Social Icons

හොයමු බලමු

Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Sunday, January 17, 2021

මරණය 01

 


''සර් මේ දැන් කෝල් එකක් ආවා වජිරාරාම පාරෙ ‍අඵතින් පදිංචියට ආපු කට්ටියක් ඉන්න ගෙදරකින් පුදුම විදිහේ කුණු ගඳක් එනවා කියලා. දවස් දෙකක් විතර තිස්සේ දොරවල් ජනෙල් වහලලු . කවුරුත් ඉන්න බවක්පේන්නෙත් නෑලු ,අද දවල් ඉදන් ගඳ ඉවසන්න බැරි තරම් වැඩී කියලා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා කියන්නේ.''


මහ පාන්දර පටන් අරන්  පැය දොලහක විතර ඩියුටිය ඉවර වෙන්න තව පැය දෙකක් විතරක් ඉතුරු වෙලා තියෙනකොට පුරුද්දක විදිහට රාජකාරී කාලය දික් කරන්න දෙවියෝ එවන මේ වගේ ‍දුරකථන ඇමතුම් සතියට හතර පාරක් විතර එන එක දැන් ජිවිතේම කොටසක් වෙලා . Thanks God 


''වෙන කවුරුත් නැති වෙයිද ජයසිරි, හෙන බඩගින්නේ ඉන්නේ , දවල්ට කන්න වෙලාවක් ආවේ නෑනේ හරියට ''


''අනිත් මහත්තුරු සේරම ඕ‍‍ෆ් එක දාලා සර් , ට්‍රැ‍ෆික් සරුයි , සරුයි විතරයි ඉතුරු හෙට ඉරිදා නිසා කට්ටිය වෙලාවටම ඕෆ් වෙලා .''


"OIC මහත්තයාට කිව්වද?"


"ඔව් සර් එනවා කිව්ව‍ා යන්න , කුරුප්පු සර්ටත් ලෑස්ති වෙන්න කිව්වා යන්න.” ජීවිතේ එහෙමයි , බැදපු නැති උන්ට කෲරයි.


 "හරි මම ටක්ගාලා තේ එකක් බිලා එන්නම් එහෙනම් සර් ලෑස්ති වෙලා එන්න කලින්"


***********************************************************************



මම දන්නේ නෑ මේක කිව්වට ඔයාලා විශ්වාස කරයිද කියලා . මට දැන් අවුරුදු විසි 28ක් වෙනවා. මේ අවුරුදු විසි අටෙන් වැඩිම කාලයක් මම හිටියේ කූ‍ඩුවක් ඇතුලේ . ඔව් යකඩ දැල් ගහපු යකඩින්ම හදපු කූඩුවක් ඇතුලේ . බිමට ලෑලි අතුරලා තිබුනා . ඒ ලෑල්ලට යටිනුත් ති‍යෙන්නේ යකඩ දැලම තමයි. පියන් දෙකේ දොරට ‍ලොකු ඉබ්බෙක් දාලා තිබුනා. ඉස්කෝලේ ගියපු කාලේ හැරුනාම එයාලා මාව මේ කූඩුවෙන් එලියට ගත්තෙම නැති තරම්. කාලය යන එක ගැන මට මහ ලොකු හැගිමක් තිබුනේ නෑ. දැන් දවල්ද රැ ද කියලාදැනගෙන හිටියෙත් නෑ . තනිකාමරයක් ඇතුලේ සේරම දොරවල් ජනෙල් වහලා ලයිට් එලියෙන් විතරක් කාලයක් ඉන්නකොට ඒ වගේ කාලය ගැන හැගිමක් නැති වෙන එකඅමුතුදෙයක්‍ නෙවෙයි‍නේ.


මට කූඩුවෙන් වත් ගෙදරින් වත් එලියට එන්න අම්මා කවදාවත් ඉඩ දුන්නේ නෑ. මගේ පෙනුම නිසාද දන්නේ නෑ.  අන්තිමට කන්නාඩියෙන් මූණ බලකොට වයසට වඩා ටිකක් වැඩිමල් පෙනුමක් තිබුනට එහෙම ලොකුවට ප්‍රශ්ණයක් මට තේරුනේ නෑ. 


කූඩුව ඇතුලේ පොඩි ඉඩට දැන් මම පුරුදුවෙලා වුනත් දුක හිතෙන එක නතර කරගන්න බෑනේ. එහෙම අමාරුම වුන දවසක මම අඩනවා. එහෙම වුනාම මම දන්න විදිහට අම්මා මාව නලවන්න ඕනේ වුනත් කවදාවත් එහෙම දෙයක් වුනේ නෑ. ඉස්කෝලෙ ඉවර වුනාට පස්සේ තාත්තා මට ගහන එකත් සික‍රට් කොට වලින් මාව පුච්චන එකත් දවසේ එක අංගයක් වූනාත. දකුණු අත සම්පූරණයෙන්ම පිරිලා තියන්නේ පිච්චුන තුවාල වලින් . උඹ අපේ පවුලට ආපු සාපයක් , පර බල්ලා කිය කිය තාත්තා මට බෙල්ට් වලනි ගහනකොට අම්මා කලේ ඒ දේවල් දිහා බලාගෙන හිටපු එක විතරයි. මම එයාලට කිසිම වරදක් නොකර මට මේ විදිහට සලකන්නේ ඇයි.


***********************************************************************


සීන් විසිට් එකට OIC ත් මුලින් යනවා කියන්නේ මේක ටිකක් ලොකු කේස් එකක් වෙන්න ඕනේ. ලොකුද පොඩිද අදාල නෑ රාජකාරි දිනයක ඔබ අවිවාහක ආදුනික නිලධාරියෙක් නම් ඒ කේස් එකට අනිවාර්්‍යයෙන් යන්න ඕනේ. කලිනුත් කිව්වේ , තනිකඩයින්ට මේකේ ජීවිතේ අමාරුයි.


කැන්ටින් එකක් නොතිබුන නිසා පොලිසිය ඉස්සරහා තිබුන තේ කඩේ අපි හැමෝම කැන්ටිමක් කරගෙන තිබුනා . මහ ලොකු වෙලාවක් තිබුනේත් නැති වුනත් දවල්ට කාලානැති ඇරියස් එක අල්ලනත් එක්ක බිත්තර ආප්ප දෙකකුයි ප්ලේන ආප්ප ‍තුනක් එක්ක , මගේ ස්පෙශල් ටී එකෙන් කොප්ප‍ දෙකකුත් විනාඩි 10ක් වගේ ඇතුත හිස් කර ගන්න පුලුවන් වුනා. ඕෆ් වෙන්න පොඩි වෙලාවක් තියාගෙන ආපහු යන්න වුන රාජකාරිය ගැන හිතේ එකතු වෙලා තිබුන කළු වලාකුටික බඩගින්න නිවුනට පස්සේ ටිකෙන් ටික අඩු වෙන් පටන් ගත්තා . බඩ පිරුනට පස්සේ හිත එකලස් කරගන්න ලේසි වෙනවා කියන කථාව ඇත්තක් වෙන්න ඇති. බන අහන්න එන බඩගිනිකාරයෙක්ට මුලින්ම ඒ ගින්න නිවාගන්න උදව් කරන්න කියලා බුදු හාමුදුරුවෝ කියන්න ඇත්තෙත් මේ නිසා වෙන්න ඇති. 


තව විනාඩි 10කදී මමත් ස්ථානාධිපති තුමාත් , තවත් පොලිස් නිලධාරින් පස් දෙනෙකුත් , අලූතින් පොලිසියට ලැබුන scopion ජිප් එකේ වෙල් යායාක් මැදින් රත්නපුර කඳු පැත්තට බලාගේන යන ගමන් හිටියා. පාර හොදට තිබුනත් , පොලිස් ඒරියා එකේ කොනක තිබුන ගමක් නිසා සිද්දිය වුනු තැනට යන්න අපිට තව විනාඩි 15ක් විතර ගතවේවි.


"අපරාදේ‍ සර් ආවේ. මට ගිහිල්ලා බලන්න පුලුවන් කම තිබුනා" මම එහෙම කිව්වේ වාහානේ ඇතුලේතිබුන නිහඩ බව බිදින්න හිතාගෙන. පුද්ගලික ජීවිතේත් පරික්ෂක ශේනියේ නිළ්‍ධාරීන් විතරක් ඉන්න තැනකත් හැරුනාම අපේ ස්ථානාධිපති තුමා තරමක නිහඩ චරිතයක් . 


''සිද්ධිය මොකද්ද කියලා හරියටම දන්නේ නැතත් කෝල් එකේ විදිහට වෙලා තියන දේ  අපිට අනුමාන කරන්න පුලුවන්නේ කුරුප්පු . ළඟදි පදිංචියට ආපු පිරිසක් ඉන්න ගෙදරක් , දවස් කීපයකින් කවුරුත් දැකලා නෑ , දැන් ගේ පැත්තෙන් තද ගඳක් එනවා. ඒ ඇතුලේ කවුරු හරි මැරිලා කියලාහිතන එක රොකට් සයනස් නෙවෙයිනේ. මේ සිද්ධියට මට කොහොමත් යන්න වෙනවානේ . ඉතිං මුලින්ම ගිහිල්ලා සින් එක විසිට් කරන එක වැඩිය හොදයි.''


''මම ඒ පැත්තේ ඉන්න අපේ ඥාති කෙනෙක්ට කෝල් එකක් දිලා බැලුවා . ඒ ගෙදර කීප දෙනෙක් හිටියලු සර් , බොහෝ වෙලාවට මර්ඩර් එකක් වෙන්න ඇති. පිටිපස්සේ සිට් එකේ හිටපු සැරයන් තුමත් කට ඇරියා. කුරුප්පු සර්ට අද ඔන්න ඉගනගන්න දේවල් නම් ගොඩක් තියේවී. මේවගේ කරන පලවෙනි කේස් එකනේ.''

 

මමත් ස්ථානාධිපති තුමත් දෙන්නම ඔළුව වැනුවේ එකම වෙලාවෙ. 


***********************************************************************


ඉස්කෝලෙ යන කාලෙ නම් පොඩි නිදහසක් තිබුනා උදේ පහට විතර කූඩුව ඇරුනා . හොදපු නිල ඇඳුම් හම්බ වුනාට ඒවා කවදාවත් මැදලා තිබුනෙ නෑ . ඒවා මදින්න මට එහෙම උවමනාවක්වත් තේරුමක්වත් තිබුනේත් නෑ. දෙක වසරේ ඉදන් හැමදාම ඉස්කෝලෙට ගියේ තනියම . මාව එක්කගෙන යන්න උවමාවක් තිබුනේ නෑ. කෑම හම්බවුනා සමහර දවසට. නැති දවසට කැන්ටිම ගාව ඉදලා එක එකාගෙන්  කැල්ල කෑල්ල ඉල්ලා ගත්තා. 


දවල් කෑමට දෙයක් බොරැල්ල උපවංශෙන් හොරකම් කරන්න පුලුවන් වුන දවස් වලදීහවසට මම ගෙදර ගියේ නෑ. කූඩුව අප්පිරියයි. එහෙම දවසට හවස් වෙනකල් බොරැල්ල පුරාම ඇවිදලා රෑ වේගෙන එනකොට ඉස්කෝල වත්තට ආයෙම පනිනවා. චිත්‍ර කාමරේ  නිදාගන්න කියාපුතැන. සීතලත්නැති  රස්නෙත්නැති අමුතු වටපිටාවක් තිබනා . දෙපාරක් විතර එතන නිදාගෙනඉදලා උදේ අහුවුනාට මම තැනනම් වෙනස්කලේ නෑ.


පන්තිවල උන් හේතුවක් නැතුව මට ගැහුවා. උන්ගෙ අතේ පයේ හිරි ඇරගන්න ගත්ත‍ෙ මාව. විකුම් ලගට වරෙන් කියලා අහේතුකව මාව වැටෙනකල් ගහනවා. ගුටි කාලා ගුලිවෙනවා හැරෙන්න ආපහු උන්ට ගහන්න විදිහක් මට තේරුනේ නෑ. 


එකොලහ වසරේ හිටියත් මට කිසිම අකුරු හතර පහක වචනයක් කියවාගන්න බෑ. ඒවා‍ පොත පුරාම එහෙ මෙහෙ දුවනවා පේනවා.ගානක් හදන්න බෑ. ඉලක්කම් කියවන් බෑ, චිත්‍රයක් අදිනකොට පාට එහා මෙහා වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ……..  ඉංග්‍රීසි ???? ඒ මොනවද….


***********************************************************************


අතර මගදි තැන් දෙකකි විතර අහලා හරියටම සිද්ධියට  වෙලා තියනවා කියන නිවස ලගට එනකොට වෙලාව හවස පහ හමාර විතර වෙලා. වටින් ගොඩින් කලුවර වැටිගෙන එන වෙලාව. කොහොමත් කඳුකර පැතිවලට අනිත් පැති වලට කලින් කලුවර වැටෙන එක සාමාන්‍ය දෙයක්.  ගේ‍ට්ටුවක් හෝ වැටක් නොතිබුන ඉඩමට ජීප් එක කෙලින්ම ඇතුල් කරලා ගේ ඉස්සරහම නතර කලා .


