පහුගිය දවස්ව වල කට්ටිය හොටු පෙරාගෙන දන ගාගෙන කියවපු විප්ලව වාදියෙකුගේ ආදරය කථාව නවත්තන්න උනා. වෙන මොනවත් නිසා නෙවෙයි කථාවට අදාල පාර්ශව වලින් එල්ලවුන දැඩි විරෝධය . කථාව ලියන්න එපා කියලා ඉතාමත් දැඩි විදිහට ඉල්ලා සිටිය නිසා අපිටත් සිද්ද උනා ඒ ඉල්ලීමට ඔළුව නවන්න . මොනව කරන්නද !!!
ඒක නැවත්තුවා.
අළුත් කථා , සයිට් එකේ සීන් වගේම සොඳරී නැත්තං බෝදිලිමා අවතාරය මුනගැසීම වගේ පැරනෝමල් ඇක්ටිවිටීස් ගැනත් කථා සෙට් එකක්ම එන්න තියෙන අස්සේ ආතල් එකේම වැඩේ පටන් ගම්මුද ?
මොකද කියන්නේ...... අද අපි දාමු හිටිවන මඩ කවි මඩුවක් .........
රිප්ලයි තියෙනව නං කවියෙන් විතරයි හරිද !!!!
අනික තමයි හොඳම රිප්ලයි එකට විලක්කුව ලියන දිනෙල්කගෙ ගානේ
සිංහල කෑමක් හා ඉංග්‍රීසි බීමක් තෑග්ගක් විදිහට ලැබෙනවා ඇති .....
( කවි බෑමනං ඉතිං කමක් නෑ .....)
රූපවලින් කට්ටිය අදුරනවා ඇතිනේ ......... :D
දෙහිවල සත්තුවත්තේ මතු දියුණ පතා
චිම්පන්සියෙක් වෙයි හිතුවගේ පලමු පුතා
ගොඩමඩ දෙකම සරු කරනා එකම සතා
මී හරකෙක් වෙයි හිතුවගේ දෙවනි පුතා
ලිපියක් ලියන්නට ගත්තෙමි ප්‍රමුදියට
කඳුලු බින්දු ඇදහැලුනා කොළවලට
වමතින් පිස දමා දකුනින් ලියන කල
ලයිට් ගියා අපෙ ලක් එක වැඩි කමට
මුණ පුර තෙල් ගාගෙන යන කලට...
මාන බලති රුවන්ගෙ දත් හලන්නට
ශම්මියො නුඹත් එනවද කවි ලියන්නට
කලුවන් කලු රුවට අනුශ්කා දිලිසෙනවා
ඒකි නිසා හෝම් පේජ් වැනසෙනවා
ඇන්ටනා තේරුවොත් අපි මැච් පරදිනවා
තරියා නිසා අපෙ උන් අව තැන් වෙනවා
ලෝකේ තියෙන බොරු සේරම වපුරවනා
රැජින තමයි කළු හොඬවැල තියෙන සතා
බල්ලෙක් එක්ක බුකියේ සැරි සරණ තුරා
මේකා ඉදී බ්ලොග් ලෝකේ පිස්සු නටා
බ්ලොග් අඩවියක නිල ආතල් සපයන්නා
මැසිම බදාගෙන මූ ආතල් ගන්නා
ගෙට්ටුව දවසෙ ෆුල් ෆන් එක දුන්න එකා
දිගටම හිටියොතිං ආතල් අපිට තමා
බුකියේ හුරතලී වෙන්නට දත කනවා
අමුතු මුතු වදන් හරියට තෙපලනවා
බ්ලොග් අඩවියේ ඉන්ටෆේස් එක පුස්කනවා
උණට කුරුම්බාසේ බ්ලොග් ලිපි ලියවෙනවා
වැඩිය ලියන්න බෑ බං වෙලා නෑ !!!!!!!!! තව තමන්ට කෙලවලා දාන්න ඕනේ කවුරු හරි ඉන්නවා නං කොමෙන්ට් බොක්ස් එක තියෙන්නේ ඒවා කරන්න තමයි .
