Social Icons

හොයමු බලමු

Monday, October 29, 2012

උඩු කිරිංඤා!!!!


ස්ථානය -  කොම්පංඥවීදිය පොලීසිය.
දිනය - දෙසැම්බර් 31 ( වර්ෂය මතකයේ නැත )
සම්භන්දිත චරිත - දිවා සේවා මුරය අවසන් කළ  බැරක්කයේ වාසය කරන උප පොලිස් පරීක්ශක නිලයට වඩා පහල නිලදරණ සියළුම නිලධාරීන් .
ප්‍රධාන චරිතය - ජයන්ත සමගින් උඩු කිරිංඤා !



 ඔය කලේ වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර ඇති මයේ හිතේ  ( හප්පේ ! සෑාහන කාලෙකට කලින් නේද :D ) . කිව්වත් වගේ ඇත්තටම මේ කථාව සිද්දවුනේ මොන අවුරුද්ද පටන් ගනිද්දිද කියල මතකේ නෑ, හොයාගන්න  මතකේ මොන තරං ඇව්ස්සුවත් වැඩක් උනේ නෑ ....... මතක් වෙන්නේම නෑ ! 
                                    අළුත් අවුරුද්දක් ලබනව කියන සතුටින් මුළුහිතම පිරිලා .වෙනද මොනව කළත් කොහේ හිටියත් නවය , නවය හමාර වෙනකෙට නිදියන්න ඔනේ වෙන මාත් අද ඇහැරගෙන අළුත්ම ඇදුමත් ඇදගෙන තාත්තත් එක්ක පොලීසියට ඇවිත්( හිරේ ඉන්න නෙවෙයි ඈ :D )  . අළුත් අවුරුද්දක් ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් කොම්පංඤවීදිය පොලීසියේ නිලධාරීන්  හැ‍මෝටම පවුලේ අයත් එක්ක ඇවිදින් විනෝද වෙන්න පුළුවන් විදියේ වෙල්ෆෙයා පාටියක් ලෑස්ති කරලා . මායි අම්මයි නංගීයයි තාත්තයිත් ඇවිත් ‍හිටියේ මේ පාටියට සෙටි වෙන්න .කන්න බොන්න ඇති තරම් ( වැඩියෙනුත් එක්ක ) මිසුසිකල් ශෝ එකකුත් එක්කම  ‍. බොන්න කියල කිව්වට මේ මොනවත් සැර ජාති එහෙම නෙවෙයි . කොකා කෝලා , ස්ප්‍රයිටි වගේ දේවල් :D. එදා රෑට කිසිම විදිහකින් අරක්කු විස්කි බ්‍රැන්ඩි සහ තවත් එවන් දෑ ..... පරිහරනය කරන්න එපා කියලා ඕ.අයි.සී නියෝගයක් ලැබිලයි තිබුනේ .නැත්තං උදේට ඩියුටි යන්නේ හතරගාතෙන් කියලා මිනිහා දන්න නිසා වෙන්න ඇති :D . 
                අපරාදේ කියන්න බෑ .... පට්ටම ආතල් එක ....... චිකන් ෆ්‍රයිඩ් රයිස් වලින් දෙපාරක්ම පිගාන සීගිරිය වගේ පුරවගත්තු මගේ දිහා කීපදෙනෙක් බයවෙලා වගේ බලාන හිටියා ලාවට ගේ මතකයි , ඉතින් මට පාන් යෑ . තුන්වෙනි පාරත් බෙදාගත්ත :D . ඩෙසට් එකට අයිස් ක්‍රීම් ලීටරයක් . ඔන්න ඉතින් ඊට පස්සේ තමයි පොඩ්ඩක් වට පිට බලන්න සිහියක් අවේ . ටිකක් වෙලා ඉදගෙන හිටියා ....... නිදිත් මතයි . නිසිමතේ එක තැනකට වෙලා ඉදන් ඉන්නකොට පට්ටම ආතල් ( ට්‍රයි කරලා බලන්න ) .
" මල්ලි ....පොඩ්ඩක් එනවකෝ මේ අහස් කූර පත්තු කරන්න .... "  මොකද්දෝ එකෙක් වැරදුනා , එකියක් උරසිසෙන් ඇද ඇද ආතල් එක කෑවා .අම්මට සිරි මහේෂිකා අක්ක..... තනියෙන් නම් බැරියැ හෙන පොඩි උන් සෙට් එකක් එක්ක  .කාලෙකට කලින් අපි ඉන්න ක්වාටස් වලම හිටපු, දුකට සැපට එකට හිටපු කෙල්ලෙක් , කාට බෑ කිව්වත් මෙයාට බෑ කියන්නේ කොහොමද . 
" ඇයි තනියෙන් බැරිද "
" අනේ බෑ ...... බයයි ඕයි ...."
" ඇයි ?"
" අතේ පිපුරුවොත් !"
" ආහ් එතකොට මගේ අතේ පුබුරනව බලන් ඉන්නද ආවේ """"
" අනේ මේ විකාර නැතුව පත්තු කරනවකෝ "
" මෙතන බෑ පොඩ්ඩක් එහාට යං "
" හ්ම් "
නත්තල් සීයා වගේ පොඩිඋනුත් වට කරගෙන  , පොලීසිසේ ග්‍රවුන්‍ඩ් එකට දකුනු පැත්ත්තට වෙන්න තිබුන නුග ගහ ලගට ගිහින් පොඩි උන් එක්ක  අහස් කූරු දෙක තුනක්මයැව්ව .
                               හදිස්සියේම වැඩේ නවත්තන්න උනේ ගිනිපෙට්ටිය අතේ තියාන හිටපු පොඩ්ඩගේ අතින් සේරම ගිනිකූරු ටික බිමට වැටුනට පස්සේ . එලිය තිබුනත් හතරවටෙටම විසික්වෙලා ගියාට පස්සේ ගිණිකූරු අහුලන එක ලේසිනෑ. ඒ නිසා ප්ලෑන මාරු කරන්න ඔනේ ....... උදාහරනයක් විදිහට ගත්තොත් අළුත් ගිනි පෙට්ටියක් ඕනේ වගේ ප්ලෑනක් . ඒත් මේ හදිස්සියේ කොහෙන්ද ? ගෙවල් වල ඉන්න සේරම මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ පාටියේ , ගිනිපෙට්ටි ගන්න කියලා ඒ අයව ගේවල් වලට එක්ක යන්න බෑනේ . උගතෝකෝටික ප්‍රශ්නයකට මූණ දීලා ඉන්න මේ වෙලාවේ මගේ ඇහැට වැටුනේ බැරක්ක පේලිය අයිනට වෙන්න පොඩියට හදලා තිබුන කාමර කෑල්ල අස්සේ මිනිස්සු ගැවසෙන චායාව. ඇත්තටම කිව්වොත් බැරක්කෝ කොල්ලෝටික තමයි එතන කැරකි කැරකි ඉන්නේ  . එතෙන්න ගියොත් ගිණි පෙට්ටියක් ශුවර් . ගෑල්ලමයි යන්න බෑ කියල අදිමදි කරන අල්ල පනල්ලේ මම වීරයා වගේ ඒ පැත්තට ඇදුනා .
මෙන්න බොලේ අර පාවිච්චි කරන්න බෑ කියලා තහංචි දාපු ‍ජාතියේ බීම ... ඔව් ඔව් ඒ බීම තමයි , රට ඒවා කාමරේ ඇතුලේ කිසිම තහනමක් නැතුව වීදුරුවලට පිරෙනවා . මොන තහනමක්ද , මට ලාවට වගේ හිනාත් ගියා , අඩි අටේ අටේ කාමරය් ඇතුලේ , බැරක්කේ ඉන්න සේරම බොහෝම අමාරුවෙන් පුටු තියාගෙන බොනවිදිහ දැක්කහම . මොන රාජකාරිය කළත් උනුත් අපේ රටේ අපේ ගම්වල කොල්ලෝනේ . අවුරුද්දට ගමට යන්නවත්නෑ විතරක් නෙවෙයි , කාලක් දාගන්න වෙලා තිායන්නේත් හොරෙන් . දන්න කවුරුත් ඉන්නවද ........ 
" මොනවද පුතා මෙතන කරන්නේ " ආහ් ..... ඔය ඉන්නේ ජයන්ත අයියා .
" ආහ් ...... මේ ජයන්ත අයියේ  මට ගිනි පෙට්ටියක් ගන්න පුළුවන් වෙයිද ! .... අපි එලියේ අහස් කූරු අරිනවා "
" අප්පද බොල උඩු කිරිංඤා ..... මෙන්න පුතා මේක අරන් යන්න " ජයන්තයා නං නහුතෙටම සූර්වෙලා, එහෙනං අපි එලියේ අරින්නේ උඩු කිරිංඤා ඈ.
" තැන්ක්යූ " මං ඉස්සරහට ගිහින් ගිනිපෙට්ටිය අතට අරන් යන්න හැරුනා .
" පොඩ්ඩක් ඉන්ටකෝ පුතා ........ ආ හ් ...... මෙන්න තවත් කූරු ටිකක්..." මැද තිබ්බ මේසේ අස්සෙන් අහස් කූරු සීයේ ‍බන්ඩලයක් ඇදලා අරන් එතනින් දහයක් විතර මට දික් කළා .ඒ හැම එකක්ම එකට අමුනලයි තිබුනේ එක ගිනිකූරෙන් 100ම යවන්න පුළුවන්  . 
" පත්තු කරන්න ...... පරිස්මෙ‍න් "
" මරුනේ ........... තැන්ක්යූ අංකල් , අපිගියා ................."                  ගිණි පෙට්ටියක් විතරක් නෙවෙයි තව උඩු කිරිංඤා තොගේකුත් අරන් වීරයා ගේ මං එන දිහා ඇත පොඩි උන් බලාගෙන ඉන්නව .
කාමරෙන් එලියට බැහැලා මීටර්  පහ හයක් වත් එන්න උනේ නෑ .කාමරේ ඇතුලෙන් මහ හයියෙන් මොකද්දෝ පුපුරනව ඇහුනා , තව එකක් , හත් ඉලව්වයි සූ ගාන සද්දෙත් එක්ක කාම‍රේ ඇතුලේ මොනවද මොනවද එකදිගට පුපුරනවා  ............. .පොඩ්ඩක්  හැරිලා බැළුවා ...... එකෙක් මහාහයියෙන් කාමරේ තිබුන එකම දොරත් ඇරගෙන පණ කඩාගෙන දුවන්න තියා ගත්ත . එකේක නෙවෙයි ......සේරම උන් තෙරපි තෙරපි එලියට එන්න දඟලනවා .... මෙච්ච වෙලා වහල තිබුන ජනේලෙත් ඇරලා  සමරුකාමරේටම තිබුන එකම ජනේලෙන් එලිටයට එන්න දඟලනවා . 



වැඩේ මීටර් උනේ දැන් .............. ‍මොකෙක් හරි එකෙක් වෙරි මරගාතේන් අර අසහ්කූරු බන්ඩලේට ගිනිකූරක් ගහලා .කට වෙනකම් පිරිලා තියෙන අඩි අටේ අටේ කාමරය් ඇතුලේ අහස් කූරු සීයක් යන්න ගත්තහම කොහොමද !!!!! කට්ටියට එදානම් වෙරි අමතක උනා මයේ හිතේ ........
කලින් දවසේ රෑ සීයේ බන්ඩලේට ගිණි කූරු ගැහුවේ , මට ගිණි පෙට්ටිය දීපු ජයන්තයාම බව පහුවෙනිදා වෙනකොට ආරන්චි උනා . දන්න තරමින් එදායින පස්සේ මිනිහගේ නමත් වෙනස් උනා . ඒ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ .මොකද මිනිහා තවම ඒ පොලිසියේමයි වැඩ කරන්නේ .

ඔන්න ඔහොමයි අළුත් අවුරුදු උදාවෙදි මං ගිණිපෙට්ටියක් ඉල්ලන්න ගිහින් පින් රැස් කරගත්තේ . එදා මං ඒ කාමරේට නොගියා නං අර අහස් කූරුබන්ඩලේ මේහේ අස්සෙන් එලියට එන්නේ රෑ 12 ට . මං නිසා කලින් එලියට ඇවිත් කලින් උඩ ගියා . වෙලාවට කාටවත් අනතුරක් උනේ නෑ.