තරමක් හොදින් නඩත්තු කරපු බවක් පෙනෙන්න තියන පර්චස් 15 ක විතර ඉඩමක් ගිනිකොන දිග පැත්තට මුහුණදාලා හදපු තනි තට්ටුවේ ගෙදරක්. ඉඩමත් එක්ක සලකලා බලනකොට ගෙදර නම් තරමක අපුල ගතියකටයි පෙනෙන්න තිබුනේ . වත්තේ කොනකට වෙන් කොට තාප්පයක් බැඳලා තිබුනු බොලොක්ක ලිඳ නම් ටිකක් අමුතුයි. මේ පලාත්වල අඩි පහක් කපනකොට වතුර තියනවානේ ඉතිං එහෙම ගොඩක් ගැඹුරට කපපු ලිං දකින්න ටිකක් අමාරුයි. වත්තේ කොන් දෙකක් සරුවට හැදිලා තිබුන‍ රඹුටන් ගස් දෙකකි දවස් කීපයක් තිස්සේ වැටුන කොල රොඩු  එකතු වෙලා තිබුන නිසා තරමක අපිලිවල ගතියකුත් නොතිබුනාම නෙවෙයි. 


හැම දේයකටම වඩා විශේෂ ඒ පලාතම වැහිලා තිබුන ඉවසාගන්න බැරි කුණු ගද , කොල් කරලා තොරතුර දීපු මිනිස්සු සාදාරණයි. එහෙම ගඳක් උ‍හුලගෙන ඉන්න එක ලේසි නෑ . 

වාහනෙන් බැහැපු ගමන් හැම කෙනෙකුගේම අත් නහය ගාවට ආවේ නිරායාසයෙන්මයි. ගෙදර කවුරුත් ඉන්න බවක් පේන්න තිබුනේ නෑ .  පාලු මූසල ගතියකින් වට පිටාව වැහිලා තිබුනේ . ගේ ඉස්සරහා දොරට තට්ටු කලාට අරින්න කවුරුත් නැති බව දැන දැනම වුනත් සිරිතක් විදිහට අපි එහෙම කලා . කිසිම ජනේලයක් ඇරලා තිබුනේ නැතත් . ලෑලි ගහලා වහලා දාලා තිබුන එක ජනේලයක් අනිත් ඒවාට වඩා විශේයෙන් පෙනුනා . සමහර විට කාමරේ ඒ සී කරලා ඇති . එත් එහෙම මැශින් එකක් ඇති බවට වෙන සාක්ෂියක් පේන්න තිබුනේ නෑ. 


ගේ ඇතුලට යන්න ඕනේ කියලා අපි තීරණය කලා. ඉස්සරහා දොර ලොක් කරලා තිබුනේ නෑ . අගුල කරකවපු ගමන් නිකන්ම දොර ඇරිලා ගියා . එත් එක්කම ඇතුලේන් ආපු ගඳ ඉවසාගත්තු විදිහ මට අදටත් ගැටලුවක් . ටික වෙලාවකට කලින් කාපු ආප්ප ආපහු කට ඇතුලටම එන්න ගියේ තත්පර දෙක තුනයි . මට විතරක් නෙවෙයි තවත් කීප දෙනෙකුට එහෙමයි කියලා මම දැක්කට පස්සේ තමයි හිතට ටිකක් හරි ගියේ. කිසිම විදුලි ආලෝකයක් දැල්විලා නෑ . අනිත් හැම ‍කෙනෙකුටම එලියෙන් ඉන්න කියලා මමත් ස්ථානාධිපති තුමත් විතරක් ගෙදරට ඇතුල් වුනා . තියන හැම අඩිමකටය නිල මැස්සෝ සීයක් විතර පෑගෙන්න ඇති. මුලු ගෙදරම බිම වැහිලා තිබුනේ නිල මැස්සන්ගෙන් . සාමාන්‍ය මැස්සෝ වගේ මොකක් හරි බාදකයක් තමන්ගේ පැත්තට එනකොට උන් අයින් වේන්නේ නෑ . ඉතිං කරන්න දෙයක් නෑ. 


සාලෙත් කාමර කීපයකුත් බැලුවට අපිට කිසිම දෙයක් හම්බ වුනේ නෑ . ඒ අතරෙ තමයි කහපාටින් පින්තාරු කරලා තිබුන පොඩි දොරක් තිබුන ගබඩා කාමරේ දොර මම ඇරලා බැලුවේ . අදුරට ඇහැ හුරුවෙලා තිබුන නිසා නෙවෙයි නම් ‍එ දේ මට දැක ගන්න වෙන එකක් නෑ . ඒ අඩි තුනේ තුනේ ගබඩා කාමරය ඇතුලෙන් ලඟදි බිත්තිය කඩලා හලා තිබුන පැති දොරක් තියනවා . ගබඩා කාමරේ දොර ඇරෙන්නේ කාමරෙ ඇතුල් පැත්තට ඒ දොර ඇරුනාම අළුත් දොර පේන්න‍ෙ නැති විදිහට වැහිලා යන්න තමයි හදලා තිබුනේ . 


'' සර් මෙතන හැංගිච්ච දොරක් තියනවා  කියන පරක්කුවට oic  මහත්තයා එතන. ''


Saturday, August 29, 2020

අළුත් කථාවක්

 



අතන මෙතන කොතන වුනත් හොදයි කියලා හිතෙන ගොඩක් තැන අතරෙ, අන්තියමේදි හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි, අපේ කියලා හිතෙන තැන. ගොඩක් ලොකු කාලයකට පස්සේ මං බ්ලොග් එකේ .ඒක සිද්ධ වෙන්නේ අර මම කලින් කියපු විදිහට ,  හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි තමන්ගේ කියලා දැනෙන තැන.

බ්ලොග් ලෝකෙට මං ආපු නැති පහුගිය අවුරුදු 03කට වැඩි කාලෙ ඇතුලෙදි මේක මොන මොන විදිහට වෙනස් වෙලාද කියලා කියන්න මම දන්නේ නෑ .ඉතින් ආයෙම බ්ලොග් එක පටන් ගන්නේ මම මුලින්ම බ්ලොග් එක ලියන්න පටන් ගත්තු විදිහටමයි.  ඒ මේක වෙන්නේ මොනවද කියන එක  ගැන මෙලෝකේ දෙයක් දන්නේ නැති එකෙක් විදිහට. 

හැමදාමත් ලියපු මගේම ‍‍වුන වෙනම ශෛලියක අයිතිකාරයෙක් වුන මට ආදරේ කරපු , මගේ ලියවිලි කියවපු ආදරනීය හිත් ටික  මේ වෙලාවේ ලෝකේ කොහේ හිටියත් අද දව‍සේ උඹලා හැමෝවම මතක් කර‍න්නේ කියාගන්න බැරි තරම් ආ‍දරේකින්. උඹලට ආයෙම මගේ පෝස්ට් කියවන්න විදිහක් නැතිවුනත්, බ්ලොග් කියන්නේ අවුට් ඩේට් වෙලා ගියපු කලාවක් කියලා මේ පැත්තේ නෑවිත් හිටයත් මං හැමදාම උඹලට ආදරෙයි. අද අලුත් හුස්මකින් ආයෙමත් පාරක් විලක්කුව දල්වන්න මට හිතෙන්නේ උඹලා නිසා. මේ බ්ලොග් ලියවිල්ලට පිං සිද්ද වෙන්න මේ මහ පොලොවේ පයගහලා ඉන්න මගේ විදිහටම හරියටම හරියන සෙට් එකක් මට හම්බවෙනවා . ලස්සනට හිතන විදිහ උං මට උගන්නනවා. 

මගේ තනිකමට කථා කරන්න කෙනෙක් නෑ හිතේ තියෙනදේවල් හිස් කරන්න විදිහක් නැති පීඩනේ පිට කරගන්න පටන් ගත්තු බ්ලොග් එකකින් අනිතිමේදි මගේ කථා අහන පිරිසක් මගේ ජීවිතේට එකතු කරනවා. උං අදටත් මගෙත් එක්ක ඉන්නවා.

එදා හිටපු ලස්සන චරිත අද බ්ලොග් ලෝකේ නෑ , හැබැයි මට විශ්වාසයි ඒ වගේම සමහර විට ඊටත් වඩා ලස්සන ජීවිත අද වෙනකොට මේ කලාවත් එක්ක එකතු වෙලා ඇති. උං එකක් මම ආයෙම ලියනවා .

ජීවිතේ ගෙවිලා ගිහිල්ලා කාලයත් එක්ක අපි හැමෝම හිතන පතන විදහ වෙනස් වෙලා , ලැබිලා තියන අද්දැකීම් එක්ක ජීවිත පරිකල්පනය ‍අලුත් වෙලා ඉතිං , කලින් වතාවට වඩා ලියන විදිහ වෙනස් වේවි. හැබැයි ලියන එකා උඹලා දැගනෙ හිටපු එකාම තමයි. ඒ වගේම කථා තමයි, වෙනසක් නෑ. විලක්කුවේ හැමදාම ලියවුනේ ඇත්ත කථා .

ආයෙමත් ලිය‍න්න පටන් ගන්නේ අන්තිම බ්ලොග් පෝස්ට් එකත් එක්ක නතරවුන තැන ඉදලා ගෙවිලා ගියපු ජීවිතේ අපි හැමෝටම රස විදින්න පුලුවන් අද්දැකීම්. අද ඉදන් අපි ආයෙම හිනාවෙමු , එකට අඬමු , එකට ආදරේ විදිමු.........


එන්න විලක්කුවට 

Wednesday, July 19, 2017

------බඩගින්න------



නුවර පාරේ ඉඳන් කිලෝමීටර දෙකක් ඇතුලට ගිහාම අන්ත දුශ්කරයි . ඉන්නේ එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු , බොහොම අව්‍යාජ ජීවිත මේ කරන රස්සාවට ආවේ නැත්තං මෙතනට අහිංසකයි කියන වචනෙත් දාන්න තිබුනා .
වෙන කොහොවත් නෙවෙයි මේ කෑගල්ල.

වැස්ස කාලෙට ගලන මහා වතුර පාරට සබරගමු කඳු පල්ලෙහාට හේදිලා යන නිසාවෙන්න ඇති ඒ ජීවිත වල තියන කර්කශක බව වත් පුරුද්දක් විදිහට විඳන දුකවත් අඩුම තරමේ සමන් දෙවියන්ට වත් ගානක් නැතිවෙලා.

මොන තරම් වැස්සත් රෑට කොයි තරම් සීතල වුනත් දවල්ට තියෙන රස්නෙ කොළඹට ගිණියමට දෙවනි වෙන්නේ නෑ . කුඩ ඉහලගෙන , වාහන ඇතුලේ ඒ සී එකට සම වැදිලා සනීපෙට යන අය ගැන පාරේ ගිනි කාගෙන දුම් බීගෙන වාහන වලට අත වනන අපිට ඊරිසියාවක් නැත්තෙමත් නෑ . වෙන මොනවත් නිසා නෙවෙයි ........... මේ දුක ඉවසන්න ටිකක් අමාරු නිසා . ඒත් ඉතිං කවුරුවත් බලෙන් ඇප්ලිකේශන් දාලා එන්න පුතේ කියලා රස්සාවට ගත්තෙ නැති නිසා කාටවත් දොසක් කියන්ත් බෑ . බැඳගත්ත නං පුතේ ගහපං බෙරේ .

ස්කූල් ටයිම් එකට එනකොට කෑගල්ල නත්තල් කාලෙට ටවුම ගෑස් පහ හන්දියට දෙවනි නෑ ..... වාහනයක් නැති අඟලක් හොයාගන්න හරි අමාරුයි . ඒ පැය තරං එපා වැඩ වැඩිවෙන පැයක් දවසේ වෙන වෙලාවක ඇතිවෙන්නේ නෑ . ඉතිං එතනින් පස්සේ අපි වුනත් පොඩි විවේකයක් නොගෙන බෑ . මැශින් නෙවෙයිනේ . 

කථාව සිද්ධ වෙන්නේ ඔන්න ඔය විවේක කාලෙදි . උසස් නිලධාරියා විදිහට මේක ලියන උන්දෑ වෙච්ච මම දෙයියනේ කියලා යටත් නිලධාරියත් එක්ක පොඩි විවේකයක් එක්ක තේ එකක් බොන්න කියලා හැමදාම පුරුදු තැන වුන දම්මික හෝටලේට ගොඩ වුනා . වෙනදා තරම් අව්වක් නොතිබුන තරමක වැහි අඳුරක් එක්ක අපි දෙන්න හෝටලේට ගියේ වෙනද යන පුරුද්ද නිසා වෙන් ඇති. 

