවිලය ඉවරවුනා ..............කපුව 


ඉස්පිරිතාලේ !!!!! ‍බල්ලො දෙන්න ආගිය අතක් නෑ!












Monday, July 9, 2012

තොවිලය 02 ( හොර පොල් කැඩීම..... )


ඔන්න ඉතිං මම ආපහු ආවා නිකම්ම නෙවෙයි, තොවිලයේ දෙවනි කොටසත් අරගෙන. කළිං කොටසෙ මම කිව්වනේ කොහොමද තොවිලෙ පටං ගත්තෙ  කියල  අද බලන්නකෝ කොහොමද තොවිලෙ ගියෙ කි‍යල ,


( මේකේ පලවෙනි කොටස කියවන්නෙ නැතිව නම් දෙවනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි.



තොවිලය 01 ( ආවඩන්නට පෙර.......)

ඔන්න තියෙනව පලවෙනි කොටස කියවලාම එන්නකෝ .......)
ඔංදෙවනි කොටස පටං ගන්නව ඈ,
.................................................................................................


සමාධි අක්කට ගහපු යකාට පිං සිද්ධ වෙන්න ඔං ඉතිං මටත් තොවිලෙකට සෙට් වෙන්න චාන්ස් එක්ක .

" කොල්ලො කුරුට්ටො සේරම එහෙට පදියං වෙලා, තනි කොරන්ට හොද නෑ නොවැ, මාත් ඩිංගක් ඉදල එන්නං , උඹලට ආරංචිය දීල යන්නයි ආවෙ  " සීය එහෙම කිව්වෙ හාංසිපුටුව උඩ වනල තිබ්බ කමිසෙ ඇදගන්න ගමනුයි , සීතල ඇති වයසක බුවානෙ : D . 

" මාත් එන්ටද ? "
" කොහෙ යන්නද මේ මහ රෑ !!!!! " ඒපාර අංජිය අදින්න යන්නේ ආච්චි අම්ම,උදේ ඉදංම ගේ ඇතුලෙම ඉදල මට පිස්සු ව‍ගේ . 
" ඔන්න ඔහෙ අපු දෙන් මමත් ඉන්නවනේ ! "
සීයා බුදු වේවා !!!!!!! : D 
   
අපේ ගෙදර ඉදං සමාධි අක්කලා ගේ දිහෑට මහ දුරක් නෑ වැඩිම උනොත් මීටර 20ක් ඇති . ඉතිං අපිත් බුග් ගාලා ගෙදරට එන්ටර් උනා . අප්පට සිරි ගමෙන් භාගයක්ම මෙතනනෙ.ගමේ කොල්ලො කෙල්ලො සේරම !!!! ආහ්....... වැරදුනා කෙල්ලො නෑ..... කෙල්ලොං ගේ අම්මලා . 
දන්න කියන එවුං එකෙක්වත් නෑ . ඇත්තම කථාව තමයි ඔය කාලෙ වෙනකොට මම දන් කියන එවුං කියල ජාතියක් ගමේ හිටියෙ නෑ , අවුරුද්දකට එකපාරයි නැත්තං දෙපාරයි ගමේ යන්නෙ , ඒ ගියත් වැඩි දවසක් ඉන්න එකක්යැ ඉතිං කොහෙ දැනගන්ටද !!!!!
අම්මේ!!!  සමිධි අක්කගෙ ලස්සන , කොන්ඩෙ කඩාගෙන , ඇස් දෙක රතුම රතු පාටයි , ක‍ට දෙපැත්තෙන් කෙලත් පෙරෙනවද කොහෙද , හරිම හැඩයි .
මේකිගේ තව මොනව බලන්නද !!!!! මම මිදුල පැත්තට වාශ්ප වුනා . හරි, කොල්ලො ටික කොනකට සෙට්වෙලා තොවිලෙට පේවෙන්නයි හදන්නෙ. රත්තරං පාට බෝතලේක තිබ්බ අමාවතුර බොස බොස ගාල වීදුරුවලට දාගෙන කට්ටිය අමුවෙන්ම වැඩ අල්ලනව.බොන්නෙ නැති උන්ද කොහෙද තුන්දෙනෙක් කොහෙන්දෝ ඉදල  උස්සං ආ‍පු කැරම්  බෝඩ් එකක් වටේට ඉදගන්නව දැක්ක . මාත් ඉතිං නොබොන වංසෙ නිසා ඒ පැත්තට පැද්දුවා ,