Friday, October 26, 2012

( 18+ ම තමයි ) දැඩි මතධාරියාගේ අවිහින්සාවාදය !!! ( කලම්බෝ නයිට් ලයිෆ් )




කලම්බෝ නයිට් ලයිෆ් පරන ලිපි බැළුවේ නැද්ද !!!!!  ඔන්න කියවගෙනම එන්නකෝ ,

1.
පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!
2.දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්

නෑ දැන් ජීවිතේ වෙනස් .............ටේනි‍න් වෙන ෆාමසිස් කෙනෙක් විදිහට යූනියන් කෙමෙස්ට් එකේ කරපු ජොබ් එකට  ආයුබෝවන් කියල මාසෙකටත් කිට්ටු නිසා  වැ‍ඩ ඇරි‍ලා එන ගමන්  රෑට පිටකො‍ටුවේදී ලැබුන අද්දැකීම් දැන් ලැබෙන්නේ නෑ . ඒ නිසා, මේ ලිපියත් එක්ක මං ලියාගෙන ආපු නයිට් ලයිෆ් ලිපි පෙල ඉවරවෙයි ! 

 හැමදාමත් වගේ 10.30ට තියෙන 138 අන්තිම බස් එකට  නගින්න මං වගේම තවත් කීප දෙනෙක්ම හයිඩ් පාක් එක ළග තියෙන ආපිකෝ එනක ඉස්සරහට එකතු වෙනව .  එය අතරෙන් හැම කෙනෙක් එක්කම කථා කරලා නැති උනාට  හිටියොත් කථා නොකර යන්න වෙන්නේ නැති  එකම එක චරිතයක් හිටියා.
                                              වයස අවුරුදු 55ක් විතරවෙන උදැට ‍අපි ආරියරත්න කියලා කියමුකෝ .මේ දැන් අපුල්ලපු තරමට දිලිසෙන සුදු සරමකුයි , ක්‍රීම් පාට ඒත් ටිකක් විතර පො‍ඩිවෙලා ගියපු අත් දිග කමිසෙකුත් ඇදගෙන , කැරකිලා ගියපු උඩු රැවුලකුත් කළු කුඩයක් අරගෙන සතියට දවස් තුනක් විතර මං නගින තැනින්ම බස් එකට ගොඩවෙලා කොටුවට යන ආරියරත්න කියන්නේ අමුතුම මිනිහෙක් , වගේම දැඩි මතධාරී මූලධර්ම වාදියෙක් !! . කොහේදෝ මොනවදෝ ජාතියක් විකුනන උන්දෑ කොළඹට එන්නේ සතියට දවස් තුනයිලු . 
                       හාමුදුරුවරු වුනහම මස්මාළු නොවැළදිය යුතුයි  වගේම සෙරෙප්පු දාන්නත් හොද නෑළු  , ගෑණු අයට පන්සල් එන්න නොදිය යුතුයි හාමුදුරුවන්ගේ සීලේ කැඩෙනවළු , ළමයිත් එක්ක ඔට්ටුවෙන ගෑණුන්ට මොන ඉස්කෝලද , මධුසමයට සුදුරෙද්ද අනිවාර්්‍යයි ,........... ඔය වගේ මාතෘකා ගැන බස් එකක් එනකන් මොකෙක් එක්ක හරි වාද කරන එක තමයි උන්දෑගේ රෑ රාජකා‍රිය උනේ . හුගක් දෙනා කට වහගෙන පැත්තනට උනේ මුගෙන් බේරෙන්න බැරි නිසා , ඒත්  එකග වෙන්න බැරි දේවල් කොහේ හරි කථා වෙනව ඇහෙනකොට මගේ මොකද්දෝ  එකකට අමාරු හුගක් දවසට  නිසා බස් එකක් එනකන් මු මගෙත් එක්ක ඇර ගන්නමයි ට්‍රයි එක . ගණිකා වෘත්තිය ගැනඇදිල ගිය කථාවක් මල පැනගත්තු මූ  එක දවසක්  බස් එක එනකන් නොඉද පයිනුත් ගියා මතකයි .සමාජයටම පිලිලයක් වෙන ගනිකාවෝ සේරම එකතු කරලා කාමරෙකට දාලා ගෑස් ගහන්න ඔනේ කියන මතේ තමයි බුවා හි‍ටියේ ................... 
වැඩපොලට සමුදීලා එන්න උන අන්තිම දවසේදී වෙනදට වඩා ටිකක් පරක්කු වුනා....  කොටුවට එන්න උනේ අවිස්සාවේල්ලේ ඉදන් එන  බස් එකකට පැනලා බලෙන්ම වගේ නවත්තලා . කොහොම හරි කොටුවට  එනකොට 11.30ට විතර ඇති . මල්වත්ත පාරට හැරෙන  තැන තියෙන නයිට් කඩේ ඇරුනම කවදාවත් නෑතුව තවත් එක අදුරන කඩයක් ඇරලා තිබුනා ....... ඒකඩේ කරන්නේ ඉසකෝලේ හිටපු යාළුවෙක්ගේ තාත්ත කෙනෙක් .ඔළුව අතුලව දා‍ලා බලනකොට  මෙන්න සමීරයාත්   ඇතුලේ !!දැන් ඉතින් කථා නොකර යන්න බැරි නිසාම  ටෝකක් දීලා යන්න නැවතුනා .....   එතනත් මගේ වගේම සමුගැනීමක් , උන් කඩේ කිරිබත්ගොඩට අරන් යනවලු, බඩු ටික අහුර අහුර තමයි ඉදල තියෙන්නේ  . මමත් ඔන්න ඔහේ කියල උදව් කරන්න පටන්ගත්ත . 

" පුතා පෙට්ටි සේරම ඉවරයි ....... පොඩ්ඩක් ඔය ඉස්සරහ පාරේ ගිහින බලන්නකෝ රෙදි කඩවල මිනිස්සු  හිස් පෙට්ටි දාලා ගිහින් තියෙද කියල ?"
" හරි ........ වරෙන් දිනෙල්ක පොඩ්ඩක් ඔළුව දාලා බලමු ගන්න පුළුවන් මෙනවත් තියෙනවද කියල "
" හම් ... යමන් !! හැබැයි පරක්කුවෙන්න බෑ බං " 
" හරි හරි ......... ටක් ගාලා එමු .... අනික ‍ඔවයේ නියම නියම දේවල් සිද්දවෙනව " ඌ ඒටික නම් කිය්වේ කන ලගටම කරලා.
හැමදාම රෑට ඇවිදින්නේ එකම ටිකේ !ගිහින් බලන් මොන තරම් කැමති උනත් නොගිය  එතනින් එහාට තියෙන අදුරු වීදිවලට යන්න හම්බ වුන චාන්ස් එක නිසා මාත් යන්න පිටත් උනේ හෙන ආසාවෙන්  .....ඒ  කිව්ව වගේ මොනව සිද්දවෙන මරු දේවල් කියල බලාගන්න .
" කෝ බං මොනවත් නෑනේ !!!" 
 "පෙට්ටිද ? "
"රෙද්දේ පෙට්ටියක් නෙවෙයි යකෝ .... අර‍ මොනවද තියනව කියව්වේ එවා "
" ආහ් ..........ඉස්සරහට යමන්කෝ පෙන්නන්න " දවල්ට හැරෙන්නවත් ඉඩක් නැති පාරවල් රෑ වෙනකොට  බල්ලෝ විතරක් ඉන්න පාරවල් වෙලා.  සමීර  එකපාරටම නැවතුනා .
" අන්න බලහන් ඉස්සරහ ..... දැක්කද .... "
" කෝ බං මොනවද ? "
" බලහංකෝ ගොනෝ ..... පේන්නේ නෑද්ද .... ඔය ලෑලි ගොඩට මුවා වෙලා දෙන්නෙක් වැ‍ඩ "  කියලා මීටර විස්සක්  විතර එහායින් තාප්පෙකට හේත්තු කරපු ලෑලි ගොඩක් පිටිපස්සේ දගලන රෝල්වෙන ගුලියක් දිහාට අත දික්කලා .
" මොනවද බං  ඒ කරන්නේ !!! "
" මොකෙක් හරි එකෙක් බඩුවක් ගහ@$%$ ව බං "
" මොනව !!!! මොන හත්ඉලව්වක්ද ඒ !!! යකෝ මේ පේමන්ට් එකේ ඕක කරන්න තරං අසහනකාරයෝ ඉන්නවද බං "
" දවල්ට හිගාකන ගොඩක් ගෑනු රෑට මෙහෙම තමයි !!!! ගාන අඩු නිසා එන එවුන් ඔන තරම් ඉන්නව "
" මේ මදි බං ...... පොඩ්ඩක් යමන් ඉස්සරහට බලන්න " එහෙම කියල අඩිදෙකතුනක් වත් යන්න උනේ නෑ.........  ශික් ! අපිව දැකලා මල පැනපු ,කොහෙද හිටපු බලු තඩියෙක් බුරන්න තියාගත්තේ නැද්ද . දගල දගල හිටපු දෙන්නගෙන් ගෑනු කෙනා බල්ලගේ සද්දේත් එක්ක ඔළුව උස්සලා බැළුව මීටර පහලොවක් විස්සක් තිබුනත් අපිව දකින්න ඇති ...කවුරුවත් නොහිතපු විදිහට  එකපාරටම නැගිටලා ඇදුම්ටිකත් පටලව පටලව දුවන්න තියාගත්තා .
" අපි පොලීසියෙන් කියල හිතන්න ඇති " ඒ සමීර .
 ගෑණි දුවන්න පටන් ගද්දිම මිනිහගේ බෙල්ලද කොහෙද පෑගුන නිසා මිනිහට නැගිටන්න වෙලාගියා ... මොකාද මේ අසහනකාරයා කියල බලන්න මට සෑහෙන උවමනාවක් තිබුනා .
හොදට දැකල පුරුදු මූණක් දූවලි ගස ගස ලෑලි අතරින් එලියට ආවා ........ ඇස්දෙක උඩ මාව ඉද්දඋනාද කොහෙද ..... මෙන්න මූ .....  , ආරියරත්න ..........

" ඔක්කෝම එකතු කරලා ගෑස් ගහමු නේද එහෙනං " ඌට ඇහෙන්න එහෙම කියපු මගේ දිහා ඇස් පුන්චිකරලා බලල වචනයක්වත් නොකියා යන්න ගියා .

Sunday, October 21, 2012

හදිසියේ මුනගැසුනු මහසෝනා ! ( අවතාරමය )

         
                            ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න  ‍කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට  රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති.

උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි .
" ගල්වල හන්දිය බහින අය ඉස්සරහට එන්න " සී.ටී.බී බස් එකේ ටකරන් වහලෙව වැටිල වේදනාවේන කෑගහන වැහිබින්දුවල සද්දේ අස්සෙන් ,කොන්දොස්තර කථාකරපු සද්දේ ඇහුනේ හරියට පොඩි හාමුදුවෝ කෙනෙක් සෑහෙන දුරක ඉදන් කියන කවි බනක් වගේ සීරුවට . 