නැති තැන කැ!@යෝ කියලා බැන්නාට ඉන්න තැන අපි තමයි දෙවිවරු, අප්පේ සැලකිලි , පුරුදු තැන නිසා අපේ අයටම වෙන් වෙලා වගේ තිබුන ටේබල් එකකුත් තියෙනවා .
පැයගාන්ක් හිට ගෙන ඉඳලා යාන්තමට ඉඳගත්තාම දැනෙන සනීපේ . ලිව්වට වත් කිව්වටවත් වැඩක් නෑ දෙයියෝ ඒක විඳලම බලන්න ඕනේ .
" සර් වෙනදා එකමද ? මේ මහත්තයව මොනවද !!! "

ඒ දමින්ද හෝටලේට මේ කොල්ලා ගියාම හැමදාම සර්විස් එක දෙන සාපිං මාමා . පුරුදු එක කිව්ව අමුතු අයිටම් එකක් නෙවෙයි .හෝටලේට ගියපු පලවෙනි දවසෙ මමම ගිහිල්ලා තේහඳන කොල්ලට කියලා මයිලෝ හැන්දක් , තලපු ඉගුරු කෑල්ලක් එක්ක පදමට වැඩිපුර සීනි කහට කිරිපිටි දාලා හදවගත්තු ස්පෙශල් ටී විලක්කුව එඩිශන් එක 
. 
" දෙන්නමට ඒකෙන් දෙකක් ගේන්න අංකල් ."
කඩේ ඇතුලට එනකොට තිබුන වැහි අඳුර වැස්සක් වෙලා . කෑගල්ල එහෙමයි .
ස්පෙශල් ටී දෙකයි . සාපිං අංකලයා කෑගහගෙන තේ යාරේ ගාවට ගියා.
කඩේ ස්පෙශල් ටී කථව පටන් ගත්තේ මං කෑගල්ලට ආවට පස්සේ ( මං හෙන පොර ) . එතකල් තිබුනේ ටී එකයි ස්ට්‍රෝන් ටී එකයි .
ස්කූල් ටයිම් එක ඉවර වුන ගමන්නිසා වෙන්න ඇති සැලකිය යුතු පිරිසක් කඩේ ඇතුලෙ හිටිය වුනත් සාමාන්‍ය තත්වෙට වඩා නීවිලා ගියපු ගතියකුත් නොතිබුනාම නෙවෙයි .

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

" සර් "

කඩේ ඇතුලේ දාලා තිබුන සින්දුවත් එක්ක වෙනම කල්පනාලෝකෙක හිටපු මාව ඇහැරෙව්වේ රාලහාමි . මුල් දවස් වලනං මගේ තාත්තටත් වඩා වයසක නිලධාරීන් මේ පෙරේදා ආපු මට සර් කිව්වාම හෙන අවුල් වගේ වුනාට දැං පුරුදුයි .

" මං හරිම ආසා සින්දුවක් , නන්දාමාලනී නොනගේ කට හඩට ගහන්න දැං ඉන්න කිසිම එකියකට බෑ ."

ඇත්ත ඒක හරි අමුතු පෞර්ශයක් තියෙන කටහඩක් ඒ ආයේ බිහි නෙවන ජාතියේ කටහඩක් ,මොන සින්දුව කිව්වත් සින්දුව මිනිස්සුන්ට සංවේදී කරවන්න පුලුවං කටහඩක් . 

අපේ ස්පෙශල් ටී දෙක මේසෙට ආවෙයි කඩේ දොර ලඟින් අවුරුදු තුනක විතර මල්පුංචි කෙලි පැටික්කියක් වඩාගත්තු බඩ දරු අම්මා කෙනෙක් ඇතුලට ආවෙයි එකම වෙලාවේ .
අනුන්ගේ දේවල් හොයන එක මගේ ගතිය නොවුනට මේ දෙන්න මොකද්දෝ හේතුවක් නිසා මගේ අවධානය දිනාගෙන තිබුනා . පුංචි කෙල්ලගේ තිබුන හුරතල් ගතියද !! තේරෙන්නේ නෑ . කොහොම හරි දෙන්නත් එක්ක ගියේ කඩේ කෑම රාක්ක ගාවට .
තාම ලන්ච් එක ඉවර නෑ ඒනිසා රාක්ක බත් ව්‍යන්ජන වලින් පිරිලා . කෙල්ලත් වඩාගෙන අර අම්මා හැම ව්‍යාන්ජනයක් දිහාම බලාගෙන ඉදලා අපි හිටපු ටේබල් එක ලගම තිබුන කැශියර් එක ලඟට ආවා . කෙල්ල අම්මගේ කොණ්ඩෙන් අදිනවා . මූනත් දෙහි ලෙල්ල වගේ ඇයිද මන්දා .

" මල්ලි .... "

" ම්ම්ම්ම්.... යකෝ කැශියර්ගේ ලොකු කම . පස්සේ අල්ලගන්නං.

" කෑම වල ගනං කොහොමද මල්ලි ... "

" විකන් නං 250 , බීෆ් තියෙනවා 275 , බිත්තර 150 , එලවලු තියෙනවා 140 ."

පොඩි කෙල්ල කැශියර් කොල්ලගෙ කැල්කියුලේටරේට කුරුමානං අල්ලනවා .
අර අම්ම කොල්ලගේ මූන දිහා ටිකක් බලං ඉඳලා ආපහු හැරිලා කඩේ දොර පැත්තට ගියේ අතේ හිටපු කෙල්ලගේ මූන යන්තම් අතගාලා කනට කරලා මොනවද කියන ගමන් . දොර ගාවන් එලියට යන්න ලැබුනේ නෑ පොඩි කෙල්ල අම්මගේ උරහිස අපාගෙන අඩනවා . සද්දයක් ඇහෙන්නේ නෑ ඒත කඳුලු බේරෙනවා .
පොඩි එකී මෙහෙම අඩන්න පුරුදුවුනේ කොයින්ද 

අම්මට මේක දැනුන නිසා වෙන්න ඇති . කෙල්ලගේ මූන දිහා ආයෙම බලලා ... ආපහු හැරිලා කඩේ ඇතුලට ආවා ..

" අපිට එලවලු කෑම එකක් දෙන්නකෝ මල්ලි .."
එහෙම කියාගෙන ගෑණු කෙනා වාඩි වුනේ අපේ ටේබල් එකට අල්ලපු එකේ ...
පොඩි එකීව පුටුව උඩ ඉන්දවපු අම්මා පර්ස් එක අරන් උකුල උඩ තියාගෙන කාටවත් නොපෙනෙන්න සල්ලි ගන්ං කරන්න ගත්තා .
මගේ පපුව පත්තු වෙන්නපුලුවං උපරිමේටම පත්තු වුනේ ඒ පර්ස් එක දැක්කාම රුපියල් පනහේ කොලේකුත් විස්සේ කොල දෙකකුත් ඇරුනාම තිබුනේ දහයේ කාසි කීපයක් විතරයි .

අම්මා බඩගින්නේ හිටපු කෙල්ලව අරන් කඩෙන් එලියට යන්න හැදුවේ කෑම කන්න අතේ සල්ලි නැති නිසාද . දැං මේ බඩ දරු අම්මයි පොඩි එකී දෙන්නම කන්නේ එක එලවලු කෑම එකද !!! තේ එක බීබී හිටපු රාලහාමිත් මගේ දිහා බැලුවේ වැඩේ තේරිලා වෙන්න ඕනේ .
මේසෙට බත් එක ආවා ....... දෙයියනේ පොඩි එකී කොච්චර බඩගින්නෙ ඉඳලද කියලා තේරුනේ බත් පිඟාන මේසෙට එනකොට කෙල්ල යන්තමට අම්මා දිහා බලලා අප්පුඩි ගහපු එකෙන් . 

පොඩි කෙල්ලට හොඳට කන්න පුලුවං . අම්මා කලේ බත් එක අන අන කෙල්ලට කවන ගමන් යන්තං එහෙන් මෙහෙන් කටක් දෙකක් කාපු එක . දෙයියනේ තව මාස ගානකිං දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද !!!!! 

අපේ ගෙවල් වල බඩ දරු කිව්වාම කෑම පිඟන බෙදන්නේ දෙන්න පුුලුවං උපරිමෙන් දෙන්නෙකුට හරියන්න . ඒත් මෙතන .....
යාත්නමට ඇස් දෙකට කඳුලු උනාගෙන එන අතරේ මම මේසෙන් නැගිටලා හෙමින් හීරුවේ අම්මයි දුවයි ලඟට කිට්ටු වුනා .

" මිස් , මම බාරයක් වෙලා තියෙනවා මේ මාසේ පඩියෙන් දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මොනව හරි අරන් දෙනවා කියලා .ඒත් ඉතිං හරිය තේරෙන්නේ නෑ මොනවද ගන්නෙ කියලා . මිස්ගේ අකමැත්තක් නැත්තං බාරේ ඔප්පු කරන්නත් තියෙන නිසා මං සල්ලි දෙන්න මොනවා හරි ඕනේ කරන දෙයක් ගන්න පුලුවන්ද ? "

අම්මා මගේ දිහා බලාගෙන හිටියෙ . මොනවා කරන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ....... අන්තිමට ඇස්ප දෙකත්ද තෙමාගෙන යන්තම් පද දෙකක් ගැට ගහගන්න පුලුවං වුනා .

" සර්ට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඔනේ ....''

පොඩි එකීට මොනවා තේරෙනවා කියලද . ඒකි කලේ ලොකු ඇස් දෙක තවත් ලොකු කරගෙන බලාගෙන හිටපු එක
පඩි ලැබෙන්න තව දවස් 10 යි . මගේ වොලට් එකේ තිබුන අන්තිම රුපියල් 5000හේ කොලේ ගෑනු කෙනාගෙ අතේ තියලා . ඩියුටි ඕෆ් වේන්න හිතාගෙන පාරට ආවා ......
යාන්තමට ගහන පොදෙත් එක්ක හමන හුලඟ නිසා නටන කොන්ඩෙ වැහෙන්න කැප් එක දාගෙන හිරිකඩ පාරදිගේම ඇවිදගෙන යන මට ආයම මතක් වුනේ නන්දාමාලනීගේ සින්දුවේ පදු පේලි දෙකක් ...........

ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
( විලක්කුව ලියවෙන්නෙ සෑහෙන කාලෙකින් . දන්නෝ දනිති , නොදන්න කට්ටිය ඉන්න නිසා මේක කියන්න වෙනවා . විලක්කුවේ ප්‍රභන්ධ නෑ, අත්දැකීම් විතරයි ...... බොහොම ස්තූති )

Sunday, March 1, 2015

පලමු පෙම් පත





" අම්මේහ් කො මං යනකොට මේ මේසෙ උඩ තියලා ගියපු පෙට්ටි  ටික"

                            මාස ගානකට පස්සෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා වගේ මාරම සැහැල්ලුවකින් හිත පුරවගෙන , මාස හයකට විතර පස්සෙ ගෙදර ඇවිල්ලා ගෙවෙන දෙවනි දවසේ පොත් මේසෙ මාව ඇදලා වගේ ලඟට ගත්තෙ ගියෙ කාලෙකට කලින් ගෙවපු ජීවිතේ මතකයත් එක්ක ටික වෙලාවක් හරි ජීවත් වෙන්න තිබුන ආසාව වෙන්න හරියටම දැනගෙන හිටපු ගානට.

" නංගි ගෙන් තමයි අහන්න වෙන්නෙ , එයා අපිට ඕක අල්ලන්න වත් දුන්නෙ නෑ ඔයා ගියාට පස්සෙ .... අයියගෙ එව්වා අදින්න එපාකිය කියා  හරවලා යවනවා ...... කොටින්ම ඕකෙ දූවිලි ගසන එක කලෙත් ඒයා " 
                           අම්මපා අපේ නංගි මැට්ටි ,,........ මැටි වුනත් සම්පතක්නේ ..........ඒත් එතනිං එහාට සිතුවිලි දාමය අරගෙන යන්න අපේ අම්මා ඉඩ තිබ්බෙ නෑ ...

" අපිට අදින්න නොදුන්නට එයා නං ඔතනමයි වැඩ "

මොකාකාකාකා.............. ර්ර්ර්ර් ....... සම්පතක් වුනත් මැටිනෙ යකෝ ! ඒකියන්නෙ මෙච්චර කල් ලියපු සේරම ඩයරි පුරවලා තිබුන පෙට්ටියේ අතුරුදහන් වීමටත් වග කියන්න ඕනෙ මේ ඉටි ගෙම්බි තමයි. ඒක අතුරු දහන් වෙලා කියන්නේ  ඉතිං මගේ පටිවට් එකත් ඒ ගෙම්බි ගාවම තමයි කියන එක .

ඔන්න ඉතිං මේ වෙලාවට තමයි අපරාදෙ ඔය පිස්සු විකාර මගුල් ලිව්වෙ අපරාදේ කියලා හිතෙන්නෙ..

මෙච්චර වෙලා ගෙදර ආපු ප්‍රීතිය නිසා අර සඳරු කියන්නා වගේ ඔකඳ වෙලා හිටපු මම දැං ටිකකට කලින් අහපු ආරංචිය නිසා දන්ඩෙන් පහර ලත් නාගයෙක් වගේ වුනා ...... අඅඅඅඅ ...... ඔය කිව්වට එහෙමම වුනෙ නෑ , අමුතු වචනයක් දැමුමට ඇත්තටම වුනේ මගේ ප්‍රයිවට් දේවල් මගෙම ගෙම්බි ඇදලා ඇති කියලා හිතිලා  පොඩ්ඩක්  මල පැනපු එක විතරයි .

