Social Icons

හොයමු බලමු

Friday, April 19, 2013

ආඩම්බරයි නේද හසන්ත .!!!!!






සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි,


                                   පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්‍රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්‍රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව දිවා රෑ නොබලා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත්‍රන වලට පණ දීමට කටයුතු කිරීමයි . ත්‍රස්ථවාදයේ සෙවනැලි අප අතර තවමත් ක්‍රියාත්මකයි . ඒ නිසා ඊනියා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රන හෙලා දැකිය යුතුය . 
                       අප සිටින්නේ ආසියාවේ ආශ්චර්්‍යය බවට පත්වීම උදෙසා ගමන් කරනා මාර්ගයේ බව පැහැදිලිය .   මේවන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බව නොරහසකි . ඉතින් මෙසේ එකක් පමණක් වැඩිවීමට ඉඩ හැර බලා සිටීම  ජනතාවාදී ආණ්ඩුවකට කටු ඉඹුලේ නගින්නාක්මෙන් අපහසු කාර්්‍යයකි . ඒ නිසා අපි මේ තත්වය සමනය කිරීමට පියවර ගත්තෙමු . 
                                  පලමු පියවර වශයෙන් ලොක වෙලඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 95 දක්වා අඩුවෙද්දී අපි  තෙල් මිල වැඩි කලෙමු . මේ සඳහා ඒ ඇමති තුමාට සාධාරන හේතු තිබුනි . ඛනිජ තෙල් සංස්ථාව දිනකදී ලබන පාඩුව ඉතා අධිකය . මේ සදහා වගකිව යුත්තේ අසාර්ථක සේවක මණ්ඩලය හා ඉන්ධන නිරපරාදේ අපතේ හරින සාමාන්‍ය ජනතාව මිස , බාල පෙ‍ට්‍රල් ආනයනය කරමින් , හොර ගිවිසුම් ඔස්සේ රටේ සල්ලි පිට පටවන වුන් හෝ  අකාර්්‍යක්ශම පරිපාලනය නොවෙන බව දේශමාමක ජනතාව තේ‍රුම්ගත යුතුය .  
                                     පසුව අප විසින් ගෑස් මිල වැඩි කරන්නටද අවසර දුන්සේ වැඩිවී ඇති ඒක පුද්ගල ආදායම , වියදම සමග සමතුලිත කරන්නට බව හසන්ත මහත්තයාට වැටහෙන බව සිතමි .
                        පවිත්‍රා  ඇන්ටී උපුටා දක්වන පවුලේ නාලිකාවට අනුව ලංකා විදුලිබල මන්ඩලයේ දිනක පාඩුව ඉතා විශාලය .එයට වග කිව යුත්තේ රෑට විදුලි බුබුලු දල්වාගෙන අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ය , ඇදුමක් මදින්නට ස්ත්‍රික්කය පාවිච්චි කරන මිනිසුන්ය , උන් කුප්පි ලාම්පු පත්තු කලා නං මෙවන් විපතක් වෙන්නේ නැත,  රට පුරා බාල් නටමින් රේස් පැද්ද , ලෝකෙටම  ණය වෙමින් ණයට කිරුල පවත්වන , විවෘත්ත කලදා සිට සතියකට හත් වතාවක් බලශක්තිය සැපයීම නවත්වමින් අලුත්වැඩියාවන් කරන විදුලි බලාගාර නඩත්තු කරන අපි මේවාට වගකිව යුත්තෝ නොවන බව ඕනෑම කිරි දරුවෙකුට වැටහෙනු ඇතැයි සිතමි .
                                                 අනික විදුලි බිල වැඩිවීම නිසා ලැබෙන වාසි සලකා බැලිය යුතුය, බොදුබල සේනාවට අනුව අපේ උන් දරුවන් හදන්නේ නැත , උන් දවල් කාලයේ හම්බයින්ට වැඩකර පැමිණ රාත්‍රියේදී රූපවාහිනී නරඹා නිදා ගනී . විදුලි බිල වැඩිවීම හමුවේ රූපවාහිනි අභාවයට යනු ඇත , එ සදහා නිවැසියන් ගත කල කාලය වර්ගයා බෝකිරීම වෙනුවෙන් වැය වනු ඇත. මෙවර ශිෂ්්‍යත්ව විභාගයෙන් ලංකාවේ 6 වැනියා වූ දරුවා පාඩම් කලේ කුප්පි ලාම්පුවේ එලියෙනි , විදුලි බිල වැඩිවීම නිසා ඔබේ දරුවාටද ඒ වාසනාව ‍නුදුරු අනාගතයේම ලැබෙනු ඇත . 