                                        පලාතම මීදුමේ ගිලිල තියෙන අස්සේ  මං ඊළගට නවත්තන තැන්නි බස් එකෙන්,රෙදි පුරවපු බෑග් එකත් අරන් බහින්න ඔනේ .කුඩේක වටිනා කම තේරෙන්නේ දැන් තමයි .
                              එදා හවස් වරුවේ කොළඹින් ගම්පොල බස් එකට නගිනකොට පටන් ගත්තු වැස්ස මගෙත් එක්කම ගම්පොලට ඇවිත් ...... තවමත් මගෙත් එක්කමයි .හයයි කාළට ගම්පොලින් පිටත්වෙන උඩුවැල්ල බස්එක මග ඇරුනෙත් ඊට පස්සේ අට වෙනකන් ගම්පොල ඩිපෝවට වෙලා වෙව්ල වෙව්ල ඉන්න උනෙත් මේ කාලකන්නි වැස්ස නිසාම තමයි .
අටට විතර ආපු ලදරම් බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන ඉදගෙන බලාගෙන හිටියේ, වැහි පොද සැරේට දියවෙන්නේ නැතුව ඉන්න දගලන ගම්පොල ස්ටේශන් එකේ නාම පුවරුව දිහා, කිසිම හැගීමක් නැති හිස බවක් ඒ වෙනකොටත් මාට වටකරගෙන ඉවරයි  .මං ඇරුනම මුලු බස්එකටම හිටියේ ‍තව දෙන්නෙක් විතරයි.
" ලෝකානන්ද පන්සල ගාවදි කියන්ට පුතේ " මගේ ඉස්සරහින් හිටපු වයසක අම්ම  කොන්දොස්තරට කියනව ඇහුනේ බොහොම ලාවට .
මගදි කිසට කෙනක් බස් එකට ගොඩ වුනෙත් නෑ .ගම්පොල නාවල පිටිය පරන පාරේ මුල්ලකට වෙන්න තියෙන ගම්පොඩ්ඩක තමයි අපේ මහ ගෙදර තියෙන්නේ.
                   බහින තැනටත් ආවා , දවාලටත් පාළුවට තියෙන අංක 19 තේ කෑල්ල ලග තමයි ගල් වල හන්දිය තියෙනන්නේ , කුරුදුවත්ත         ( කොළඹ එක නෙවෙයි ) ටවුමේ ඉදන් ගමට යන්න අපූරු තාර පාරක් තියෙන වුනත් ....මගදි හම්බවෙන සොහෙන් පිට්ටනිය පහුකරන් යන්න හිතේ  තියෙන බය නිසාම මං තෝරගත්තේ මේ 
19 තේ කෑල්ල හරහා ගමට යන්න පුළුවන් අඩිපාර . තේරීම වැරදී කියයල හිතුනේ බස්එකෙන් බිමට අඩිය ති‍යපු වෙලාවෙමයි , ඒත් දැන් පරක්කු වැඩී. 
                             මොකෙක් හරි එකෙක් ලග ඉදන් ඇගිල්ලෙන් ඇහැට ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි . තද වැස්ස නැවතිලා තිබුනත් ඝණ සැරේට මීදුම මදිවට පට්ටම හීතලයි ........... මාමාට දෙන්න කියල දීපු රෙරන්කෝට් එක බෑක් එකෙන් එලියට අරන් ඇද ගත්ත .ෆෝන් එ‍කේ ටෝච් එක ඔන් කරන් මහ පාරෙන් ,අඩි  පාරට අඩිය තිබ්බේ මෙච්චරවෙලා නැවතිලා තිබුන වැස්ස විදුලිකොට කොටම ආයෙත් පටන් ගන්නවත් එක්කමයි . 
                             වෙලාව රෑ දහයට නැත්තං දහය හමාරට විතර ඇති .
ඔන්න දැන් "කොල්ලෙක් රෑ  දහයට කොල්ලෙක් මහ වැස්සේ පාළු තේ වත්තක් මැද්දේ , මනුස්ස පුළුටක්වත් හොයාගන්න නැතුව " ,බො‍හොම ඈතින් තිබුනු ලැයිම් පේලියක තිබුන  ගෙදරකින බේරිලා එන චිමිනි ලාම්පු එලියක් හැරුනම ඇහැ නිවා ගන්න කිසිම දෙයක් නෑ .සැරින් සැරේට පලාතම දම්පාට කරගෙන මතුවෙලා නැතිවෙන විදුලි එළී වලින් ,තේවත්ත මැද්දේ තිබුන මාර ගස් පෙනුනේ මගේ ඇගට පනින්න බලාන ඉන්න රාක්ෂයො විදිහටයි . කාලෙකට කලින්, මං ගමේ ඉස්කොලෙට යන කාලේ මේ වත්ත ඇතුලේ මාර ගහක එල්ලිලා මැරිල හිටපු , ඉස්කෝලේ ඇරිල එන කොල්ලෙක් හොයගත්තු දෙමල කෙල්ලව මගේ මතකෙට ආවේ මේ වගේ විදිහට වටපිටාව හැදිල තියෙන කොටයි.
මොන තරම් හිත හයිය වුනත් ඒ වෙලාව වෙනකොට මට සැරින් සැරෙට පිටිපස්සටත් ටෝච් එක ගහල බලන්නේ නෑතුව යන්න හිත දුන්නේ නෑ . .... ඔළුව යකාගේ කම්මල වගේ වෙලා තිබ්බ ඒවෙලාවේ කෝල්කරපු පියුමි නංගිට පින් සිද්ද වෙන්න ඔනේ ,
" චූටි අයියේ කොහෙද හලෝ ඉන්නේ ??? අද එන්නේ නැද්ද ..... 11.00 ත් වෙලා " 
" ඔහොම ඉන්නව ! මං මේ මග ............... 19යේ මුදුනේ ඉන්නේ "

" මොනව !!!!!! පිස්සුද හැබෑටම මේ මහරෑ කැලෑවල රිංගන්න. "
" ඉන්න ඉන්න දැන් එනව "
" අනේ..... වල් ඌරෙක් පැනපිය ඉස්සරහට ...... එලිවෙනකං ගහක් උඩ ඉන්න "
" තුහ් ...... නොදකින් විතරක් කට !"
" හී හී.......... ඉක්මනට එනව පරිස්සමෙන් " 
දැන් හිතට ෆිට් ...... ඔනේ අට මගලක් කියල ආයෙත් යන්න පටන් ගත්ත . කොහොමෙන් කොහොම හරි ....... දහ නවය තේ වත්තේ මුදුනට ආවා ...වෙලාව දොලහට කාලයි .වැස්ස නැවතුනත් පොද ගහනව ..... 
                                 කන්ද මුදුනට පය තියපු වෙලාවේ ඉදන් මහ අමුතු විදිහට සීතල වැඩිවුනා, මල මිනියක් බදාගෙන ඉන්න සයිස් එකට සීතලයි , කටින් දුම් පිටවෙන ගානට ...... මේතරම් සීතලක් මෙච්චර වෙලා තිබුනේ නෑ ,තව විනාඩි දහයක ගමනක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ . 
                       මුදුනට වෙලා ටිකක් හිටපු මං ආයෙත් ගමන පටන් ගත්ත .ඒත් වැඩි වෙලාවකට නෙවෙයි,ඒ  මෙච්චරවෙලා ආපු අඩි පාර හරස් කරගෙන  පර්වථයක් වගේ මගේ දිහා බලාගෙන හිටපු මී හරකෙක් නිසා .අයාලේ යන උන් නැති වුනත් මී හරක් අපේ ගමට අළුත් ස‍ත්තු ජාතියක් නෙවෙයි , එත් තේ වත්තක් මැද්දේ මී හරකෙක් !! ටිකක් අමුතුයි , මොකද උන් කොළ කන්න කැමති සත්තු ජා‍තියක් නෙවෙන නිසා .ඒ මදිවට පාරත් හරස් කරන්. ටිකක් වෙලා බලන් හිටියත් මූ අහකට යන පාටක් නෑ , යන්න වෙන පාරකුත් නෑ ඒ නිසා මට කරන්න තිබුන එකම දේ මූව එලවලා දාන එක .මොනව උනත් ළගට යන එක අවුල් වගේ නිසා මං කලේ තඩි ගලක් ඇරගෙන හරකට කෙලල ඇරපු එක . අමුතු  විදිහට පිඹල මගේ දිහා බලපු සතා පාරෙන් අයින් වුනා ........ ඒත් දැන් අළුත්  බාධාවක් මතුවෙලා .
                                          මෙච්ච වෙලා ඇවිදන් ආපු අඩිපාර ...... එක අතුරුදහන් වෙලා ..... මං හිටන් ඉන්නේ නිකම්ම නිකං තේ ගස් ගොඩක් මැද්දේ ! ඒ පාරනං ඔළුව හොදටම අවුල් වුනා .......... හොදටම විස්වාසයි හරකට ගල් ගැහුවේ අඩිපාරේ ඉදන් කියන එක, ඒත් දැන් මං කොහෙද මන්ද වෙන තැනක ..... නෑ වෙන තැනක වෙන්න බෑ ... එතනමයි . මොකද හරකා ඉන්නේ මට පේන මානේ....... ඒත් පාර නෑ . බැග් එකත් එල්ලගෙන එහේ මෙහේ කැරකුනේ පාර හොයන්න ...එත් කෝ ....... . මේවෙනකොට මට , මෙතන වෙන්නේ මහ අමුතු දෙයක් කියල තේරිලා ඉවරයි . මොනපැත්තට මොන තරම් දුරක් ගියත් මට අර කියපු මී හරකාව පේන මානයෙන් එහාට යන්න බෑ , කොච්චර දුර ගිහින් හැරිලා බැලුවත් ඌ කලින් දැක්ක දුරින්ම මගේ දිහා බලාගෙන ඉන්නව . පාර‍හොයන එක පැත්තක දාපු මං දැන් උත්සහ කරන්නේ හරකව මග අරින්න . ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල මට තේරුනේ පැයක් විතර ඔහේ ඇවිද්දට පස්සේ .අන්තිමට බැරිම තැන මං ගිහින් උස ගලක් උඩ වාඩිවුනේ එලිවෙනකන් ඉන්න හිතාගෙන, කළු මී හරකා තාමත් මගේ දිහා බලාගෙන . පොඩි පොඩි ගල් කැට අරන් මං ඉන්න තැන ඉදන්ම ඌට ගැහුව , වදින වදින හැම පාරකටම මූ නයෙක් වගේ පිඹිනව, එත් හෙල්ලෙන්නෙවත් නෑ .එතන මොන තරම් වෙලා ඉදන් හිටියද , අන්තිමට මතක තිබ්බේ කවුදෝ කට්ටියක් මගේ නමකියල කෑගහන සද්දෙත් එක්කම අර මී හරකා පිඹගෙන මගේ දිහාට දුවගෙ ඇවිත් මගදි අතුරු දහන් වුන හැටිත් ,මං ගල උඩ ඉදන් බිමට පැන්න හැටිත් විතරයි .
                              ඇහැරෙන කොට මං හිටියේ ... ගමේ අපේ ගෙදර කාමරයක , ආච්චි අම්ම මගේ දිහා බලාන හිටියා.
" මොකද මගේ පුතේ උනේ "

"‍ අනේ මන්ද ! කොහෙද යන මී හරකෙක් නිසා පාර වැරදුනාද කොහෙද ... අන්තිමට ඌ මගේ පැත්තට දුවගෙන එනකොට පැනපු එක විතරයි මතක ,,,,,, කොහොමද ‍මං ගෙදරට ආවේ ? "
" අපි ගිහින් අරන් ආවා .......... පාර වැරදුන විදිහ තමයි හිතා ගන්න බැරි , උඹ ගලක් උඩ ඉදන් පනිනව අපි දැක්ක .... ඒ ගල  පාමුලින්නේ අඩි පාර යන්නේ .... අනික මී හරකෙක් හිටියේ නෑ .............. "
"ඌ කොහෙට හරි යන්න ඇති"
"මොන පැත්තට ඇවිද්දත් හරකව මග අරින්න බැරිවුනා නේද ?"සීයත් කාමරේට ආවා .
" කොහොමද ඒක දැන ගත්තේ !!!!! ඌ මගේ පස්සෙන් එන්න ඇති " 
" උඹේ කේන්දරේ බලගතු නිසායි , උඹ උපන්නේ  රාස්ස ගනෙන් නිසායි  පුතේ බේරුනේ නැත්තං මහසෝන් පිල්ලියට ගල් ගහපු එකෙක් බේරෙනව බොරු "
" මහසෝන් පිල්ලි !!!!! ගල් ගහපු එකත් දැක්කද ? "

" පිස්සුවෙන් වගේ  මොකකටදෝ ගල් ගහනව අපි ඈත තියාම දැක්ක "




ප.ලි - කථාව 100% සත්‍ය වන අතර .... මෙහි මම යනු මමම වෙමි . මහසොනා හෝ වෙනත් අයෙක් හෝ අදුර හා හිතේ වූ බිය නිසා දුටවක් වේවා , පැය කීපයකට හෝ මහසෝනා හමුවන්නටත් ඌට ගල් ගසන්නටත් මා සමත්වූවෙමි. පසුදා එලිවනතෙක් මහසෝනාට මී හරකෙක්ගේ වෙස් ගන්නට හැකිබව මා නොදැන සිටියෙමි . ඒබැවින් ඒ ඒ රාත්‍රියේ මුනගැසුනේ මහසෝනාම විය යුතුය . 

ප.ප.ලි - යලි මහසෝනා හමුවූයේ නැත.

Saturday, October 20, 2012

( ගෑල්ලමයින්ට අතිවිශේෂ )උඹට ඔනේ නම් දරුව තනියෙං හදාගනිං , බැල්ලි!