" නංගීගීගීගීගීගීගී .................... "

 සලාං...... ඒ කුස්සියේ හිටපු අම්මගෙ අතින් තාත්තට තේ හදලා දෙන කෝප්පෙ වැටිලා කැඩෙන සදදේ. අල්ලපු ගෙදර ඇන්ටි හැඳිගගා හිටපු හොද්දට දාන්න මිරිකපු පොල්කිරි භාජනෙත් උස්සගෙනම දුවං ඇවිත් .
තත්පර විස්සක් යන්න කලින් උදේ වැඩට ගියා කියලා මං හිතාගෙන හිටපු තාත්ත අම්මත් එක්කම මගේ ඉස්සරහා .

අම්මා - පිස්සුද චූටි පුතා ..........

මම -  O.o 

අම්මා තාත්ත දිහා බලාගෙන - කෑගැහුව විදිහ.......... මං හිතුවේ කරන්ට් එකවත් වැදිලා කියලා . බලන්නකෝ කරන වැඩ

මම - :/

ඒ වෙනකොටත් එතනට ආරාධනාවක් නැතුවම පාත් වෙලා හිටපු අල්ලපු ගෙදර ඇන්ටි - :3

( මම සරම පිටින් )

තාත්තා -  -_-

කොහෙන්දෝ ඔළුව සදාපු නංගි -  :D 

මම - :) :3 :/  හීමීටනේ කථා කලේ 

අම්මා - හොඳ හෙමීට :3
 ( සභාව විසිර යෑම ) 

සභාව එහෙම විසිර යන්න ගියාට ඒකේ හිටපු එක සාමාජිකවකට නිකංම යන්න ඉඩ අරින්නෙ මගේ හිත දුන්නෙ නෑ . හිත කියන දේ කරන්න කියලනේ හැම වෙලේම අපිට උගන්නවන්නෙ ඉතිං මාත් දෙපාරක් හිතන්නෙ නැතුව හිත කියන දේ කරන්න හිතාගෙන . 

සතුරු පාර්ශවය නියෝජනය කරලා දැං ටිකකට කලින් මට හෙන නෝන්ඩි හිනාවක්  දාපු නංගිගෙ කොන්ඩෙන් ඇදලා අල්ලාගෙන එහෙමම කෑ ගහද්දි පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා . 

ටේබල් ලෑම්ප් එක ඔන් කරලා මූණට ඇල්ලුවා .  ගැලවිලා පැනල යන්න ගත්තු උත්සහය ටොක්කක් අනිනවා කියලා කියපු ගමන් නැතිවෙලා ගියා .
දැන් ප්‍රශ්න කිරීම සඳහා සතුරා සූදානම් .

" තමුංගෙ නම මොකක්ද ? "

" මොකා ........"

" නම කියනවා ......."

" මොලේ නරක් වෙලාද කොහෙද ට්‍රේනිං එකේදි කොහෙ හරි ඔළුව වැදුනද ? "

ඉවරයි ප්‍රොෆෙශනල් විදිහට ප්‍රශ්න කරන්න ගත්තු උත්සාහය ඒ විදිහට ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ වෙලා යද්දි , මං සාමාන්‍ය විදිහට ප්‍රශ්න කිරන එක පටන් ගත්තා .

" කෝ මැට්ටි මගේ ඩයරි තිබ්බ පෙට්ටියයයයයය ............ ???? "  මං ආයෙම පාරක් නංගිගෙ කන ගාවට වෙලා කෑ ගැහුවා .

" අම්මේ .......... ඕකට කෑ ගහන්න ඕනැයැ . ඇහුව නං කියනව නේ ."
ම්ම්ම්............. ඒකෙත් ඇත්තක් තියෙනවා .

අන්න මගෙ රාක්කෙ යටම තට්ටුවෙ ඇති  ගන්න එකයි ඇත්තෙ . එහෙම කියන ගමන් ගෙම්බි පුටුවෙන් නැගිටලා ගියෙ ආදරේට මගෙ කනෙන් ඇදගෙන.

උදේ ඉදන් අයෙම පාරක් මගේම අතීතයට දුවගෙන යන්න තිබුන ආසාව නිසාම හොයපු පෙට්ටිය ඔන්න දැං මගේ මේසේ උඩ .

මොකද්දෝ හේතුවකට මං කියවන්න හිතාගත්තු 12 වසරේ ඉන්නකොට ලියපු ඩයරිය නැතුව මගේ අතට ආවේ 9 වසරේ , මං මුලින්ම ලියන්න පටන් ගත්තු එක . 

මුලින්ම ඩයරියක් ලියන්න හිත හදාගත්තු අවුරුද්ද ! ඒත් එහෙම පුරුද්දක් ඒ වෙනකල් තිබිලා තිබුනෙ නැති නිසා 9 වසරෙද මගේ අතින් ලියවුන ඩයරිය තැනින් තැන ලියවෙලා තිබුන අසම්පූරන එකක් වුනා .

අතිතයේ පිටු එකෙක් එක පෙරලෙද්දි ,
පොතේ මැද හරියෙ තිබුන වෙනදට වඩා ලස්සන මගෙ අකුරු වලින් ලියවුන කොලයක් මගේ අතට ආවා . පිටින් විතරක් බලලා අදුර ගන්න ටිකක් අමාරු වුන නිසා කොලේ තිබුන පලවෙනි දෙවෙනි පේලි ටික කියවන්න සිද්ද වුනා .......
මෙන්න තියෙනවා කොලේ තිබුන දේවල් ........
මුලු හිතම එක කොලේකට දාන්න අමාරුවෙන් වුනත් උත්සහ කරමින්,

හැමදාම උදේ පාන්දර මුලු හිතම කිතිකවාගෙන ඇස් දෙක ඉස්සරහ පිපිලා දිලිසෙන කානේශන් මලක් අතේ දුරින් තියෙනකොට ඒ දිහා නොබලා අහක බලාගෙන ඉන්නපුලුවන් ද !!
දන්නවද ! හැම කොල්ලෙකුගෙම හිතෙ ඒ වගේ කානේශන් මලක් ඉන්නවා , නැත්තං ඇඳිලා තියෙනවා .  මුලු හිතම මලටම ලියවිලා යනවා. ඒ මලට නටන්න , දඟලන්න , පෙරලෙන්න , දුවන්න , ඉඹින්න ඕනෙ තරමටත් වඩා ඉඩක් ඒ හිත ඇතුලෙ තියනවා .
මොන තරම් ඇහිරිලා තියෙන හිතක් ඇතුලෙ වුනත් මලට දෙන්න තියෙන ඉඩ ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා .

මගෙ සුදු මැණික දන්නවද !!!මගේ පුන්චි ලෝකේ ඒ ලොකු හිඩස ඉතුරු කරගෙන ඉන්නේ ඔයා වෙනුවෙන් කියලා, මගෙ හිතට පිපෙන්න පුලුවන් එකම කානේශන් මල ඔයා කියලා ........... අනේ !!! දන්නවා කියන්නකෝ .

එදා මතකද අපි මුලින්ම හම්බවුන හැටි ........ ඔයා ක්ලාස් එකට අලුතෙන් මුලින්ම ආපු දවසෙම මගේ බර්ත් ඩේ එක වෙලා මගේ අතින් පලවෙනි කෙක් කෑල්ලම ඔයාට කවපු හැටි . එදා එහෙන් මෙහෙන් හම්බවුන පොඩි පොඩි තෑගි වලට වඩා වටින දෙයක් ඔයා මට දීලා ගියා ..... ඒ වෙන මොකක්වත් නෙවෙයි ජීවත් වෙන්න බලාපොරොත්තුවක් .

අනිත් අය විහිලු කරද්දිත්  වෙන කවුරු කිව්වත් අනේ බෑ කියන ඔයා මං ඇහුවොත් විතරක් බත් කටක් කවන්නෙ!!!!
උගන්නන වෙලාවෙදිත් ඔලුව කැරකිලා ඔයාගෙ ගාවට ඇස් දෙක එනකොට එච්චර වෙලා මගෙ දිහා බලාගෙන ඉදලා ඉදලා ඔයා බිම බලාගන්නෙ.!!!!!!!
ලැබෙන හැම විවේකයකදිම මුල ඉදලා අන්තිම වෙනකල් අපි අපිත් එක්ක ඉන්නෙ !!!!!
එච්චර හිනා යන්නෙ නැති කථාවක් වුනත් මං කිව්වොත් කෑ ගහලා හිනාවෙන්නෙ .
විබාගෙට විශයකට දෙකකට ලකුනු අඩුවෙන් ලැබිලා මං දුකෙන් ඉන්නකොට ඔයා රෑ තිස්සෙ තාත්තගෙ ෆෝන් එක හොරෙන් ඇරන් කෝල් කලේ ............

මෙච්චර දේවලුත් කරලා ඔයා විහිලුවටවත් කියනව නං ඔයා දැනං හිටියෙ නෑ කියලා මගේ ලෝකේ වෙන කවුරුත් නෙවෙයි ඔයා කියාලා ......මට කියන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ .

ඊළඟ සතියට අපි දෙන්න හම්බ වෙලා අවුරුදු එක හමාරක් පිරෙනවා .... මේ මාසේ අන්තිමට අපි දෙන්නටම විභාගයක් ලියන්න වෙනවා . 
අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් විභාගෙන් පේල් වෙන්න වෙන්නනෙ නෑ ! ( මීටර් දෙකක් නේ )
අපි දෙන්නට හම්බ වෙන්න තියෙන්නෙ මේ මාසෙ විතරයි . 
මේ තරං ලොකු ආදරයක් හිත ඇතුලෙ තියාගෙන , මගේ මැනික දකින හැම වෙලාවකම , මතක් වෙන හැම වෙලාවකම හිත ඇතුලෙන් කිති කැවි කැවි දුක් විදින්න මට තවත් බෑ !!!
ඔයත් එක්ක ගෙවෙන හැම තප්පරයක්ම මට මොනතරම් වටිනවද කියලා ඔයා දන්නවා , මං දන්නවා ඔයාට ඒක දැනෙනවා . නෑ කියන්න එපා ඔයාටත් එහෙමම දැනෙනවා !!! දැනෙන්නෙ නැත්තං ඇයි ඔයා මාව දකින හැම වෙලාවකම , පුලුවන් හැම වෙලාවකම මගෙත් එක්කම කාලෙ ගතකරන්නෙ ?

ලොකු ලොකු වචන වලින් මේක කියන්න තරං මගේ වචන මාලාව දියුනු වෙලා නැතුව ඇති . ඒත් කොහොම කිව්වත් කියන්න වෙන්නෙ මේ ටික තමයි .

මං ඔයාට ආදරෙයි ,............ පොඩ්ඩක් නෙවෙයි ගොඩාරියක් . කියාගන්න බැරි තරම් .
මගේ රත්තරංට මේක කෙලින් කියන්න තරං හිතට හයියක් නැති නිසා නෙවෙයි මේ ලියුමක් දෙන්නෙ !!! ආදරෙයි කියන්න කලින් ඔයා වෙනුවෙන් කියන්න  තියෙන දේවල් ටික දැන ගන්න අරින්න පුලුවන් හොදම විදිහ මේ විදිහ නිසා . 
අවුරුදු එක හමාරක් බලාගෙන හිටියා ........ තවත් ඉන්න අමාරුයි . ඉක්මනට උත්තරයක් දෙනවා නේද සුදු මැණික !!!

ලියුම කියවන්න යන්න ඇත්තෙ විනාඩියකටත් වඩා අඩු කාලයක් වෙන්න ඇති . ඒත් අතීතයට ගියපු හිත අවුරුදු දෙකකට ලං වෙන්න හිතේ පුරවගෙන කරපු ඒ ආදරේ හැම අස්සකටම මුල්ලකටම ගිහිල්ලා .

උගුර ඇතුලෙ රත්කරපු යකඩ බම්බුවක් හිර කරලාවගේ , හුස්ම ගන්න බැරිවෙන තරං පපුව මිරිකගෙන ඉන්නවා වගේ දැනෙන අතරේ ඇස් ඉස්සරහ තිබුන ලියුම බොඳ වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ .

අතීතෙට ගිහිල්ලා අහුමුලු වලින් විනෝද වෙනන් හිතුවට එහෙම යන අතීතේ මේ වගේ අමතක කරලා දාලා තිබුන මුල්ලකට යන්න වෙයි කියලා නං හිතුවෙනෑ . 






ප.ලි - ඒ ලියුම මට කවදාවත් ඒ ගෑනු ලමයට දෙන්න වුනෙ නෑ . ලියුම දෙන්න හිතාගෙන ඒක සාක්කුවෙ දාගෙන ගියපු සෙනසුරාද දවසක ක්ලාස් එකට එන අතරේ 2007 අවුරුද්දෙ ටෙක්නිකල් හන්දියේදි දවල් 3 ට විතර වුන ඇක්ස්ඩන්ට් එකකින් මගේ මල .............සුදු ගවුම පිටින්ම යන්න ගියා .....................


ප.ප.ලි - කාලකන්නි ලියුම ......... කොහෙන් හරි සාපයක් වැදු වෙලාවක ලියපු එකක් වෙන්න ඇති . මගේ කෙල්ලව මරා ගත්තු ලියුම අවුරුදු ගානකට පස්සෙ කෙල්ල වෙනුවෙන් ආයෙම අඩන ගමන් පුච්චලා දැම්මා . 



