Social Icons

හොයමු බලමු

Saturday, October 20, 2012

( ගෑල්ලමයින්ට අතිවිශේෂ )උඹට ඔනේ නම් දරුව තනියෙං හදාගනිං , බැල්ලි!



      
                                     ජීවිතය ජීවත් කළයුතුය , ඒ හොද අනාගතයක් වෙනුවෙන් හෝ අතීතය සිහිකිරීමෙන් දුක් වීදීමට නොව ,ගෙවෙන්නාවූ මේ මොහොත තුළ  ජීවත්වන බව වටහා ගැනීම සදහාය .
                                            මේ ගෙවෙන්නේ අමුතුම කාළ වකවානුවක් බව මා අමුතුවේන විස්තර කළයුතු නැතැයි සිතමි . රට සමාජය වෙලාගත් අදුරු සෙවනැල්ලක ඇති බව වැටහෙන නමුත් කිසිවක් කර කියා ගත නොහැක , යන  අමිහිරි හැගීම විටින් විට සිතට වද දෙන්නේ යකඩ බරුවක් උගුරේ හිරවී ඇති විට දැනෙ‍න වේදනාවට සමාන වේදනාවක්ද සමගිනි . ‍ 
             මිනිසුන්ගේ හැගීම් වෙනස් වී ඇත්තේ අරුම පුදුම ලෙසිනි. ඒ වෙනස ගනු ලබන්නේ සාමාන්‍ය සමාජ සම්මතයන්ගෙන් ධණ ආකල්පයද නැතහොත් ඍණ  ආකල්පයදැයි සිතාගැනීම දුශ්කර වී ඇත්තේ මන්දැයි මටම නොවැටහේ . සාමාන්‍ය සමාජ සම්මතයෙන් පිටමන් වී අළුත් ලෝකයක් මගේ විදිහට දකින්නට වෑයම් දැරූ මා  විප්ලවය අගය කළ අයෙක්මි . වෙනස ඇතිවී ඇත , නමුත්  ඒ මා විසින් බලා පොරොත්තු වූ වෙනස නොවේ.
                   තිස් අවුරුද්දක් යුද්ධයෙන් බැට කෑ නමුදු මිනිසුන් චින්තනය අතින් ජීවත් වු‍ නිදහස්  කාළයක් විය , දැන් තත්වය එසේ  නොවනා බව හැගීමයි , සියල්ල උඩු යටිකුරුවී ඇත . ලගදී ලියවුන දරුවන් මරා දැමීමට අදාල ප්‍රභන්දමය කථාවක් නිසා ඒ කුරිරු යට ගියාව යලිත් මා දෑස් මානයේ ‍‍යේ ප්‍රකිනිර්මානය විය. මීට වසර කීපයකට පෙරාතුව මා කණ වැකුනු මේ සිදුවීම කිසුදු අයුරකින් ප්‍රභන්ධයක් නොවනා බව අවභෝධ කර ගැනීමට කථාව කියවන ඔබට  වැටහේදැයි නොදනිමි .කළ හැක්කේ කථා රසය එක් කරලීමෙහි ලා කිසිදු කොටසක් ඉවත් නොකල බවත් කිසිදු කොටසක් අළුතින් එක් නොකළබවත් පොරොන්දු වීම පමණී.  හැම කුණු ගොඩකටම ඔළුව දමන්නට බලා සිටින්නෙකු නොවන මා , මේවන් පාපතර  කථාවක්  සවන වැකීමට පාප කාරීයෙකු වූයේ කෙලස දැයි වටහා ගත නො‍හැකි මුත්, එතුලින් මා ජීවිතයේ වෙනත් මානයක් දුට බව නොපැකිලව පැවසිය හැක.
                                          සුපුරුදු පරිදි අමතර  පන්තියේ  අවසාන පේලිය පිරී තිබුනේ මා ඇතුළු මගේ මිතුරු කැළගෙනි . වෙනදා පන්තියේ පසුපස බැලීම තබා පසුපස දොරටුවෙන් පිටවීමත් කරුමයක් ලෙස දකින ඇයටද එදින උරුම වී තිබුනේ පසුපස පේලිය වීම දෛවයේ සරදමක්ම විය . එදින එසේ නොවුනා නම් ඇය කිසිදිනක මගේ මිතුරියක නොවනු ඇත , මේ කථාව කිසිදා ඔබ හමුවේ තැබීමට සිදු නොවනු ඇත . එදින ඇරඹි පළමු හා අවසන් පේලි අතර මිත්‍රත්වය වසර දෙකක් පමණ යන තෙක් එලෙසින්ම විය . මිත්‍රත්වයේ බැමි බිද දමා එතනින් එහා ‍යන්නට අප දෙදෙනාගේන් කිසිවෙකුත් තැත් දැරුවේ නැත . ප්‍රේමය , ජීවිතයේ පළමු වරට පවුලෙන් පිටස්තර ස්ත්‍රියකට ආලය කරන්නට වීමි , නමුත් එය ඒක පාර්ශීය විය . ඇයද මා පිළිඹද යම් ඇල්මකින් කටයුතු කරන්නට අරඹා කාළයක් ගෙවී‍ගොස් ඇතත් ඇය වෙනුවෙන් මා හද තුල  වෙන්කළ ඉඩ පිළිඹදව ඇයට පවසන්නට අපොහොසත් වීමි. සියල්ල  අවසාන        ( ඇත්තෙන්ම එය ආරම්භයක්ම පමණක් විය ) වුයේ මා බලා සිටියදී, ඇය , වසර හයක් පමණ වැඩිමහල් ලුතිනන් වරයෙකුට ඇගේ අයිතිය පවරා දීමෙනි . ආදරය වෙනුවෙන් මා  ජීවිතයේ  පළමු කදුල එය විය . නිහඩව ගෙවී ගිය තවත් වසරකි . මෙවර මා ඇය දුටුවේ මාස හය කට පමණ පසුවය . ඒ  ඇයත් මාත් හමුවූ  ඒ අමතර පන්තියේම ගුරු කාමරය තුලදීය. ප්‍රේමය සිතින් වියකී හමාර නමුත් ඇය පිලිඹද මා තුළ වූ උනන්දුව එලෙසමය , ගුරු කාමරයේ කවුලුව වෙත ගොස් ඇතුලත කථාවට කන් යොමා සිටීමට මා පෙළඹවූයේ  ඒ උනන්දුවම වන්නට ඇත . මා සිතූ පරිදිමය, ඇය පැමින ඇත්තේ යලිත් වරක් පන්ති පැමිනීමට ගුරු අවසරය පැතීමටය.