 එසේම වැඩිවූ විදුලි බිල වැඩියෙන්ම දැනෙන්නද සුලු පරිමාන ව්‍යාපාරිකයන්ට පමණි බව නොරහසකි . මෙනිසා ඔවුන් ව්‍යාපාරවලින් ඉවත්වේ , ඉතින් සතොස දියුනුවනු ඇත  .
                                  එසේම මෙහිලා අප බලාපොරොත්තු වී ඇත්තේ ව්‍යාපාරිකයිට සුලු පරිමාන ව්‍යාපාර වලින් ඉවත්වී ගොවිතැන් කටයුතු කරගැනීමට ඉඩ සලස්වා රට සහලින් ස්වයං පෝශිත කිරීමයි . මේ පිලිඹඳ තවත් විස්තර ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරය හමුවේ උදම්වී ඇති  වී . වීරවංශ විසින් ඉදිරි කාලයේදී ලබාදෙනු ඇත.
                             අළුත් අවුරුද්ද සැමරුවෙමු . ජනතාව ජාත්‍යාලයෙන් හා ප්‍රීතියෙන්  සුඛිත මුදිතවී ඇත . අළුත් අවුරුද්දට කිරිබත් නොකෑ කෙනෙක් නැත . අවුරුදු කාලය නිසා  බඩුමිල අඩු කල බව වෙලඳ ඇමතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයේ කල ප්‍රකාශය මතක ඇති බව සිතමි . රටක ජනතාව නිරෝගී විය යුතුය ., අධි රුධිර පීඩනය , දියවැඩියාව  වැනි පෝසත් රෝග රටේ ජනතාව අතර පැතිර යාම වැඩිවී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පවසයි මේ නිසා  අවුරුදු කාලයෙන් පසු තිබුනාටද වඩා බඩුමිල වැඩිකරමින් පවතිමු . ඒ වෙන යමක් නිසා නොවේ ඕනෙවට වඩා ආහාර ගැනීම නිසා ඉහත පැවසූ රෝග වැලඳී රටේ ශ්‍රම බලකාය එක තැන් වීම වැලක් වීමටය .
 ආණ්ඩුවේ ඇමති වරුන් බුද්ධිමත්ය . ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්නේ අපට වීම ආඩම්බරයකට කරුනක් බව හසන්ත මහත්තයාද පිලිගෙන ඇත .ඇමතිවරු යන්නේ පොදු ප්‍රවාහණ සේවයේ බස්රථ වල මිස පරිවාර රථ පිරිවරාගෙන නොවේ ,  අපේ ඇමති මන්ඩලයේ කුරුනෑගලින් ගෙන එනු ලැබූ  ස්ත්‍රී දූශකයෝ නැත , ගාල්ලේ මාල හොරුනැත , කැලනියේ මදාවියෝ නැත . රටේ දෙවැනි පුරවැසි පුට්වේ නිධන් හොරෙක් නැත , මධ්‍යම පලාතේ ඉඩම් හොරෙක් නැත , වයඹ පලාතේ උසාවියට ගල් ගසන්නෝද නැත , ත්‍රස්ථවාදියෙකුට නැගෙනහිර භාරදී නැත ..........කොටින්ම කිව්වොත් අපේ ගෙදර අතේ සතේ නැතුව හිටපු එකෙක් අවු‍රුද්දක් වැනි කෙටි කාලයකින් නැව් දෙකක හිමිකාරයෙක් උනේම නැත. ...........
                       තත්වය මෙසේ පවතිද්දි රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගීම උදෙසා අසාර්ථක උත්සාහයක නියැලෙන විපක්ශය හෙලා දකිමු . පිරිසිදු විපක්ශයක් ඇත්තේම නැත , වමේ පක්ශ හොයන්නත් නැත , ඉන්න උන් කෙලින්නෙත් පිස්සුමය .විපක්ශයේ බොහෝ මන්ත්‍රීවරුන්   රටේ බලය ඇල්ලීම පසක තබා  බලන්නේ පක්ශය ඇත්ලේ බලය ඇල්ලීමටය . විප්ලව වාදියේ නිහඩවී ඇත  නිහඩ නොවේ නම් නිහඩ කරවා ඇත . තරු හතරේ ‍‍ජෙනරාල් ආගිය අතක් නැත . වෙනදා රට හෙල්ලූ කම්කරු අරගල  ගෙන ගිය රතු කමිස කාරයෝ දැන් ඉන්නේ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේ පමණි . 
ඉතින් කුමන කථාද අපි නොනැවතී මේ රට ආශ්චර්්‍යය කරා ගෙනයන්නෙමු .
ආඩම්බරයි නේද හසන්ත .!!!!!