Wednesday, April 9, 2014

ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01

                                  

  

                                          දවල් එකට විතර පිටකොටුවෙන් බස් එකට නගිනකොට කිසිම ඇදක් පළුද්දක් නැතුව හරි අපූරුවට තිබුන අහස , කඩුගන්නාව හරියට යනකොට කොහේ ගියාද කියලා හොයා ගන්න නෑ .වෙලාව උදේ නවට පහුවුනා විතරක් වුනත් ඒ වෙද්දි මුළු කඳුකරයම වෙලාගෙන තිබුන මහ මූසල වැහි අඳුරත් එක්ක ඒ බව හිතාගන් කාටවත්ම පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති .
                               මම අපේ ගමේදි විතරක් දැකලා තිබුන තරම් මහ පුදුමාකාර ඝණ මීදුමකින් මුලු කඩුගන්නාවම වැහිලා ගිහිල්ලා ගඩොල් කැට විතර ලොකු වැහි බින්දු වලින් මුලු පලාතම හේදිලායන්න තව වැඩි වෙලාවක් ගතවුනේ නෑ .කොහොමත් හෙමිහිට කන්ද නගින බස් එක අද තවත් හෙමීට ලොටන් ගත්තේ හෙඩ් ලයිට් ගහගෙන එන වාහනයක් වුනත් පේන්න පටන් ගන්නේ අඩි දෙකතුන් ලඟට ආවහම විතරක් වුන නිසයි .
           ගිණි රස්නෙට සති ගානක් පෑවිල්ල තිබුන කොළඹින් බස් එකට නගිනකොට මේ වගේ කාලගුණයක් බලාපොරොත්තු වෙලා තිබුනේ නෑ .ඉතිං මං මේ ගමනට කිසිම විදිහකින් කුඩයක් එකතු කරගත්තේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ . කූඩේ ........ මෙතනින් පස්සේ සිද්ද වෙන හැම තුප්පහි සිද්දියකටම මුල ඔය කියපු කරුම කුඩේ තමයි .
              කඩුගන්නාවෙදි කොටි බංකරේකට ශෙල් ගහන්නා වගේ පටන් ගත්තු වැස්ස නුවරම යනකල්ම කිසිම විදිහකින් අඩුවෙන්නේ නැතුව අපිත් එක්කම ආවේ  කාලෙකට පස්සේ හම්බවුන පෙම්වතියව අතඇරලා යන්න හිතක් නැති පෙම්වතෙක් වගේ .
                                                        වෙනද‍ා ස්ටෑන්ඩ් එකටම ගිහිල්ලා මිනිස්සුන්ව බස්සවන බස් එක අද නුවර ඔරලෝස් කණුව ගාවින් සේරම මිනිස්සුන්ව බස්සලා යන්න ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට . 
                                           වැස්ස නිසා මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තවත් ඉඩ නැති බස් හෝල්ට් , කඩකාමර දිහා මහ වැස්සේ තෙමීගෙන බලාගෙන හිටපු මගේ ගැන ඒ කිසිම කෙනෙකුට ගානක්වත් නෑ . ඒ ඇස් වල ලියවිලා තිබුනේ ‍ඕනේ අහක පලයං මෙතන නං ඉඩ නෑ කියන පණිවිඩය.
                          අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරි තරමට වැහැපු වැස්සේන් බේරෙන්න මට හෙවන දෙන්න අන්තිමට ඉදිරිපත්වුනේ පාර අයිනේ වහලා දාලා තිබුන ලොතරැයි කූඩුවක අඩි එකහමාරක වහලයක් . බෑග් එකකුත් බදාගෙන තෙමිච්ච කෑරලෙක් වගේ ඒක යටට වෙලා පාර දිහා බලාගෙන හිටපු මට තිබුනේ ' ඇයි යකෝ මං කුඩයක් ගෙනාවේ නැත්තේ කියන ' සිතුවිල්ලක් විතරයි .
                                               වෙලාව පහට ලඟයි ඉක්මනට ගම්පොල බස් එක අල්ලගන්න බැරිවුනොත් ගම්පොල ඉඳන් හවස හයයි හතලිස් පහට තියෙන නාවලපිටිය බස් එක මඟඇරෙනවා . ඒ කියන්නේ වැස්ස දවසට බලු බල්ලෙක් නැතිවෙන ගම්පොල ටවුමේ තට්ට තනියම වෙව්ල වෙව්ල රෑ නවයට තියෙන සී ටී බී එක එනකං ඉන්න වෙනවා .
                   අහස දිහා බලාගෙන ඔහොම හිත හිත ඉන්නකොට ,නුවර @#$% එකේ පන්ති ඇරිලා ‍, කීචි බීචිය දාගත්තු පාට පාට කුඩ ඉලහගත්තු සමණලියො ටිකක් ස්ටේශන් එක පැත්තේ ඉඳන් මං හිටපු පැත්තට එනන් පටන් ගත්තේත් , නිල් පාටට මුලු නුවර අහසම පාට කර‍ෙගෙන විදුලි කොටන්න පටන් ගත්තෙත් එකම වෙලාවට .
                    එක දිගටම වැටෙන වැහි බින්දු අතරෙ හිරි වැටිලා තිබුන ඇස් දෙක නිවා ගන්න ඊට වඩා හොද දර්ශනයක් තියෙනවාද . වෙන කරන්නදෙයකුත් නැති නිසා තාලෙකට නැලවි නැලවි , ලස්සනට අඩි තිය තිය ඇවිදන් එන උඩරට මැණිකෙලා දිහා බාලාගෙන එක එක්කනා ගැන ‍වෙන වෙනම අධ්‍යනය කලා.


 " චූටි අයියේ ...... දෙයියනේ නාලා නේද  !!!  මෙහෙ එනවා මැට්ටො කුඩේ යටට "
                                      ඒ රෑනෙන් , කු‍‍ඩේ අතරින් රිංගලා එන හිරිකඩ නිසා සීතලට ගුලි වෙලා , තද හුළගට දඟකරන අකීකරු දිග කොන්ඩෙ‍ පපුව හරහා වැටෙන විදිහට දාගෙන හිටපු කෙල්ලෙක් මගෙ ගාවට ඇවිල්ලා කථා කලේ ඒ විදිහට .
                                       සුදුපාට ඩෙනිම් සායකට දම්පාට ‍බෝල වැටුන බෝරිච්චි අත් තියන කහපාට බ්ලවුස් එකක් ඇඳගෙන හිනාවෙනකොට වම් කම්මුලේ පුන්චියට වලක් හැදෙන ඒ විසේකාර ප‍ොඩි එකීව මම කරප වෙන වෙනම අධ්‍යනයෙන් කොහොම මඟ ඇරුනද . මගේ විතරක් නෙවෙයි ඇස් තියෙන ඕනේ එකෙකුට ඒ ලස්සන වෙන්වෙලා පේනවා . එහෙම තියෙද්දිත් මට මඟ ඇරුනට කෙල්ල මාව මඟ ඇරිලා නෑ.
                                    ඒ වෙන ‍කවුරුත් නෙවෙයි , පොඩි කාලෙ ඉඳන් එකට කාපු බීපු , එක ඇඳුම මාරු කරගෙන ඇඳපු අචිනි නංගි .


" අනේ අම්මේ උදේ පාන්දර එල දෙනක් දැක්කා වගේ සතුටුයි අම්මපා . කොහෙද මෙහෙ මේ වෙලාවේ " හිතෙන් දෙයියන්ට පින් දෙන ගමන් මාත් කුඩේ යටට පැන්නේ එහෙම කියාගෙන.

" යනව යන්න , එලදෙනක්  එක්ක කුඩේ යටින් යන්න නං ඔයා හරකෙක් වෙන්න ඇති . වැඩිය සද්ද දැම්මොත් දානව කුඩෙන් එලියට " ඔය කිව්වට අපි යයි කුඩෙන් එලියට .


" හරි හරි , වැස්ස පායනකං සාම ගිවිසුමක් ගහමුකෝ......... ඇත්තටම නංගි මේ වෙලාවේ ඇයි තනියම බාප්පා අවේ නෑද්ද එක්ක යන්න ? "

" තාත්තා ගම්පොලට එනවා කිව්වා , අපි දැං ලොකුයිනේ තනියෙන් තමයි ගමන........ ඒක පැත්තකි තියමුකෝ , චූටි අයියා  ඇයි මේ වෙලාවේ නුවර ??? " කෙල්ල ඒ ප්‍රශ්නේ ඇහුවේ අමුතු විදිහකට හිනා වෙනගමන් . 

" @#$ එකේ ක්ලාස් ඉවර වෙනකන්ද ???"

" ඔවු ඔවු මං මේ කොළඹ ඉඳන් නුවර ආවේ @#$@ එකේ ක්ලාස් ඉවර වෙලා යන ගොඩේ කෙල්ලෝ දිහා බලන්න තමයි "

" එතකොට අපි ගොඩේ වෙන්න ඇති ? " ඒකනං කිව්වේ අඩන්නා වගේ ස්වරයකින් .

" නෑ නෑ "

" ඇත්තදදදද ?? "

" උඹ නිකම්ම ගොඩේ  නෙවෙයි ගොඩේ ‍එලදෙනක් "


" ඈඈඈ.......... පලයං යන්න , ගිහිං තෙමියං "  මාව අ‍ායෙමත් වැහි බින්දු අතරට විසිවෙලා ගියා . 

" මොකද්ද කිව්වේ , අයියට පලයං කියනවද ? " ආයෙමත් පාරක් කු‍ඩේ යටට රිංගගත්තු මං ඇහුවේ ටිකක් සැරෙන් වගේ .


" නැතුව .... අපි රිප්ලයි එක දෙන්නේ අපිට කථා කරන විදිහට තමයි.  " නියමයි , මේකිත් මං වගේම හැදිලා . 

" අයියේ ......පොඩ්ඩක් වැව රවුම පැත්තට ගිහිල්ලා ඇවිත් බස් එකට නගිමුද , ලස්සන කී ටැග් වගයක් දැක්කා එනගමන් එකක් ගන්න ඕනේ " කෙල්ලොත් එක්ක බඩු ගන්න යන එක ගැන අමුතුවෙන් ලියන්න ඕනේ නෑනේ. මොනවා කරන්නද කුඩේ තියෙන්න මේකි ගාවනේ .
                                      කථවෙන් , හිනාවෙන් දෙන්නත් එක්ක වැව රවුමටත් ආවා කියමුකෝ .

" වෙනදත් මෙහෙම වෙන්න ඇති නේද! ක්ලාස් ඉවර වෙලා රවුම් ගහනවා . අද කමක් නෑ ආයේ එපා තේරුනාද ....... බස් එක මඟ ඇරුනොත් ගෙරද යන්න රෑවෙනවනේ "

" අනේ නෑ , අද එමු කිව්වෙ අයියා ඉන්න නිසා , නැත්ත මං ඊළඟ සතියේ කලින් ඇවිලා ක්ලාස් පටන් ගන්න කලින් ගන්නේ "

" හ්ම් හ්ම් "
                වූල් වලින් , පබලු වලින් හැඩකරලා හදපු පුංචි පුංචි බෝනික්කොන්ගේ කීටැග් වගයක් දැකලා තමයි මේ ඇවිත් තියෙන්නේ . එ් ලෙවල් නෙවෙයි මොන රෙද්ද කලත් කෙල්ලො කැමති මේවටනේ කියන හැඟිමේන් බොහොම උපේක්ශාවෙන් මාත් බෝනික්කෝ තේරුවා . 
             ඒක කී ටැග් එකක් ගන්න ආපු ගැණු ළමයා නැවතුනේ අන්තිමට මගේ අතේ තිබුන තුන්සීයකට තවත් මොනවද කෑලි බෑලී වගයකුත් අරගෙන . අදෝමැයි !!!. 
                       අපි ආපහු හෝල්ට් එකට යන්න කඩෙන් එලියට බහිනකොට වෙලාව හවස හය විතර ඇති . වැස්ස පායලා තිබුනත් තාමත් පොද ගහන එක නැවතිලා තිබුනේ නැති නිසා  අපි තාමත් කුඩේ යට .
                               වැස්ස කියලා ගානක්වත් නැතුව වැව රවුමේ ඈතින් අපේ පැත්තට‍ෙ ඇවිදගෙන එන කොල්ලෝ රංචුවක් දැකපු අචිනි නංගිව ටිකක් ගැස්සිලා වගේ ගියා .

"ඇයි ??? " මම එහෙම ඇහුවේ කෙල්‍ලගේ වෙනස තේ‍රන නිසා.


" නෑ අයියේ , අර එන කට්ටියගෙන් එක කොල්ලෙක් ගෙන මහ වදේ අප්පා ..... "

" ඒ කිව්වේ ? "

" ඒකවත් තේරෙන්නේ නැද්ද !!! ඌම ඕනෙලු මගෙත් එක්ක යාළු වෙන්න . මට කැමතීලු !!!! " අචිනි එහෙම කිව්වේ ඈතින් එන කොල්ලෝ ටික දිහා බලලා ආයෙමත් පාරක් පේමන්ට් එක දිහා බලාගන්න ගමන් .

