skip to main |
skip to sidebar
රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොකුණට විතරක් නම දැම්මේ !!!
වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින් යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් එකක් .
" අඩෝ !!!!!!! මොනවද බං කරන්නේ ......ෆෝන් එකට හෙන ගහලද ....ආන්සර් කරන්නැත්තේ ...... වැරදුනා .... කණට හෙනගහලද "
" නෑ , ප@$%$ හෙන ගහලා ....... මොකටද කෝල් කලේ කියහංකෝ .."
" අම්මට සිරි එතකොට උඹ දැන් බිසී ඈ ......... ආහ් .... අපිට ඒවා අදාල නෑ තව පැයකින් කොට්ටාවට වරෙන් ස්ටුඩියෝ එකෙන් අවුලක් මුං කලින් කියපු ගානට ට්‍රැක් එක කරන් බෑ කියනවා "
" හුටා ......... අයියෝ පැයකින් නම් බෑ බං තාම මූණ හේදුවෙත් න...............
( ඒ කථාව වැඩක් නෑනේ , තවපොඩ්ඩෙන් සේරම ලියනව . මට වුන සිද්දය වුනේ ගිහිල්ලා ආයෙත් 138 බස් එකෙන් ගෙදරට එනකොට )
කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ලලා වාඩිවුනේ අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .
තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි .
මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ . මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත් තියෙන්නේ ලඟදී .
තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....
" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලොකුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .
" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."
අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .
ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සුන්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.
ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................
:P මේ ලංකාවනේ සහෝ ;)
ReplyDeleteඅනිවා ..........
Deleteහච්චෝ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ReplyDeleteලේන්සුවක් ඔනෙයි මයේ අක්කා ...........
Deleteමරු ඩබලක්නේ ...
ReplyDeleteපිස්සු කොර නේ .......
Deleteආ ඒක ඉස්සරහද බ්‍රිජට් කොන්වන්ට් එක තියෙන්නෙ?? අද යි දැනගත්තෙ ඉස්තූතියි...
ReplyDeleteහෙට ඉදන් ඉස්කෝලේ මුර වැඩේ බාරගනී වගේ
Deleteඇයි බන් එකෙක් ලියලා තිබුනේ කොළඹ නගර සභාව පුරාම තල්මහගෙ ඇටකටුව හෙව්වා කියලා.
ReplyDeleteහෙන ගහනවා .......... ඒක නම් මරුම කාටුන් එක වෙන්න ඇති බං
Deleteහකස්.... මම ඔය බස් එකේ හිටියනම් මට හයියෙන් හිනා යයි අෆ්ෆා..... :D :D
ReplyDeleteදෙතුන් දෙනෙකුටම එහෙම උනා ..... ඒත් උන් දෙන්නා පව් ... ඇත්තටම පවු
Deleteමැවිල පෙනුන බං අපූරුයි..උන්දෙන්න යහතින් කොලඹින් ගියාද දන්නෑ නේ..!
ReplyDeleteඋන් දෙන්න කොළඹ වැඩට ආපු දෙන්නේක් වගේ තමයි හිටියේ .... ආපහු යාම ගැන නම් නෝ අයිඩියා
Deleteපිස්සු වලක්නේ...අල ගෝනියයි
ReplyDeleteහැ .......... ඒ මොකෑ ඒ ''''''''''' :D :D
Deleteහි හි හී...අම්ම ගහයි ටින් එකෙන් ....
ReplyDeleteඇත්ත නේන්නම්...එතකොට බිල්ඩින් එකේ නම දාන්න අමතක වෙන්න ඇති.. :P
මෙච්චර කාලයක් ඕක දැකපු මට එහෙම හිතුනේ නෑනේ !!!!! මුට එක පාරටම හිතුනා ඒ පොකුණේ නම කියලා .... හෙන නිර්මානශීලී බුවෙක් :D :D
Deleteඅඩෝ උඹලා කොළඹ කියලා ගමෙන් ආව උන්ට කෝචොක් දාන එක කැත වැඩේ ඈ. පලයල්ලකෝ ඩොටේ පලාතක උඹලටත් වෙන්නේ මොකද කියලා බලන්න. :P
ReplyDeleteආහ් ........... මෙන්න තවත් බායියෙක් ....:D :D:D :D:D :D හූ ඇ .....
Deleteහැබැයි උඹේ කථාව ඇත්ත ....:D :D
ඇත්තනේ බං ඌ කියලා තියෙන්නේ... හි හි
ReplyDeleteඅනිවා ..........ඇත්ත .. අපි තමයි කෙලවගෙන් ඉන්නේ ... ඇත්තටම නම දාලා තියෙන්නේ ඒක වටේ තියෙන පොකුණට විතරයිනේ :D :D:D :D:D :D
Deleteඇත්තනේ බං. පොකුණට නම දැම්මට ගොඩනැඟිල්ලට දාල නෑනේ.
ReplyDeleteඅපි තමයි වරද්දගෙන දඟලන්නේ !!!!