" හතර දෙනාම සෙට් වෙලා ගහමු කැරම් අතක් " එහෙම කිව්ව විතරයි මුං තුන් දෙනා මගේ දිහා බැළුවෙ හරියට සමාධිට ගහපු යකා දිහා බලනව වගේ .
" මොකද කියන්නෙ, මම ආවට අවුලක් නෑනෙ " 
" ඉද ගනිං... ඉදගනිං .... එහෙනං මායි පැට්ටයි උඹයි රජියයි "
ඔන්න ඉතිං ගේම පටං ගත්ත .  මම සුදු ඉත්තො වලට දානකොට මගේ පැත්තෙ හිටපු අනික ඔහේ ගහනව මට දැං මූත් එක්ක අම්බානට මල ඒ මදිවට මූ කණාවට වගේ වලට දාන ඔක්කොම ඉත්තො කළු එවුං , මල ඩබල් ..
" උඹ කව්ද බං ? " ටික වෙලාවකින් එකෙක්  ඇහුවා , දැං දීපංකො උත්තර විනාඩි 10විතර මම පැටිකිරිය කිව්වම උන්ට ‍තේරුනා මං කව්ද කියල .  
" මේක එපාවෙනව බං, මට නං දැං ඇති වගේ " ඇතියන්තං ම‍ට කියාගන්න බැරුව උන්නු දේ පැට්‍ට කියල දැම්ම .  
" මොකද කියන්නෙ යමුද ගබ්බිරියෙලාගෙ වත්ත පැත්තෙ "
" ගිහිං " 
" ඇයි යකෝ තොට මතක නැද්ද මම උඹට ඊයෙ පෙන්නුවෙ යසට ගෙඩි හැදිල තිබ්බ උගේ තැඹිලි ගහ , ගිහිං සුද්දයක් දාල එමු "
ගබ්බිරියෙලා ඇහැරුනොත් " 


" උඹට පිස්සුද බං , ඌ බීල බීල බුදි ඇති , මෙන්න මෙහෙ වරෙං යන්න,  දිනෙල්ක උඹත් එනවද ??"
අහලක පහලක සීය උත්තමය පේන්ට නෑ නේද ?? ම්....... නෑ නෑ..... පේන්ට නෑ , වැ‍ඩේ ‍ගොඩ 
" හරි යමං මාත් එනව " ඔන්න ඔහොමයි තොවිලෙට කලිං දා රෑ මං හොර පොල් කඩන්න යන්න සෙට් වුනේ.හොර වැඩක් කිව්වොත් මටත් ඊට වඩා දෙයක්නෑ .
" ඔය ඉන්නෙ කොල්ලො " රජීය හිනා වුනා .
" දුර යන්න ‍ඕනෙද ?? " 
" නෑ බං දිනෙල්කයෝ... හූවයි බල්ටියි........ " ගහ ගාවට යන්න දන්න නිසා පැට්ටා ඉස්සර වුනා .දැ ඔං කට්ටියම පේලියට යනවා හොර පොල් කඩන්න , පේලියට ගියේ වෙන මොනවත් නිසා නෙවෙයි අපේ ගෙදර ඉදං පාරට යනකං යන්න තියෙන්නෙ කුඹුරක් මැදින් ඇලවේල්ලක් දි‍ගේ ( කථාවෙ ඉතුරු ටිකටත් ඔනෙ වෙන නිසා ඔං මං ග්ලූගල් මාමිගෙං අපේ ගං පොඩ්ඩේ සිතියමක් ඉල්ලගත්ත, ඔය කමත ලගම පේන වහලෙ තමයි අපේ ගේ පොඩ්ඩ , පේනවනේ වටේටම කැලෑව : D )















