ටයිම්ටු ප්ලේද ගේම් ......... ට්ට්ට්ට්ට්ට්ට්ටර්ර්ර්ර්ර්ර්ර්රං.........
මොන බම්බුවක්ද මන්දා ........ නිදා ගන්නවත් නෑ ...
යකෝ තවම වෙලාව 6.30යි. මොන කැනහිලාටද මේ මහ පාන්දර නින්ද යන්නේ නැත්තේ .........
" හලෝ.......... "
" අඩෝ .......... ව් දිනෙල්කයා........... නිදිද බං !!! "
" තොගේ.....@$$@ ......... උඹ හිතුවේ මං මුර වැඩක් කරනවා කියලද මෙච්චර වෙලාසනින් ඇහැරලා ඉන්න .. අනික අද නිවාඩු දවසනේ බං "
" හරි හරි ........ නිවාඩු නිසා තමයි බංකථා කලේ ........යංද අද පොඩි ගමනක් "
" හැ .......... කොහෙද ???"
" හා හා පුරාකියලා මගේම සල්ලිවලින් කෙල්ලට ප්‍රසන්ට් එකක් ගත්තා බං .... සප්‍රයිස් පාරක් දාමු "
" ඉතින් දාගනින්කෝ .......... මං මොන මඟුලටද කියහංකෝ උඹේ අටමගලවල් වලට එන්නේ ...."
" අන්න ඉතින් ........ උඹත් කෙල්ලෙක් දාගත්ත දවසට අපි එන්නම්කෝ.... බෑ කියන්නේ නැතුව වරෙන් ... මං තාත්තගේ පරණ බයික් එකත් හදා ගත්තා ඒකේ යමු "
" හ්ම්.....හ්ම් ...... උඹලත් අනේ මන්දා ! "
" එල ..... එහෙනං 9 ට බොරැල්ලට වරෙන් ........ අනේ දෙයියෝ පිලිවලකට ඇදන් වරෙන් ඇ........හැමදාම එනවා වගේ ශර්ට් එකවත් මදින්නේ නැතුව ඇදන් එන්නේ නැතුව "
" හරි හරි බං ........ අපේ කෑල්ලනේ නේ !! "
" මං තොට කියන්නේ නෑ .... අපේ ... "
පොඩි කාලේ ඉදන් එකට දුක සැප බෙදාගත්තු දසුනයා, උදේන්ම මගේ නින්ද කඩලා දාල දැම්මේ වාර්ථා පොත්වලට එකතු වෙන ජාතියේ දවසකට මුල පුරන්න කියන එකට ඒ වෙලාවෙ නං කිසිම සාක්කියක් තිබුනේ නෑ . අඩුම ගානේ හූනෙක්වත් චුක් චුක් ගෑවේ නෑනේ ..... ශික් ..........
පොඩි කාලේ ඉදන්ම ආයේ ඉතින් මම නං වෙලාව කිව්වොත් වෙලාව තමයි ... හරියට 9 වෙනකොට බොරැල්ලෙ තිබුන දසුන්ගේ ගෙදර දොරකඩ .
ඒක නම් හැබෑවටම වාර්ථා පොත් වලට එකතු වෙන්න ඔනේ ... මොකද , කවදාවත් නැතුව මං එනකොට මූ ලෑස්ති වෙලා .....
" හරි යමං .... මං බයික් එක අරන් එන්නම් "
එහෙම කියලා ගේ පිටිපස්සට ගිහින් කිරි ටොයියා වගේ අයිටම් එකක් අරන් එනකන් බලන් හිටපු මට , මූ අරන් ආපු බයික් එක දැක්ක ගමන් ඔළුවත් එක්ක කැරකෙන්න ගත්තා ........ මේකෙන් ගියොත් නං අනිවා පිටගැස්මට බෙහෙත් විදින්න වෙනවා. දෙන්නෙක් නැග්ගොත් එහෙම කඩාගෙන වැටෙන සයිස්.