:D :D :D
මහවන මැද හමුවූ බොදිලිමා අවතාරය සමඟ යලි හමුවෙමු ,
බුකියට අක්කා කියනා කෙනෙක් ඇත
ReplyDeleteහෙන පාරක් කියලා ඇය හිතන් ඇත
ලයික් කොමෙන්ට් වෙනුවෙන් නම් පු.. දෙත
සිත්තරි යන නම මතකෙට නැගෙනු ඇත
පලමුව විලක්කුව වෙත ඔබ පිලිගනිමී
Deleteදෙවනුව සිත්තරිය වෙත මම ඇස යොමමි
ගන්නට දෙයක් ඇගේ නැති බව මම දකිමි
උඩ බලාන දිගටම කොලයක් ඉරමි
අවසර නැතිව බොහො විට මම පැමින ඇත
Deleteආ මග ලකුනු තබනා එක පුරුදු නැත
ඇගෙ දිග පලල බුකියෙදි දිග ඇරිල ඇත
ගන්නට දෙයක් නැති අය ගැන කතා ඇත
වෙනතක හරවනව මම ඔබෙ අවදානේ
ගෙන ආ කෙනෙක් ඇත බ්ලොගයෙම අවදානේ
ආ ගිය අතක් නැත දැන් මොනවද වෙන්නේ
ෆ්‍රෑන්ස් ලකද මොන මගුලද නම වෙන්නේ
නැති තැන බනින එක නං බොල හොඳම නැත
Deleteකියන එකක් මූණට ගොස් කියනු පුත
සිරාවට කියන්නෙ
හැංගි හැංගි බනිනෙක නං කැත ම කැත
මුන්ට මටත් වඩා පිස්සු..
කියනා කියුම් අය බ්ලොග් ලෝකේ ඉන්න
Deleteලියනා කවිත් ඇරයුම් ලෙස දැක ගන්න
මවනා පුවත් උදවිය ගැන කිය වන්න
තිබුනා මමත් එනිසා ආවා ඔන්න
හිත රිදිලා සිත්තරීට බනිනු දැකපු බට්ටා
අත දිගලා මේ විදියට බන ටෝකක් දොට්ටා
පොත දමලා කිවුවත් කිසි අහිතක් නෑ බට්ටා
හිත කැඩුනා යමි එහෙනම් වෙන දවසක එන්ටා
ඔය කියන අක්කා
Deleteගැන නොදනිමි ලොක්කා
අනේ ඒ හින්දා
ගන්නට දෙයක් නෑයි කිව්වා
ඇරයුම් කලේ මඩ කවි ලියුමට හින්දා
ජීවන් ඇවිත් සිත්තරියට මඩ ගැහුවා
හැංගි හොරා කිසිවක් නෑ විලක්කුවේ
කරන කියන සේරම අන්තර් ජාලේ
හෙක් හෙක්.. මේ උඩ ම තියන කවිය මඩක් ද? බැලුවම මඩ මම හිතුවට වැඩිය වෙනස් නේ.. හා හා.. උඹලට කැමති දෙයක්.. :D
Deleteමඩ කියල අදහස් කලේ හිනා වෙලා ලේ පිරිසිදු කොරගන්න දෙයක් මිස පුද්ගලික තරහවන් පිරිමහගන්න එක නෙමෙයි කියල තේරිලා නෑද කොහෙදො
Deleteගාමි මමත් තෙල් වරලස කළු වෙන්ට
ReplyDeleteමූණ පුරා සඳුන් ගාමි සුදු වෙන්ට
දෙන්නෙමි දිනෙක රුවනගේ දත් හැලෙන්නට
ආවමි මමත් කවියක් කියලා යන්ට..
