Social Icons

හොයමු බලමු

Sunday, April 12, 2015

මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං .....................




ආදරණීය ගුරුතුමනි ,
මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු,
නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු.........
දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු,
පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිදාරින් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු.....

මට අධ්‍යාපනය ගැන ඇත්තෙ සැකයකි.
මාගේ ඉල්ලීම, ගුරුවරුන් විසින් කියාදිය යුත්තෙ සිසුන්ට
මානව දයොවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි ....
ඔබේ උත්සාහය අවසානයේ ලොවට 
උගත් අමනුෂ්‍යයින්-- දක්ශ යක්ෂයින්
දායද කලයුතු නැත....

ලිවීම , කියවීම , ගණිතය , ඉතිහාසය , වැදගත් වන්නේ ............
ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට
කියාදෙන්නේ නම් පමනි .........





මේ ටික මෙහෙමම නැතත් ටිකක් හරි මේ වගේ සමානව හිතුනේ ට්‍රෙිනිං එක අතරවාරේදි ඇස් වල මොකද්දෝ ආසාදනයක් වෙලා බෙහෙත් ගන්න නාගොඩ රජයේ රෝහලට ගියපු වෙලාවේ ...

අසරණ අහිංසක අම්මලාට නර්ස්ලා කෑගගහා බනිනකොට,
ළමයි හම්බවෙන්න ඉන්න අම්මලාට ඇටෙන්ඩන්ලා සත්තුන්ට වගේ කථා කරනකොට ........
ලස්සන දොස්තර නොනා කෙනෙක් මගේ මූනවත් බලන්නෙ නැතුව ඇහැට දාන්න ඕනේ බෙහෙත් ලියලා දෙනකොට ....
ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුන්ව ඉස්පිරිතාල සිකියුරිටිගේ සපත්තුවට පෑගෙන හැටි දැක්කාම ..........
ප්‍රයිවට් ඉස්පිරිතාලෙට යන්න හරියටම 3.30ට පිට වෙලා යන දොස්තර මහත්තුරු දැක්කාම .....
මහ පාන්දර ඉදං බඩගින්නේ පොලිම් වල වේලෙන මිනිස්සු මේ ඉන්නෙ තමංගෙ දිහාවත් බලන්නෙ නැතුව බෙහෙත් දෙන දොස්තරලව හබ්බවෙන්න කියලා හිතෙනකොට ............

තමයි  ඇයි බං මේ රටේ මිනිස්සු මුංට ඉගෙන ගන්න සල්ලි දුන්නෙ කියලා හිතෙන්නේ

ළමයින්ව ඉස්කෝලෙට දාන්න විදුහල්පති වරු සල්ලි ඉල්ලද්දි ......
ඉස්කෝලෙට යන පොඩි කෙල්ල ගුරුවරු අතින් දූශනය වෙද්දි .....
සුදුසුකම් නැති උන් අධ්‍යාපනයේ මුලු පුටුවල වැජඹෙද්දි ....
කැම්පස් එකේදි , විද්‍යාපීඨෙදි හොයපු සාදාරන ලෝකේ ,එලියට ඇවිත්  ඒ ලෝකේ හොයපු ඈයොන්ගෙ අතින්ම කෙලිසිලා යද්දි.....

කුඔුරු වේලෙද්දිත් වතුර දෙන්නෙ නැතුව වැව පුරවලා 100000 හොයන ඉන්ජිනේරුවේ ඉද්දි .........
බල්ලෝ බලල්ලුන් ගානට මිනිස්සු දාන බස් සේවකයෝ ඉද්දි ......
ඉතුරු දෙන්නෙ නැති කොන්දොස්තරලා ඉද්දි .......

කක්කුස්සි වලක හරි කමක් නෑ හදලා තියෙන හෝටල් පගාවට ඒ ශ්‍රේනියේ ආපන ශාලා කියලා සහතික දෙන සෞඛ්‍ය පරීක්ශක වරු ඉද්දි .....
ගස් කපලා , දඩයමේ යන කැලෑ මහත්තුරු ඉද්දි ......

මුලු දවසම නිදාගෙන පඩි ගන්න රජයේ සේවකයෝ ඉද්දි ........
ලක්ශ ගනං පඩි අරං තවත් පඩි ඕනේ කියන විදුලි බල සේවකයෝ ඉද්දි ..



.
.
.
.
.
.
.
ඒහෙම කලා කියලා උන්ට බන්න ගහන්න අපිට බෑබං ....... අඩුම ගානේ ඒහෙම කරන්න ඒපා කියලා වත් කියන්න අපිබෑ ........ කිව්වෝත් මිනිස්සු දාස් ගානකගේ ජීවිතත් ඒක්ක උං සෙල්ලං කරන් ගන්නවා වැඩ කරන ඒක නවත්තලා දාලා........ ඉල්ලීම් දෙනකල් 
ඒහෙව් ඒකේ .....