" පරණයිනේ බං ස්පෙයාපාර්ට්ස් හොයන්න අමාරුයි .එහේන් මෙහෙන් බොහොම අමාරුවෙන් කෑලි ටිකක් හොයාගෙන හදා ගත්තෙ බං .... අවුලක් නැතිව නුගේගොඩට ගිහින් එන්න පුලුවන් වෙයි "
හත්ඉලව්වයි .......ඒ වචනේ නම් බොහොම භයානකයි .... මූ කියන්නේ ගිහින් එන්න පුලුවන් වෙයි කියලා මිසක් පුලුවන් කියලා නෙවෙයි .
" එතකොට දැන් මට කියන්නේ , උඹ මේ වටෙන් පිටෙන් හොයාගත්තු ලට්ට ලොට්ට එකතුකරලා හදාගත්තු පතෝලමැස්සේ නැඟලා මටත් එන්න කියලාද ???? "
" නෑ .............. කැමති නම් බස් එකේ වරෙන් ..... කවුරුවත් බල කරන්නේ නෑ .... !! "
නොදකින් මුසලයා ........
" යමං යමං ........... "
දෙදර දෙදර ආපු ලදරම නුගේගොඩට එන්න විනාඩි 45ක් විතර ගත්ත. දැන් හිතාගන්නකෝ ආපු බයික් එකේ තත්වේ .රොටරිය ඉස්සරහා තියෙන සරසවි බුක්ශොප් එකේ අළුත් ශාකාව ලඟ බයික් එක නතර කරලා, පාරෙන් එහා පැත්තේ තිබුන පල්ලිගේ ගේට්ටුව ගාවට වෙලා අපි බලාගෙන හිටියේ 10.30 ඉන්ටවල් එකට හැමදාමත් පල්ලිය ලඟම තියෙන හෝටලේට කෑමට එන දසුන්ගේ පැංචිව අල්ලගන්න. " කෙල්ල දන්නවද උඹ මෙතන කියලා ??? "
" දන්නව නම් ඒක සප්‍රයිස් එකක් වෙනවද බං..........!! "
" හදිස්සියේවත් අද කැන්ට්මෙන් කනවා ! මෙතෙන්ට එන්නේ නෑ කියලා හිතලා ආවේ නැත්තං මොකද කරන්නේ ? "
" එහෙම වෙන්න එපා කියලා හිතපන් "
අයියෝ සල්ලි .......... පොඩි ගැට දාගත්තහම තියෙන අවුල පේනවනේ ...ඒහෙම කියලා අයේ අපි ලොකු උන්යෑ .... තාම කටේ කිරිසුවඳ ගිහින් නෑ ......... :D:D
" මොකද්ද බං ගත්තේ කියහංකෝ කෙල්ලට දෙන්න !!! "
" කරාඹු දෙකක් බං ..... පලවෙනි පඩිය හම්බ වුනේ පෙරේදනේ .... අම්මට බ්ලවුස් එකයි , තාත්තට සරමකුයි , නංගිට ලස්සන වලලු දෙකකුයි කෙල්ලට රිදී කරාඹු දෙකකුයි ගත්තා... "
ඒ ලෙවල් වලින් පස්සේ රස්සාවක් හොයාගන්න කියලා මූ මෙන තරම් දතක් කෑවද !!! එත් ඒක අපතේ ගියේ නෑ මුගේ තියෙන පරිඝනක දැනුමයි තවත් එවයි මෙව්වයි එක්ක ..... අන්තිමට ලංකාවේ තියෙන ප්‍රසිද්ද සමාගමක හොද පඩියකට පැනගන්න පුලුවන් උනා .
" 10.30යි , බං කෝ තවම නෑනේ ...... "
පලවෙනි පඩියෙන් කාටහරි තෑග්ගක් ගත්තහම ඒක දෙන්න තියෙන හදිස්සිය ආයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ , මෙච්චර වෙලා මට ඉවසපන් ඉවසපන් කියපු මූට දැන් කඩි කුලප්පුව හැදිලා . " ඇති යන්තං .....,ඔන්න කට්ටිය එනවා.............. "
සමුද්‍රදේවි ඉස්කොලේ පාරදිගේ ටියුශන් කොල්ලෝ කෙල්ලෝ රෙත්තයි ,ලස්සන සුදු කෙල්ලෝ පිරිලා .... අනේ මන්දා ක්ලාස් යන්න විතරද කොහෙද මුන් එලියට බහින්නේ , නැත්තං අපි පාරෙ යනකොටත් මේවගේ හුරුබුහුටිලා දකින්න එපායැ ........ ඔය අතෙරේ අපි දෙන්නගේ ඇස් ඒ රූප අතරේ හංසි නංගිගේ රූපේ හෙය හොයා හිටියා . අනිතිමට හම්බවුනා .....ඒත් ඒ අපි හිතපු විදිහට නෙවෙයි .වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන නැලවි නැලවි .