" කොච්චර කාළයක් ආවෙ නැද්ද ?"

" මාස 8ක් විතර සර් "
" මොනව !!!!!!! අට මාසයක් ..... මේක මොකක් කියලද හිතාගෙන් ඉන්නේ !!!! ඔනේ වෙනකොට එන්න.......... ඇති , කම්මලි  හිතෙන කොට නවත්තලා දාලා ආයේත් අවුරුද්දකට විතර පස්සේ ඇවිත් හිටපු පන්තියටම එන්න අහන්න .......  අළුතෙන් පටන් ගන්න එකකට එනව " 

              ඇතුලේ සිටින්නේ මා දන්නා , වරක් සිතින් පෙම් බැදි ඇයම නම් , ඇය සිටින්නේ දැන් රතුව දෑසින් ‍පොත් මිටිය තුරුලුකරගෙනය . නමුත් ගුරුතුමා ක‍වරෙක්දැයි මා හොදින් දන්නෙමි . කදුලු වලව සමාවක් නැත . (ඔහු මට හමුවූ ආදරනීයම හා කිසිවෙකුටත් බිද හෙලිය නොහැකි පෞර්ශයකින් හෙබි ගුරුවරුන්ගෙන් අයෙකි . )

" සමාවෙන්න සර් !!! එත් මං හිතුවේ සර් වත් මාව තේරුම් ගනීවී කියලා "

                    සිතූ දේ 100% නිවැරදිය . ඇගේ ස්වරය බිදී ඇත.ඇය මෙලෙස හඩමින්  කියන්නට යන කථාව කුමක් දැයි මා තුල කුතුහලයක් ඇතිවීම ස්වභාවික යැයි සිතමි . ඒ කුතුහලය විසින් මා තවදුරටත් කවුලුව අසල රදවා තැබීය .
"මොකද වුනේ ?" ගුරුතුමා චවනයේ පරිසමාප්ත  අර්ථයෙන්ම ගුරුවරයෙකු බව මා කිවූයේ මේ නිසාය . ඔහු තම ශිෂ්‍යාව නොසලකා හැරියේ නැත .
"මං  විනාස වුනා සර් , ඒ විතරක් නෙවෙයි තවත් ජීවිතයක් විනාස කළා .. ඒ වැරද්ද කවදාවත් හදන්න බෑ " මද නිහැඩියාවක්.