      
                                     ජීවිතය ජීවත් කළයුතුය , ඒ හොද අනාගතයක් වෙනුවෙන් හෝ අතීතය සිහිකිරීමෙන් දුක් වීදීමට නොව ,ගෙවෙන්නාවූ මේ මොහොත තුළ  ජීවත්වන බව වටහා ගැනීම සදහාය .
                                            මේ ගෙවෙන්නේ අමුතුම කාළ වකවානුවක් බව මා අමුතුවේන විස්තර කළයුතු නැතැයි සිතමි . රට සමාජය වෙලාගත් අදුරු සෙවනැල්ලක ඇති බව වැටහෙන නමුත් කිසිවක් කර කියා ගත නොහැක , යන  අමිහිරි හැගීම විටින් විට සිතට වද දෙන්නේ යකඩ බරුවක් උගුරේ හිරවී ඇති විට දැනෙ‍න වේදනාවට සමාන වේදනාවක්ද සමගිනි . ‍ 
             මිනිසුන්ගේ හැගීම් වෙනස් වී ඇත්තේ අරුම පුදුම ලෙසිනි. ඒ වෙනස ගනු ලබන්නේ සාමාන්‍ය සමාජ සම්මතයන්ගෙන් ධණ ආකල්පයද නැතහොත් ඍණ  ආකල්පයදැයි සිතාගැනීම දුශ්කර වී ඇත්තේ මන්දැයි මටම නොවැටහේ . සාමාන්‍ය සමාජ සම්මතයෙන් පිටමන් වී අළුත් ලෝකයක් මගේ විදිහට දකින්නට වෑයම් දැරූ මා  විප්ලවය අගය කළ අයෙක්මි . වෙනස ඇතිවී ඇත , නමුත්  ඒ මා විසින් බලා පොරොත්තු වූ වෙනස නොවේ.
                   තිස් අවුරුද්දක් යුද්ධයෙන් බැට කෑ නමුදු මිනිසුන් චින්තනය අතින් ජීවත් වු‍ නිදහස්  කාළයක් විය , දැන් තත්වය එසේ  නොවනා බව හැගීමයි , සියල්ල උඩු යටිකුරුවී ඇත . ලගදී ලියවුන දරුවන් මරා දැමීමට අදාල ප්‍රභන්දමය කථාවක් නිසා ඒ කුරිරු යට ගියාව යලිත් මා දෑස් මානයේ ‍‍යේ ප්‍රකිනිර්මානය විය. මීට වසර කීපයකට පෙරාතුව මා කණ වැකුනු මේ සිදුවීම කිසුදු අයුරකින් ප්‍රභන්ධයක් නොවනා බව අවභෝධ කර ගැනීමට කථාව කියවන ඔබට  වැටහේදැයි නොදනිමි .කළ හැක්කේ කථා රසය එක් කරලීමෙහි ලා කිසිදු කොටසක් ඉවත් නොකල බවත් කිසිදු කොටසක් අළුතින් එක් නොකළබවත් පොරොන්දු වීම පමණී.  හැම කුණු ගොඩකටම ඔළුව දමන්නට බලා සිටින්නෙකු නොවන මා , මේවන් පාපතර  කථාවක්  සවන වැකීමට පාප කාරීයෙකු වූයේ කෙලස දැයි වටහා ගත නො‍හැකි මුත්, එතුලින් මා ජීවිතයේ වෙනත් මානයක් දුට බව නොපැකිලව පැවසිය හැක.
                                          සුපුරුදු පරිදි අමතර  පන්තියේ  අවසාන පේලිය පිරී තිබුනේ මා ඇතුළු මගේ මිතුරු කැළගෙනි . වෙනදා පන්තියේ පසුපස බැලීම තබා පසුපස දොරටුවෙන් පිටවීමත් කරුමයක් ලෙස දකින ඇයටද එදින උරුම වී තිබුනේ පසුපස පේලිය වීම දෛවයේ සරදමක්ම විය . එදින එසේ නොවුනා නම් ඇය කිසිදිනක මගේ මිතුරියක නොවනු ඇත , මේ කථාව කිසිදා ඔබ හමුවේ තැබීමට සිදු නොවනු ඇත . එදින ඇරඹි පළමු හා අවසන් පේලි අතර මිත්‍රත්වය වසර දෙකක් පමණ යන තෙක් එලෙසින්ම විය . මිත්‍රත්වයේ බැමි බිද දමා එතනින් එහා ‍යන්නට අප දෙදෙනාගේන් කිසිවෙකුත් තැත් දැරුවේ නැත . ප්‍රේමය , ජීවිතයේ පළමු වරට පවුලෙන් පිටස්තර ස්ත්‍රියකට ආලය කරන්නට වීමි , නමුත් එය ඒක පාර්ශීය විය . ඇයද මා පිළිඹද යම් ඇල්මකින් කටයුතු කරන්නට අරඹා කාළයක් ගෙවී‍ගොස් ඇතත් ඇය වෙනුවෙන් මා හද තුල  වෙන්කළ ඉඩ පිළිඹදව ඇයට පවසන්නට අපොහොසත් වීමි. සියල්ල  අවසාන        ( ඇත්තෙන්ම එය ආරම්භයක්ම පමණක් විය ) වුයේ මා බලා සිටියදී, ඇය , වසර හයක් පමණ වැඩිමහල් ලුතිනන් වරයෙකුට ඇගේ අයිතිය පවරා දීමෙනි . ආදරය වෙනුවෙන් මා  ජීවිතයේ  පළමු කදුල එය විය . නිහඩව ගෙවී ගිය තවත් වසරකි . මෙවර මා ඇය දුටුවේ මාස හය කට පමණ පසුවය . ඒ  ඇයත් මාත් හමුවූ  ඒ අමතර පන්තියේම ගුරු කාමරය තුලදීය. ප්‍රේමය සිතින් වියකී හමාර නමුත් ඇය පිලිඹද මා තුළ වූ උනන්දුව එලෙසමය , ගුරු කාමරයේ කවුලුව වෙත ගොස් ඇතුලත කථාවට කන් යොමා සිටීමට මා පෙළඹවූයේ  ඒ උනන්දුවම වන්නට ඇත . මා සිතූ පරිදිමය, ඇය පැමින ඇත්තේ යලිත් වරක් පන්ති පැමිනීමට ගුරු අවසරය පැතීමටය.

" කොච්චර කාළයක් ආවෙ නැද්ද ?"

" මාස 8ක් විතර සර් "
" මොනව !!!!!!! අට මාසයක් ..... මේක මොකක් කියලද හිතාගෙන් ඉන්නේ !!!! ඔනේ වෙනකොට එන්න.......... ඇති , කම්මලි  හිතෙන කොට නවත්තලා දාලා ආයේත් අවුරුද්දකට විතර පස්සේ ඇවිත් හිටපු පන්තියටම එන්න අහන්න .......  අළුතෙන් පටන් ගන්න එකකට එනව " 

              ඇතුලේ සිටින්නේ මා දන්නා , වරක් සිතින් පෙම් බැදි ඇයම නම් , ඇය සිටින්නේ දැන් රතුව දෑසින් ‍පොත් මිටිය තුරුලුකරගෙනය . නමුත් ගුරුතුමා ක‍වරෙක්දැයි මා හොදින් දන්නෙමි . කදුලු වලව සමාවක් නැත . (ඔහු මට හමුවූ ආදරනීයම හා කිසිවෙකුටත් බිද හෙලිය නොහැකි පෞර්ශයකින් හෙබි ගුරුවරුන්ගෙන් අයෙකි . )

" සමාවෙන්න සර් !!! එත් මං හිතුවේ සර් වත් මාව තේරුම් ගනීවී කියලා "

                    සිතූ දේ 100% නිවැරදිය . ඇගේ ස්වරය බිදී ඇත.ඇය මෙලෙස හඩමින්  කියන්නට යන කථාව කුමක් දැයි මා තුල කුතුහලයක් ඇතිවීම ස්වභාවික යැයි සිතමි . ඒ කුතුහලය විසින් මා තවදුරටත් කවුලුව අසල රදවා තැබීය .
"මොකද වුනේ ?" ගුරුතුමා චවනයේ පරිසමාප්ත  අර්ථයෙන්ම ගුරුවරයෙකු බව මා කිවූයේ මේ නිසාය . ඔහු තම ශිෂ්‍යාව නොසලකා හැරියේ නැත .
"මං  විනාස වුනා සර් , ඒ විතරක් නෙවෙයි තවත් ජීවිතයක් විනාස කළා .. ඒ වැරද්ද කවදාවත් හදන්න බෑ " මද නිහැඩියාවක්.

" අවුරුද්දකට විතර ඉස්සල්ල මං හමුදාවේ ලුතිනන් කෙනෙක් එක්ක යාළුවුනා සර් , එයා හරිම ලස්සනයි , ඒ විතරක් නෙවෙයි   හොදටම සල්ලි තිබුනා ,  ‍කෙල්ලෙක් විදිහට මං කොල්ලෙකුගෙන් බලා පොරොත්තු ‍වුන හැම දෙයක්ම තිබුන කියලයි එයාව දැක්කහම මට හිතුනේ. අපි හරිම ආදරෙන් හිටියේ ,
                              ටිකක් විතර බයෙන් බයෙන් තමයි මං එයාට කැමතී කව්වේ .ඒත් මට සලකපු විදිහට ඒ බය නැතිවෙන්න,මෙච්චර කාළයක් මගේ ලග තිබුන ලැජ්ජා බයත් එක්කම , හුගක් කල් ගියේ නෑ .......සර් මට සමාවෙන්න ඔනේ  මං මේ පන්තියට එනව කියල ගෙදරට බොරු කියල තමයි එයත් එක්ක හෝටල් ගානේ ගියේ. අවුරුදු ගානක් පරිස්සම් කරපු මගේ පිරිසිදු කම එයා බලෙන් ගත්ත කියල මං බොරු කියන්නේ නෑ , මං ඒක කලේ කැමත්තෙන්මයි .
                                   මගේ අම්ම විතරයි සර් ඉන්නේ,තාත්ත නෑ  අනික ඒ වෙනකන් මං කවදාවත් ගෙදරට බොරු කරල නෑ , අම්ම ඒ විස්වාසෙට මං යන එන තැන් වැඩිය විපරම් කරන්න ගියෙත් නෑ .
                                   මාස තුනක් විතර යනකොට මාව ප්‍රෙග්නට් වුනා සර් ....... .මං ඔලෙවල් කරන්නත් ඔනේ ඒ අවුරුද්දේ නිසා , එතකොටනං මං හෑහෙන් බය වුනා . ‍කොහොමද සර් මං මගේ අම්මට කියන්නේ ඔලෙවල් වලටත් කලින්ම තමන්ගේ දුව අම්ම කෙනෙක් වෙන්න යනව කියල.  ඉතින් මං එයාව හම්බ වෙලා කිව්ව වෙලා තියෙන දේ . එයා කිව්වේ  බය වෙන්න එපා මං ඔයාව බදිනවනේ එනිසා ඔහොම ඉන්න කියල . 

            ඒත් එදායින පස්සේ කවදාවත් මට ඒ ආදරේ කරපු මහත්තයාව දකින්න හම්බවුනේ නෑ ඒ වෙනුවට හිටියේ හැම වචනෙකින්ම මාව රිද්දන, මං මව වල් කෙල්ලෙක් කියල හිතෙන්න අරින දරුණු  සතෙක් සර් .උඹට ඔනේ නම් දරුව තනියෙං හදාගනිං , බැල්ලි! කියල බැනපු වාර අනන්තයි , එයාට ඔනේ කලේ දරුවව නැති කරන්න . මේ වෙනකොට අපේ අම්මත් දැනගෙන හිටියේ ඒත් කරන්න දෙයක් තිබුනේ නෑ  , අපි නිකම්ම නිකම් මිනිස්සු , ඒත් එයා හමුදාවේ . 
                                             අන්තිමට බඩ හොදටම පේන්න ගත්තු නිසා මං ඉස්කෝලේ යන එක නැවත්තුවා . මේ මිනිහ මාව බදින බව කිව්වට තවම කිසිම දෙයක් කලේ නෑ ඒ වෙනුවෙන්  .ඒ නිසා මං එක දවසක් එයාගේ ගෙදරට ගිහිල්ලා කෑගැහුව මාව බැන්දේ නැත්තං මං පොලීසි යනව කියල . ඒ පාර නං ටිකක් විතර බයවුනා .  හෙට එන්න කිව්ව බදිමු කියලා .රෙජිස්ටාර්ව අහවල් ලිපිනය තියෙන ගෙදරට ගෙනත් තියන්නං හවස පහට එහාට එන්න කිව්ව . ඔය වෙනකොට මගේ බඩට මාස හතයි සර් අහල පහල හැමොම අපේ පවුලම කොන් කරල තිබුනේ මගේ දරුව නිසා . මේ හැම දේටම විසදුම තමයි මාව  බාගෙට කෑවත් කමක් නෑ මේ මිනිහව බදින එක , එහෙම නැතුව මේ කැමත්තෙන් බදින්න ගියා නෙවෙයි .
                එදා හැන්දෑවේ මං ඒ එඩ්‍රස් එක තිබුන ගෙදරට ගියා .... එත් හිටපු රෙජිස්ටාරයෙක් නෑ . තවත් හමුදා කාරයෝ විස්සක් විතර හි‍ටයා . හැමෝම බීලා , තවත් බිබී හිටියේ . උන් මාව වටකරගෙන මට කුනුහරපෙන් බැන්නා . පස්සේ ලුතිනන් මට කිව්ව සැටිය උඩ ඉදන් බිමට පැනපන් එනකොට දරුව නැතිවෙයි කියල . උන් මාව බලෙන් සැටියට නග්ගලා තල්ලු කලා ඒත් උන්ට ඔන දේ උනේ නෑ . මේ හැම දෙයක්ම දිහා ගෙදර කොනක ඉදන් ‍කෙනෙක් බලාගෙන හිටිය ඒයත් හමුදාවෙම තමයි ඒත් බීලා හිටියේ නෑ , සැටියේ දාගෙන වද දුන්නට පස්සේ උන්ට ඔනෙ වුනා මගෙත් එක්ක බුදිය ගන්න , හත් මාසෙක දරුවෙක් එක්ක ඉන්න මාව මැරෙයි මෙච්චර ගානක් මට එහෙම කලොත් කියල මං ලුතිනන් ලග දන ගහල කිව්වට වැඩක් උනේ නෑ සර් .......... උන් මාව උඩ තට්ටුවට අරන් යන්න හැදුව . මං බේරෙන්න දැගලුව , අන්තිමට අර මං කලින් කියපු පැත්තකට වෙලා හිටපු කොල්ල ඇවිත් මුලින්ම මගෙත් එක්ක බුදියන්නේ ඌ කියල බලෙන්ම උඩට ඇදන්ගියා. අනිත් උන් පහල ඉදන් හූ කිව්ව . කාමරේට දාලා දොර වැහුව බේරෙන්න විදියක් නෑ සර් එකම එක ජනේලෙයයි තිබුනේ ......