Deleteඋගේ කතාවත් ඇත්ත බොල බලන් ගියාම :D
ReplyDelete:D :D :D :D
Deleteඇත්ත යකෝ! හොඳ බුද්ධිමත් කොල්ලෝ දෙන්නෙක්!
ReplyDeleteඅපි නොදකින පැත්තක් උන් දැකලා තියෙනවා :D
Deleteපිස්සු ඩබල්..
ReplyDeleteඅලුතෙන් හිතන්න වෙනවා උගේ කතාව ගැන.. :D
ඕක දැනුම් දෙන්න ඕනේ මහ රජතුමාට :D
Deleteඉතින් බන් ඇත්ත නෙවැ උන් කියල තියෙන්නෙ.අම්මපල්ල මට ඕක හාංකවිසියක්වත් මතක් නොවුන හැටි.
ReplyDelete:D :D ඇත්ත ඇත්ත
Deleteඔය හුඟ දෙනෙක් ඉන්නවා තමයි වටා පිටාවට කරදරයක් නොවෙන්නෙ පෞද්ගලික කතාවල් කරන්න අමාරු උන්. උන් ෆෝන් එකට ආන්සර් කරන කොටත් වටේ පිටේ උන්ට කරච්චලේ. ඕක සෙන්සර් අවුලක්.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
++++++ ......... වට පිටාව ගැන ගානක්වත් නෑ ..... :D
Deleteඅනේ අප්පේ...:D
ReplyDeleteදුක තමා :D
Deleteපව් බං උන්. උඹට කියලා දීලම බහින්න තිබුනේ.
ReplyDeleteකියලා දෙන්න ගියානම් තවත් හොද කථා ටිකක් අහගන්න තිබුනා.
Deleteහෙහ් අපරාදේ.. ඒකා ඒක තියෙන්නේ හම්බන්තොටම කියලා හිතාගෙන හිටියනම් ඉවරයි එක අතකට..
ReplyDeleteඑක අතකට ඔවු !!! එතකොට නම්බුව වත් බේරනවා !!!!
Deleteපවු හොද විචාර බුද්දියක් තියන කොල්ලෙක්නේ බොලන්,
ReplyDeleteඔහොම එවුවෝ ඉන්නේ ගම් වල තමයි
ඇත්ත තමයි ............. ගමේ නුවණ :D :D
Deleteකොහොම වුනත් අලුත් විදිහකට හිතන කොල්ලෙක් :D
ReplyDeleteහෙනම නිර්මාණශීලී බුවෙක් !
Delete" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
ReplyDeleteමල්ලිලා බලන්නේ INT විතරයි මයේ හිතේ....
දෙලොවක් අතර සිට
වෙන්ටෑ වෙන්ටෑ ......... ඒක විතරද දන්නෑ ටියුන් වෙන්නේ
Deleteහපොයි... ඇත්තම ඇත්තද බං මේ... කාලයක් ඔය වාහිනී වල ඕක පට්ත ගැහුවනේ.. එච්චර වෙලත් මුන්ට ඕක ගැන දැනුමක් නැද්ද
ReplyDeleteඅමූලික ඇත්ත බං ........... මං කල්පනා කලේ මුංනේ චන්දෙ දෙන්න යන්නේ කියලා
Deleteඅඩේ සිරාවටම ඒ බිල්ඩින් එකේ නම මොකක්ද බං ?..හෙහ් හෙහ් හ්හ් !!!
ReplyDeleteබොන්න ඔනේ ප්‍රශ්නයක් :D
Deleteකතාවේ ඇත්තක් නැත්තෙමත් නැද්ද මන්ද... :P
ReplyDeleteමිනිහගේ කථාව ඇත්ත :D:D :D
Deleteහිකිස්!! ඒ උනත් පොරගේ කතාව ඇත්ත වගේ බං!! මොකක්ද සිංදුව උඹලා හදන??
ReplyDeleteඅනේ මන්ද බං .......... තවම හරි තීරණයක් නෑ සින්දුව ගැන !!! ඩී .... මොනව උනත් කොහොම හරි සින්දුවක් නම් එලියට දෙනවාමයි
Deleteඅපිටම යනවා ආ
ReplyDeleteබෝට්ටු සගයෙක්
Deleteවරදක් කියන්නත් බෑ... කතාවෙත් ඇත්තක් තියෙනවා
ReplyDeleteඒකනේ මං කථාව මේකෙත් ලිව්වේ !!! මිනිහගේ කථාව ඇත්ත
Deleteබලන් ගියාම ඒකත් ඇත්ත බන්
ReplyDelete:D :D :D
Deleteහික්ස්...... බුද්ධිමත් මනුස්සයෙක්නේ.......මට ඕක කල්පනාවට ආවේ නෑනේ ඔය කියනකන්...... හී... හී....
ReplyDeleteඒකනේ කියන්නේ !
Delete:D :D
ඇත්ත තමා
ReplyDeleteඑක අතකට උන්ගේ වරද්දකුත් නැහැ, ඒ නමනම් විකාරයක් තමි.
ReplyDelete:) :) :) :) හි හි හි හි හි ////
ReplyDeleteකියලා වැඩක් නෑ ලංකාවනේ
ReplyDelete