" අවුරුද්දකට විතර ඉස්සල්ල මං හමුදාවේ ලුතිනන් කෙනෙක් එක්ක යාළුවුනා සර් , එයා හරිම ලස්සනයි , ඒ විතරක් නෙවෙයි   හොදටම සල්ලි තිබුනා ,  ‍කෙල්ලෙක් විදිහට මං කොල්ලෙකුගෙන් බලා පොරොත්තු ‍වුන හැම දෙයක්ම තිබුන කියලයි එයාව දැක්කහම මට හිතුනේ. අපි හරිම ආදරෙන් හිටියේ ,
                              ටිකක් විතර බයෙන් බයෙන් තමයි මං එයාට කැමතී කව්වේ .ඒත් මට සලකපු විදිහට ඒ බය නැතිවෙන්න,මෙච්චර කාළයක් මගේ ලග තිබුන ලැජ්ජා බයත් එක්කම , හුගක් කල් ගියේ නෑ .......සර් මට සමාවෙන්න ඔනේ  මං මේ පන්තියට එනව කියල ගෙදරට බොරු කියල තමයි එයත් එක්ක හෝටල් ගානේ ගියේ. අවුරුදු ගානක් පරිස්සම් කරපු මගේ පිරිසිදු කම එයා බලෙන් ගත්ත කියල මං බොරු කියන්නේ නෑ , මං ඒක කලේ කැමත්තෙන්මයි .
                                   මගේ අම්ම විතරයි සර් ඉන්නේ,තාත්ත නෑ  අනික ඒ වෙනකන් මං කවදාවත් ගෙදරට බොරු කරල නෑ , අම්ම ඒ විස්වාසෙට මං යන එන තැන් වැඩිය විපරම් කරන්න ගියෙත් නෑ .
                                   මාස තුනක් විතර යනකොට මාව ප්‍රෙග්නට් වුනා සර් ....... .මං ඔලෙවල් කරන්නත් ඔනේ ඒ අවුරුද්දේ නිසා , එතකොටනං මං හෑහෙන් බය වුනා . ‍කොහොමද සර් මං මගේ අම්මට කියන්නේ ඔලෙවල් වලටත් කලින්ම තමන්ගේ දුව අම්ම කෙනෙක් වෙන්න යනව කියල.  ඉතින් මං එයාව හම්බ වෙලා කිව්ව වෙලා තියෙන දේ . එයා කිව්වේ  බය වෙන්න එපා මං ඔයාව බදිනවනේ එනිසා ඔහොම ඉන්න කියල . 