" නිශා නංගි මේ මම ......අදුරන්නේ නැද්ද ..... මං දනුශ්ක "

                                  මාව හිරි වැටිල ගියා සර් , මෙච්චර වෙලා මං මාව උඩට ඇදන් ආපු කොල්ලගේ මූන දැක්කේ නෑ එයා දනුශ්ක කිව්හමයි මං ඔළුව ඉස්සුවේ . දනුශ්ක කියන්නේ අපේ දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් අවුරුද්දකට විතර කලින් තමයි හමුදාවට ආවේ .

" මොනවද නංගි මේ කරගත්තේ........ ආහ් ... "
ඒකට දෙන්න උත්තරයක් මගේ ගාව තිබුනේ නෑ සර් .......... එයා ජනේලේ ගාවට ගිහින් මට කථා කරල කිව්ව දැන් මං ජනෙලෙන් පනින්න ඔනේ  එයා වටෙන් ඇවිත් මාව ගන්නව කියල .

" මෙතනි පැන්නොත් මාව මැරෙයි අයියේ "

"කරන්න දෙයක් නෑ !!!!මැරුනට කමක් නෑ ... මුං තිහ හතලිහකින් දූශනය වෙනව‍ට වඩා ඒක සැපයි "
                    
මං පැන්න සර් ........ ඇග ඇතුලේ තිබුන කළලයට මොනවද වෙනව දැනුන ඔළුව වැදිලා තුවාල වෙලා විතරක් නෙවෙයි බඩ රිදෙනව වෙව්ල වෙව්ල ...සිහියක් තිබ්නේනෑ සර් ....... මං පැනල ගියා , ගිහින් අල්ලන් එන්ව කියල දර්ශන අයියත් එලියට ඇවිත් තිබුනා .මාව බයිසිකලයක දාගෙන කළුබෝවිල  ඉස්පිරිතාලෙට ඇවිත් තිබුනා . 

දොස්තර මහත්තයා ලගදි ඒ අයිය කියපු වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නෑ සර් .
"ඩොක්ටර් , මගේ අතින් මේ  නිශා නංගිට වැරද්දක් වුනා ....... මං නිසා එයා ප්‍රෙග්නටි වුනා , එයාව කසාද බදින්න මං දැන් වුනත් ලෑස්තී . අනේ සර් මට කෙල්ලව බේරලා දෙන්න ."

 " කොහොමද මෙහෙම ඩැමේජ් එකක් වුනේ !"
" බයිසිකලෙන් වැටුනා "
                    ඊට පස්සේ  තමයි ඉස්පිරිතාලෙන් මට බබාව ලැබෙන්න ඉන්ජක්ශන් ගැහුවේ , ඉපදෙනකොටම පොඩ්ඩ නැතිවෙලා . වෙච්ච දෙවල හැටියට ජීවත් වෙලා හිටියනං තමයි පුදුමේ . මං මගේ පොඩ්ඩව  දැක්ක සර් ...... එයා පුතෙක් "

ඉන් එහාට ඒ සංවාදයට සවන්දීමට මාතුල කිසිදු උවමනාවක් නොවූයේ , ඇගේ ජීවිතයේ සියලු කරදරවලට මුල මා යැයි සිතුවිල්ලක් ජනනය වු නියාවෙනි .එදා මා නොපැකිලව ආදරය ප්‍රකාශ කලේනම් මේ කිසිවක් නොවන්නට ඉඩතිබිනි . ඇය මා , ඇගේ ආදරවන්තයා ලෙස පිලිනොගැනීමට ඉඩ තිබුනද මා උත්සහා කළ යුතුව තිබුනි...... මරණ මොහොත දක්වා මේ සිද්දිය අමතක කිරීමට මාහට නොහැකි වනු ඇත්තේ මේ නිසාමය.

Monday, October 8, 2012

(16+) තවත් මුල්ල පටස් කථාවක් !! වෙල් ෆැන්ටා අවසන් කොටස !





පළවෙනි කොටසට ..... ( ගෑල්ලමයි  මේ කථාවේ අන්තිම කොටස බලන්න එපා ඈ :D:D:D )


 කො‍ච්චර එපා කිව්වත් , මොන තරම් බෑ කිව්වත් උන්ට නෙවෙයි ඒක ඇහුනේ , අන්තිමට බැරිම තැන මාත් කට පියාගෙන හිටිය වෙන මක්කොරන්නද  කියල ... දැන් හය හත් දෙනාම වෙල මැද්දේන් පේලියට  යනව ....... හරියට පාර දන්න චමිය මුලින් .......
                                            පැය කාලක් විතර යන්න ඇති , එකපාරටම මතක් වුන දෙයක් නිසා මට ඇතිවුනේ මහ මූසල හැගීමක් , බරාව ( නම හරිද මන්ද ?? මට ශුවර් නෑ )   හුධ හමුදා වෙඩි පිටිය තියෙන්නේ මුංගේ ගෙදර පිටිපස්සේ ඉදන් බොහොම ලගින්. කිලෝ මීටර තුනක් ඇති වැඩිම උනොත්  ,මෙහෙම කළුවරේ ගිහින් ගිහින් ඕක අස්සට 
අපිව  සෙට් උනොත්  ෆැන්ටා කෙසේ වෙතත් බඩකට පුරා වෙඩි කන්න තමයි වෙන්නේ.
" තව දුරද බං " මං එහෙම ඇහුවේ ඒ බය නිසාමයි.
" හූවයි බල්ටියයි "
වෙල මැද්දෙන් , පදුරු අස්සෙන් , ගස් ගල් උඩින් පැන පැන  තවත් පැය භාගයක්  කෑලීකැපෙන කළුවරේ  අපි ඇවිදින්න  ඇති , අන්තිමට පදුරු අස්සෙන් ටිකක් ඈතින්  පස්‍තුවෙන ප්‍රෙටල් ලාම්පුවක එලිය දැක්කේ අපේ ගමනාන්තයට පාර පෙන්නන්න වගේ !  ටික ටික ලගට යද්දි දර්ශන පැහැදිලි වෙගෙන ආව .... පොඩියට අටවපු පැලක් වගේ එකක් වටේට බැරල් පෝලිමයි , හත්ව‍ලාමේ ජල සම්පාදන මන්ඩලේවත් නැතුව ඇතිමේතරං බැරල් ගොඩක් . එකෙන් එකට බ‍ට දාලා ..... සමහර ඒවා වතුර යටින් යවල .... අම්මට සිරි නියමම පරීක්ෂණාගාරයක් , ඕකනේ මං කිව්වේ දේශීය දේ අගයන් ඕනේ කියල  ....
" කවුද මේ අවේලාවේ හැබෑටම ඈ " දාබරේ මාමා එහෙම කියාගෙන  එලියට ආවේ හොද මිත්‍රශිලි ස්වරේකින් නං නෙවෙයි , ඒ මදිවට අතේ තඩි කැත්තක් . අනේ අපේ අම්මට කොල්ලෙකුට කියල ඉන්නේ මං විතරයි   මූ කොටයිද !!!!!!!!.......
" මාමේ මාමේ  ......... මේ මං ..... චමිය චමිය ........"
" අප්පෝච්චියෝ........... මං මේ බැළුව කවුද මේ ගමේ උත්සවයක් තියෙන දවසක මේ පැත්තේ බඩ ගාන්නේ කියල "
" අපිත් මේ ඒකේ ඉදල තමයි ......... ඒවයේ බඩු හරියන්නෑ ....... අපිට ඔනේ නියම  රජ බඩු  "

දාබරේ මාමාගේ මූනේ හිනා කටයි . ආදරේ බේරෙනව .
" එහෙම තමයි එහෙම තමයි ........... තමංගේ දෙවල්  වටින්නේ තමන්ටනේ"

ඔන්න ඔය අතරේ තමයි අ‍පේ ජනිය තැන ගිනි තියන්න ගත්තේ ,
" මේ අපේ දිනෙල්ක ඉන්නවනේද !!!! ඌ තමයි අද අපිව මෙ‍තනට ගෙන්නුවේ , ඒ නිසා ඌ බොනකං අපි බොන්නේ නෑ "
දාබරේ මාමා මගේ දිහා හරිම ආදරෙන් බැළු‍ව .......... 

"වරෙං කොල්ලෝ මසං උඹලට ටිකක් වැඩියෙනුත් දාලා දෙන්නම් ."
"අයියෝ මං බොන්නෑ බං .......... මං කිව්වේ තැන බලන්න ඔනේ කියල විතරයි "
" මොකා ............. එතකොට උඹ මේ මහ රෑ අපිව මෙහාට ගෙනාවේ නිකං බලන්නද ගොනා ........ වරෙං යන්න ගෙදර , උඹට එපානං අපිටත් එපා "
               ජනිය මාවත් ඇදගෙනම අනිත් පැත්ත හැරුන . මෙච්චර වෙලා හිනා කටක් වෙලා තිබ්බ දාබරේ මාමාගේ මූන කිබුලෙක්ගේ වගේ වෙන්න වැඩි වෙලා ගියේ නෑ .
" එහෙම හරි නෑ නේද කොල්ලෝ ....... මොකද්ද උඹේ නම කිව්වේ දිනේච නේද ........ යළුවො එක්ක ආවනං බීලම යන එක තමයි හොද ... අනික මගේ නින්දත් කැඩුනනේ " කැති තලේ අතගගා ඒක කියපු විදිහට මට නිකං උන් හිටි තැනුත් අමතක උනා වගේ . වෙන තැනකදි නම් කැති නෙවෙයි තුවක්කු අරන් ආවත් මං නෙවෙයි ආයේ හැරෙන්නේ . ඒත් අනේ කාගේ කරුමෙකටද මන්ද මේ වෙන තැනක් නෙවෙයි නේ ඕයි !!! අද නං බොන්නම  වෙයි වගේ , නැත්තං මෙතන මොනවයින් මොනව වෙයිද දන්නෑ .

 " හරි හරි ........... ඔන්න හැබැයි මං වීදුරුවෙන් කාළයි හො‍දේ "
" හුරේ !!!!!!!!!!!"
ඔන්න දැන් දාබරේ මාමා ආයෙත් හිනා වෙනව !