මට උන් හිටි තැන් අමතක උනා ... මූ මේ කෙල්ලට මොනතරං ආදරේ කලාද දෙයියනේ,එහෙම වෙලත් ඇයිමේ ......දසුනයාට අතේ තිබුන පාර්සලෙත් අතඇරුනා ..... මම හිතන් හිටියේ මේවගේ දේවල් වෙන්නේ හින්දි ෆිල්ම් වල විතරයි කියලා .....ඒත් නෑ ඇත්තටම එහෙම වෙනවා.
......... ඇයි දෙයියනේ කෙල්ලෝ මෙහෙමකරන්නේ ... අකමැති නම් කියන්න තිබුනනේ...... එහෙම කියලා තිබුනා නං ඒක සාදාරනයි.අපි කෙල්ලව දැක්කට කෙල්ලතවම අපිව දැක්කේ නෑ .....
" දසුන් .... යමං ඔය වේ** ගෙන් වැඩක් නෑ බං .."
වෙන කියන්න දෙයක් නොතිබ්බ කමට මම කිව්වා .කවදාවත් නැතුව දසුන් ගොලු වෙලා ..... ඌ වට පිට බලනවා ...කෙල්ල දිහා බලනවා .... ආයෙ වටේට බලනවා .
" යමං ගොනෝ ...... තොට තවත් මොනවද බලන්න තියෙන්නේ, ඒත් මචං ඒ කෙල්ලගේ අයිය හරි කවුරුහරිද දන්නේ නෑ!!!! "
" මොන අයියෙක්ද යකෝ .... මම දන්නේ නැද්ද කෙල්ල ගැන..............කොල්ලට ගහමු "
" පිස්සුද බං ....... ගහනව නම් කෙල්ලට ගහලා වරෙන් .....මෙච්චර කරලත් පිට ගියේ ඒකිනේ ..... කොල්ලට ගහල මොනවා කරන්නද !! "
මගේ දිහා බලාගෙන විනාඩියක් විතර හිටපු දසුන් , මට කරන්න දෙයක් හිතා ගන්නවත් බැරි විදිහට පාර පැනලා, කෙල්ල හිටපු පැත්තට දිව්වා. මට පස්සෙන් දුවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ,.......කියපු දේ අහන්නේ නැතිව මේකා ගිහින් කොල්ලට කෙලියොත් එහෙම උගේ සෙට එක මූට නෙලනවා දත් ටික සවලෙන් එකතු කරන්න .
ඒත් වැඩේ වුනේ මං හිතපු විදිහට නෙවෙයි .අපිට පිටිපාලා හිටපු කෙල්ල ළඟට ගියපු දසුනයා කෙල්ලෙගේ කරෙන් අල්ලා තමන්ගේ පැත්තට හරවා ගත්තා. මෙච්චර වෙලා හිනා මලක් තිබුන ඒ මූණට මාරයා දැක්කා වගේ බයක් පිරෙන්න ඒච්චර වෙලාවක් ගියෙ නෑ ....
වචනයක් වත් කථා නොකරපු දසුනයා අතපුරවලා මහ පාර මැද්දෙ කෙල්ලගේ කණට කෙලියෙ විසිවෙලා ගිහින් කොල්ලවත් එක්කම වැටෙව විදිහට ,වෙච්ච දෙයක් කාටවත් හිතාගන්න වෙලාවක් නෑ . මූඅයෙම පාර පැනලා ඇවිත් දුවගෙන ගිහින් 164 බත්තර මුල්ල බස්එකක එල්ලුනේ මාව ඇදගෙනමයි ........