පට්ට කළුවරයි කොහෙද තැඹිලිවල සිහිය මිසක් එකෙකුටවත් ටෝච් එකක් ගේන්න සිහියක් තිබ්බ එකක්යෑ.ගෙයක් ලගින් යනකොටනම් ටිකක් විතර පාර පේනව ලයිට් එලිය හින්ද අනික් තැන්වලදි නම් අලියෙක් ඇවිත් ඇගේ හැප්පුනත් පේන්නෙ නෑ .......... වෙලාවට අලි නෑ ,උඩරටනෙ !!!! .අන්දයෝ හතර දෙනෙක් වගේ ඇවිදලා විනාඩි 10කින් විතර හොරෙන් තැඹිලි කඩලා පිං රැස් කරගන්න නියමිත වෙලා තිබුන තැනට ආවා . 
" දැං කෑ නොගහ වරෙල්ල " පැට්ට බොහොම සීරුවට කිව්වා .ඉඩම වටේට ම කටුකම්බි ගහල තිබනත් අපි හතර දෙනාගේ මහා කැපවීම හමුවේ ඒවා ටුවයින් නූල් වගේ වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ .
සරමක් ඇදං හිටපු රජියට නං වැටෙං ඇතුලට එන්න කොමාන්ඩෝ ගේමක් දෙන්න වුනා . අන්තිමේදී කොහොම හරි සරමෙනුත් කෑල්ලක් නැති කරගෙන ඌ ඇතුලට ආවේ අපේ අත්පුඩි හඩ මැද්දෙන් කුණුහරප දෙක තුනකුත් කියාගෙන.
කියපු තැඹිලි ගහ තියෙන්නෙ ගබ්බිරියෙලාගේ කුස්සියට බොහොම ලගින් ඒ නිසා කරන මගුලක් සද්ද නැතැව කරන්ට ඔනේ. අපි හතරදෙනත් ගහට කිට්ටු කරල කොඩිය උස්සන්ට වගේ ව‍ටේට හිට ගත්ත . 
ගේ ඇතුලෙන් එන එලිය නිසා එතන නං ඒතරං අදුරක් තිබුනෙ නෑ .
" කව්ද නගින්නෙ ?" ඒ මං
" පැට්ටා උඹ නැගහං , පුරුදුකාරයනේ " 
" හොදා එහෙනං , ඔං නමෝ විත්............. ." 
ඌට වාක්‍ය සම්පූරන කරන්න ලැබුනේ නෑ අපි හිටපු තැනට වැටිච්ච එළිය එක පරෙටම වැඩි වුනා , ඔව් ඔව් ගබ්බිරියෙල් තමයි. මූ පිටිපස්දොරත් ඇරගෙන ආවෙ නැතෑ තෑ එළියට . පැට්ටා කිව්ව විදිහට ඌ බීල හිටියෙනෑ,,තනි කෙලිං , අපි හිතුවෙ කරටි කඩාගෙන මිනිහ බුදි ඇති කියල . ඉදුල් පිගානකුත් අරගෙන එලියට ආපු බුවා ,ඔළුවත් බිමට නමාගෙන අපි ගැන වගේ වගක් නැතිව ඒක හෝදන්න ගත්ත ,දැං හොරු හතර දෙනා  ගහවටේට තිබ්බ ගල් පිළිම වගේ, ඔන්න ඒ මාරකේත් පැන්න පිගාන කාරිය හෝදපු උන්දෑ වටපිට නොබලාම ගෙට රිංග ගත්ත, අපේ වෙලාවට මිනිහ තැඹිලි ගහ පැත්ත බැලුවෙ නෑ , බැළුවනං එහෙම හතර වරං දෙවිවරු තමංගේ තැඹිලි ගහ වටේට ඉන්නව බලාගන්න තිබුන , එක දෙයියෙක්ගෙ සරමත් ඉරිලා . 
හොද හුස්මක් එහෙම අරං පැට්ට ආපහු ගහ‍ට අත තිබ්බ විතරයි තවත් ගිණිවිජ්ජුම්බරයක් . ගබ්බිරියෙල් ගොයිය මුළු ගෙදරම ලයිට් නිවපි , දැං මොකද කොරන්නෙ හද එළියවත් නෑ අහස වළාකුළු වලින් වැහිල, අතේ දුරින් තිබ්බ  තැඹිලිගහත් පේන්නෙ යාන්තමට .  පැට්ට දෙවනි පාරටත් ගහට නගින එක නැවත්තුවා.