                                          
                                           ඔන්න  දැන් සේරමත් එක්ක අර පොඩි අතු පැලට වැදිල කැමතිම මුල්ල බලල  ඇනතියා ගත්ත  . ඔය අතරේ දාබරේ මාමා ගිහින් ලීටර පහේ බූලියක් අරන් ඇවිත් සේරටම එක  වීදුරුවෙන් පොවන්න ලෑස්ති වුනා‍. මුලින්ම මං ........ වීදුරුවෙන් කාලක් පිරිල මගේ අතට ආවා .මේවගේ දෙයක් බොන  පලවෙනි පාර එකත් ලෙසි නෑ ........ අනිත් උන් පටන් ගන්නේ මොනව හරි ‍ඔය සැර අඩු දෙයක් පාවිච්චි කරල , අන්තිමට තමයි මෙතනට එන්නෙ .... ඒත් මං අයියෝ පටන් ගන්නෙම කසිප්පු ගහල ! හතුරෙකුටවත් නොවේවා ........වීදුරුව දිහා ටිකක් වෙලා බලාන ඉදල මං හෙමින් සැරේ තොල් දෙක ගාවට වීදුරුව ගෙනාව.... මාශල් ආට්  ටූනමන්ට් එකකදිවත් මෙතරං පපුව ගැහෙන්න නැතිව ඇති .......... පට්ටම ගදයි ඒ අස්සේ අනිත් උන් සේරම මගේ දිහා බලාගෙන . ඔනෑ ඇටිකෙහෙලක් කියල එක උගුරට ඇදල දැම්ම ...... කට හෑරිලා යන අමුතු රසක් එක්ක තදම තද  ඇඹුල් රහක් දිවේ ඉදන් ආමාශෙටම ඇදිල යන්න ඇති . දිව නෑ වගේ  පිච්චෙනව . හැබැයි කෙලින් .
" කොහොමද ? " ඒ ජනිය 
" අවුලක් නෑ (  සෑහෙන්න අමාරුයි ) හෙනම ඇඹුල්නේ බං "
" අ‍ප්පද බොල ඇඹුල් වෙලාද ....... ශික් දවස් දෙකට ......... මේක ඇඹුල් උනාම බොන්න හිතෙන්නෑ බං ........ යුරියා ටිකක් තිබ්බනං  දාලා හොල්ලා ගන්න තිබ්බ ....... කෝ නෑනේ " ඒ දාබරේ මාමා .
       මට දෙයියෝ සිහිවුනා ,,, හත් වලාමේ යකෝ එතකොට මොවට යූරියත් දානවද ....... මං හෙට උදේ නැගිටීද දන්නේ නෑ . 
" වෙන විදියක් නැද්ද , අරූ කාලක් ගැහුව කියන්නේ ......මට වීදුරුවක් ගින්නක් නෑ ..... එත් අප්පිරියාවෙන් බොන්නේ කොහොමද ?"
" එක වැඩක් නම් තියෙනවා............. ඒත් උඹල කැමතිවෙයිද දන්නේ නෑ 
"
" මොකද්ද  ? "
" කවුරු හරි මේකට චූ කරානං හරි "  මගේ ඇස් ආයෙත් උඩ ගියා . එත් අවුලක් නෑ මුං චූකරල බොන එකක් නෑ .
" හරි ඔහොම ඉදින් " එක පාරටම ඉස්සරහට ආපු ජනිය . බුලිය අරන් මුල්ලකට ගිහින් ඇතුලට !@$@$@$$% ඇතුලට දාලා චූකරන්න ගත්තේ නැද්ද කියහංකෝ ........ ගෙදරදි පාවිච්චි කරපුවා වැඩ කරන්නේ දැන්ද කොහෙද ........... මට මොනව හරි කියන්න ඔනේ උනත් වචන එන්නේ නැති ගතියක් තියෙනව ... හැබැයි කල්පනාව තවම අවුට් ගියේ නෑ .............
                     වැඩේ ඉවර කරපු ජනිය එතනම තියල වීදුරුව පුරව ගත්ත . සිං ගාලා එක උගුරට  වීදුරුවම හිස් කරල හයියෙන් කාරලා ගේ ඇතුලෙම කෙල ගැහුව . ....................... දාබරේ මාමට හරිම හැපී .......
                                 අනිත් උනුත් වැඩේ ඉවරකළා ඔය වෙනකොට ජීවිතේ පළවෙනි පාරට  මං යම් දෙයක් අත්  දැකලයි තිබුනේ , ඔව් ඒක ඇත්ත ලෝකේ කැරකෙනව තමයි !!!!!

                                   ගාන ගෙවල අපි එලියට බහිනකොට 10.30 ට  විතර ඇති , හය හත් දෙනා ටිකක් දුර යනකං වෙන වෙනම ආවට  ආයෙනං බෑ වගේ ..... මගේ කකුල් දෙක නිකන් පොලවටම ඇලිල වගේ අනේ !!!!! දනිස් දෙකත් රිදෙනව සෑහෙන් ගල්වල වැදිලම ( ඒ රිදෙන එක තේරුනේ පහුවෙනිද ) ........ කකුල් දෙකෙන් ආව ඇති දනගාමුද ...... කරන්න දෙයක් නෑ මේ ඇත්තමයි මං ඒ වෙලාවේ දන ගාගෙන එන්න ගත්ත  කොහොමෙන් කොහොමෙන් හරි ජනියලාගේ ගෙදර එලිය පේන හරියටම ඇවිල්ල .....  
" තව ටිකයි කොහොම හරි යමු මචංලා " එහෙම කියල කෑ ගැහුව කියල හිතුවට  මගේ කටින් වචනයක් වත් එලියම ආවේ නෑළු ( ජනිය පහුවදා කිව්වේ ) ........ ඔය අස්සේ පස්සෙන් උන්න මොකෙද්දෝ එකෙක් කබා දානව ඇහුනට කාටද ඕව බලන්න සිහියක් තියෙන්නේ ! පට්ටෙම පායලා තිබ්බ එදා  ජනිය කෑ ගහන්න ගත්ත  මෙන් වහිනව කියල ........ ...ඌට නං කරු කුට් වෙන්නම වැදිල කියල අමාරුවෙන් හිටියත් මට තේරුනේ මේ පට්ට දාඩියේ වහිනව කියල කෑගහන නිසා .




                                      යනකොට තිබුන සංගීත සාජ්ජෙ කෝ ...... හත් වලාමේ පාටිය ඉවර වෙලා .......... වෙලාවකීයද ගෙදර මිනිස්සු අපිව හොයනවද ......... පොලිසිත් ගිහින්ද දන්නෑ.......... ඔන්න ඔච්චරයි මතක
                                     
ඔය අතරේ පහුවෙනිදා  මං ,   ඇ‍හැරෙනකොට  ජනියගේ ගෙදර ඇදක  උ‍ඩු බැලි අතට බුදි ....ඊයා  මොකෙද්දෝ අසමජාති‍ බල්ලෙක් ම‍ගේ ඇග උඩ කබා දාලා .......  මයේ එහා පැත්තේ ජනිය ........ අනිත් උනුත් කාමරේයි ඇදෙයි තැන් තැන්වල වැටිල හිටිය . ඇහැරියාට මොකද ඇස් ඇරන් හිටියේ පුදුම අමාරුවකින් ..... ඇස් එලියට එන්න හදනව ...... දිව තාමත් දනව .. ඔක්කෝටම හපන් ඔළුව ....... පුපුරන්න වගේ .  ඊයේ රෑ උත්සවේ ඉවරවෙලා හුගක්වෙලා ගිහිනුත්  අපි නැතිනිසා අපිව හොයන්න  කට්ටියක් ඇවිල්ල ... එක එකා වෙලේ තැන් තැන්වල වැටිල ඉදල තමයි හම්බවෙලා තියෙන්නේ ....... අයියෝ චාටර් . කලින් දවසේ අරුන්ගේ අම්මගෙන් තිබ්බ සැලකිලි  කොහේ ගියාද නෑ ... රෙදිත් හෝදගෙන කොහොම හරි රෑ 7.00 බස් එකෙන් කොළඹ ඇවිත් බැස්ස ...... ආයෙත් කැරකිල්ල වගේ ... ට්‍රීවීල් එකක් කථා කරං ගෙදර ඇවිත් එහෙම්මම බුදියගත්ත.......... පහුවෙනිද ඉදන් නං අවුලක් නෑ ...... 
                                    දාබරේ මාමාට නං හෙන කණගාටුදායක ඉරනමක් තමයි අපිනිසා ඇතිවුනේ . ගමේ කොල්ලොන්ට බලෙන් කසිප්පුපොවනව කියල ගමේ උන්ම මිනිහට ගහල එලවලා ............ එදා අපි යන්න හදපුවෙලේ යන්න දුන්න නම් මිනිහ අදත් හොදට ඉන්නව . ....ඉතින් මගේ ගැන කියනව නම් එදා ඉදන් අද වෙනකං මං ආයෙත් මතින් තොරයි .:D:D:D 

Friday, October 5, 2012

වෙල් ෆැන්ටා පානය කළ වගයි


                පොලිස් තාත්තෙක්ගේ පුතෙක් විදිහට ...... සාමාන්‍යයෙන් මං ගෙවන්නේ වගේම ගෙවල තියෙන්නෙත් සංචාරක ජීවිතයක් කියල කිව්වොත් සීයට සීයක්ම හරි ..........
                        හංවැල්ලේ ඉදං මහරගම පැත්තට කිලෝමීටර 10ක් විතර එනකොට හම්බවෙන තුන්නාන කියන ගම් පොඩ්ඩ, මගේ ජීවිතේ එක නැවතුම්පොලක් වුනා . හිච්චිම එකා සන්දියේ ! ඒකියන්නේ මගේ වයස අවුරුද්දක් විතර වෙනකොට , මං ශිෂ්්‍යත්වේ ලියනකොට වගේම ඕලෙවල් කරන්න  පටන් ගත්තු දහය වසරේ අන්තිම හරියේත් මායි අම්මයි නංගි පැටියයි ජීවත්වුනේ ඔය අපූරු ගමිපොඩ්ඩෙ තමයි . ඒ වෙන මෙනවත් නිසා නෙවෙයි  පොලිස් නිලධාරියෙක් වගේම බලපෑම් වලට යටත් නොවන නිළධාරීන් හැමෝටම උරුම හෙන ගහන්න වගේ ලැබෙන ස්ථාන මාරුවීම් වලට පින් සිද්ද වෙන්න . ( ඒ ජීවිතේ ගැන පස්සේ පෝස්ට් එකක් දාන්නම්කෝ ) .
                               මේ අවුරුද්දේ මුල්ම මාසේ , ඒකියන්නේ  ජනවාරි වල මැද හරියෙ , ආයෙත් පාරක් 
 මට‍ තුන්නානට ගිහින් එන්න අවස්ථවක් හම්බවුනා , ඒ  මගේ යළුවෙකුගේ  නංගියෙකුගේ කොටහළු මංගල්ලෙකට ආරාධනාවක් ලැබිච්ච නිසා . දන්න විදිහට ඉස්කෝලේ එකට හිටපු උන්ගෙන් මු මේකට එන්න කියල තිබුනේ මට විතරයි ( ඇයි දන්නෑ නේද ? ) . කොහොමින් කොහොමින් හරි ඔන්න  යන්න ඕනේ කරන දවසත් ආවා , උදේ රැයින්ම 10ට  විතර :D මං ඇදුන් ටිකකුත්  එක්ක තෑග්ගක් අරන් දෙන්න දාහෙ කොළ තුනකුත් මිටි බැදගෙන ගෙදරින් ගියේ අද රෑට උන්ගේ ගෙදරම ඉදල හෙට හවස් යාමේ ගෙවල් බලා බස් නගින්න හිතාගෙන.
                        සදුද දවසක් නිසා වෙන්න ඇති 122 බස් එක පිරෙන්නම සෙනග සූ ගාලා විස්සක් විතර :D   . පිටකොටුවේ මල්වත්ත පාරේ කඩේකින් අරන් බෑක්කියට පුරවගත්තු තෑගි පොඩ්ඩ පොඩිවෙයි කියන භයට පිටේ එල්ලන් යන බෑග් එක බඩේ බැදගෙන බස් ‍එකට නැගපු මං තරං , සෙනග නෑ කියල සන්තෝස වෙච්ච කෙනෙක් එදා බස් එකේ වෙන නොඉන්න  ඇති .....
                    කට කට ........ අපෝ කට හොද නෑනේ ! මහරගම  නැවත්තුවා විතරයි  , මං ඉදන් ඉන්න පැත්ත බිමට නැමෙන්නම සෙනග පිරුන. කොයි ලෝකෙන් ආපු එවුන් ටිකක් ද මන්ද .....දැන්නං ඉතිං බහින්න ගිහාම කලිසමත් ගැලවෙන සයිස් එකට මිනිස්සු , දෙන්න වෙන ගේම සුළු පටු නෑ කියන එක ඉතින් සුදු වෑන් වගේ ශුවර් .
:D                           හෝමාගම................... , මීගොඩ , මීපෙ  ඔන්න තුන්නානටත් ආවා .වෙනද පැය දෙකේ ගමනට අද පැය 3යි . ජය වේවා .
          "අම්මට සිරි !!!!!! දිනෙල්ක උඹව දකින් තියෙන ආසාවක් ..... අඩේ මූ  රැවුල කපලත් නෑ ..... එල එල ඈ !! "
"රැවුල !!!!! මං තොට කියන්නෑ ඉතිං මේ ගෙදර උන් ඉන්න  නිසා "
                  නොදකින් විතරක් පේනවනේ මේ මූසලය ආපු ගමන් පිලිගත්ත කැත විතරක් .අන්න ඒකටත් එක්ක මුගේ අම්ම දෙවියෝ රැක දෙන්න ඔනේ ඒ අම්මව  ... එවෙලෙ ගහෙන් කඩපු වෑවර ගෙඩියක් එක්ක උත්සවෙට හදපු  කැවිලිපෙ‍විලි ටික සේරම මට ලංකොලා නෙව ..... කොහොමෙයි  ඉතිං අනේ බෑ කියන්නේ . 
:D . දවල්ටත් හරිහමන් විදිහට නොකා හිටපු මට ඒ දුන්න ටික අමුර්ථයයි සිද්ධලෝක රසයයි වගේ වුනා කියල නොකිව්වට බඩගින්නේ හිටපු ඕනේම එකෙකුට ඒක තේරෙනවනේ ......
 කාලා නාගෙන එහෙම ඇවිත් ගෙනාපු තෑගි බෝග  නංගියාට පූජා කොරල මාත්  රෙඩි වුනා පාටියට  .
                       හවස  හය හත වෙනකොට සේරම  නෑයොයි , ගමේ ඈයෝයි , යා‍ළුවොයි ගෙදරට පිරුනා . අන්න දැන් නම් හැබෑවටම සූ ගාලා සෙනග .එක කොනක බෑන්ඩ් එක්ක සෙල්ලම් කරනව , ඒකේ මයෙ හිතේ සද්දේ මීගොඩ හරියටත් ඇහෙනව ඇති. බෑන්ඩ් එක  සෙල්ලම් කරන තැනට  ටිකක් විතර වම් පැත්තට වෙන්න පොඩියට ගහපු සමර් හට් පේලියි ........ කට්ටිය එකා දෙන්න සෙට්වෙලා  .
මාත් ජනියත් එක්ක ඒපැත්තට ගෑටුවේ උගේ ගමේ යාළුවො ටිකක් සෙට් වෙලා හිටිය හට් එක හොයන්න . පේලියේ කොනටම වෙන්න තිබ්බ හට් එකට වෙලා මෙන්න ඉන්නව  ගැන්සියම .... රත්තරං පාට ලොකු අමුතු හැඩේ ලස්සන බෝතලයක් දිහා කන්න වගේ බලාගෙන ,
                                     අපිත් ඉදගත්ත. හෝගාලා මදුරුවේ කනව මුන්ට ගානක්වත් නෑ .......... ජනියත් වැඩට සෙට් වුනා .  මං ඉතින් අමධ්‍යප ව්‍යාපාරේ සභාපති විදිහට ....... බීමේ ආනිසංස එහෙම කියල දීල මුංව මේ නරා වලෙන් ගොඩ ගන්න හැදුවට කෝ !!!!! මෙලෝ වැඩක් නෑ .... මට හිනා වෙවී බොනව ......මොන ඇටි කෙහෙලක්ද , තොපි ඕනේ මගුලක් කොරගනියව් කියල මාත් ඔය බයිට් වලටයි සැන්ඩි වලටයි වැඩේ දෙන්න ගත්ත .!කට්ටියම පැය භාගයක් විතර වල් පල් කියව කියව ඉන්න ඇති වැඩිම උනොත් විනාඩි 45 ක් ........... මෙච්චර වෙලා කෑලි ගැනයි බූට් ගැනයි මැච් ගැනයි කථා කරපු සේරම උන් දැං කථා කරන්නේ ජීවිත දර්ශනය, දුප්පත් පෝසත් භේදය , ආග හා දර්ශනය ,රටේ ආර්ථිකය ගැන . බොන්නේ නැති උනත් බොන  උන් ආස්සරේ කොරන්න මං කැමතී මෙන්න මේ හේතුව නිසා .......... රත්තරං වතුර වලින් ලාමක ටිං ටිං ගති සේරම  මකල ඇතුලේ ඉන්න නියම එකාව එලියව ගන්නව ....
" අඩේ ජනිය ....."
" ඈ .........."
" මේව හරි යන්නෑ බං " ඌ එහෙම කිව්වේ මේසෙ උඩ තිබ්බ රට බීම බෝතලේ පෙන්නන ගමන් .
" එහෙනං ලෙමන් ජින් .... ජින් ... ගේන්නද? "
" චික් ........ මල ජරාව "
" මොනවද යකෝ එතකොට ඕනේ "
" අපි යන්ද දාබරේ මාමාගේ ‍ෆැන්ට ටිකක් බොන්න "
" අප්පද බොල ......... වෙල් ෆැන්ට !!!!! අපෝ බෑ බං කොයිවෙලේ ‍පොලොසිය පනීද ........ ද ..න්නෑ "
" උඹ චාටර් බං........ ශික් ... මෙහෙම පැය ගනං දුක් විදින්න ඕනෙ නෑනේ බං එක වීදුරුවයි දවසම පවර්  "
                 මොකටද අපි සුද්දවම පෝසත් කරන්නේ . ඇයි අපිට බැරි අපේ දේ අගය කරන්න , සූර්්‍ය සිංහයෙක් වෙන්න . පර සුද්දංගේ සාක්කු පුරවන හැති‍කරේ නොදකින් මුසල හැත්ත . නැවේන කටට එනකන් තමයි බලන් ඉන්නේ .... බැහැ කියල බෑ අපි යන්න ඔනේ දාබරේ මමාගේ දේශීය ව්‍යාපාරය නගා සිටුවන්න සහය දෙන්න . අපේ දේ වටින්නේ අපිටනේ  . මගේ හිත ඇතුලේ පිරිල තිබ්බ දේශිය හැගීම් පිපිරිලා ගියේ ඔන්න ඔහොමයි .