ශම්මියා ඇවිල්ලා මඩ කවි ලියන්නට
Deleteඇදගෙන නායිදෝ කියලා සිතුනි මට
කළුවෙන්නට වරලස තෙල් ගාන සඳ
උඹ තෙල් ගාන්නේ කොණ්ඩයේ විතරමද ?
:D :D
මඩ කවි ලියලා දෙන්නම් බොට වස් වෙන්න
Deleteඇදගෙන නාන්නට ඇයි මෙය පොදු ලිදක්ද?
ඉරිසියා නොකර හිටු දිනෙල්ක මගේ කොණ්ඩෙ ගැන
කොණ්ඩෙ තමයි තෙල් ගාන්නෙ අහලා නැතිද එය??
තෙල් ගානේනෙ කොන්ඩෙට බව මම දනිමී
Delete(ඒත් )උඹ එතනින් නවතින් නැති බව දනිමී
:D :D :D :D :D :D
කෙල්ලෙක් නැතුව වේලෙනවා මේ දිනෙලා
ReplyDeleteවමනේ යනවා මුගෙ ස්ටේටස් දැකලා
මෙන්න මූට මඩ නාගන්නට හිතිලා
බෝදිලිමා කාලා මැරිය මේ හිවලා
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වේලෙන්නේ කවුද කියා රටම දනී
Deleteරජාට මම දීපුව මදි වෙලා වගේ
දිග ඇරියොත් අද මම තොගෙ පැටිකිරිය
යන්නට වේවි සයිබරයෙන් සදහටම.
:P :D
කිව්වට කවි කෑලි පොඩ්ඩක් මඩ දමලා
Deleteමේ හැටි ගහගන්න යන්නේ ඇයි ඔහෙලා
බෝතලයයි බයිටුයි රැගෙන මුල්ලකට වෙලා
ගහමුකො අපිත් අඩියක් අමනාප දුරලා
කිසිම මඩක් අමනාපෙන් ගැහුවෙ නැතී
Deleteමඩ වැදුනට මුන්ටත් අමනාප නැති
රාජ්ගෙ අන්තිම පදදෙක දහක් වටී
තැනක් කියපං අපි ...... ඔන්ටයිම් ඇති
උඹ දන්නේ කොහොමද මගෙ පැටිකිරිය
Deleteඅපි සෙට් උනෙත් ලාවට එක දවසමය
ඔයිට වඩා කෑවා අපි මඩ කරිය
ගහනවනං ගහපන් බය නෑ හරිය
නොගා හිටියේ පවු කියලයි වැඩිය මඩ
Deleteආවොත් රඟන්නට ඒ පව් නැති වෙයිය
ජීවිතේට කන්නට බැරි තරම් මඩ
එක දවසට අල්ලාගන්නට හැකිය
සද්දේ වහලා පුළුවන් නං කරාපං
Deleteකයිය අරන් ෆුල් රෙඩි පිට ඉන්නේ මං
කියන දෙයක් ලස්සනටම කියාපං
ඔක්කාරෙට වගේ එනවා දැන්නං බං
wadak na ban
ReplyDeleteබරට , සැරට කවි ලියන්න නං දන්නේ නෑ බං !!!! අවුල් වගේ නං , කවි කාලා වගේ නං සමාවෙලා අනුකම්පා කරපංකෝ :)
Deleteචුට්ටන් එවුන් හට ලියලා මඩ කෑලී
ReplyDeleteපොර වෙන්නට හදනව මේ පොඩි මල්ලී
ගැහුවොත් අපි වගේ රජුන්ට මඩ තල්ලී
වහනව මඩ ගෙනත් ගනනක් ටොන්, මල්ලී!
අඩෝ.....ව්!
පහ වෙන්නට ඇත්තේ තව සුලු මොහොතයි
Deleteරාජ්ගෙ නම අතහැරීම හරි පුදුමයි
එන්නට ඇහැකි නං අද රෑ බ්ලොගට යලිත්
හැකිවෙයි බලාගන්නට (මඩ) අප්ඩේට් උඩින්
හිල්ටන් නංගි අල්ලාගෙන කියවනවා...