මීට ,
ආඩම්බරකාර තාත්තා .




Wednesday, April 17, 2013

( ලාවට 18 + ) ඔය නෝනයි මහත්තයයි ඉස්සරහට ගිහින් ඕක කරගන්නවද ........ ( බස් + කෝච්චියේ ගම්පහට ආතල් - 01 )




( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ .....හරි ........... ඔන්න නොකිව්වයි කියන්න එපා ඇ ........ පස්සේ අපිට බනින්න ඔට්ටු නෑ ) 
                                      ඉතිං අපි දෙන්නත් එක්ක ඒ ලස්සනම ලස්සන සුදු කඟවේනාගේ පිටේ නැගලා , කඳු අස්සෙන් හොරෙන් හොරෙන් ඉර එබිකම් කරන ‍ඉරෙන් පෙරිලා එන රැස් විඳින ගමන් , දුඹුරු පාට ගල් අල්ලපු අපිටම හදපු පාරේ , බලන් ඉන්න අයට ඉරිසියා හිතෙන තරං ලස්සනට යන්න ගත්තා .  

                            හුඟාක් ඈත ඉදන් ........ හුඟාක්ම ඈත ඉදන් ....කඳු අතරෙ වැවිලා තියෙන සුවඳ මල් වල සුවඳත් අරන් එන හුළඟට ඔයා ඇඳන් ඉන්න සුඳුපාට සේද ගවුම ඒ මේ අතට පැද්දෙන්නේ මගේ ඇස්දෙක ඒ දිහා නොබලා ඉන්න බැරි තරමටම අලව ගන්න ගමනුයි . එත් එක පාරටම අහසෙන් මොකද්දෝ එකක් අපි දෙන්න අතරට කඩාගෙන වැටුනා .........අනේ ඔයා පේන්නේ නැතුව ගියා ....
" අයියේයේයේයේ .................... නැගිටින්නේ නැද්ද ......... " ‍කඩ‍ගෙන වැටුනේ මොකද්ද කියලා පැහැදිලී .දුවගෙන ආපු වේගෙන්ම ඇඟට පැනපු නංගියා හින්දා යස අගේට බල බල හිටපු හීනේ කෑලිවලට කැඩිලා ගියා විතරක් නෙවෙයි අත පයත් කැඩිලා ගියාද කොහෙද ........  
" මොන වදයක් ද ......... යනවකෝ යන්න ........ අද සෙනසුරදා "
" ඒක තමයි ........ මාව ක්ලාස් එක්ක යන්න වෙන්න ඔයාට , තාත්තට ඩියුටියක් වැටිලා "
" මොකක් " උදේ පාන්දරම මාරාලයක් සෙට් වෙන්නයි යන්නේ .......කඩේ යන එකයි ඇඳුං ගන්න යන එකයි ඇරුනාම මං අකමැතිම අනිත් වැඩේ තමයි නංගිව ක්ලාස් එක්ක යන එක . ඒත් ඉතිං දැන් මොනවා කරන්නද ..... තාත්ත නෑ කියන්නේ මට  යන්නම වෙනවා කියන එක තමයි .
" කීයටද තියෙන්නේ ?" 
" 10ට !!!! 9ට විතර මෙහෙන් ගිහාම ඇති ! " 
" හැ .......... නවයට යන එකට මොන කෙහෙම් මලටද මැට්ටියේ  මේ මහ පාන්දර ඇහැරව්වේ  "
" මොන පාන්දරද !!!! දැන් 6යිනේ , දැන් මිනිස්සු නැගිටින වෙලාව "
" ඒ වෙන මිනිස්සුනේ , මට හොඳට‍ම නින්ද යන්නේ 6ට ,දැන් යනවද වද නොදී !!! "
" ලෑස්ති වෙලා ඉන්න ඇ 9 වෙනකොට " ඇති යන්තං ගියා . තව පැයක් හමාරක් නිදා ගන්න පුලුවන් වෙයි දැන් . අර හීනේ ඉතුරු ටික පෙනුනොත් ලොකු දෙයක් .
 """" උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් ......... බිස්කට් කුඩු බිස්කට් කුඩු .......... ( හින්දි සින්දුවක් ) """" 