            ඒත් එදායින පස්සේ කවදාවත් මට ඒ ආදරේ කරපු මහත්තයාව දකින්න හම්බවුනේ නෑ ඒ වෙනුවට හිටියේ හැම වචනෙකින්ම මාව රිද්දන, මං මව වල් කෙල්ලෙක් කියල හිතෙන්න අරින දරුණු  සතෙක් සර් .උඹට ඔනේ නම් දරුව තනියෙං හදාගනිං , බැල්ලි! කියල බැනපු වාර අනන්තයි , එයාට ඔනේ කලේ දරුවව නැති කරන්න . මේ වෙනකොට අපේ අම්මත් දැනගෙන හිටියේ ඒත් කරන්න දෙයක් තිබුනේ නෑ  , අපි නිකම්ම නිකම් මිනිස්සු , ඒත් එයා හමුදාවේ . 
                                             අන්තිමට බඩ හොදටම පේන්න ගත්තු නිසා මං ඉස්කෝලේ යන එක නැවත්තුවා . මේ මිනිහ මාව බදින බව කිව්වට තවම කිසිම දෙයක් කලේ නෑ ඒ වෙනුවෙන්  .ඒ නිසා මං එක දවසක් එයාගේ ගෙදරට ගිහිල්ලා කෑගැහුව මාව බැන්දේ නැත්තං මං පොලීසි යනව කියල . ඒ පාර නං ටිකක් විතර බයවුනා .  හෙට එන්න කිව්ව බදිමු කියලා .රෙජිස්ටාර්ව අහවල් ලිපිනය තියෙන ගෙදරට ගෙනත් තියන්නං හවස පහට එහාට එන්න කිව්ව . ඔය වෙනකොට මගේ බඩට මාස හතයි සර් අහල පහල හැමොම අපේ පවුලම කොන් කරල තිබුනේ මගේ දරුව නිසා . මේ හැම දේටම විසදුම තමයි මාව  බාගෙට කෑවත් කමක් නෑ මේ මිනිහව බදින එක , එහෙම නැතුව මේ කැමත්තෙන් බදින්න ගියා නෙවෙයි .
                එදා හැන්දෑවේ මං ඒ එඩ්‍රස් එක තිබුන ගෙදරට ගියා .... එත් හිටපු රෙජිස්ටාරයෙක් නෑ . තවත් හමුදා කාරයෝ විස්සක් විතර හි‍ටයා . හැමෝම බීලා , තවත් බිබී හිටියේ . උන් මාව වටකරගෙන මට කුනුහරපෙන් බැන්නා . පස්සේ ලුතිනන් මට කිව්ව සැටිය උඩ ඉදන් බිමට පැනපන් එනකොට දරුව නැතිවෙයි කියල . උන් මාව බලෙන් සැටියට නග්ගලා තල්ලු කලා ඒත් උන්ට ඔන දේ උනේ නෑ . මේ හැම දෙයක්ම දිහා ගෙදර කොනක ඉදන් ‍කෙනෙක් බලාගෙන හිටිය ඒයත් හමුදාවෙම තමයි ඒත් බීලා හිටියේ නෑ , සැටියේ දාගෙන වද දුන්නට පස්සේ උන්ට ඔනෙ වුනා මගෙත් එක්ක බුදිය ගන්න , හත් මාසෙක දරුවෙක් එක්ක ඉන්න මාව මැරෙයි මෙච්චර ගානක් මට එහෙම කලොත් කියල මං ලුතිනන් ලග දන ගහල කිව්වට වැඩක් උනේ නෑ සර් .......... උන් මාව උඩ තට්ටුවට අරන් යන්න හැදුව . මං බේරෙන්න දැගලුව , අන්තිමට අර මං කලින් කියපු පැත්තකට වෙලා හිටපු කොල්ල ඇවිත් මුලින්ම මගෙත් එක්ක බුදියන්නේ ඌ කියල බලෙන්ම උඩට ඇදන්ගියා. අනිත් උන් පහල ඉදන් හූ කිව්ව . කාමරේට දාලා දොර වැහුව බේරෙන්න විදියක් නෑ සර් එකම එක ජනේලෙයයි තිබුනේ ......

" නිශා නංගි මේ මම ......අදුරන්නේ නැද්ද ..... මං දනුශ්ක "

                                  මාව හිරි වැටිල ගියා සර් , මෙච්චර වෙලා මං මාව උඩට ඇදන් ආපු කොල්ලගේ මූන දැක්කේ නෑ එයා දනුශ්ක කිව්හමයි මං ඔළුව ඉස්සුවේ . දනුශ්ක කියන්නේ අපේ දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් අවුරුද්දකට විතර කලින් තමයි හමුදාවට ආවේ .

" මොනවද නංගි මේ කරගත්තේ........ ආහ් ... "
ඒකට දෙන්න උත්තරයක් මගේ ගාව තිබුනේ නෑ සර් .......... එයා ජනේලේ ගාවට ගිහින් මට කථා කරල කිව්ව දැන් මං ජනෙලෙන් පනින්න ඔනේ  එයා වටෙන් ඇවිත් මාව ගන්නව කියල .

" මෙතනි පැන්නොත් මාව මැරෙයි අයියේ "

"කරන්න දෙයක් නෑ !!!!මැරුනට කමක් නෑ ... මුං තිහ හතලිහකින් දූශනය වෙනව‍ට වඩා ඒක සැපයි "
                    
මං පැන්න සර් ........ ඇග ඇතුලේ තිබුන කළලයට මොනවද වෙනව දැනුන ඔළුව වැදිලා තුවාල වෙලා විතරක් නෙවෙයි බඩ රිදෙනව වෙව්ල වෙව්ල ...සිහියක් තිබ්නේනෑ සර් ....... මං පැනල ගියා , ගිහින් අල්ලන් එන්ව කියල දර්ශන අයියත් එලියට ඇවිත් තිබුනා .මාව බයිසිකලයක දාගෙන කළුබෝවිල  ඉස්පිරිතාලෙට ඇවිත් තිබුනා . 

දොස්තර මහත්තයා ලගදි ඒ අයිය කියපු වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නෑ සර් .
"ඩොක්ටර් , මගේ අතින් මේ  නිශා නංගිට වැරද්දක් වුනා ....... මං නිසා එයා ප්‍රෙග්නටි වුනා , එයාව කසාද බදින්න මං දැන් වුනත් ලෑස්තී . අනේ සර් මට කෙල්ලව බේරලා දෙන්න ."