" බහුමු ගොනෝ මේ 164ක් ..... අපි යන්න ඔනේ176 යේ "
කොහොමෙන් කොහෙම හරි සුපර්මාකට් එක ලඟදිකට කපලා සෙනඟ හිටපු 176කට පැනගත්තේ තවත් නුගේගොඩ හිටියොත්කොයි වෙලොවේ කන්න වෙයිද දන්නේ නැතිනිසා. ඔය අතරේ අපි දැක්කා පොලීසියෙනුත් දෙතුන්දෙනෙක් එන්න තරං, රොටරියට හැරෙන පාර ළඟ ලොකු කලබලයක් .
" ඇයි බං එහෙම කලේ ....... බයික් එක ගන්න යන්නේ කොහොමද ? "
" බයික් එක බල්ලාට ගියපුදෙන් ........... පස්සේ ගිහින් ගන්නවා , ඒක ගන්න හිටිය නං කන්න වෙනවා නහුතෙට "
" පවු බං කෙල්ල කැරකිලා විසිවුනා ........ "
" පවු!!!!!! ඒකිට රිදුනේ ඇඟට විතරයි ඒ වේදනාව අඩුවෙන්න වැඩිම උනොත් දවසක් යයි . ඒත් මට ..........."
බස් එකේ මිනිස්සු අපි දෙන්නා දිහා කටවලුත් ඇරගෙන බලාගෙන. කොහෙද මූට ඉතින් හෙමින් කථා කරලා පුරුද්දක් නෑනේ ...
" පස්සේ කථා කරමු........... "
" හ්ම්."
ශෝක රථය! හෙමින් සීරුවේ බොරැල්ලටත් ලංවුනා ,ඔන්න ඔය අල්ල පනල්ලේ තමයි මගේ අත, ලඟ ඉන්න ශෝයි කෙලි පැටික්කියකගේ ඇඟේ ගෑවෙන් ගත්තේ .... කෙල්ලෙගේ අම්මත් ඒ ලඟමයි .... කවදාවත් නැතුව මේ වෙලාවට අද 176යේ සෙනඟ කට කපලා ..... හිතලා අත වැද්දුවේ නෑ, අයින් වෙන්න තැනකුත් නැති නිසා වැදුනට කරන්න දෙයක් නෑ ඉතින් .......කෙල්ලගේ අම්ම නං දෙතුන් පාරක්ම මගේ දිහි ඔරවලා බැලුවේ අත ගනින් කියන් වෙන්න ඇති ... එත් දෙයියනේ අත අරන් කොහෙන් කියලා තියාගන්නද .
" දූ ........ මේ පැත්තට එනවා ...... ඔය එක එක වලත්තයෝ අස්සේ රිංගන් ඉන්නේ නෑතුව .....අම්මෙක් නංගියෙක් නැතුව ඇති මුන්ට .... බස් එකේ යන කෙල්ලොන්ට ඉන්න දෙන්නේ නැත්තේ... "
සීවරං දෙයියනේ .......... මීට වඩා හොදයි ඇන්ට් මාව වල දැම්ම නං .... මොනවා කියලා කරන්නද කට වහන් අනිත් පැත්ත හැරෙනවා ඇරෙන්න..බස්එකේ උන් සේරම මගේ දිහා බලාගෙන ... ඉස්සරහා සීට් වල ඉන්න උන් ඉස්සි ඉස්සි බලනවා . දෙරක් ළඟ හිටියා නං අනිවා බැහැලා යනවා .... කොහෙද මේ වෙලාවේ දෙර ළඟට යන්න මිනිස්සු අස්සෙන් බඩගාන්න වෙයි.