" ජනිය .... යමංකෝ අර කිව්ව දිහාට ... " කිව්ව විතරයි මූ මගේ දිහා බැළුවෙ හරියට අමුතුම අමුතු සතෙක් දිහා බලන විදිහට . ඊළගට ඉදන් උන්න පුටුවත් පෙරලගෙන නැගිටලා සමර් හට් එක අමතන්න ගත්ත .
" දිනෙල්ක කියන්නේ මගේ අතීසාර මිත්‍රයෙක් ( මොකක් කිව්ව  අතීසාර ??)  ඌ අපිවගේ නරක නෑ........ මූ බොන්නෑ .... ඒත් අද මූගේ ආසාව තියෙනව වෙල් ෆැන්ට  බොන්න ( හුටා !) අපි බෑ කියල බෑ ....... වෙලාව ප්‍රශ්නයක් නෑ අපි යං "
" හරී .............."
" අ‍ඩෝ මෝල්ද මට ..............................." කොහෙද මොන කථාද මුං ටික මාවත් කුදලගෙන  ගේ පිටිපස්සේ තිබ්බ කුඹුර දිගේ යන්න ගත්ත .


ජීවිතේට බියර් වීදුරුවක් වත් නොබීපු මට  වෙල් ෆැන්ට බීපුමට මොකද වුනේ කියල ඊළග කොටසෙදි බලමු !!!!! ( ලබන සදුද හොදේ  )...


Tuesday, October 2, 2012

(පතෝලෙට තිත ) සදරු,අභීත,රෙපා,මඩිස්සලේ,වකා,රජා,හිරුහිමා, ........ සමගින් තුන් මාසේ දානේ !





   සොදුරු හිතැත්ත්නගේ හොදම අදහස් ඇති අමුතුම ඉසව්ව  , සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් අඩවි ..... මතකේ හරිනං ( වරදින්න විදිහක් නෑ ) මං දෙවනි පාරට ඒලෙවල් විභාගේ ගත්තු 2011 අවුරැද්දේ අප්‍රේල් මාසේ  , මූණු පොතේ  සිංහලෙන් ස්ටේටස් කොටන්න ඕනේ කියන අමුතු ආසාව  කොහෙන්ද මන්ද ඔළුවට වැටුන .ඒත් හත්වලාමේ කොහොමද දැං ඕක කරන්නේ ඈ  !!!!! සිංහලෙන්  කොටනව තියා වෙන එකෙක් කොටපු දේවළුත් මට පේන්නේ කොටුකොටු විදිහට හරියට නිකන් 18 + වගේ .සිංහල අවුරුද්දත් කට අස්සේ තියාගෙන කොහේවත් යන්නත් බෑ මේක කරන්නේ කොහොමද කියල දැනගන්න ( නිකන් මොකද්ද වගේ ) .සෑහෙන අවුලක්  !!!
                                ‍ගෙදර ඉස්සරහට වෙලා, තියෙන පුන්චි සිමෙන්ති පිල්කන්ඩියේ  ඉදගෙන ඔළුව බර කරගෙන හිතන්න ඕනේ තරම් ලොකු ප්‍රශ්නයක් .අළුතින් හදාගෙන යන තට්ටු එකොළහක බිල්ඩිමේ මුදුනෙම තියෙන යකඩ කූරුවලට හිරවෙච්ච පුංචි සරුංගලයක් හෝගාල දගලනව . ලා අළුපාට වැහිවලාකුළු අම්මෙක් පැටව් දෙන්නෙක් එක්ක ඒපැත්තට හෙමීට ඇදිල යන්නේ , බක්මහ අකුණු අස්සේ උඩයන්න හදන සරුංගල් වලට වෙනදේ පෙන්නන්න වෙන් ඇති . ගෙන්දගම් පොළොව උනාට මොකද කොළඹත් අමුතු ගතියක් තියෙනව ( හරියට බලනව නම් ඕනේ ‍කුණුගොඩක් හෙන හැඩට පේන්න ඉඩතියෙනව :D ) . 

                                           ශා..... මල් ගවුමක් !!!!!! හොව් හොව් ..... මොකක් කිව්ව මල් ගවුමක් ??????? තැනට ගැලපෙන්නෑ නේද ! සරුංගල් , වලාකුළු ඒව මේව අස්සේ මල් ගවුමක් ! යාන්තං පියවේගෙන ගියපු ඇස්දෙක හොදට ඇරල බැළුව ...... ආහ් ..... මේ අපේ අහවල් ඇන්ටිගේ දූ සිගිත්තනේ මොනව උනත් පට්ට කෑල්ල ඈ ......
              
කෑල්ල කෑල්ල කෑල්ල කෑල්ල  .............. අම්මට සිරි කෑල්ල  .... අන්න හෙල්ප් එකක් ගන්න පොයින්ට් එක .ගොඩය ට කෝල් කරානං තක්කෙටම දැන ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියල .බෙන්තර ගගෙන් එහා පැත්තෙ ඉදන් ආවට මොකද හෙන හිතහොද බුවා හැබැයි හෙනම පම්පෝරි කාරයා ( ඒ පැත්තේ හැමෝම වගේ ‍එහෙමයිනේ ඉතින් @ අද්දැකීමෙන් / හැබැයි ඉතින් දැන් දැන් සමහර නුවර කෙල්ලොත් එහෙමයි ,,,,, මං කියන්නේ කවුරු ගැනද කියල දන්නව නම්  :D :D  ) . මිනිහ කොළඹින් කෙලි පැටික්කියක් එහෙම හොයාගෙන කෙල්ලගේ අම්මට එහෙමත් කියල කැමත්ත අරන් තිබුන අමර පොරක් , ඒ කෙල්ලට අපි කිව්වේ අපේ කෑල්ල කියල . ඒ නිසා තමයි  කෑල්ල  කියපු ගමන් ගොඩයව සිහිවුනේ ... දැම්ම කෝල් කරනවද පස්සේ කරනවද ,,,,,, ඔන්න ඔහේ පස්සෙම කරමු .දැන් ගෙදරින් ශේප් වෙන් ඕනේ , අම්ම පිටි කොටන්න උදව්ව කරන්න  කථා කරන්න ඉඩ තියෙනව .

" පුතා........."

අයියෝ !!!! පලා යාමේ මෙහෙයුම අසාර්ථකයි , දැන් ඉතින් කොටහංකෝ පිටි .
                               ගොම්මං යාමෙට කිට්ටු කරල ආයෙත් පාරක් නාගත්ත , ඇග පුරාම පිටිනේ . දැංවත්  කෝල් කරමුද !