 " කොහොමද මෙහෙම ඩැමේජ් එකක් වුනේ !"
" බයිසිකලෙන් වැටුනා "
                    ඊට පස්සේ  තමයි ඉස්පිරිතාලෙන් මට බබාව ලැබෙන්න ඉන්ජක්ශන් ගැහුවේ , ඉපදෙනකොටම පොඩ්ඩ නැතිවෙලා . වෙච්ච දෙවල හැටියට ජීවත් වෙලා හිටියනං තමයි පුදුමේ . මං මගේ පොඩ්ඩව  දැක්ක සර් ...... එයා පුතෙක් "

ඉන් එහාට ඒ සංවාදයට සවන්දීමට මාතුල කිසිදු උවමනාවක් නොවූයේ , ඇගේ ජීවිතයේ සියලු කරදරවලට මුල මා යැයි සිතුවිල්ලක් ජනනය වු නියාවෙනි .එදා මා නොපැකිලව ආදරය ප්‍රකාශ කලේනම් මේ කිසිවක් නොවන්නට ඉඩතිබිනි . ඇය මා , ඇගේ ආදරවන්තයා ලෙස පිලිනොගැනීමට ඉඩ තිබුනද මා උත්සහා කළ යුතුව තිබුනි...... මරණ මොහොත දක්වා මේ සිද්දිය අමතක කිරීමට මාහට නොහැකි වනු ඇත්තේ මේ නිසාමය.

87 comments:

  1. Sira seen ekakda oo

    ReplyDelete
    Replies
    1. 100% ක් ඇත්ත !!! මං බ්ලොග් එකේ ලියන්නේ මගේම අද්දැකීම් වලින් ලෝකේ දැකපු හැටි . කිසිම තැනක බොරුවක් නෑ !
      ආවට බොහෝම ස්තූතියි ! :)

      Delete
    2. marai es walata kadulu awa yaluwa mage..

      Delete
  2. අනේ මන්ද..
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් හිතාගන්න බෑ නේද ...... කමක් නෑ ... කථාවේ හැටි ඔ‍එහෙම තමයි

      Delete
  3. :( අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැටි මෙහෙමයි අක්කේ !!!!! හිත නිදහස් කරගන්න බැරි එකයි මට තියෙන අවුල

      Delete
  4. monawa liyannada kiyala hitha gannawath bae... waradda kothana unath e waradda hadagena jiwitheta mooona dena ekai karanna oni.. obata jaya!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාව බොහෝම ස්තූති මේ පැත්තට ගොඩවැදුනට .........

      Delete
  5. හදවත දාල ගියා මේ කතාව බලල. හරිම සංවේදියි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනොත් තමයි පුදුමේ !!!! සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට

      Delete
  6. අඩෝ...ඉහ මොල කුණු වෙන කතාවක්නේ බං
    ඇඩෙනවා!!! :(

    ReplyDelete
    Replies
    1. ඔව් බං .... පව් කෙල්ල

      Delete
  7. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මේකට බන්. මොනවා උනට් ඊ වගේ උන්ටනම් යන්න අපායවල් නැටි වෙඉ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ ඒකථාව 100ක් ඇත්ත !

      Delete
  8. ගෑනු ළමයෙක්ට ජීවිතේම වරදින්න එකම එක මොහොතක් ඇති.. :(

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව ! ඒත් අනේ මන්ද !

      Delete
  9. මටනම් හිතෙන්නේ නෑ උබ වැරදි කියලා සහෝ.................. කොච්චර ෆිට් එකේ හිටියත් කෙල්ලෝ කියන ජාතිය තේරුම් ගන්න අමාරු ජාතියක් සහෝ.ආදරය කරපු කෙල්ලට මෙහෙම දෙයක් උනාම දරාගන්න අමාරුයි තමයි සහෝ........................... හිත හදාගනින් මචන්................................ උබට ජය!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති මචෝ !!!!!! හිත ගැන කථා නොකර ඉමු

      Delete
  10. ඔයාගේ කිසිම වැරද්දක් මම දකින්නේ නෑ දිනේල්ක.....
    හැමදේම වෙලා තියෙන්නේ ඒ කෙල්ලගේ කැමැත්ත මතනේ, යාළුඋනේ, හෝටල් ගානේ ගියේ, හැමදේම, එයත් ගෑණු ළමයෙක් විදිහට ඔයිට වැඩ හොඳට හිතන්න තිබ්බ හැමදේම කරන්න කලින්...