                            මොන බම්මුවක්ද මන්දා ..... ෆෝන් එක රිං වෙනවා . මෝලා ඊස් කෝලින් කියලා ලොකුවට ස්ක්‍රීන් එකේ වැටිලා තියෙනවා .
" හෙ.........ලෝ" 
" ඒ උඹ බුදිද ........... "
"ඈ..... යකෝ  මේ පාන්දර තෝ කෝල් එක ගත්තේ මං බුදිද බලන්නද ? ‍තොට මෝලා කියලා කාඩ් එක දාපු එකාට මාර්ග ඵල ලැබෙන්න ඕනේ යකෝ !!!! ඔවු ඔවු මං බුදි ......... දැන් ෆෝන් එක තියපං "
" පිස්සුද යකෝ ......... ඔහොම හිටපං ......... සමියගේ තාත්තට අමාරු වෙලා ඉස්‍පිරිතාලෙට ගෙනත් බං ...... අපි යන්න කියලා උඹ එනවනේ !! " 
"අම්මට සිරි !!!!! " මගේ නිදි මත කොහෙ ගිහාද මන්දා. කොටින්ම මෙච්චර වෙලා පෙරලි පෙරලි හිටපු මාව ඇදේ ඉන්ද උනා  ......               " අමාරුයිලුද බං ? මොනවද වෙලා තියෙන්නේ ?අනිවා අනිවා මං එනවා ....... කොහෙටද එන්න ඔනේ කියහංකෝ...... "
" ගම්පහනේ බං උංගෙ ගෙවල් .......... එහෙ ඉස්පිරිතාලෙට තමයි ඇතුල් කරලා තියෙන්නේ , හාට් ඇටෑක් එකක් ලු , ටිකක් සීරියස් කියල තමයි ආරංචිය ....... ලෙඩ්ඩු බලන්න දෙන්නේ දොලහටනේ නේද ? ඒ වෙලාවට ඉස්පිරිතාලේ ඉස්සරහට වරෙංකෝ "
" එල එල ........ මං වෙලාවට එතන ඇති "
" එහෙනං තිබ්බා "
" හරි "
ගිය පාර ගම්පහ ගියපු වෙලාවේ බඩ පැලෙන කං කෑවේ සමියලාගේ ගෙදරින්. ඒ වෙලාවනං උංගෙ තාත්තට ඉහෙං බහින ලෙඩක්  පේන්න තිබුනේ නෑ . කොහොම වෙතත් ගිහින්ම තමයි බලන්න වෙන්නේ . ඌ වගේ අති ජාත මිත්‍රයෙකුට කරදරයක් වෙච්ච වෙලාවක අපි නැත්තං වැඩක් නෑ .  .........
                         දැං ඉතිං දෙපාරක්ම නින්ද කැඩුන නිසා සිහි නැති වෙනං ගැහුවොත් මිසක් ආයෙ නින්ද යනනේ නං රෑට තමයි . අපරාදේ මගෙ හීනේ ...........
ඔහොම හිතා‍ගෙන නැගිටලා කාරිය කක්කුස්සිය පැත්තෙත් රවුමක් දාලා ඇඳුමත් ඇදන් ශේප් එකේ නවය වෙනකං ගේම් එකකුත් ගහලා .9ට නංගිත් එක්ක ගෙදරින් එලියට බැස්සා .......... 
                        අපි ඉතිං ඉන්නේ නිල නිවාස වලනේ .........  දොරෙන් එලියට අඩිය තියනකොටම එතන ඉස්සරහා නිදාගෙන හිටපු පූසෙක්ගෙ නැට්ට පෑගුනා කියපංකෝ ..... ඌ පාර හොයාගෙන කැලේ  දිව්වා ..... හැම රෙද්දටම හිනාවෙන නංගි ඒක දැකලා හිනා වෙන්න ගත්තා .  පූසෙක්ගෙ නැට්ට පෑගිච්ච එකේ හිනා වෙන් තියෙන්නේ මොකද් කියලා හිත හිතම ගිහින් බස් එකටත් නැග්ගා . 
නංගි ක්ලාස් එකට දාලා එලියට එනකොට වෙලාව 10ට විතර ඇති ...... දැං ඉතිං ගම්පහට තමයි ........  නුගේගොඩින් 176 බස් එකේ ඇවිත් තමයි මරදානෙන් ගම්පහ කෝච්චියට නගින එක තමයි ප්ලෑන වුනේ . 
නුගේගොඩ සුපර් මාර්කට් එක ගාව කොහි වෙලේ බැලුවත් ඉන්න සෙන‍ග ගොඩ අස්සේ තෙරපීගෙන කොහොමෙන් හරි 176කට ගොඩ උනා කියමුකෝ . සාමාන්‍යයෙන් මේ වෙලාවට වෙනද නං මේ තරං සෙනගක් නෑ ආතල් එකේ ඉඳගෙන යන්න පුලුවන් , ඒ උනාට අද පිරිලා ...... ඇයි දන්නේ නෑ ...... මගෙම වෙලාව වෙන්න ඇති . ඉස්සරහ දොරේ ‍‍ෆුට් බෝඩ් එකේ තැනක හිරවෙලා ඉන්න අතරේ බස්‍එක යන්න ගත්තා ....... 
                                     වෙනදා නැවත්තුවා මොකද අද නුගේගොඩ ලීඩ්ස් එක ගාව බස් එක  නැවත්තුවේ නෑ .... සෙනග නිසා වෙන් ඇති , එතන බහින්න හිටියෙත් දෙන්නයි ඒ දෙන්නට බහින්න බස් එක ලාවට වගේ ස්ලෝ කරලා ආ‍යේ අද්දන්න ගත්තා .. 
                                              හදිස්සියේම හෝල්ට් එකේ හිටපු අංකල් කා‍රයෙක් යන බස්එකට නගින්න හිතාගෙන වෙන්න ඇති පණ දාගෙන දුවගෙන එන්න ගත්තා ...... බස්එක යනවා ඒත් මිනිහා ගේම අත අරින්නේ නෑ , තවත් වේගෙන් දුවගෙන එනවා ......බස්‍එකට මීටර් දහයක් විතර පස්සෙන් බෑග් එකකුත් එල්ලන් දුවගෙන එන බුවෙක් ගැන හිතාගන්නකෝ ..... මිනිහා දැන් දුවගෙන එන්නේ බස් එකට නගින්න නෙවෙයි . දුවන්න පටන් ගද්දි හොල්ට් එකේ හිටපු උන් බලන් හිපු නිසා බස් එකට නැග්ගෙ නැත්තං චාටර් නිසා වෙන්න ඇති .  