" දැං මොකද බං කොරන්නෙ  මේ පට්ට කළුවරේ!,කඩල දාන තැඹිලි අහුලන්න වෙන්නෙ හෙට උදේ තමයි " ලාල් හිනාවෙනව .
" අපි ගොහිං කියමුද ලයිට් එක දාන්න කියල "  රැව්ල ගිණිඅරං ඉන්න අස්සෙ මූ එනව සුරුට්ටු පත්තු කරන්න.
මෙච්චර දුර ඇවිල්ල හිස් අතිං යන්න නං මට මොකක් ද වගේ !!!!!! ඔන්න ඔය  වෙලාවෙ තමයි මගේ ඔළුවට අයිඩියා කෑල්ලක් ආවෙ !!!!!!!!


" හරි !! මේ මට කියහං උඹල තුන්දෙනාටම ගස් බඩගාන්ට පුළුවංද ? "
" අපි දෙන්නට පුළුවං ඒත් රජිය‍ට බෑ බං , ඇයි මක් කොරන්ටද ? "
" අව්ලක් නෑ ඌ බිම හිටපුවාවේ මේ වැඩේට එකෙක් බිමත් ඉන්න ඕනේ " මං එහෙම කිව්වේ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරං වලල්ලක් හදනගමං.
" මොකක් ද ‍කරන්ට යන්නෙ කියහංකො!!!! "
" මෙහෙමයි !!! පැට්ට උඹ පුරුදුකාරයනේ ඒනිසා මුලින්ම උඹ නගිනව , ගහ මුදුනටම නැගහං ,ඊට පස්සෙ ලාල් උඹ !!! අරූ මුදුනෙ ඉද්දි ,උඹ ගහේ භාගෙකට වඩා ටිකක් නැගල නැවතියං , ඊළගට මමත් ගහේ භාගෙකට අඩු දුරක් නගිනවා , රජී උඹ ගහේ මුල ඉදහං "
" ඊටපස්සෙ " 
" පැට්ට ගෙඩිය ගෙඩිය ගානේ කඩල ලාල්ට ගෙනත් දෙනව ඌ මට ගෙනත් දෙනව  මම උඹට ගෙනත් දෙනව උඹ ඒව එකතු කරල තියාගන්නව , වැඩේ ගොඩ " 
" අඩේ එක එලනේ , ඔන්න මං පටං ගත්ත " 
ඕං ඉතිං විනාඩි 5ක් යන්නත් කළිං අපි  ‍ගහේ පෙල ගැහිල හිටිය , පළවෙනි තැඹිලි ගෙඩිය මගේ අතට ආවා හැබැයි ඔන්න ඔය වෙනකොට මට දෙයක් තේරිලයි තිබුනේ මොකද්ද දන්නවැයි, බැහැ බැහැ නගින්න අමාරුයි කියන එක.මම තැඹිලි ගෙඩියත් අතේ තියාගෙන පහල බැළුවා කළුවර නිසා පහල ඉන්න රජියගේ කමිසේ කෑල්ලක් විතරයි පේන්නෙ.
" රජියෝ!!!!!!!!!" මම ගහේ ඉදං කෙදිරුවේ ගබ්බිරියෙල් ගොයිය ඇහැරුනොත් වැඩ වණ වෙන හින්ද 
" ඇයි බං ! " 
" උඹ‍ට මාව පේනවද ? "
" ලාවට "
" ඒ ඇති , වරෙංකෝ ගහ යටට "
" හරි ආව "
" මං තැඹිලි ගෙඩිය අත ඇරියොත් උඹට පුළුවංද  අල්ලන්න  ?? " 