" අනේ මං කැමති නෑ අප්පා ........ ඒ කොල්ල මහ හොඳ නෑ ඉගනගන්නත් නෑ . මට එහෙම අය එපා . "

" ඇත්තටම කැමති නැද්ද ? නැත්තං දැම්ම කැමති වෙන්න කැමති නැද්ද ? " අයියා කෙනෙක් විදිහට නංගි ගේ ප්‍රශ්නයක් දිහා හැම පැත්තෙන්ම බලන්න ඕනේ කියන එක අද්දැකීමෙන්ම දන්න නිසයි මං එහෙම ඇහුවේ .

" කැමතිම නෑ .....  මං කියන්නද වැඩක් මෙහේ එනවකෝ තව ළඟට . අපි දෙන්න යමු උන් ඉස්සරහින් කපල් එක වගේ . එතකොට වත් පස්සෙන් එන එක නවතීනේ " හොඳ අදහසක් නොවන බව දැන දැනම මං ඒ අදහසට කැමති වුනේ ඇයි කියලා අද වෙනකනුත් හිතනවා .
                                 කෙල්ලට බැල්ම දාන්නේ කවුද කියලා අමුතුවෙන් කාගෙන්වත් අහන්න ඕනේ නෑ . අපි දෙන්නා කුඩේ යටින් එනවා දැකපු එකෙක්ගේ මූණ පුංචි වෙලා ගියපු විදිහට මට තේරුනා කවුද බුවා කියලා. මූණත් පොඩි කරගෙන අපිව පහු කරලා යයි කියලා හිතුවට ඇත්තටම සිද්ද වුනේ මම ‍සිද්ද වෙයි කියලා හිතපු ජාතියේ දෙයක් නෙවෙයි .
                   මලිගාව පේන මානේ තියලා ආපු වීරයෝ ටික අපිට යන්න බැරි වෙන්න පාරේ හරස් වුනා .

" තමුසේ කවුද ? " අචිනි දිහත් මගේ දිහත් මාරුවෙන් මාරුවට බලපු කොල්ලා ඇහුවා.

" සචින්ත , මෙතනින් යනවද අපිට වද නොදී " ඒ අචිනි .

" යන්න .....ඇයි අචිනි ඔයාට බැරි වුනේ මෙච්චර දවසක් මං පස්සෙන් එද්දි මෙහෙමයි මට කොල්ලෙක් ඉන්නවා කියන්න . මට වඩා මොනවද මුගෙ තියෙන්නේ . කවුද මේ ගොඩේ කැ@$$ "

" මුලින්ම හරියට කථා කරනවා ......... මේ මගේ කොල්ලා නෙවෙයි . අයියා "

" තමුසෙට කොහෙන්ද අයියලා ...... ඕයි !!!! අත අරිනවා මගෙ කෙල්ලගෙ අත " සචින්ත නම් වූ ඒ මහා වීරයා මගේ දිහාට අඩියකුත් තියලා එහෙම කිව්වා . 
             මේ වගේ වෙලාවලට මගේ මූණට හෙන කුප්ප හිනාවක් එනවා . මං හිතන්නේ ‍ඒ වෙලාවෙත් ඒ හිනාව එන්න ඇති .

" හිනා වෙන්නේ ඇයි හු @$$ අත ඇරපං ..... " සෙට් එකේ තවත් එකෙක් එලිබැස්සා .මේ ඉන්නේ මං පොඩි කාලේ වඩා‍ගෙන හුරතල් කරපු කෙල්ල ඒකි අත අතඅරින්න කියන්න මේ හිපාටුවා කවුද !

                              මෙච්චර වෙලා ‍අල්ලගෙන හිටපු කෙල්ලගෙ අත අත ඇරපු මං නංගිගේ ඉන වටේට අත දාලා අල්ලගෙන  වීරයා දිහා බැලුවේ උගේ මූණ නියමෙටම හැඟීම් ප්‍රකාශනය වෙන මූණක් නිසා .

" හිතාගෙන හිටියට බං මේ කෙල්ල උඹේ නෙවෙයි . ඒ නිසා දැං චාටර් වුනා ඇතිනේ . වද නොදී පලයං " ප්‍රශ්නේ ගොඩින් බේරගන්න ඕනේ නිසා මං හැදුවේ එහෙම කියලා කෙල්ලවත් අරන් හෝල්ට් එක පැත්තට යන්න .




          ඒ්වුනාට ප්‍රශ්නේ එහෙම විසඳුනේ නෑ ! අපි අනිත් පැත්ත හැරුනා විතරයි . මගේ ‍ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තු වීරයා . මගේ මූණට කෙලලා ඇරියේ තියන ෆුල් ගටම දාලා  . හදිස්සියේ වැදුන බලාපොරොත්තු නොවුන පාර නිසා කැරකිලා විසිවුන මං නැවතුනේ වළාකුළු බැම්මේ වැදිලා . 

" අනේ අයියේ !!!! " මුළු නුවරටම ඇහෙන්න හයියෙන් කෑගහපු අචිනි මගේ ගාවට දුවගෙන ඇවිත් බදාගෙන හිටියේ කිසිම එකෙකුට දෙවනි පාරක් ගහන්න බැරිවෙන විදිහට . තත්පර දෙක තුනක් ඇතුලෙද ඇස්වලින් ගලාගෙන ආපු කඳුලු ගඟක් මැද්දේ ගිලිලා හිටපු නංගි පැටියා ගැන මට ඇත්තටම දුක හිතුනා .

                                            ලබ්බෙ වැස්ස , මේක නිසා තමයි මේ සේරම. ඇ‍ඟේ එල්ලිලා හිටපු නංගිව බොහොම අමාරුවෙන් පැත්තකට කරපු මම අයෙමත් වීරයින්ගේ ගැන්සියේ ප්‍රහාරයකට මැදි වුනා . වෙනසකට තිබුනේ මේ පාර මම එහෙම එකක් බලා පොරොත්තු වෙලා හිටපු එක විතරයි .  
                  මොන වීරයා වුනත් දහ පාලොස් දෙනෙක් වට ‍වුනාම දෙමල ෆිල්ම් එකක් නෙවෙයි නං ගුටි කෑම අනිවාර්්‍යයි . ඒත් අවුරුදු 8ක් තිස්සේ ආත්ම ආරක්ශාවට ගුටි කෙලි ඉගනගත්ත එකේ පවර් එකෙන් .
දෙතුන් දෙනෙක්ටම නැගිටින්න බැරිවෙන පාරවල් දෙක තුනකින් සංග්‍රහ කරන්න මට පුලුවන් වුනා . වෙලාවට කොහෙන්දෝ අහුල ගත්තු කොඩි කනුවකට පින් සිද්ද වෙන්න වට වෙලා හිටපු දෙතුන් දෙනෙකුගෙ දනිස් පොල් කටු තිබුන තැන හොයාගන්න බැරි වෙන්න කෙලලා ඇරියා.  දෙන්නා තුන්දෙනා  වැටේද්දි උන්ගෙ සෙට් එකෙන් ආපු පීඩනේ සෑහෙන් අඩුවුනා.
                                    විනාඩි ‍තුනකට විතර පස්සේ ඇ‍ඟෙ ඉතුරු වෙලා තිබුන සම්පූර්ණ හයිය දාලා සචින්තගේ බෙල්ලට ඇදලා ඇරපු කික් එක නිසා ගේම් එක සම්පූරණයෙන්ම වෙනස් වුනා . දෙනෝ දාහක් මැද්දේ , නංගි ඉස්සරහ , නුවර ටවුමේ තනි එකෙකුට නෙලන්න එකතු වුන විසි දෙනාම වෙනුවෙන් එකතු වුන කේන්තිය නිසා නොවෙන්න ඒ කික් එක සාම‍ාන්‍යයනේ අපි ටූනමන්ට් එකකදි වත් පාවිච්චි කරන එකක් නෙවෙයි.
               ඒ පාරත් එක්ක  තත්පර දෙකක් විතර ඇස් ලොකු වෙලා හිටපු වීරයා පාර මැද්දේ පතබෑවුනේ කෙහෙලේ කඳක් වගේ .........................

            



                                       
ලාස්ට් මෑන් ස්ටෑන්ඩින්  නොහොත් ඔපරේශන් බෝගම්බර - 02 සමඟන් ලඟදීම හමුවෙමු 
                            

Friday, October 18, 2013

කැරැල්ලක් 02 ( ඔපරේශන් වයිප් අවුට් නොහොත් අවසන් සටන )

පලවෙනි කොටස



"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....

"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර  ටීචර් , චමිලා මිස්  පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා....

                   දෙවනි පාරටත් අත උස්සන්න හදපු කොම්පීතර සර්ගේ රැස් ඩිංගක් විතර අඩුවෙලා යනවා වගේ පෙනුනේ චමිලා මිස්ගේ මැදිහත්වීමත් එක්කයි .

 මොකද කොමිපියුටර් මහත්තයෝ ඔය කොල්ලව මරන්න හදන්නේ ?

බලන්න චමිලා මිස් මේ ළමයා වයසේ හැටියට නෙවෙයි වැඩ , දෙයක් කිව්වහම  පිලිගන්නේ නැතුව එකට එක කියවන්න එනවා .....

නිකං බොරු කියන්න එපා සර් , කොහෙදෝ ඉදන් මේක මැද්දට ඇවිල්ලා මං ගත්තු  තීරණ වෙනස් කරන්න හදන්නේ ඇයි .... චමිලා මිස් දිනෙල්ක මල්ලි කියවපු එකට එකක් නෑ 

ආහ් , ඒ පාර තමුසෙත් පටන් ගත්තද ? එහෙම කියපු කොම්පියුටර් සර් නිවාස නායකයා දිහවටත් මරුමුස් බැල්මට් එකක් දැම්මා .

මට පේන්නෙත් කොම්පියුටර් මහත්තයා තමන්ට අයිති නැති දේකට මැදිහත් වෙලා නිකං බොරුවට ළමයි එක්ක ප්‍රශ්න හදාගන්න වගේ හදන්නේ . කරුණා කරලා ඔබතුමා  අර ඒසී කාමරේ ඇතුලට ගිහිං ගේම් එකක් ගහගෙන පාඩුවේ ඉන්න . චමිලා මිස් එතැනින් ගියේ ඒ විදිහට කියාගෙන .
                                                 විනාඩි දෙක තුනක් යනකං එතනටම වෙලා දත්මිටි කාපු කොම්පියුටර් මහත්තයා අපි දිහා බලන්නෙවත් නැතුව ලැබ් එක දිහාට ඇවිදගෙන යන්න ගියේ අපේ කොල්ලෝන්ගේ හූ සද්දෙ මැද්දෙන්. 
                                       වීරයෝ වගේ හූ කිව්වට මොකද තිබුන අවුල දැන් දෙක තුන වෙලා තමයි එලියට බහින්නේ කියලා අපිට තේරුනේ ඈතින් පුශ්පකුමාර සෑර් උත්තමයා වේවැලත් අරන් එද්දී . හූ කියන එක තවත්තලා එකා දෙන්නා හෙමින් සීරුවේ පතෝල මැහි අස්සෙන් නොපෙනී යන්න  ගත්තා .
                                    හැමෝටම පුදුම  හිතුනේ තෝරගැනීම් තිබුන ඉතුරු දවස් කීපය කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගිය නිසා . ඒත් මාහා කුණාටුවකට කලින් ගුප්ත නිහැඩියාවක් තියෙනවා කියන කථාව ඇත්තක් . තෝරා ගැනීම් තරඟ ඉවරවුන පලවෙනි දවසෙ උදේ පාන්දරම දහය වසර සෙක්ශන් එකටම පිට්ටනියට එන්න කියලා පුශ්පකුමාර සර් එවලා තිබුන පණිවිඩයත් එක්කයි . මොනව උනත් විදුහල්පති ‍කෙනෙක්ගේ අණට පිටින් යන්න හිතුවේ නැති අපි කියපු පරක්කුවෙන් පිට්ටනියේ . පාවට්ටා ගස් දෙකක් අතර හැදිලා තිබුන මහ අඹ ගහ යට රැස්වෙලා හිටපු අපේ පැත්තට ආපු පුශ්පකුමාර සර් බොහොම දරුණු විදිහට අපේ දිහා බැලුවා.

තොපි කාලකන්නි හැත්ත , උඹලා නේද අර අළුත් කොම්පියුටර් සර්ට හූ කිව්වේ !!!!! වේවැල් තුනක් විතර එකට තියලා හදාගත්තු පොල්ලක් වගේ එකකින් අහුවෙච්ච පලවෙනි එකාගේ උරපත්ත පැලෙන්න තරං හයියෙන් ගහපු පුශ්පේ ඉස්කෝලෙම දෙදරන තරං හයියෙන්ඇහුවා . 
ගුටි කාපු එකා උරහිස අතගගා කොල්ලන්ගේ මැද්දට එන අතරෙ තවත් දෙතුන් දෙනෙකුටම ඒ පොලු පාරටත් වඩා සැරට දෙන්න අළුත් සර් අමතක කලේ නෑ .

හැදියව් තොපි කාලකන්නි හැත්ත පිට්ටනිය මැද්දේ පෝලිමක් ....... දණ ගහපිය අව්වේ ....

                                   මුළු දහය වසරම ගිණිකාස්ටක අව්වේ දණ ගස්සපු අළුත් සර් කොණක ඉඳන් පටන් අරන් හැම එකාගෙම පිට මැද්දට දෙක ගානේ අර  පොලු කෑල්ලලෙන් ගහන්න පටන් ගත්තා .