" මොන මගුලක්ද මන්දා වෙන බස් නැතුව වගේ මේක පස්සෙංම දුවනවා . ඔය නාකියාට දුවලා දුවලා පපුවෙ අමාරුවක් හැදුනොත් මටත් පවු  "  

ඩ්‍රයිවර් අංකල්ටත් දුක හිතිල වෙන්න ඇති සයිඩ් කන්ණාඩියෙන් 
බලාගෙන ඉදලා බස් එක නැවත්තුවා.  
පුලුවන් උපරිම වේගෙන් දුවන් ආපු අ‍පේ කථා නායකයට බස් එකේ පිටිපස්සේ දොර ගාවදි බ්‍රේක් ගහන්න බැරි උනා ...... ඒතරං වේගේ .. දැන් මිනිහා පස්සේ දොර පහු කරලා ඉස්සරහා දොරට දුවනවා .... බස් එක ඇතුලේ හිටපු අපිට මේ සීන් එක හෙන ආතල් ...... ක්ලාස් ඇරිලා  යන කොල්ලො වගයකුත් බස් එක ඇතුලේ , උන්ටික අංකල්ට චියර් කරනවා

" බම්බුව , දොරෙන් දොරට මාරුවෙනවා ....... ගස් මාරු කියලා හිතුවද දන්නේ නෑ  "
එහෙම කියපු ඩ්‍රයිවර ගොයියා බස් එක පිකප් කරලා   යන්න ගත්තේ අපේ මැරතන් ශුරයා පාරේ පපුවත් අල්ලං බලාගෙන ඉද්දි . 
                රාජගිරියේ පල්ලිය ගාව බස් එක නැවත්තුවා ..
" වැලිකඩ යූසී බහින්න.......... වැලිකඩ යූසී බහින්න " කොන්දා කෑගහනවා . ඒ මදිවට මූ කෑගහන්නේ මගේ කණ ගාව ඉදන් , නොදකිං !!! .
" පුතේ රාජගිරිය නේද " කොහේදෝ හිටපු ආච්චි කෙනෙක්ගේ කටහඩ බස් එකේ මැද්දෙන් ඇහෙන්න ගත්තා ....
" ඔවු ඔවු බැහැගන්න ........ තාම ඉඳගෙනද මෙනවා කරනවාද අම්මේ නවත්න කංම ඉන්නවා දොරගාවට එන්න ......... බහින්නේ නැද්ද  ඔන්න අපි යනවා ඇ ...." කො‍න්දා කෑගහනවා 
" බහිනෝ බහිනෝ ....... "
" ඉක්මනට එන්න "
"  ඔය ඉතිං අද්දන්න එපා මොඩයෝ ....... මං බහිනවා බහිනවා ........ " ආච්චි මොර දෙන්න ගත්තේ බස්‍එකේ අපිට තවත් ආතල් එකක් දෙන ගමන් .
" කෝ අපි යන්නේ නෑ .... එන්න ඉක්මනට "
" ආහ් ගියේ නැද්ද ........... " හෙන කොට ආච්චි අම්මමෙක් ‍බොහොම අමාරුවෙන් සෙනග අස්සෙන් මතුවුනා ...... " එහෙනං අර ‍කොහෙද යක හපුටෙක් කෑගැහුවේ අපි යනවා කියලා ....... මං හිතුවේ ගියා කියලා "  කොණ්දට කට උත්තර නෑ .......
" ඒ හපුටා ...... හූ .......... " ‍ක්ලාස් ගිහින් එන කොල්ලෝ ටික කෑගහනවා.  කොන්දාට අම්බානක ෆලවර් ජම්ප් වෙලා හිටියේ. ඒ උනත් මොනව කියලා කරන්නද !!!! බුවා කට වහගෙන හිටියා .
 රාජ ගිරියෙදි හිටපු සෙනග ගොඩෙන් හුඟක් දෙනා බැහැලා ගියා . මේ වෙනකොට බස්එකේ මැද හරියට ඇවිත් හිටපු මං , හිස් වෙලා තියෙන පිටිම පස්සේ සීට් එකේ වාඩි උනා .
 ඔය අස්සේ තමයි ලාවට 18 + සීන් එකක් පටන් ගත්තේ . සෙනග අඩු වුනාට තාම හිටගෙන යන කට්ටිය ඉන්නවා .......... අවුරුදු 38ක් 39 විතර වෙන ඇන්ටි කෙනෙක් බස් එකේ මැද හරියට වෙන්න හිටන් ඉන්න අතරේ රාජගිරියෙන් බස් එකට නැගපු 45ක විතර අංකල් කෙනෙක් ගිහින් ඒ හරියෙන්ම හිට ගත්තා .....ඇන්ටිට වියත් 3ක් විතර දුරින් ඉඳන් ඇන්ටිට  බැල්ම දාන්න ගත්තා වැඩි වෙලාවක් ගියෙනෑ මූ ඒතන අත ඇරලා ඇන්ටිගේ පිටිපස්සට ගිහිං හෙමීට හේතුතු වුනා ............. පිටිපස්සෙම හිටපු මට දර්ශන පථය පැහැදිලී . අම්මපා ඉතිං මේ බැදපු උන් දෙන්නෙක්නේ නේද ..... කොල්ලෝ කෙල්ලො නං කමක් නෑ , පවු ආසාවනේ කිව්වහැකී ....ඒත් ඇයි යකෝ මෙහෙම වෙන්නේ ...... ඇන්ටි ගැන අම්බාන දුකයි .......
ඔය අස්සේ තමයි මේ සීන් එක කොන්දා දැක්කේ . මේ දෙන්නා හින්දා බස්‍එකේ මැදින් මොකෙකුටවත් ඉස්සරහට යන්න බෑ .....
" ඔය මහත්තයා ඉස්සරහට යනවද ........ බලන්නකෝ මැදින් කාටවත් යන්න බෑනේ ..... " ම්හ් ....... මිනිහගෙන් නෝ රිප්ලයි ..
" එහෙනං ඔය නෝන යනවද ඉස්සරහට ඔතන ඉන්න එක කරදරයනේ  .....අර ඉස්සරහ ඉඩ තියෙන්නේ "එක පාරක් විතරක් ඔලුව ලාවට හරවලා කොන්දා දිහා බලපු ඇන්ටි හෙන මනමාන හිනාවක් දාලා ආයේ ඉස්සරහා බලාගත්තා ........ 
අයියෝ සල්ලි ..... ඇන්ටිත් හෙන කැමත්තෙන් එතන ඉන්නේ ..... අපරාදෙ පවු කියලා හිතුවේ .............
ආච්චි කෙනෙක්ගෙන් චා වෙලාහිටපු කොන්දට මුන් දෙන්නම ඌව  ලාවටවත් මායිං නොකරපු එකට තවත් මල .
" මේ ඔය රතු සාරිය ඇදන් ඉන්න නොනයි එයා පස්සේ ඉන්න මහත්තයයි දෙන්න බස් එකේ ටිකක් ඉස්සරහට ගිහින් ජැක් එක ගහං ඉන්නවද පවු නොදී ........... "
 වහ කනව ඔයි ...........