" මොන රෙද්දටද දිනෙල්ක උඹ කට වහගෙන ඉන්නේ .... කථා කරපං බය නැතුව ....... සෙනඟ ඉන්න බස් එකක යන්නේ අදද අහපංකෝ ..... තොගේ දුවගේ ඔය කුරුම්බාඇට්ටි වල අත් වද්ද වද්ද යන්න තරං අමාරුවක් නෑ ගෑනියේ පොඩ්ඩක් බලපිය වට පිට අල්ලන් තැනක්වත් එහෙම ඉඩක්වත් තියෙනවද කියලා ........ "
දැන් දසුනයා බස් එක දෙක වෙන්න බෙරිහන් දෙනවා .. දැන්ම මූව නැවත්තුවෙ නැත්තං මොනවා කරයයිද දන්නේ නෑ... මිනිස්සු සේරම හිනාවෙනවා .......
" නවත්තපං බං ඒ අම්මා කෙනෙක් .... එහෙම තමයි ඉතින් දුව හින්ද නේ බං කියනවා ඇත්තේ ......." ශේපර් එකේ මම කිව්වේ උගේ කණට ලංවෙලා
ප.ලි --- තවම ඉවර නෑ ... හරිය ..බොරැල්ලෙන්බැස්සට පස්සේ තමයි සෙල්ලම් පටන් ගන්නේ ......
අඩේ!!මහා භයානක කතාවක්නේ!!
ReplyDeleteහොඳ හොද සෙල්ලං තව ඉස්සරහට ....
Deleteඅනේ පව්.ඔය කෙල්ලෝ සේරම එකයි....ලව් නෙවෙයි උන් දන්නෙ....හ්ම්ම්.........
ReplyDeleteමොකට කියනවද ???? ++++
Deleteඒයි මේ... කන ගලෝ ගන්න හරිද හදන්නේ.. ඔක්කොම එකයි කියලා... හි හි
Deleteඔන්න අපි නං දන්නේ නෑ .......... කොහොමත් හැමොම එක වගේ නරක නෑ තමයි ( අනිත් උන් මීටත් අන්තයි ) හොක් හොක් හොක් .........
Deleteඋඹ ඔය මගෙන් ගුටි කන්න හදන්නේ කොල්ලෝ.... හි හි..
Deleteවෙච්චි දේවත් හරියට තේරුම් නොහෙන දෙනෝදාහක් මැද්දෙ අර කෙල්ලට අත උස්සන්න පුළුවන්නම්..ඒ ආදරේද කියලත් සැකයි....
ReplyDeleteකාළයක් අරන් තේරුම් ගන්න තරම් සංකීරණ දෙයක් නෙවෙයිනේ මේක .... ඌගේ තැන මම හිටියනම් කියලා හිතලා බලන්නකෝ අක්කේ... අනික තමයි මේවගේ දෙයක් උනාම කොල්ලා ඇවිත් අනේ මැණීක ඇයි මට මෙහෙම කලේ .. මගේ මොනවද අඩු කියලා අහන්න ඔනේ කියන කථෘවට නම් මම කොහෙත්ම එකඟ වෙන්නේ නෑ ...... පාර මැද්දේ ගහපු එකට නම් මාත් එකඟ වෙන්නෙ නෑ තමයි .. එත් මේ වගේ දෙවල් කරන කෙල්ලොන්ට රිටන් එක දෙන්නම ඔනේ... නැත්තං හරියට ආදරේ කරන කෙල්ලොන්ටත් අගෞරවයක් ....අනික තමයි ඔනේ නැත්තං ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනව නම් කරන්න ඔනේ කථෘ කරලා නවත්තන එක මිසක් එක එක දවසට එකඑක කොල්ලත් එක්ක බාල් නටන එක නෙවෙයි
Delete...ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක්නේ .....
uta mole pavichchi karala oita wada honda gemak denna thibba..
ReplyDeleteගේම යනවා තව ඉස්සරහාට බලන්නකෝ ...... තිත් දෙකයි ඩී
Deleteඅෆොයි විනාසයි. ඉක්මන් උනා වැඩිද මන්දා? එත් මම ඔයාගේ යාළුවා උනානම් කරන්නෙ ඔකම තමයි. කෙල්ලෙක් තමයි මමත් එත් මම ඔයාගේ යාළුවාගේ පැත්තෙ. මොකද ආදරේ නැති උනාම දැනෙන දුක මටත් දැනිලා තියෙනවා. කියනවා වගේ ලේසි නැ ඒ දුක ඒ මොහොතෙම දරාගන්න. බලමු ඉතුරැ ටිකත්.