    අන්තිමට මොකද උනේ ඒ ළමයට?

    ReplyDelete
  11. පුදුම වෙන්න දෙයක් නෑ. මේවා අපි අත්දැකපු දේවල් මම මගේ පිතුරන් රාශියක් නැති කරගෙන තියෙනවා මේ ප්‍රශ්න උඩ. තමන්ගෙම එකාට මෙහෙම නම් හතුරට මොනවා කරන්න ඇද්ද...? උන් කෑ ගහන්නේ බොරුවටද...?

    කෙල්ලත් නම්බර් වන් බූරුවෙක්..

    ReplyDelete
    Replies
    1. //තමන්ගෙම එකාට මෙහෙම නම් හතුරට මොනවා කරන්න ඇද්ද...? උන් කෑ ගහන්නේ බොරුවටද...? //

      උඹ මේ ලියපු ලියමන මට තවත් කථාවක් මතක් කළා පස්සේ ලියන්නම් .

      Delete
    2. //තමන්ගෙම එකාට මෙහෙම නම් හතුරට මොනවා කරන්න ඇද්ද...? උන් කෑ ගහන්නේ බොරුවටද...? //

      මටත් මෙහෙමම හිතෙනවා කාලෙක ඉඳං :(

      Delete
  12. මචං මට කියන්න තියන දේ හිතා ගන්න බෑ. මොකද මේ කතාව කියෙව්වට පස්සේ කතාවේ තියන සංවේදීකම හිත ඇතුලට දරුනුවටම වැදුනා මචං. උඹ වැරදි නෑ මචං, වෙන්න තියන දේ කාටවත් වලක්වන්න බෑ,



    තවත් දෙයක් මචං, මේ ලිවිල්ල ලියපු භාෂා රටාවට මම පුදුම විදිහට කැමතියි. උඹ ඒ වචන ගලපපු විදිහට කතාව කියවන කෙනෙක්ගේ හිත ඇතුලේ ඒ කතාව කාලයක් පවතිනවාට සැකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කථාව වෙනස් නිසා භාශාවත් වෙනස් කළා !!!! සාර්ථකයි වගේ .... බොහෝම ස්තූති අගය කිරීමට .

      Delete
  13. ඇත්ත කිව්වම හිතාගන්න බැරිවුනා. මං හිතුවෙ කතාවක් කියල. උඹ නං වැරදිකා‍රයෙක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. කාමරේ ඇතුලෙන් කථාව ඇහෙන කොට මටත් හිතා ගන්න බැරිවුනා මේ ඇත්තක් ද කියල !

      Delete
  14. :( හැඟිම් වලට වහල් වුනාම ඔහොම තමා. මෙහෙම වෙන කී දෙනෙක් නම් ඇතිද.

    ReplyDelete
    Replies
    1. අන්නතවත් වෙනව ! ඒත් කොහෙන්වත් එලියට එන්නේ නෑ

      Delete
  15. kiyawala rasa vindinna baha mehema amanayoda jathiye veerayo kiyala api pahan thibbe harima sanwedi

    ReplyDelete
    Replies
    1. හමුදාව කියන්නේ බොහොම අමුතු තැනක් !!!! හැදුන වැඩුන පරිසරයත් එක්ක උන් කරන කියන දේ හුගක් මං දන්නව ! ඒත් උන්ට රටේ තියෙන පිලිගැනීම නැතිකරන්න බැරි නිසා හැම දේම ලියන්නේ නෑ

      Delete
  16. හ්ම්ම්ම්ම් හිත්ට අපු හැගිම සුසුමකින් පිට කිරිමෙ අසාර්තක වු වැයමක මම යෙදිමින් සිටිමි..

    ReplyDelete
    Replies
    1. සුසුමකින් පිට කරන්න නම් අමාරු වෙයි !!!!

      Delete
  17. ඔක්කොම වෙන්නේ හොදට කියනවනේ .... යාළුවා .. වැරද්දක් නොකර ඔයා ඔයාටම දොස් පවර ගන්න එක වැරදි .. මිනිස්සු තමන්ගේ හැගීම් වලට වහල්වුනාම කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා දාන්නේ නැ ඒවා හිතන්නේ ඔක්කොම සිද්ද වුනාට පස්සේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං .ඒත් මට හිතෙන්නේම මං වැරද්දක් කළා කියල

      Delete
  18. ube athe wereddak nehene ban.... uba duk wenna epa... dan eh jeewithe winasa wela iwarai... man kiyanne uba eh gena hithala ube jeewithe winasa karaganna epa kiyala witharai...