 බස් + කෝච්චියේ ගම්පහට  ආතල්  - 02  බලා පොරොත්තුවන්න 

Tuesday, April 16, 2013

සිත්තරෙකුගේ අවුරුදු සැමරුම ................. ( හිරකරුවෝ මනුශ්‍යයෝ ද ? )



        
                    දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බො‍රැල්ල  Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා .
                                   මුලු ජීවිත කාලෙම හරි  ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක ජීවත් වෙච්ච කෙනෙකුට නං ඒ වෙලාවෙත් මම ඔය කියපු තැන මහ ලොකු වෙනසක් දැනෙන එකක් නැති උනාට ටවුමේ ජීවිතේට හැඩ ගැහිච්ච කෙනෙකුට නං ඒ වෙලාවේ එතන තියෙන වෙනස ඇඟට දැනෙන එක ශුවර් .
                                තද රතු පාටට ගිනි බෝලයක් වගේ ඉර බැහැල යනවා බලන්න මුහුදු වෙරලකට යන්න ඔනේම නෑ ....... මාර්තු අප්‍රේල් මාස වලදී Y.M.B.A එක ඉස්සරහට ඇවිත් හිටියාම , ඇතුල් වීමේ දොර ගාව හදලා තියෙන හිදි පිලිමෙ පිටිපස්සෙන් හරි අපූරුවට ඉර බහිනවා බලන්න පුලුවන් . 
                                 බුදු පිලිමෙත් එක්කම පටන් ගන්න අතුරු පාරේ පිලිමෙට හෙවන දෙන්න වගේ ලොකුවට හැදිලා තියෙන රෑස්ස ගහත් , බැහැගෙන යන ඉරෙන් පෙරිලා එන එලියත් එක්ක  ලාවට හමාගෙන එන හුළඟට එතනම ඉස්සරහා වවලා තියෙන ෆාම් ගස් හෙලවෙනකොට මැවෙන්නේ අමුතුම විදිහේ රටාවක් .
                                            ඉස්කෝලේ  අවුරුදු  නිවාඩුව දෙන්න තව තියෙන්නේ දවස් හතරක් පහක් විතර පොඩි කාලයක් .පලවෙනි වාරෙට කරන්න  තියෙන පාඩනුත් ඉවරයි ...........වාර විභාග ඉවරයි ....... ලකුණු දීලත් ඉවරයි .... පන්තියේ එක දෙක තුන තෝරලත් ඉවරයි ........ ලකුණු අඩු විශයන් ගැන මතක් කරලා ගෙදරින් බැනුං අහලත් ඉවරයි . කොටින්ම කිව්වොත් කරාතේ ප්‍රැක්ටිස් නොවෙන්නට නිවාඩු දෙන දවස වෙනකං ඉස්කෝලේ යන්න කිසිම විදිහක උවමනාවක් තිබුනේ නෑ . 
                                                  ඉස්කෝලේ ඉවර වෙලා 2.30ට විතර පටං  ගන්න පුහුණු වීම් ඉවර වෙනකොට හවස 5.30ට විතර වෙන එක සාමාන්‍ය දෙයක් . ඒවගේම තමයි පුහුණු වීම් ඉවරවෙන හැම වෙලාවෙම අපි හැම එකෙකුටම කෙලින් ඉන්න බැරි තරමට  ඩල් වෙලා ඉන්න එකත් සාමාන්‍ය දෙයක් .... 
                                      කකුල් දෙක අත්දෙකින් උස්ස උස්ස ඇවිදගෙන බස් හෝල්ට් එකට ඇවිත් , වෙනදට දූවිලි පොදක් වදින්න දෙන්නේ නැති බෑග් කට්ට  Y.M.B.A  එකේ පඩි පෙල උඩට අත ඇරලා , සුදු කලිසමට හෙන ගහපුදෙන් කියලා හිතාගෙන ඒ පඩි පෙල උඩම ඉදගෙන බස් එකකට මග බලාගෙ ඉන්න එක අපි හැම අඟහරුවාදම පුරුද්දක් විදිහට කරනවා . අපි කියලා කිව්වම මොකද ඔතන ඉන්නේ මං විතරයි , අනිත් උන් සේරම බස් එකට නගින්න පාරෙන් එහා පැත්තට යනවා . 
             වැඩ ඇරිලා ගෙදර යන කීපදෙනෙකුත් , පාට ‍තුනේ පූස් පැටව් පස් දෙනෙකුට මල් පඳුරු අස්සේ හැංගිලා කිරි පොවන පූස් අම්මෙකුත් ඇරුනාම එදා Y.M.B.A  එක ගාව බස් එකට නගින්න වෙන කවුරුත් හිටියේ නෑ. 
" මහත්තයා තේ එකක් බොන්න කීයක් හරි ගන්න බැයිද ? " ටිකක් දුරින් වෙන්න  කොනකට වෙලා බස්‍ එකක් එනකං  හිටපු අංකල් කෙනෙක්ගෙන් අතපය හතරම හොඳටම තියෙන ඒත් කෙඩෑරි වෙලාගියපු ඇඟක් තියෙන් මිනිහෙක් අහන සද්දේ , පාං කියාගන්නවත් බැරිව  පැත්තක වැටිලා හිටිය මට ඇහුනේ පාරේ මහ හුඟක් වාහන තිබුනේ නැති නිසා වෙන්න ඇති . 
මිනිහා තාමත් බලාගෙන , ඒත්  අංකල්ගෙන් නෝ රිප්ලයි .
වැඩේ හරියන්නේ නැති බව තේරුන නිසා වෙන්න ඇති මිනිහා එතනම එහා පැත්තේ හිටපු ඇන්ටි කෙනෙකුට හැරුනා .
" නෝනා ......... අවුරුද්දට දානයක් දුන්නා කියලා හිතාගෙන කීයක් හරි දෙන්න පුලුවන්ද ...... දවසටම මොනවත් කෑවෙ නෑ .... කෑවනං මෙහෙම ඉල්ලන්නෙත් නෑ " මිනිහා අඞන්න වගේ . ඇන්ටිගෙන් 10ක් හම්බවුනා . තව ‍එතන හිටපු දෙතුන් දෙනෙකුටම කථා කරල මිනිහා ඇදුනේ මං ඉදං හිටපු තැනට .......... 
නොදෝමකිං ...........දැං හරි මගෙනුත් ඉල්ලයි....  අතපය හතර තියාගෙන හිඟාකන උන්ව මට පේන්න බෑ .....එහෙම උන් රටට ණයයි . පාං කියාගන්න බැරුව ඉන්න අස්සෙ මගෙන් ජෑම් ඉල්ලන්න එන මුගේ ජාතිය අමතන්න හිතාගෙන කට උල් කරන් හිටියට මොකද ටිකක් වෙලා මගේ දිහා බලං ඉදලා මූ අනිත් පැත්ත හැරුනා........
අයියෝ සල්ලි ...... මගේ බලා පොරොත්තු සේරම ඉවරයි , මූ මගෙන් ඉල්ලුවේ නෑ ...........ඒ වෙනුවට පාරෙන් එහා පැත්තේ රතිංඤ්ඤායි අනං මනනුයි විකුනන කඩෙයක් ගාව  ප්‍රාඩෝ එකකින් බැහැලා අහස් කූරු බන්ඩලක් ගන්න මිනිහෙක් දිහා බලාගෙන හිටියා .....