" ඕක  කරන් මචං සිංහල යුනි කෝඩ්ස් ඔනේ බං "
" සිංහල මොකක් කිව්ව ?"
යුනි කෝඩ්ස් යකෝ යුනි කෝඩ්ස් හිටිංකෝ මං උඹට ලින්කුව එවන්න එතන්න ඩවුන්ලොර්ඩ් කොරහං "
" හා " ***
       අම්මට සිරි ඔය පේන්නේ දැන් යස අගේට .......... කලින් මට කොටු විදිහට තිබ්බ ඒවා දැන් ඔය තියෙන්නේ සුද්ද මිහිරි සිංහලෙන්ම ...... ම් ම් .......ම්  ඒත් දැං කොහොමෙයි කොටන්නේ ? ඉදහංකෝ බලන්න .... ලැන්ග්වේජ් බාර් එකෙන් සිංහල සිලෙක්ට් කළා .'A' හරිනේ 'අ' යන්න , 'P' බලමු  මොනවා !!  :O  'ච' යන්න අයියෝ සල්ලි . ගනිං ‍කොළයක් ,දැං ලියහං ඉංග්‍රීස් අකුරට එන සිංහල අකුර .                                              ඔන්න ඔහොමයි මං අකුරෙන් අකුර අමුනලා මාස දෙකක් තුනක් ඇඹරිලා එහෙම සිංහලෙන් අවුලක් නැතිව  කොටන්න  පුළුව්න්කම හදාගත්තේ . ඔන්න ඉතින් දැං ඒක හරි ඈ ! .
 මොකද කියන්නේ සිංහලෙන් කොටල සිංහල සින්දුවක්  හොයමුද .... මොකද්ද දැන් මේ  සින්දුව? ම් ...... "හදවත පාරන සොදුරු හැගුම් ". ලියමු 'හ' යන්න  අම්මට සිරි මේක දැක්කහම මට මතක්වෙන්නේ හොද සුද්ද සිංහල වචනයක් හදවත පාරන්න පසසේ බැරිය 'හ' යන්න 'හි' යන්න වෙන්න තත්පරයක්වත් ගියේ නෑ . මෙන්න  ඉතුරු අකුරු ගහන්න කලින් රිසාල්ට් වගයක් පෙන්නනව . උඩින්ම තියෙන්නේ ' හිස් අහස ' කියල එක්ක . මොකද්ද හත්වලාමේ ‍හිස් අහස කියන්නේ  , බලමු ......
                                  " මගේ පව්කාර ආ‍දරය " ..... හැ ..... මොනවද මේ ලියල තියෙන්නේ !
පැයක් යන්න ඇති , දෙකක්ද දන්නෙත් නෑ .......මට නෙවෙයි ගානක්වත් ගියේ . අකුරෙන් අකුර ගැළපිලා හරි අපුරුයි  නොවැ  තමන්ගේම ජීවිත අද්දැකීම් එකතුකරල හදපු හරිම අපූරු අඩවියක් .අම්මට සිරි මෙන්න තවත් ඒවට ලින්ක් තියෙනව , අඹ ගහේ ජම්බු කිව්වලු .!!!
 :D . 
                            පිස්ස ලියපු පලාමල්ලේ නෙත්මිගේ කථාව , පූසෝ සෙට් එක ලියන බ්ලොග් ගඩොල් , මාරයා ලියපු මාරයාගේ හෝරාව , දේවගේ අඩවිය , ගිමන්නිවන්නගේ අම්බලම , රෙපාගේ කිලෝමීටර් නැති ජීවිතේ ගැන , නිශාන්ගේ මඩිස්ස, රජාගේ තහනම් අඩවිය ........... තවත් එකි මෙකී නොකී ගොඩාක් ඒවා ...... අප්පට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනව පොඩි කුමාරිහාමිගේ ‍වලව්වේ වගතුගත් මරුම තමා :D .. ගෑණු ළමයෙන් ලියන බ්ලොග් වලින් මට සෙට් වුනේ පොඩි කුමාරිහාමිගේ  එක විතරයි ( අනිත් අය තරහ වෙන් එපා හොදේ ..... ඔන්න ඇත්තම කිව්ව  ..... ඇත්ත තිත්තයි වගේ නම්  දුවල ගොහින් සීනි හැන්දක් කටේ දාගන්නව හොදයි :D ).
                             මෙච්චර කාළයක් කිසිම දේකට ඇබ්බැහි නොවී හිටපු මම ( රහස් පරීක්ශක කථා කියවීමට හැර 
:D  ) හදිස්සියේම  බ්ලොග් කියවන්න ඇබ්බැහිවෙලා. හිටපුගමන් අම්ම ඇවිත් බැනල යනව අන්තිමට දොරකඩින් එහාට ගියේ කවදද කියල අහල . ඕන් අපි බ්ලොග් කියවනව .                      
ආසම කලේ සදරු අයි‍ය ලියපු හිස් අහසට , මුලින්ම අහුවෙච්ච බ්ලොග නිසා නෙවයි මමයි රජා කියාගන්න ( අපේ අඩවි රජා ගැන එහෙම නෙවෙයි හොදේ :D  කථාවට කිව්වේ ) උන්ට , මගේ හැකියාවයි ඔය තවත් මොකද්ද එකකුයි ගැන කියන ඇච්චො පැච්චො දෙන ලාමක ටින් ටින් ආතල් වගේ නෙවෙයි ලියපු දේවල් හිතට වදින්නම ලියන නිසා                                  

                                    පහුගිය ජූනි මාසේ අන්තිම හරිය  දවසක රෑ හරි වෙනස් ,සදරුගේ අඩවියට ගොඩ වැදුනේ යකඩ බජාර් එකේ කථා , කොමඩ් සින්ක් කථා, මුල්ල පටස් කථා අයෙම කියවන්න හිතුන නිසා , ඈතින් බල්ලෙක් උඩු බුරලනව ඇහෙනව ...... කොළඹ උනාට ඒකේ ඒහැටි අමුත්තක් නෑ ............ ගෙදර මින්ස්සු හැමෝම නිදි කිසිම සද්දයක් නෑ , ඔරලෝසුවේ තත්පර කට්ට යන සද්දෙ ඇහෙන්නේ හරියට පාර හාරන මැසිමක සද්දේ ඇහෙනව වගේ තදේට . කූඹියෙක් ......... ඔව් කූඹියෙක් තමයි , කීබෝඩ් එකේ එන්ටර් කී එක ඇතුලේ ඉදං එලියට ඇවිත් මේසෙට බැස්ස . මට අම්බානක මල ....! ඇයි යකෝ මූට රිංගන්න තැන් නැතුවටද මවුස් එක අරන් කෙලල ඇරිය ....  කෝ මූට වැදුන්නෑනේ  කොහේදෝ යන්න එලියට බැහැපු එකා මගේ ප්‍රහාරය හමුවේ ආයෙමත් කීබෝඩ් එකටම නැගගත්ත. මවුස් එක අත ඇරපු මම ඇගිලි වලින් ඌට ගේම දෙන්න බැළුව . මොන මූ ආයෙමත් අස්සටම රිංගුවා. ඊට පස්සේ තමයි සික්‍රීන් එක  දිහා බැළුවේ . කූබියත් එක්ක ෆයිට් එක තිබ්බ වෙලාවේ මොන මොනවද එබිල මෙන්න මගෙන් අහනව බ්ලොග් එකක් හදනවද තියෙන එකට සයින් ඉන් වෙනවද කියල .
                                              ඔය වෙනකොට මේකේ උන්ගේ ආතල් දැකලම  මටත් බ්ලොග් එකක් පටන් ගන්න බොක්කේ කොනක ( දැන් ඉන්න උන්ට හිතේ හරි හදවතේ හරි කොනක් නෑනේ , බොක්කෙන්මනේ කියන්නේ ! :D  ඔන්න මමත් බොක්කෙන්ම කිව්ව ) බ්ලොග් එක්ක පටන් ගන්න ඕනේ කියල හිතිලය් තිබුනේ .!!!!!! කූඹියාට පින්සිද්ද වෙන්න එදා රෑ එලි වුනේ බ්ලෝකෙට විලක්කුව කියල බ්ලොග් එකක් එකතුවෙලා . ඒ මීට මාස තුනකට කලින් .                                    " ජය සක් මැද විලක්කුව දල්වන්නට අවසර " ඔන්න පලවෙනි පෝස්ට් එක      . ඒක දාලා විනාඩි 10ක් යන්න හම්බ වුනේ නෑ . පළවෙනි කමෙන්ට් එක ..... බ්ලොග් ලෝකේ දැවැන්ත චරිතයක් "අභීත"  අයියගෙන් ........... හිතා ගන්නවත් බැරිවුනා ආසාවේ කියවපු  'ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න එන්න ' ලියන . බ්ලොග් ලෝකෙම එකතු කරල සිහින අවුරුදු උත්සවය තියපු ' අභීත ' අයියගෙන් පලවෙනි කමෙන්ට් එක ලැබුන කිව්වහම . හැබැයි ඊට පස්සේ නම් එතුමගෙන් කොමෙන්ටුවක් මේවෙනකං ලැබුන්නෑ  , සමහර විට මගේ ලිවීම ඒතරං පොලිශ් වෙලා නැති නිසා වෙන්න ඇති  ( ඔහොම යංකෝ පොලිශ් වෙන්නැතෑ ).  කවදාවත් මගේ බ්ලොගේ කොමෙන්ට් කරල නැතිවුනාට කවුරු කොතනදි ඇහුවත් මගේ ගුරුතුමා කියල මම බයක් හැකක් නැතුව කියන සදරු අයියගේ පිහිටෙන් බ්ලොග් එකට RSS මෙව්ව එක හදවගෙන සින්ඩි ටිකකටත් දැම්ම ... හැබැයි ඉතින් සංසදයේ  මහ සින්ඩියෙන් නම් තවම අපිව ගනන් ගත්තෙවත් නෑ  යවපු ඊයෙනුත් වැඩක් වුනේ නැති නිසා  අපිව එපානං බලෙන් කොහොම යන්නද කියල හිත හදාගෙන :D ස්වාධීන වුනා .
                විලක්කුවට තුන් මාසයයි . හිතේ තියෙන දේ ඒවිදිහටම ලියන්න හිතාගෙන පටන් ගත්තට මොකද බ්ලොග් එක පටන් අරන් දවස් කීපයක් යද්දි හිතේ නිදහස ‍කොහේදෝ පාවෙලා යන්න ගියා , ඒ මට අකමැත්තෙන් කරන්න වුන රස්සාවක් නිසා .නියම දිනෙල්කයා වැහිල ගියා කිව්වොත් 100% හරි ‍මගේ ලියන ශෛලිය හිටන් වෙනස්වුනා .ඒ නිසාමස කොහෙද ලියපු සමහර පෝස්ට් පතෝල වගේ ‍වුනා කියල මට හිතෙනව . ඒත් දැන් ඒ ඔක්කොම හරි , මං ඒ ‍ජොබ් එකට ගිය මාසේ තිත තිබ්බ . ඔන්න දැං මං ඇවිල්ල මංම තමයි :D  බ්ලොග් ලියන්න පටන් ගත්තු පිස්සු කොල්ලම තමයි .
                                      හොදම කථාවක් දැම්මත් මොන පල් කථාවක් දැම්මත් නැව ගිළුනත් බෑන් චුන් කියල දුටු තැන කමෙන්ට් කරන එව්වෝ ට්කකුත් මට ඉන්නව ..... මං උන්ට හෙනම ආදරෙයි ..... විහිලුවට බයිටට නෙවෙයි  උන්වගේ සෙට් එකක් ‍මගේ වටේ නොහිටින්න මං පතෝල වෙලා හිටපු මාස තුන ඇතුලේම විලක්කුව නිවිල යන්න හොදටම ඉඩතිබුන ...........
                       රෙපා,මඩිස්සලේ නිශාන්, වකා , තරිය අබේ රෙහානි, වීපොකුර,අඩවි රජා වගේම හිරුහිමාවිටත් එක වාරයකට දහස් වාරයක් ස්තූති ඒ විදිහට මාව දිය වෙන්න ඉඩ නොතියපු එකට .අම්ට සිරි අමතක වුනානේ ..... රතු රජරටටත් මීගොඩයටත් එසේමැයි ඈ........
:D
                          සදරු වගේ කෙනෙක් ගුරුවරය වෙච්ච අභීත වගේ කෙනෙක්ගෙන් පළවෙනි කමෙන්ට් එක ලැබුන ( දෙවනි කමෙන්ට් එක දීපු නිශ් අක්කව මතක් නොකලොත් අවුල් ගේ නේද ..... ඇයි තුන්වෙනි කමෙන්ට් එක දීපු අඩවි රජාව ....
:D ) ඕනේ ගිණිගෙඩියක් වරක ගෙඩියක් කරන මගේ බ්ලොග් යාළුවෝ සෙට් එක්ක .. මං දිනෙල්ක මෙන්න මේ විදිහට විලක්කුවේ තුන් මාසෙට  පින් පතල කියවීමට යමක් දන් දෙනව :D:D.



ප.ලි -  මං ඇවිල්ල ටිකක් විතර අමුතුයි හොදේ ....... ගෝල්ෆේස් එකේ බංකුවක් උඩට වෙලා අයිස් ක්‍රීමක් තනියම කන ගමන් කොහේ ගියත් බෑග් එකේ තියෙන පුංචි නොට් බුක් එකේ ‍පිටුහතරක් පිරෙන්න මේ කථාව ලිව්වේ ගෙදර ඇවිල්ල බ්ලොග් ගත කරන්න හිතාගෙන. මීට අවුරුදු දෙකකට විතර කලින් අර බිල්ඩින් එකේ පැටලිලා නටපු ජාතියේම සරුංගලයක් අරන් මේ දැන් පුන්චිම පුච්‍චි ‍ බෝල කොළුපැටියෙක් මගේ ඉස්සරහින් පෙරලි පෙරලි ගියා .



 

Sample text

Sample Text

Sample Text