ReplyDeleteසයිට් එකේ ඉන්නා ලොකු ජංගි හොරා....
කෙල්ලෙක් නැතුව වේලෙන මේ දිනෙල්කයා....
ඕනෙද මඩ ගා ගන්නට මූණ පුරා.....
හිල්ටන් නංගි කවුද කියලා දන්නෑනේ මචං ( සිරාවටම ඇ )
Deleteජංගි කොහෙද සයිට් එකේ ..... බීලද බං
කෙල්ලෙක් නෑ කියලා කිව්වෙ කවුරුද බං
ගාන මඩක් ගාපං අපි බය නෑ බං ......
හූ ඇ :D :D :D :D
අම්මපා යකෝ කෝ බං උඹ ලිව් ලියුම
ReplyDeleteමල් පිපිලා වගේ දැනෙනවා මගේ හිතට
ලියුමත් එක්ක කැන්ඩොස් වත් එවන්නට
අමතක නොවේවා කියලා පතමි මම
ලිපිය ලියන්නට බැරිවුනි දෙන්න බොට
Deleteකදුලු වලින් කොල පෙඟුනනෙ ලියන කොට
පීනන ඉබ්බො ලඟ අත්තටු කොයිද බොල
කැන්ඩොස් දෙන්න උඹලට මේ අපි මොටද ?
කරන දෙයක් හරි විදියට කරාපන්
ReplyDeleteමේවා කවිද කවුරුන් හෝ කියාපන්
මින් පස්සෙවත් තාලෙට කවි ලියාපන්
එලිසම නැතෝ කලිසම තොගෙ ලිහාපන්
සිරාවට... මමත් ඕක කියන්න හිටියේ. මම බොහොම අමාරුවෙන් වචන දාලා මූට කවි කිව්වේ!!
Deleteඅමාරුවෙන් තට්ටු දෙකක් නැග්ග මට
Deleteපිදුරුතලාගල පෙන්නනවාද උඹ
ගැටගහගෙන කවි දෙක තුන ලිව්ව කල
මඟුලක් කථා කරනවා උඹ කවිය ගැන :D :D
සුන්දර මඩට අප කවදත් ලයික් තමා
ReplyDeleteගින්දර වගෙයි ඒවට නම් උඩින් මෙමා
රාජුගේ ඇරියුමත් හරි හොඳ ම තමා
සෙට් වෙනවනං කියපං එනව මෙමා
අම්මට සිරි සෙට් වෙන්නට පෝලිමය
Deleteපමා වෙන එවුන්ගේ ගැන මට හරි දුකය
පෝලිං හැදිලා අපි සේරම ඉන්න කල
නලීන් අයියා දෙනවලු දිග ඇරලා වත
අපි නං හිටුවන කවි කියන්න දන්නේ නෑ ආයිබෝවන් :D
ReplyDeleteජයගන්න කෙනාට දෙන්නේ බුලත් විටයි සුරුට්ටුවයිද ආ :D
Deleteඅඩේ එකත් නරකම නෑ නේ
Deleteහුරතල් අහිංසක මේ මට ගහන්න මඩක් නැත
ReplyDeleteනූපන් මගෙ පුතුන් අලලා මූ බොරු ගොතා ඇත
මෙව්වට කිපෙන , වැලපෙන කැත හිතක් නැත
ගහපන් ඇතිවෙන්න මඩ මල්ලියේ තරහ නැත.
:D
(එහෙම කිව්වට මඩ එපා හලි? මෙව්වා බොරු මඩ :p )
චිම්පන්සියන් උපදින්නේ කාහටද ?
Deleteමීහරකුන් උපදින්නේ කාහටද ?