    ReplyDelete
    Replies
    1. සිද්දිය වෙලා හරියටම අවුරුද්දක් පිරුනේ ඊයේ ..... හිතේ තද කරන් ඉන්න බැරි කමට ලිව්ව

      Delete
  19. අනේ මන්දා සමහර කාල කන්නි මතක තියනවා අපේ ජීවිතේ ඉහලින්ම තියන.කොහොම ඒවා වෙනුවට වෙන මතක ආදේශ කරන්න හැදුවත් වතුර යට ඔබල තියන රබර් බෝලයක් වගේ ඒවා ඉපිලෙනවා.ඒ මතක වෙන හැම වෙලාවේම හිතෙන්නේ අපිට ඒ දේවල් වලක්වන්න තිබුනා නේද කියලා.ශික් මේ කාලකන්නි ජීවිතේ.

    ReplyDelete
  20. මාව හිරිවැටිලා .. මුකුත් නොකියමි..
    ජය!!!

    ReplyDelete
  21. අපේ වටපිටාව මේවගේ කතන්දර අනන්තය... අදයි ආවෙ.... ජය....

    ReplyDelete
    Replies
    1. //මේවගේ කතන්දර අනන්තය//අනිවා එකගවෙනව

      Delete
  22. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුණා.. :(

    ReplyDelete
    Replies
    1. මොනවත් නොකිය ඉමු!

      Delete
  23. Ithin Oya Sambandayen Nithiyen Kiriyamaragayak gaththe hari ganna udaw kale hari nedda ?

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කෙල්ලගේ පවුල තවත් චාටර් වෙනවනේ බං ... අනික අවුරුදු 16ට වැඩි කෙල්ලෙක් තමන්ගේ කැමත්තෙන් ඇතිකරගන්න ලිංගික සම්භන්දතා වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බෑ

      Delete
  24. Beri ne macahn , Kellek ta Joliyata wath Bandinawa kiyala kiyanna be macahn lankaw nithiya anuwa, kella nadu demoth bandinna wenawa ,
    Polombawagenim, dushnayata lakkiramata theth kira yatathe,

    Civil , Hamuda nithi 2kenma okkotama danduwam denna puluwan.

    ReplyDelete
  25. දුවෙක් ඉන්න පියෙක් විදියට මේ කතාව නොදැනුනා නම් මම පිස්සෙක්.

    ReplyDelete
    Replies
    1. හැමෝටම දැනෙන්න ඇති ..... දුවෙක් ඉන්න කෙනෙක් විදිහට ඔබතුමාට වැඩියෙන් දැනුන වග නම් පැහැදිලී

      Delete
  26. Sahena duka hithena kathawak! Monawa unath kella sahenna dhairyawantha kellak...

    ReplyDelete
    Replies
    1. අනිව !!! වෙන කෙල්ලෙක් නම් වැල දාගන්නව ශුවර්

      Delete
  27. හිතටම දැනුන කතාවක් බන්
    මිනිස්සුමයි තිරිසන්නු වෙන්නෙත් මිනිස්සුමයි දෙවිවරු වෙන්නෙත් මේ කතාවේ දනුෂ්කත් මිනිසුන් අතර ඉන්න දෙවි කෙනෙක්.

    ReplyDelete
  28. අනේ මන්දා බං...
    මෙවුවා කියෝනකොට ඔළුවත් රිදෙනවා...
    මෙහෙම තිරිසන් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ..
    චික්..

    ReplyDelete
    Replies
    1. මක් කොරන්ටද බං ........ අපි

      Delete
  29. ආදරය තුල තියෙන බැඳීම වැඩිවෙන්නේ රාගය ටිකක් හරි මිශ්‍ර උනාමයි කියලා මම අහලා තිබුනත්...රාගය එක්ක මිශ්‍ර උන ආදරයක් මේ වගේ තැනකින් නැතිවෙලා යනවා කියලා හිතද්දී හදවත කකියනවා. නරුම දුෂ්ඨයෝ වගේ මිනිස්සු මැද්දේ නියම මනුස්සකම් දන්න ...හදවත් ගැහෙන මිනිස්සුත් ඉන්නවා කියන එක මේ කාතාව්න් පැහැදිලියි..හරිම සංවේදී කතාවක් දිනෙල්ක...