උඹලා උඹලගේ පීඩනේ පිට කරන්න කාලෙන් කාලෙට පොලීසියට , හමුදාවට බනින එක සාදාරනයි බං ..........
මොකද උඹලා බැන්න කියලා .. ගැහුවා කියලා ... උන්ට වැඩ වර්ජන කරන්න උද්ගෝශන කරන්න , ඉල්ලීම් ඉල්ලලා උසාවියට පාගමන් යන්න , පාර්ලිමේන්තුව ජනපති මැදුර වටලන්න......
බෑනේ බං ........



 මූණ අකුලං පැත්ත ගහලා ඉන්න ඒක හැර උන්ට කරන්න පුලුවං මඟුලක් නැති නිසා ........ පීඩනේ උංගේ පිටිං අැරලා දාපං .......

15 comments:

  1. අඩේ... සිරාවට මීට කලින් මට ඒක හිතුනේ නෑනේ බන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලොක්කා කියන්නේ ........... අපිම ඉන්න ඕනෙ ඉතිං

      Delete
  2. කාලෙකට පස්සේ මේ පොස්ට් එක අහු වුනේ රීඩරෙන්. කාලෙකින් නේද ලියලා තියෙන්නේ?
    පෝස්ට් එක ගැන කතා කලොත් අමුතුවෙන් කියන්න වචන නෑ.
    අපේ රටේ කොහෙන් වෙනස්වීමකට මුල පුරන්නවත් පුළුවන්ද කියලා මට හිතාගන්න බෑ. කොටින්ම අර සුපුන් සුදාරක කිව්වා වගේ ඒ මිනිසුන්ට ඒ රටට ගැලපෙන දේශපාලනය, පාලකයෝ බිහි වෙලා. මිනිස්සු හැමදාම කාට හරි දොස් කිය කිය ඉන්නවා. වෙනස් වීමකට එක්කෙන්ක්වත් තමන්ගෙන් මුළ පුරන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචං .............. මට එකතු කරන්න කෑල්ලක් නෑ

      Delete
  3. Replies
    1. අපෝ නෑ ............... ඇහුවත් ඉතිං කරන්න දේකුත් නෑ

      Delete
  4. කොහොමද සහොදරයා.....ඔයාගෙ බ්ලොග් එක අපි ආසවෙන් කියවන්න්නෙ. දැන් මොකො කරන්නෙ? ඇයි දැන් බ්ලොග් එක ලියන්නෙ නෙත්තේ.....අපි බලන් ඉන්නවා "ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01" එකෙ දෙවෙනි කොටස ලියනකම්.....

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබෙන විවේකයකදි ලියනවා මචං අනිවා .......... බොහෝම ස්තූති කොමෙන්ට් එකට

      Delete
  5. "ප්‍රයිවට් ඉස්පිරිතාලෙට යන්න හරියටම 3.30ට පිට වෙලා යන දොස්තර මහත්තුරු දැක්කාම .....
    මහ පාන්දර ඉදං බඩගින්නේ පොලිම් වල වේලෙන මිනිස්සු මේ ඉන්නෙ තමංගෙ දිහාවත් බලන්නෙ නැතුව බෙහෙත් දෙන දොස්තරලව හබ්බවෙන්න කියලා හිතෙනකොට ............"

    මම හිතන්නේ මේ අර පුද්ගලික ඒවාගෙන් උපාධි ගත්ත අය වෙන්න ඇති. රජයේ වි.වි වලින් ආපු මහත්තුරු ඒ වගේ වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු !!! එහෙම වෙන්න ඇති ......... කොහොමද දන්නෙ නෑ !

      Delete
  6. මොකෝ එකපාරටම අමුතු කරුණාවක් ?

    ReplyDelete
  7. හැමෝම පෙනුනත් පොලිස් බල්ලෝ ටික හරියට දැකලා නෑ මයේ හිතේ.. දැක්ක නං ඔහොම කියනවා බොරු..

    ReplyDelete
    Replies
    1. එහෙම බල්ලෙක් තමයි බ්ලොග් එක ලියන්නේ .......
      හැම ක්ශේත්‍රෙය්ම බල්ලෝ ඉන්න රටේ පොලිස් බල්ලොයි හමුදාවෙ බල්ලොයි ගැන විතරක් කථා කරන එක ගැන ලියලා තියෙන්නේ .....
      ගෙට පැනලා ගෑනිව දූශනය කරලා බඩු අරංගියපු හොරා අල්ලලා දෙකක් ඇනලා ඇතුලට දැම්මාම පොලිස් දෙයියා....
      ඒවගේම එකෙක් එහා ගෙදරට පැනලා අහුවෙලා දෙකක් අනනකොට බල්ලා ....
      ලොජික් මචං ලොජික් ....

      Delete
  8. ලියන්නේ නැද්ද යකු.. බාගෙට ලියපු කතා හෙන ගොඩක් තියෙනවා...

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text