නැගිට්ටනේ නෑ තොපි එකෙක්වත් අද ඉස්කෝලෙ ඇරෙනකං හිටපියව් ඔහොම .......

                                           ඔය වෙලාවෙ තමයි කිසිම කෙනෙක් විශ්වාස නොකරන විදිහේ වැඩක් සිද්ද වුනේ , ඒ ලෙවල් පන්ති වල හිටපු සේරම කොල්ලොයි එකොලහ වසරේ සෙක්ශන් එකෙන් භාගයකුයි අනාරාධිතවම ඇවිත්  කට්ට අව්වේ අපිත් එක්කම දණ ගහගෙන ඉන්න ගත්තේ .අළුත් සර්ගේ කට ඇරිලා දිව එලියට ඇවිත් ....

මේ මොකද වෙන්නේ , තමුසෙලාට කවුද එන්න කිව්වේ ....... පලයව් යන්න 

නොකරපු වැරද්දකට දහය වසරේ කොල්ලොටික දඬුවම් විඳිනවා , අපි ආවේ උන් එක්ක ඒක බෙදාගන්න , අපිටත් දැන් දඬුවම් විදින්න දෙන්න සර් , මොකද ඉස්සරහට අපේ අතින් වැරද්දක් වෙන්න තියෙනවා . ඒ වෙනුවෙන් තමයි මේ අවේ ............. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායකයා වගේම මට කලින් විවාධ කන්ඩායමේ නායකයා වෙච්ච විජිත අයියා එහෙම කිව්වේ දනිස් දෙකේ දූවිලි ගෑවෙන එක නවත්තන්න බිම එලපු කොල කෑල්ලක් උඩ දණ ගහන ගමන් .
                                          කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරිවුන ලොකු සර් තමන්ගේ කාර්්‍යාලය පැත්තට ගියේ උගන්වන්න ළමයි නැතිවුන පන්ති වලින් එලියට බැහැලා පිට්ටනිය දිහා බලාගෙන ඉන්න ගුරුවරු දිහා එක පාරක් විතරක් හැරිලා බලලයි .

පිස්සුනේ විජිත අයියේ , උඹලා මොන රෙද්දටද ආවේ ? රන්දිකයා කථා පටන් ගත්තා .

මේක මෙහෙම කරන්න බෑනේ බං , අපිට නං මූව එපා වෙලා තියෙන්නේ . දැං බලපං අපේ ඉස්කෝලේ කෝටිපතියන්ගේ ළමයි නෑනේ බං ....... එහෙම වෙලා තියෙද්දි . මේ හුත්** පුතා හැම සතියෙම මොකක් හරි ලබ්බක් කියලා පන්තිවලින් සල්ලි එකතු කරනවා ............... ඒ ලෙවල් පන්තිවල හිටපු ගුරුවරු මාරුවීම් හදාගෙන ගිහිං , මූ එක්ක ඉන්න බෑ කියලා .....  අපිට උගන්වන්න ගුරුවරු නෑ ........ මං නං  කියන්නේ අපි කොහෙම හරි මූව එලවමු . විජිත අයියා තමන්ගේ අදහස එලියට දැම්මේ ඒලෙවල් පන්තියේ තමන්ගේ යාළුවෝ දිහා බලන ගමන් . 
උන් සේරම හිටියේ එකම අරමුනකින් කියන එක ඒ වෙලාවේ මූණු වලින් බේරිලා ආපු හැඟීම් වලින් අපි සේරටම පැහැදිලි වුනා . එත් මූව එලවන්නේ කොහොමද ?

අපෙන් කඩා ගන්නවා විතරක් නෙවෙයි බං , මූ හැමදාම හවසට බෝතලයක් ගෙනත් සික්කත් එක්ක කඩාගෙන බොනවා ....

සික්කත් එක්ක !!!!

ඔවු බං .......... මහ පොන්***** , බොන්න එකෙක් නැත්තං තනියෙං බීපං . අනික ඉස්කෝල ඇතුලට ඕවා ගේන්න තහනං නේද බං ....... අපි මූ බොන වෙලාවක් බලලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් එක්කං එමුද ? ඒ අයිඩියාව ලොම්බගෙන්

ඒ විතරක් මදි , මෙහෙම වැඩ වලට අපි විරුද්ධයි කියලා පෙන්වන්න අද කලිං ඉස්කෝලෙං එලියට යමු බං ......... ඒ ලෙවල් පන්තියෙන්ම තවත් යෝජනාවක්.

                                       ලොම්බා දීපු ඒ අයිඩියාවත් එක්ක පිනා එලවන්න ඕනේ කියන ඒත් කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර නැත්තෙම නෑ කියලා තේරුනා . අළුත් සර් ගැන ඔත්තුව අමාත්‍යංශෙට දීලා ගේම ක්ලෝස් කරන වැඩේ විජිත අයියා බාරගත්තා . කුමන්ත්‍රනේ එතනින් ඉවර කරලා , ඉස්කෝලෙ ඇරෙනකං දණ ගහං ඉන්න හිටපු අපි සේරම නැගිටලා පන්තිවලට ඇවිත් පොත් මළු කරේ දාගෙන රොත්ත පිටින්ම ඉස්කෝලෙන් පිට වෙලා ගියා . සික්කාට උනත් ඒ තරං සේනවක් එක්ක හැප්පෙන්න බැරි නිසා පැත්තකට වෙලා බලාගෙන හිටියා .

මං නං කියන්නේ ඒ මදි බං ....... ඊළඟ දවසේ උදෙන්ම පන්තියට ආපු ඩප්පියත් අළුත් සර්ගේ ගැන කථාවට පැටලුනා 

උඹ මොනවද කියන්නේ එහෙනං ....

හේතුවක් නැතුව අපිව මෙහෙම අව්වේ දනගස්සපු එකට රිටන් එක දෙන්න ඕනෙ .....

ඉතිං දැං වැඩේ ප්ලෑන්නේ බං ....

එහෙම නෙවෙයි බං !!! රිදෙන්න දෙන්න ඕනේ......අපි මේ කරන වැඩෙන් යන්නේ පිනා විතරයිනේ , ඌත් එක්ක එකගෙයි කන අනිත් හු**ලා ට මොනවත් වෙන්නේ නෑනෙ බං 

මොනවද කරමු කියන්නේ ? 

අපි මිනිහගේ කාමරේට කෙලවමු , ලොකු සද්දයක් එන විදිහට ......... කට කොනකින් හිනාවෙන ගමන් ඩප්පියා කිව්ව ඒ කථාව ඇතුලෙ හැංගුන මොකද්දෝ දරුණු සැලස්මක් තියෙනවා කියලා 10A පන්තියේ හිටපු අපි හැමෝටම තේරුනා .

වරෙල්ලාකෝ කියන්න .......... අපි සේරම ඩප්පියාව වට කරගත්තා .

*********************************************************************************************

                                          ඩප්පියාගේ ප්ලෑන් එක බොහොම අවදානම් වුනත් පුශ්පකුමාර උත්තමයට ඇඟට දැනෙන්නේ මෙහෙම එකක් කලොත් තමයි කියන මතයට අපි හැමෝම ආවේ , ඒක ජන්දයෙන් ඒ සැලසුම අනුමත කරගෙන . ප්ලෑන් එක අහපු වෙලාවෙ ඉඳක්  හැම එකාම පුදුම කික් එකකින්. කික් එක වැඩි කමටම අපි මේ කරන්න යන වැඩේට නමකුත් දැම්මා ....... ඔපරේශන් වයිප් අවුට්

                            සම්පූරණ සැලස්ම කොටස් තුනකින් ක්‍රියාත්මක වෙනවා .......... අන්තිම කොටස බොහොම භයානකයි වගේම , ඉස්කෝලෙ නමටත් හරි නැති වෙන්න පුලුවන් . එත් අළුත් සර්ව යවන එක ඉක්මන් කරන්න නං මේ වැඩේ කරන්නම වෙනවා .

සීය සීය ගනිල්ලා ....... මේ අන්තිම පාර , ආයේ උඹලාගෙන් අර පල්ලෙහා කාමරේ සුදු ඇඳන් ඉන්න කලවැද්දා සල්ලි ගන්නේ නැති වෙන්න නං මේ ඉල්ලන ගාන අද දීපල්ලා ..... සීයක් නැත්තං තියෙන කීය කීය හරි කමක් නෑ .....
                         ඉන්ටර්වල් එක වෙලාවේ අපේ දෙතුන් දෙනෙක් හැම 10 වසරේ පන්තියකටම ගිහිල්ලා අපේ ගරිල්ලා සැලසුම පැහැදිලි කරලා සල්ලි ඉල්ලුවේ ඒ විදිහට .
                             අපේ උන් මිශන් ඉම්පොසිබල් ජාතියේ ගේම් වලට බොක්කෙන්ම බහින්න ඕනේම වෙලාවක රෙඩි වෙලා ඉන්න නිසා අළුතෙන් ගෙනාපු ඔපරේශන් වයිප් අවුට් ප්ලෑන් එකත් එක්ක බ්‍රයිටගේ ඉඳන් පාංකඩයා දක්වා ඉන්න හැම එකාම එකතුවුනා . 
                         සීය ගානේ නෙවෙයි තියෙන උන් දෙතුන් සීය ගානේ සම්මාදමට දායක වුනා. අන්තිමට පන්ති හතරකින් රුපියල් දොලොස්දාස් ගානක් එකතුවුනා .

ඔපරේශන් වයිප් අවුට් , පළවෙනි කොටස යෙදිලා තිබුනේ අපි සල්ලි එකතු කරපු ඉන්ටර්වල් එකට පස්නේ තිබුන පලවෙනි පීරියඩ් එක වුනු ගණිතය පීරියඩ් එකේදී .
                                        පුශ්පකුමාර ගැන්සියේ හිටපු ගුරුවරියක් විදිහට ප්‍රසිද්ද වෙලා හිටපු ඇන්ටිමනී මිස්  වෙනදා වගේම පැද්දි පැද්දි පන්තියට ආවා . ඇන්ටිමනී කියන්නේ එයාගේ නම නෙවෙයි , අපි දාපු නමක් .........මේ ටීචර් අඳින්නෙම පිටෙන් භාගයක් නැති සාරි ජැකට් ඒ වගේම බුරියටත් අඟල් හය හතක් පාත් වෙන්න සාරිය , ඇන්ටිමනී  කියන්නේ ආවර්ථිතා වගුවේ මූලද්‍රව්‍යක් කියලා දන්නවා ඇතිනේ සංබේතය වෙන්නේ Sb  අපි මේ ටිචර්ට මුලින්ම නම දීලා තිබුනේ සෙක්සි බඩුව ( sexy baduwa ) කියලා ඉතින් ඔය වචන දෙකේ මුල අකුරු වෙච්ච  Sb දෙක එක තැන තියලා Sb වෙනුවෙන් තියෙන හොඳ වචනෙ වෙච්ච ඇන්ටිමනී කියන නම ටීචර්ට රෙජිස්ට් කලා .
                               කුමන්ත්‍රනයේ මූලික අදිර ලෑස්තී . ටීචර් ඇවිත් උගන්වන්න පටන් ගත්තා  වෙනද එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න අපි සෙරම අද හෙන උනන්දුවෙන් පාඩම අහගෙන ....... ටීචර්ට නිකං මොකද්ද වගේ ඇයි යකෝ වෙනදා වගේ නෙවෙයි ...... කවුරුත් කෑගහන්නෙ දඟලන්නේ නෑ .කවුදෝ මන්දා පුටුවක් පිට්පස්සට අදින සද්දයක්, ඔන්න අපි බලාගෙන හිටපු සංඥාව මෙච්චර වෙලා කඳ කෙලින් තියාගෙන හිටපු සේරම උන් ඔළුව ඩෙස් එකේ තියාගෙන පොත අරගෙන ඔළුව වහගත්තා . ළමයි පනහක් ඉන්න පන්තියක හැම එකාම පොත් ඔළුවෙ තියාගෙන නිදාගෙන ඉන්නව දැක්කහම කොහොමද...

තමුසෙලාට මොකද වෙලා තියෙන්නේ , ආහ් ..... උගන්වන්න ඕනේ නැද්ද .......ඔළු උස්සනවා . මොකද්ද මේ විකාරේ ....... ඇන්ටිමනී ඔහේ කියවනවා , අනේ අපිටනං තඹ සෙම්බුවක ගානක් නෑ .

හිටපල්ලා මං ප්‍රින්සිපල්ව එක්කං එන්නං , එතකොට කට්ටියගේ රැස් බහින්නේ නැතෑ ......
විනාඩි විස්සක් විතර නවත්තන්නේ නැතුව බැනප ඇන්ටිමනී ටීචර් පන්තියෙන් එලියට ගියෙ එහෙම කියාගෙන ......

අඩෝ හරි දැන් දෙවනි කොටස ......... සමිරයා එහෙම කියාගෙන පොත් සේරම ඔබාගෙන  බෑග් එක කරට ගත්තා . 