මේ වෙනකොට දෙවන් ගෙඩිය අරං ලාල් ඇවිත් හිටියේ
" පුළුවං, පුළුවං  දාපං "
" එල !!!! ඔන්න අල්ලගං"
'චොක් ' ඌ ඒක අල්ලා ගන්නව  ඇහුන ඒත් එක්කම ඌ ලාවට කෙදිරිගානවත්  ඇහුනා මම ඉතිං ඒක එච්චර ගනං ගත්තෙ නෑ !
" මෙන්න දෙවනි එක අල්ල ගනිං " 
මාර වැඩේ ඌ ඒක අල්ලන කොට ඇහුන සද්දෙ වෙනස්  නේ ඇයිඒ , ඒ මදිවට ගෙඩිය බිමදිගේ පෙරලිලා යනවත් ඇහුනා.
" අල්ලා ගනිං මෝඩයෝ රෝල් වෙන්න දෙන්න එපා " මම පහල බැලුව .
හැ....... ඉස්සල්ලා උරහිස් දෙක විතරක් පෙනිච්චි කමිසේ මෙන්න දැං බිම එලල තියෙනව . ඒක නං ඒතරං සුභ ලකුනක් නෙවෙයි . ඕනෙ දෙයක් කායල මම ‍‍ගාහං බිමට දෙක්කුවා  , මේකට මොනව වෙලාද දන්නෑනේ !!!!!
මෙන්න මේක ගහ මුල බුදි .
'  නැගිටපිය මීමින්න උඹට මොකද වෙලා තියෙන්නේ ' එහෙම කියන්න හිතාගෙන බිමට බැස්සට මොකද ඌ දැක්කහම මගේ කටේ කෙල හිදිල ගියා. මේකා ලේ පෙරාගෙන බිම දොයි . ගබ්බිරියෙල් ගොයිය  ඇවිත් මේකට නින්ජා ගේමක් වත් දුන්නද !!!!!! 
" ලාලෝ, පැට්ටේ  බිමට බැහපං මෙන්න මූට මොනාද වෙලා " මම ටිකක් හයියෙන්ම කථා කලා.
තුන්දෙනාම එකතුවෙලා රජියව ඉන්දවලා ගහ මුලට හේත්තු කලා මගේ ලේන්සුවෙන් ‍මුනෙ තිබ්බ ලේ පිහදාලා තුවාල වෙලා තිබ්බ නහයට තියල තද කළා .හොද සිහිය තිබුනට මොකද මූට තවම කථාකරගන්න තරං පණ නෑ , තියෙන හීතල මදිවටද මන්ද  පැට්ටා කොහෙන්දෝ හබරල‍ කොලයක් හොයාගෙන රජියට පවන් ගහන්න ගත්ත .මිනිහගේ කටට පණ එන්න විනාඩි දහයක් විතර පවන් ගහන්න වුනා .
" ආච්චිගේ රෙද්දටද යකේ තෝ අර තඩි තැඹිලි ගෙඩිය මගේ මූණට අතෑරියේ "  
හැ......" 
" ඔව් මෝඩයෝ  තෝ ඒක අතෑරියේ මගේ මූණට "
" අම්මට සිරි !!!!! එහෙනං උඔ ලොකුවට කි‍ව්වෙ පේනව පේනව  දාපංය  කියල "අනිත් උන් දෙන්න දාගෙන හිනාවෙනව. 
" ඔව් ඔව් තොපි හිනා වෙයව් !!!! ඔක්කොමත් හරි ,වේදනාව  නිසා බිමට ඇලවුනා විතරයි මේක දෙවනි ගෙඩිය අතඇරියෙ නැතෑ යටිබඩට, කිලෝපහක පඩියක් අඩි 10විතර උඩ ඉදං @$$ය උඩට වැටුනහම කොහොමද කියල හිතපංකො " ආහ් ...... ඒක තමයි මුගේ දත කට පූට්ටු වෙලා තිබිල තියෙන්නෙ !!! 