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත ...... අපි නම් ඕව දන්නේ නෑ ! තවම පොඩීනේ ...

      Delete
  30. අනේ මන්දා බන් කියන්න දෙයක් හිතට එන්නේ නෑ
    මෙහෙමත් කාලකන්නී ඉන්නවනේ, අර කෙල්ල බේර ගත්ත එකානම් දෙවියෙක් බන්

    වටරවුමේ - මුදියන්සේ

    ReplyDelete
  31. මේ ගෞතම බුද්ධ රාජ්‍යය ලු :( :(

    ReplyDelete
  32. අනේ මට මේකට මොකුත් කොටන්න බෑ බං

    ReplyDelete
  33. අපොයි :(
    හ්ම් හ්ම් :)

    ReplyDelete
    Replies
    1. අර අහවල් දේකටද හුම් හුම් කියල හිනාවෙන්නේ ! :D

      Delete
  34. උඹේ කතා සෙකන්ඩ් වෙන්නෙ සඳරුවගෙ කතා වලට විතරයි බං! උඹල දෙන්න තරං බොක්කට වදින කතා ලිවය්ව වෙන එකෙක් හම්බෙලා නෑ මට! ඕන දෙයක්! අර කොල්ලා ඒ කෙල්ලට කරපු උදව් වලට මගේ ගෞරවය ඌට මචං!

    ReplyDelete
    Replies
    1. හත්ඉලව්වයි ..... මං තාවම ඒ තරං ලොකු හැකියාවක් තියෙන එකෙක් නෙවෙයි බං... මොනව උනත් අගය කිරීමට ස්තූතියි

      Delete
  35. තව දෙයක්! උඹ ඒකිට ඇත්තටම ආදරේ කල නිසා උඹට එහෙම හිතුන එක සාධාරණයි! ඒ උනත් උඹේ වැරැද්දක් නෑ බං! වෙන්න තියන දේවල් වෙනවා කොහොම උනත්!!

    ReplyDelete
  36. mey kathawa mn prasidda tution panthiyaka guruwareyek gena meeta kalin ahapu kathawak !

    ReplyDelete
    Replies
    1. මාත් ගියේ ඒ පන්තියටම තමයි !!! කෙල්ලත් ඒ පන්තියේම තමයි .... උඹත් ඒකට යන බුවෙක්ද !!! මම නං දැන් ක්ලාස් නවත්තලා බං

      Delete
  37. adenava,, meeta lahiru

    ReplyDelete
  38. සමහර විට දිනෙල්ක කතා කළා නම් ඒ ළමයගේ ජීවිතේ බේරෙන්න තිබ්බා තමයි....

    මට කල්පනා උනේ ඒක ගැන නෙවෙයි...

    අර දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කිව්ව කොල්ල ගැන... ඔය වගේ දෙයක් දැක්කාම දරාගෙන ඉන්න ඌට මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනේද... අනිත් එක... ඉස්පිරිතාලෙට අරං ගිහින් අර වගේ කතාවක් කියලා කෙල්ලගේ ජීවිතේ ‌බේර ගන්න තරම් ධෛර්‌යයක් තියෙන්න ඇද්ද...?

    ඔය වගේ කොච්චර අහිංසක ජීවිත යුද්ධයේ අමානුෂිකත්වය තුළ වෙනස් වෙලා, අමනුෂ්‍යයෝ වෙලා, විනාස වෙලා ඇද්ද....?

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද ඒ ගැන !!!

      Delete
  39. අනේ මන්දා.. නිකන් කරකැවිල්ල වගේ ...

    ReplyDelete
    Replies
    1. වැටියං ...........තිත් දෙකයි ඩී

      Delete
  40. මගෙ ජීවිතේ කියවපු හොඳම සහ සංවේදීම ලිපිය..කියන්න වචන නෑ

    ReplyDelete
  41. උබේ වරදක් නෑ මචං..... උබ ඉස්සර උනා නම් පොඩි වෙනසක් වෙයි කියල හිතන්න පුලුවන්. ඒත් වෙලා තියෙන දේට උබේ කිසිම සම්බන්දයක් නෑ..... හිත හදා ගනින්.... මේ ලෝකෙ ඔයිට වඩා දේවල් වෙනව බන්..... උබට උබ ගැනම තරහක් ඇතිවුන 1 ගැන උබ මසතුටු වෙයන්. ඒ කෙන් තේරෙනව උබ ඒකිට සිරාම ලවු කලා කියල...........

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text