කට්ටියම බොහොම කලබලෙන් පන්තියේ ඩෙස් පුටු එහෙට මෙහෙට ඇඳලා මේස ටිකක් විතරක් පන්තියෙ මැද තියෙන විදිහට පන්තිය හැදුවා . පුටු සේරම පන්තිය වටේට . අනිත් පන්තිවලට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න බොහෝම හෙමින් තමයි මේ වැඩේ වුනේ හැබැයි වේගෙන් . විනාඩි දෙකක් යන්න කලින් වැඩේ හරි ......
සනිදුවා අපි කලින් ලෑස්ති කරගත්තු බෝඩ් කෑල්ල . මේස ටික උඩින් තිබ්බේ පන්තියට ඇතුල් වෙනකොටම පේන විදිහට ....

අපි එන්න කලින්,,



ඇන්ටිමනී , කොම්පිතර , සමසමාජ , ඇස්ගුල්ලා,...... තොපි සේරම පල.....



පිනා ( පුශ්පකුමාර ) , තෝ අනිවාර්යයෙන්ම පල                 
      


                                          

                                         බොහොම පැහැදිලි අකුරින් ඒ බෝඩ් එකේ ලියලා තිබුනේ එහෙමයි ....... පිනා එන්න කලින් පන්තියෙන් පිටවුන අපි තාප්පෙන් පැනලා ගෙවල් වලට ගියේ ඔපරේශන් වයිප් අවුට් තුන්වෙන් කොටස වෙච්ච දවසක් පාසල වර්ජනය කිරීම කියන එක හෙට දවසේ කරන්න හිතාගෙන . ඊට අමතරව තුන්වෙන් කොටසෙම අනු අංගයක් විදිහට අද රෑට ගුරුනිවාසෙ වටේට හිස් අරක්කු බොතල් තියන වැඩේ ඉස්කෝලෙ ලඟින්ම පදිංචි වෙලාහිටපු සෙට් එකකට පවරන්නත් අමතක කලේ නෑ 
                               ඇන්ටිමනීට විරෝධය අපේ විදිහට පලකලාට පස්සේ දවසේ අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.එදා දවස මුලු 10 වසර සෙක්ශන් එකම නිවාඩු අරන් . උදේ නැගිටලා මිදුලට එන කොටම පේන්න තිබුන හිස් අරක්කු බොතල් තොගේ නිසා පුශ්පකුමාර සර් අම්බානක මලෙන් ඉන්නවා කියන එක අපේ සන්තෝසේ වැඩිකරන ආරංචියක් වුනේ ඔපරේශන් වයිප් අවුට් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා .
                            වයිප් අවුට් අවසාන කොටස යෙදිලා තිබුන දවසේ අපි ඉස්කෝලෙට එකතු වුනේ උදේ 6.30 ට.පරක්කු වුනොත් වැඩ වරදින්න තියෙන ඉඩ වැඩිනිසා දෙතුන් දෙනෙක් හැරෙන්න අනිත් සේරම වගේ ඒ වෙලාව වෙනකොටත් ඇවිල්ලයි හිටියේ . හැමෝගෙම හිත්වල උනන්දුව වගේම බය කියන එකත් අඩු නැතිව එකතු වෙලා තිබුනා . 
                          අවසාන කොටසේ පලවෙනි අදීරය වුනේ , දෙවනි තට්ටුවේ තිබුන අපේ සෙක්ශන් එකට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැරිවෙන විදිහට පඩිපෙල බ්ලොක් කරන එක , උඩට එන්න තිබුන පඩිපෙලවල් දෙකම පන්ති දෙකක තිබුන ඩෙස් පුටු සේරම දාලා බ්ලොක් කරලා පස්සේ දහය වසර සෙක්ශන් එකේ තිබුන හැම ජනේලෙයක්මත් වහලා දැම්මා ....... දැං පලවෙනි කොටස සාර්ථකයි . වැඩ කටයුතු ඔහොම වෙන අතරේ තුන්වෙනි තට්ටුවේ හිටපු ඒ ලෙවල් ආර්ට් පන්ති ටිකත් අපිත් එක්ක අමතර සේනාංක විදිහට එකතු වුනා . අනිත් උන්ට එකතු වෙන් බෑ මොකද කාටවත් එන්න බැරි වෙන්න අපි පඩිපෙල හරස් කරලා තිබුන නිසා . ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගැහුවා . 
                                එලියේ ඉන්න හැමෝම කලබල වෙලා ........ ඇයි දෙයියනේ පඩිපෙලවල්  දෙකක් සීල් වෙලානේ. 
                                 ඔය අතරේ   තඩිම තඩි  පොහොර මලු තුනක් උස්සගෙන ආපු අයියලා තුන්දෙනෙක් , සැලස්මේ ඊළඟ අදීරය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා . මලු තුන පිරෙන්න තිබුනේ තුන්හුලස් , රතිඥ්ඤා. වගේම අහස්කූරු .
                                        පන්සිල් ගන්න පටන් ගන්න ගහන දෙවනි බෙල් එකත් එක්කයි අපි අපේ වැඩේට මුල පිරුවේ .......... අපේ පන්තියට යාර දහයක් විතර ඉස්සරහින් පහලින් පේන්න තියෙන විදුහල්පති කාමරේ හොයාගෙන එක වේගෙන් පියාඹගෙන ගියපු අහස්කූරු වැස්සකින්.
                              එතනින් එහාට කිසිම පාලනයක් තිබුනේ නෑ , ඉස්කෝලෙ ඇතුල නන්දිකඩාල් කලපුව වගේ වෙන්න පටන් ගත්තා . අහස්කූරු  , රතිඤ්ඤා , අහස්කූරු ඉස්කෝලේ වටේම තිබුනු පුශ්ප කුමාර සර්ගේ බංකර් හොයාගෙන පියාඹලා ගියා . අපේ පහරදීම සාර්ථකයි .... කොම්පියුටර් ලැබ් එකට වැටුන තුන්හුලස් වලින් කූල් වෙච්ච කොම්පීතර සර්ගේ ගුරු විවේකාගාරයේ ආරක්ශාව හොයාගෙන දුවන්න පටන් ගත්තා . විදුහල්පති අළුත් සර්ට තමන්ගේ කාර්්‍යාලයේ මේසේ යට හැංගෙන්න වුනේ  මිනිහා එලියට එන්න හදන හැම වෙලාවෙම තමන්ව ඉලක්ක කරගනෙ අහස්කූරු කන්දක් පියාඹගෙන එන්න වීම නිසා . 
                           එක පාරටම පටන් ගත්තු ගිනි කෙලි සංදර්ශනේ නිසා පැයක් යන්නත් කලියෙන් මුලු බොරැල්ලම ඔකද වෙලා . දෙමාපියෝ ඉස්කෝලෙ වටේට එකතු වෙන්න පටන් ගත්තා . අපි බලාපොරොත්තු නොවුන විදිහට දෙමාපිය සහයෝගයත් අපේ ඔපරේශන් වයිප් අවුට් එකට ලැබෙන්න පටන් අරන් .අළුත් සර්ගේ කුහක වැඩ ගැන දෙමාපියොත් බොහොම තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ.
                                                                ඇතුලෙ යුද්දෙ බොහොම දරුණු විදිහට යනවා . 
  පැයකට විතර පස්සේ පුශ්පකුමාර  සේනාව අපි අවහිර කරපු පඩිපෙල හරහා උඩට එන්න හෙන ගේමක් දෙන්න ගත්තත් එක දිගට කකුල් වලට වැටුන රතිඤ්ඤා කරල් ඒ උත්සාහය හීන කලා බොහොම අමාරුවෙන් කාගෙන පඩිපෙලේ බායක් නැගපු කැඩෙට් ප්ලැටුන් එක බාර සර්ටත් පහු බහින්න වුනේ පඩිපෙලේ උඩ ඉඳන් ලේන්සුවලින් මූනේ පහල කොටස වහගත්තු ඒ ලෙවල් ගැන්සි කොහෙන්දෝ හොයාගත්තු පොලුවගේකින් සන්නද්ද වෙලා ඉන්නවා දැක්ක නිසා .වැරදිලා හරි උඩට ගියා නං අම්බානක ෆෝම් වෙලා ඉන්න කොල්ලො නිසා  සර්ගේ ඇට ටික එකතු කරන්න වෙන්නේ සවලකින් තමයි .                                                                                             පහු බැහැපු පුශ්ප කුමාර ගැන්සිය සංගීත කාමරේ ඇතුලට රිංගනවා දැක්කා . ඊට පස්සේ දෙවනි තට්ටුවේ දහය වසරෙන් සංගීත කාමරේට එල්ලවුනේ බොහොම දරුනු ප්‍රහාරයක් තුන්හුලස් වැල් පිටින් සංගීතකාමරේ ටියුන් කරන්න පටන් ගත්තා . දෙවනි තට්ටුවේ ඉඳන් සංගීත කාමරේ වහලෙට පැනපු අපේ ගරිල්ලා බටයෝ වහලේ තිබුන උලු එහෙ මෙහෙ කරලා එතනිනුත් ඇතුලට පහර දෙන්න ගත්තා . ඒ දරුණු ප්‍රහාරය නැවතුනේ ඇතුලේ හිටපු දෙන්නෙක්ගේ කලිසම් වලට ගිනි ඇවිලිලා ටැප් එක පැත්තට දුවන් ගත්තට පස්සෙයි ......
                                           මේ වෙද්දි සිද්ධිය සමථයකට පත්කරන්න හිතාගෙන පොලීසියෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඇවිත් හිටපු නිසා අවහිර කරපු පඩිපෙල ක්ලියර් කරගෙන අපි විදුහල්පති කාමරය වටකරගත්තා . ඉතුරු වෙලා තිබුන රතිඤ්ඤාටිකත් පත්තු කරලා කාමරේ ඇතුලට විසිකරපු අපි එක හඩින් කිව්වේ විදුහල්පති මේ දැම්මම තියෙන කොට්ට පැදුරුටික අකුලං යන්න ඕනේ කියන එකයි. 
                                             උදේ අටට පටන් ගත්තු ඔපරේශන් වයිප්අවුට් නතර කරලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආපු මහත්තුරුන්ට සාකච්චාවක් දෙනකොට වෙලාව දොලහත් පහුවෙලා . ඒ මහත්තුරු අළුත් පුශ්පකුමාර සර්ව අදම වෙන තැනකට යවන්ත් . මේ ඉස්කෝලෙ කරපු වැඩ ගැන පරීක්ශනයක් තියන්නත් තීරණය ඇමති තුමාගේ නියෝගයක් යටතේ තීරනය කරලා . 
                     ඒ නිසා මේ වැඩේ නවත්තලා හොඳ ළමයි වගේ ගෙවල් වලට යන්න කියලා . පොලොවෙ හැපි හැපී ඒ මහත්තුරු ඉල්ලා හිටියා . 



කෙටියෙන්ම කියනව නං අපි සටන දිනුවා . ඔපරේශන් වයිප්අවුට් නිසා අමාත්‍යංශයෙන් කරන්න ඕනේ වැඩ ටික ඉක්මනට කරවන්න අපිටපුලුවන් වුනා . විදුහල්පති කාර්්‍යාලයේ අරක්කු බොතල් තියාගෙන හිටපු අළුත් සර් කැලනියේ ගුරුකු**** ඉස්කෝලෙට ගියපු බවත් එතනිනුත් බොහොම කෙටිකාලෙකින් ළමයින්ගේ විරෝධය නිසා වෙන තැනකට යන්නත් වුන බව දැන ගන්න ලැබුනා .අළුත් සර්ගේ වටේට ගොට්ට අල්ලගෙන හිටපු මානසික රෝගියොන්ට දුශ්කර පලාත්වල පනිශ්මන්ට් ට්‍රන්සර් ලැබුනා. හැබැයි ඔපරේශන් වයිප්අවුට් නිසා අපේ ඉස්කෝලෙට තිබුන මදාවි කියන නම තවත් දෙතුන්ගුනයකින් වැඩි වුනා.
               
 පහුගිය මාසේ සෙනසුරාදා දවසක්......... බොහොම සාමාන්‍ය දවසක් වුනත්  නාරහෙන්පිට අපේ සයිට් එකේ වැඩට එනකොට මුන ගැහුන චරිතයක් නෙවෙන්න මට මේ කථාව ලියන්න නොහිතෙන්න ඉඩ තිබුනා . 
                                                          ඒ වෙන කවුරුත් නෙවෙයි , ඔපරේශන් වයිප්අවුට් සැලස්ම මුලින්ම ඉදිරිපත් කරපු ඩප්පියා . මිනිහා දැන් යුධ හමුදාවේ ෆුට්බෝල් ස්කොඩ් එකේ සාමාජිකයෙක් . ඩප්පියා කියපු විදිහට  අපේ සටනේ ඉස්සරහින්ම හිටපු ලොම්බා දැන් වෙළඳ නැවක සේවයට බැදිලා .. සනිදු නං ඇමරිකාවේ ගිහිල්ලා ජොබ් එකකට . කොහෙම හරි වේවා එදා ගේම ඇදපු හැම එකාම , මාත් ඇතුලුව අද වෙනකොට හොඳටම නැතත් හොඳ තැනක ඉඳීම ගැන මට තියෙන්නේ මුලු හිත ඇතුලෙන්ම එන සන්තෝසයත් එක්ක ආයේ උන්ව ලේසියෙන් හම්බ වෙන්නේ නෑ නේද කියන දුකත් මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් .




                                   
                         
 

Sample text

Sample Text

Sample Text