 කට්ටි‍යගේ හිනාව අළුත් උණා‍ , හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි මෙච්චර වෙලා නිවිල තිබ්බ පිළිකන්නෙ 
බල්බ් එකත් දාගෙන  ගබ්බිරියෙල් ගොයිය  එලියට බහිනකං විතරයි . මෙච්චර වෙලා අමාරුවෙං බිම බුදියං හිටිය එකා, ඔව් රජිය තමයි මුලින්ම දුවන්න ගත්තෙ . ඊට පස්සෙ තමයි අපේ කකුල් වලටත් පණ ආවේ . අපි දුවනව ගබ්බිරියෙලා එලවනව , නිකං නොවයි යකා ගහපු සමාධිටත් වඩා හයියෙන් කෑගගහ . අනිව ඩෙපා තව ටිකකින් ගමේ උන් මෙතනට එනව මුටත් යකා ගහලද බලන්න . අපි වැට මායිමට ‍එනකොට මුලිං ඇවිත් හිටපු රජියා වැටට යටිං රිංගන්න පටං අරන් තිබ්බට මොකද ආයෙමත් සැරයක් සරම වැටට හරස් වෙලා තිබුනා . වැටේ උ‍ස අඩි 3 1/2 විතර ඇති අරූට බැරි උනාට මොකද මම වැටට උඩින් පැන්න, ඒත් ලෑන්ඩ් කරද්දි වෙච්චි අවුලක් නිසා මම මූන බිමට හිටින විදිහට තමයි වැටුනේ !! අප්පේ ඒ පස් වල රස . 
 ගබ්බිරියෙල් ගොයිය වැට මායිමේ ඉදං කෑගහන අතරෙ අපි ඇලවේල්ල මැදක් හරිය වෙනකන්ම දිව්ව . එතන ඉදං අපි හතිඅරින්න ගත්ත . අපිට කලින් දිව්වට මොකද රජිය හිටියේ අපි හති ඇරපු තැනට අඩි 20ක් විතර එහායින් අපිට පිටිපස්සෙන් පදුරක් ලග. සරම හින්ද ඌ අපිට පහුවෙලා  . 
" රජියෝ වරෙං වරෙං ඔය හතිඇරිය මදෑ සමාධිලා ගෙදර යමං "
" මට බෑ බං මං ‍.......... " 
" ඇයි බං බැරි ................... හෙට එළි වෙනකන් එහෙ ඉන්නව කියලානේ ආවෙ "
" මං මෙහෙම එහෙට ආවොත් හොදට තියෙයි "
" ඒ මොකද ? " 
ඒ මොකද !!!!!!! යකෝ මගේ සරම තවම අරූගේ වැටේ "...................................






(කොටස් දෙකකින් ඉවර කරන්න හිතුවට මොකද එහෙම බෑ වගේ !!!!!!!!!!! හැබැයි තුන්වෙනි කොටසෙන් නම් අනිවා ‍ඉවර කරනවාමයි !!!!!!! ) 




 




.
 

Sample text

Sample Text

Sample Text