                           ටික වෙලාවකිං   ප්‍රාඩෝ එක යන්න ගියා අර මිනිහත් අනිත් පැත්ත හැරිලා මං ඉදන් හිටපු පඩියට පහලින් තියෙන පඩියේ ඉද ගත්තා .
" දැක්ක නේද මල්ලි .......... " මූ මට කථා කලා 
" මොනවද ? "
" අර කාර් කාරයා සල්ලි පිච්චුවා "
" මොන ? "
" අර අහස් කූරු ගත්තේ , උන් අපි වගේ එකෙක් ඉල්ලුවොත් තමයි නෑ කියන්නේ  ............... ඒත්  අවුරුද්දට  පුච්චන්න නං ඕනේ තරං සල්ලි "
" ඒක ඉතිං ඒ මිනිහාගේ සතුටනේ , අනික මොන එකකටද ඔයා උගෙං සල්ලි ඉල්ලන්නේ . ඔය අත පය හොඳට තියෙන්නේ " මං එහෙම කිව්වේ ලාවට හිනාවෙන ගමං . මිනිහා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා .
" මල්ලි දන්නවද , කිසිම මිනිහෙක් කැමති නෑ අනුංගේ ලඟට ගිහිං අතපාන්න ........ අර කොනේ ඉන්න මහත්තයා මට සත පහක් නොදී අහක බැලුවාම , මට මොන තරං ලැජ්ජා හිතුනාද කියලා දන්නවද ....... ඒත් මං ඒක ගනං ගන්නේ නැතුව ඊලග එක්කනා ගාවට ගියේ ඇත්තටම  ඊයේ  උදේ හිරෙන් එලියට එනකොට දීපු සල්ලි සතේට ඉවර වෙලා තිබුන නිසා , අද දවසටම මං මොනවත් කෑවෙ නැති නිසා ..... "
" හිරේ ............. ?????? " අන්න ඒ වෙලාවෙනං උඩ ගියේ මාව , ලොල් ටෝක දුන්නේ වැරදි පොරකටද දන්නේ නෑ ......... ඇඟටත් පන නැතුව ඉන්න අස්සේ අවුලක් ගියොත් එහෙම බටගොල්ලෙ යන්න වෙන්නේ පෙට්ටියකින් තමයි .
" ඔවු ඔවු .............. දැං බය හිතුනද ? "
" කාටද ? " මොනව උනත් කෙලිං ඉන්න එපායැ .
" නැත්තං කමක් නෑ  !!!! මහ ලොකුවට ගහලා තියෙනවා හිරකරුවෝ මනුශ්‍යයෝය කියලා , ඒ උනාට හිරේ ගිහිං තියෙනවා කිව්වාම මෙලෝ යකෙක් ගනං ගන්නේනෑ ........ 
 ඊයේ හිරෙන් එලියට ආවාම කල්පනා  කලේ ආයේ ඇතුලට යන්න කලින්  මොනවද දැං කරන්නේ කියලා "
" ආයේ ඇතුලට යන්න හිතාගෙනද ඉන්නේ " 
" කොහොමත් යන්න වෙනවා ......... මං මුලිංම හිරේ ගියේ 92 අවුරුද්දේ , කුඩු ගහලා . මාස හයක් ඇතුලේ සතියක් එලියේ ...... දිගටම චක්කරේ වගේ ගියේ ඔය වගේ තමයි  . ඒක නවත්ත ගන්න බෑ ඒ හින්දා තව සතියකින් දෙකකින් ආයෙත් පොලීසියෙන් අල්ලං යයි "
" අම්මට සිරි ..........!!!! " ඉක්මනට බස් එකක් එන්නේ නැති හැටියක් .
" ඊයේ එලියට අවේ ආයේ නොයා ඉන්න හිතාගෙන , හොඳ මිනිහෙක් වෙන්න හිතලා ...........ඇවිල්ලා   බැනර් අඳින මුදලාලි කෙනෙක් ගාවට ගිහිං කරන්න වැඩක් ඉල්ලුවා "
" ඇයි බැනර්ම ??? " කථාවක් කියන්න යන නිසාද කොහෙද මටත් නිකං ටිකක් විතර ඉන්ට්‍රස්ට් ගතියක් ආවා .
" මට පිහිටලා තියෙන්නේ චිත්‍ර කර්මේ මල්ලි .......... පුලුවන් දෙයිං ඉස්සරහට යනවා කියලා තමයි ගියේ . චිත්‍ර පටියකට කටවුට් එකක් අදින්නයි හම්බවුනේ . මේ දවස්වල ඩිජිටල් ප්‍රින්ටිං වැඩී තමයි ඒත් සමහරු තාම චිත්‍රෙන් කටවුට් ගහනවා "
" ඉතිං "
" ටිකක් ඇඳන් යද්‍දි දීපු තීන්ත ඉවරයි , හවස් වෙලා නිසා ඔෆිස් එකේ කට්ටියත් නෑ !!! ඉතිං හිරෙන් එලියට එදිද දෙන සල්ලි වලින් තීන්ත ගත්තා .අරන් අද උදේ වෙද්දි වැඩේ ඉවරයි . වෙන මිනිහෙක් නං සතියක් හමාරක් ගනී ....... මං එක දවසිං ඉවරයි " ඒ ටික කියද්දි මිනිහගේ මූනට අමුතුම එලියක් වැටුනා .
" ඉතිං මොකද උනේ ? " 
" උදේම මුදලාලි ආවා ............. කටවුට් එක දැක්කම මිනිහගේ ඇස් උඩ ගියා මල්ලි ........ ඒත් ඒක වචනෙං පෙන්නුවේ නෑ .......... ඒතැන  වැරදී මෙතැන වැරදී .... අරකයි මේකයි කියලා තීන්ත වලට මගෙන් ගියපු ගාන දෙන්නෙ නෑ කිව්වා විතරක් නෙවෙයි 3000කට පොරෝන්දු වෙච්ච එක 1500යි දෙන්නේ කිව්වා ...... මං ඌට දෙකක් කියලා බලාගෙන ඉන්න තැනම බැනර් එකට චූ කරලා  බැස්සා එලියට ......
                                  අතේ සතයක් නැති එකෙක් විදිහට  කන්න බොන්නවත් නැතුව කරගැහුවා . වතුර ටිකක් බොන්න හෝටලේකට ගිහිම බනිනවා ගිහින් නාගෙන ඇවිත්  වතුර බීපං කියලා ...... අන්තිමට කාගෙන් හරි ඉල්ලනවා කියන තැනට ආවා ...... මොනවා කරන්නද  !               
                                                             ඉස්කෝලෙ ඇරිලා ගෙදරයන කොල්ලෙක් ගෙන් කීයක් වත් ඉල්ලන් බැරි නිසයි මං මල්ලිට කරදර කලේ නැත්තේ . ඒත් මල්ලියේ උඹ ඉගනගෙන ලොකු තැනකට ගියොත් අපි වගේ උන්ට උර වගේ සලකන්න එපා  " මට කියාගන්න දෙයක් හිතා ගන්න බැරි උනා .බනින්න කට උල් කරං හිටපු මට මොනවත් හිතෙන්නෙ නැති තැනටම ආවා .                                                            
                  ඇත්තටම හිර කාරයොන්ට මනුස්සයෝ විදිහට අපි සලකනවද . 
හිරෙන් එලියට ආපු එකෙක් දිහා නිවැරදි මිනිහෙක් දිහා බලන විදිහට අපි බලනවද ? හිතන්න දෙයක් .