නුවනින් විමසුවොත් වැටහෙයි ගහපු මඩ
උඹේ හුරතලේ ගැන කියනා කට මොටද :D :D :D :D :D :D :D
:D :D
එලුසමයං ගලපගන්න බැරිවෙච්චි
ReplyDeleteඑලිවැට හිටෙව් තැන ඇද වී පෙරලිච්චී
රිප්ලයි කවි වලින් කාඩුත් කුඩු වෙච්චි
හිටගෙන කවි ලියයි කුරුප්පු ආරච්චී
මම නැති කවි කොහෙද බං මේ බ්ලොග් අස්සේ
ඉපදුණු දා සිටයි මම කවි ලිඳ ඉස්සේ (මොකට කියනවද?)
මට මඩ ගැහැව්වොත් මම අරගෙන කොස්සේ
පන්න පන්න බැට දෙනවා උඹ පස්සේ
කවි කොතැනද එතැනම වෙයි කාන්දම
නොලියා ගියොත් මා හට වෙයි මාන්දම
සිරිකිසාද එල්ලෝරුම් පෝන්දම
කොනිචිව සචිං කවාසාකි සාංදම
අනේ පුතේ උඹට බුදු සරණයි.!!. කාලෙක ඉඳං කවියක් ලියාගන්න බැරුව හෙණ සික් එකේ හිටියේ.. යන්තං එකක් දෙකක් ලියාගන්න පුලුවන් වුණේ මේ පෝස්ට් එක නිසා.. දිගට ම ලියපං දිනෙල්කයා.. එලු සමයං හරියයි එතකොට :D
තොපි සේරම මගෙ කවියට ලොබ බැඳලා
Deleteමෙතනට ඇවිත් ඒ කවි හරි නෑ කියලා
එලි සමයද මොකද්ද එක ඇද බාලා
ගරහන්නට තනයි කවි හරි නෑ කියලා
දිනෙල්කය එළකිරි කවියෙකි
ReplyDeleteඋගෙ මඩ කවි සිරාවට බොහෝ රස ඇති
දුකට කියන කවියට මොන අස්සරද?
කියලා රංචගොඩ ළමයත් කියා ඇත
යුගයේ මහා කවි, කිවිපති ඩ්‍රැකී
මගේ අගේ වැටහෙන උන් මේ ඉන්නේ
Deleteඅඩවියේ රජතුමා හට මෙය පෙනියන්නේ
කවුද මචං රංචාගොඩ කියන්නේ
පුරුදු නමුත් නෑ නෙව මතකෙට එන්නේ
රංචගොඩ ළමය කවුදැයි අහන්නේ
Deleteඋන්දැ කලින් ඇත්ත පත්තරේ උන්නේ
නිරෝෂා විරාජිනීගේ සින්දුවකත් ඉන්නේ
ඔයහැටි දේ තිබුණත් මමවත් නෑ දන්නේ
දවස් පහයි මගෙ බ්ලොගයට තවම
ReplyDeleteඅදුනන්නේ ටික දෙනෙකුයි මම මෙතන
පුලුවන් උනත් මඩ ගහන්න ඇඩෙන්නට
කොහොමද ගහන්නේ මම පුංචියි තවම
සිතුම් සයුර
ආවෙමි උඹේ සයුරේ රල පදින්නට
Deleteහැකියාවක් ඇති බව වැටහුනා මට
දිගටම ලියාපං අපිලට කියවන්ට
ලොකු පොඩි භේද කුමටද මඩ ගහ ගන්ට
ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.
ReplyDeleteඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.
අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.
ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.
( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )
හැ............. මේ මොකද්ද බං මේ ....///// කොමෙන්ට් කරලා තියෙන්නේ වැරදි බ්ලොග් එකේද මන්දා ....මටනං මේ බස් එක් ගැන කිසිම අයිඩියා එකක් වත් සම්භන්ධයක් වත් නෑ බං .... කමක් නෑ ඔහෙ තියෙද්දෙංකෝ කොමෙන්ට් එක
Deleteඅම්මට සිලි සිලි. කට කහනවා වගේ ඒත් කසන්න කලින් බබඩගිනියි කාලා එන්නම් ඈ
ReplyDeleteකහන තැනක් කහගෙන වරෙංකෝ!!!!! :D :D :D
Deleteරාජ් අයිය නම් අද ඉල්ලං කාලා
ReplyDeleteපැරිස් මාරු වී තරියා මෙතනත් සීලා
අහෝ දුකකි ශම්මිය අද කවි ලියලා
නලී අයිය නම් දාපං බං අතහැරලා
මේකට කියන්න එකක් ඔළුවට එන්නෙම නෑනෙ බං :D :D :D
Deleteකවි මඩුවේ මහ කවියා මූ ලූ
Deleteකියනව උට කවි එන්නේ නෑ ලූ
එහෙම කියල බේරෙන්නට බෑ ලූ
මොලේ එන්න කාපන් තව මා ලූ
This comment has been removed by the author.
Deleteඇයි සුදු අයියෙ මේහැටි මට අපහාස
ReplyDeleteරිදුනා මගේ හිත හොඳටම දන්නවද
ලියන්නට පිරිය නැතිවී බොහෝ කල...
ඉඳ හිට ඇවිත් යන්නම් මේ ලෙසට සොඳ....
හිතරිද්දන්නට නෑ මඩ ගහන්නේ
Deleteපොඩ්ඩක් හිනා වෙන්නයි අපි හදන්නේ
ලියනා පිරිය යලි එන්නට පතන්නේ
දිගුකල් බුකියේ වැජබේ යැයි සිතන්නේ
කොහේ ගියත් ඉහලින්මයි වැජඹෙන්නේ
ReplyDeleteඇනෝ කමෙන්ට්ස් අපි නම් නෑ දාගන්නේ
පුබුදුවාව කොතනත් චාටර් වෙන්නෙ
රූවා නිසයි උඹලා බ්ලොග් මලවන්නේ :)
මෙලෝ දෙයක් මට නං නෑ තේරෙන්නේ
Deleteහෙට ඇවිදින් ගැටපදයත් ලියපන්නේ :D :D :D
මෙහෙ ආවේ ප්‍රේම කත කියවන්ට
ReplyDeleteනැති බව දැක වුනේ මට අකුලාගන්ට
වැඳල පුදල කියනව මං දෙයියන්ට
ආයේ නොලිව්වොත් රෙද්දේ බඩයන්ට
ප්‍රේම කථාවේ ඉන්නා පාර්ශව
Deleteදැම්මා තහන්චිය කථාව ලියන්නට
ඉතින් කෝම තව දුරටත් ලියන්නද
වෙනත් කථාවක් ලියනවා ඉතිං මම
සෑහෙන දවසකින් ආවා මේ පැත්තේ
ReplyDeleteඒ එනකොට කවි හරඹකි මම දැක්කේ
බැරි මරගාතේ පද දෙකකුත් අමුණා ගත්තේ
හිනා නොවන් මගේ කවි දැක ඔබ සැව්මේ
ඇවිත් ටික කලයි මා බ්ලොග් ලෝකයට
ReplyDeleteදන්නා එවුන් අල්පයි මා ගැන හොඳට
ගොඩක් උන්ගෙ බ්ලොග් කියවා ඇති මෙමට
ගහපන් පුලුවන්නම් මඩක් මගෙ රෙදි ගැලවෙන්ට
ආවට ගොඩක් බ්ලොග් වලට මෙමා
යන්නේ බොහෝ විට කියවා කොමෙන්ට් නොදා
ඔපෙරා මිනිය දුන්නෑ දාන්න කොමෙන්ට් එදා
වෙන බ්‍රව්සරේකින් දාමි කොමෙන්ට් මෙදා
රජා ට මඩ වැදිල ඔටුන්නෙන් මඩ බේරෙන්නා
තරියට මඩ වැදුණු නිසා අපි දැන් මැච් දිනන්නා
ඇහුවට තරහ වෙන්න එපාමහ මඩ කවි විලක්කුවා
උබත් ටිකක් දවල් ඉන්න බෝදිලිමෙක් වගෙයි දිනෙල්කයා