ප.ලි -  එදා හම්බවුන චිත්‍ර ශිල්පියා කවුද කියන එක ගැන පසු විපරමක් කරන් ඔනේ කියලා මට හිතුනේ ඒ සිද්දිය වෙලා මාස 3ක් විතර ගියාමයි . හොයාගත්ත තොරතුරු වැලිකඩ බන්ධනාගාරේ ඉන්න බොහොම ප්‍රසිද්ද හිරකාරයෙක් එක්ක හුඟක් දුරට ගැලපුනා . 
ඒත් හරියටම නොදන්න නිසා මං නම කියන්න යන්නේ නෑ . ඒ ශිල්පියා වැලිකඩ හිරගෙදර ඇතුලේ ඇඳපු බොහොම ප්‍රසිද්ද වෙච්ච චිත්‍ර ටිකක් පෙන්නන්නං ........ ශිල්පියාව අඳුරගනී කියලා හිතනවා.  පොස්ට් එක පටන් ගන්න තැන තියෙන්නෙත් එයා ඇඳල තියෙන බොහොම ප්‍රසිද්ද චිත්‍රයක් .











Thursday, April 11, 2013

ඉතින් සමුගන්න අවසරයි , සභාවෙන් අවසරයි ..................... - විලක්කුව-

සිංහල අවුරුද්ද ලබන්න  තියෙන්නේ  අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන  කොහා මේ පාර නෑ . කො‍හාට අවුරුදු අමතක වෙලා .....
     කො‍හාටයි මටයි කියලා ‍වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ නෑ . වෙනදට ඇඳුම් ගන්න යන්න කථා කරන අම්මා මේපාර මට යන්න කථා කලේ නෑ . එයාල ගියෙත් නෑ . හැමෝගෙම හිත්වල මොකද්දෝ අමුතු දෙයක් හි‍රවෙලා , කාටවත් ඒ හිරවෙච්ච දේ එලියට දාගන්න විදිහක් නෑ . ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . කවදාවත් නැතුව මේ වගේ හෝන්දු මාන්දු ගතියක් දැනෙන්නේ ඇයි කියලා හිතා‍ගන්න  බැරි නිසා , ඇත්තම කිව්වොත් කියන්න තරං හේතුවක් නැති නිසා , හේතුව මොකද්ද කියලා හිතා‍ගන්න බැරි නිසා . 
                                                ගිය අවුරුද්දේ සැප්තැම්බර් මසේ දවසක විලක්කුව කියන බ්ලොග් එක පටන් ගන්නකොට  දිනෙල්ක කියන චරිතෙ වටේට ගොඩ නැගිලා තිබුනෙත් මේ දවස්වල තියෙනව වගේම වට පිටාවක් . හිතේ තියෙන දේ එලියට දාන්න විදිහක් නැති වට පිටාවක් . ඔනේවට වඩා වෙනස් විදිහට හිතුවාමත් හරි කරදරයි කියලා හිතෙන වට පිටාවක් මැදින් තමයි විලක්කුව පටන් ගත්තේ .
කොහොම මොන විදිහකට පටන් ගත්තත් මොකද කොළඹ ගෙන්දගම් පොලොවේ වාහන හෝන් සද්ද අස්සේ ඉදන් ලියවිච් විලක්කුවට උඹලා සේරම ආදරේ කලා .....................
වැඩිය කථා ලියවිලා නෑ , ලියවිච්ච කථා අතරේ කිසිම බොරු කථාවකුත් නෑ , මගේ අද්දැකීම් ඒ විදිහටම ලියවිලා තියෙනවා , කාටවත් ‍බො‍රුයි කියලා කියන්න බැරි විදිහට මගේ ජීවිතේ   වැදගත් කථා බොහොමයක් මේ බ්ලොග් එකෙන් එලියට ආවා .
 බ්ලොග් කෙරුවාවෙන් බොහොම ලස්සනට හිතන කොල්ලෝ කෙල්ලෝ ටිකක් අදුර ගත්තා . ගෙට්ටුවට ඇවිත් උන්ව හැබහින් දැක ගත්තා . බ්ලොග් ලෝකේ හරි ලස්සනයි , ඒක ඇත්තටම වෙනම ලෝකයක් .
ඔන්න ඔහොමයි කථාව ...............
           කලින් කිව්වා වගේම දැන් මාස තුනකට ලං වෙන්න වෙනවා විලක්කුවේ කිසිම දෙයක් ලිය වෙච්ච නැති ................. දැන් ඉතිං ඇතිනේ . මෙහෙම නිකං තියෙන එකේ තේරුමක් නැති නිසා මං හිතුවා මේක නවත්තලා දාන්න ..........පටන් ගත්තු හැමදේම කාලේ ඉවර උනාට පස්සේ ඉවර වෙන්න ඔනේ ...... බ්ලොග් එකටත් ඒ ධර්මතාවට වලංගුයි ...... අදින් පස්සේ විලක්කුව ලියවෙන්නේ නෑ ..............මගෙත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බොහෝම ස්තූතී ..
අදින් පස්සසේ ලියවෙන්නේ විලක්කුව නෙවෙයි.......... 
විලක්කුව සීසන් 2 ........... :D
හරි එහෙනං වෙල්කං බැක් කිව්වා 

විලක්කුව ලියපු දවස් ටිකේ සමරියක් නොදුන්නොත් හරි නෑනේ .........
මගෙත් එක්කම ඒ කාලෙම පටන් ගත්තු හුඟක් බ්ලොග් වලට වීව්ස් 20000 ක් ගන්න පෝස්ට්  පනහක් අඩුම ගිහින් තියෙනවා ....... හැබැයි මට ගියේ පෝස්ට් 36යි .
ඔන්න සමරිය ,
පෝස්ට් - 36 
වීව්ස් ( ලියන වෙලාවෙදී ) - 24046
එක පෝස්ට් එකකට වීව්ස් සාමාන්‍ය - 667.94444
වැඩිම වීව්ස් තිබුන පෝස්ට් එක - ගනිකාවක් සමග පැයක් ( අමුවෙන්ම ) 
අඩුම වීව්ස් - හිඟනකම 
හිට් වෙන්න පටන් ගත්තේ - 18+ ද මන්දා 

                                 සභාවෙන් අවසරයි එහෙනං 

 

Sample text

Sample Text

Sample Text