ReplyDeleteඑල එල .........මම නං හිතන්නෙ නෑ කාටවත් කෙල්ලගේ පැත්ත ගන්න පුලුවන් කියලා .....
Deleteබලන්නකෝ ඉතිරිය .....
උඹ ආයිමත් ලියන්න පටන් ගත්ත එක නම් සතුටක්. කතාව ගැන ඉතිරි කොටසත් කියවලාම කියන්නම්.
ReplyDeleteවිභාග නම් ඉවර නෑ බං ....ඒත් නොලියා හිටපු කාලේ වැඩී කියලා හිතුනා .... ඔන්න ආයෙත් ලියනවා විභාග අස්සෙම
Deleteahh mea ara seen eka ne? wanaathen gahapu seen eka ne? hehe ela ela :D
ReplyDeleteඔවු ඔවු ........ තිත් දෙකයි ඩී
Deleteඉතුරු කොටසත් කියවලා ම අදහස කියන්නම්කො.
ReplyDeleteඉතින් ඊට පස්සේ අර අම්මා මොනවත් කිව්වේ නැද්ද..?
මොනවත් කියන්න කලින් මම අරෑවත් ඇදගෙන බැස්සනේ බස් එකෙන්
Deleteසෑහෙන ලොකු ෆයිට් එකක් වගේනේ.. බලමු ඉතුරු කෑල්ලත් කියවලාම..
ReplyDeleteඅනිවා අනිවා ........... හෙන ලොකු එකක් ...
Delete//ඒකිට රිදුනේ ඇඟට විතරයි ඒ වේදනාව අඩුවෙන්න වැඩිම උනොත් දවසක් යයි . ඒත් මට ..........."//
ReplyDelete++++ හරියට ම හරි..!
:D :)
Deleteතාම ලාබාල හින්ද ඔහොමවත් මාට්ටු වුනේ. මෝරපු එකියක් උනානම් ඔය හොර අල්ලනව බොරු. අද කාලෙ කෙල්ලො එච්චරට කට්ටයි.
ReplyDeleteකාවවත් විස්වාස කරන්න බෑ මේකාලේ .......... ස්පෙශලි ගර්ල්ස්
Deleteමැක්සා :D :D
ReplyDeleteඑල එල
Deleteකොහෙද ගිහින් හිටියේ කියලා අහන්න කලින් මූ විභාගයක් ගැන කියලනේ.....
ReplyDeleteහාපෝ ඔය කාලේ ලවු.... මතක් වෙනකොට එපා වෙනවා.. වලි බේරලා ඉවරයක් නෑ ඒ කාලේ අපේ උන්ගේ.... පොඩ්ඩ ඇත්නම් කෙල්ලෝ තරහා වෙනවා.. ඉතිං කොල්ලෝ අපේ පස්සෙන් වැටිලා කියෝනවා යාලු කරලා දීපල්ලා කියලා... කෙල්ලො එහෙන්... ඒ උනාට මට මතක හැටියට මාත් එක්ක හිටපු උන් මැරීගෙන කරපු ලවු වලින් එකක්වත් හරිගියේ නෑ ... ඒක නිසා මං නං ඕනේ එකෙකුට කියන්නේ ලවු කළාට කමක් නෑ.. හැබැයි මොනවා හරි උනොත් අතාරින්න පුළුවන් ගානට තියාගනිල්ලා කියලා.. නැත්තම් උන් විකාර කරනකොට වටේ ඉන්න එවුනුත් දුක් විඳිනවා...
මේ වෙලා තියෙන ටිකේම අනිත් පැත්තේ වර්ෂන් එක මං අත්දැකලා තියෙනවා.... ඒකෙ පස්සෙන් හිටිය එකා උනේ මම.... එකම වෙනස ගහන්න නම් ගියේ නෑ... හි හි...
ඉතුර ටික එනකම් විභාගේ ඉවර වෙනකම් බලං ඉන්න වෙයිදෝ..... හි හි
අපෝ වැඩි කල් බලන් ඉන්න ඔනේ නෑ ... මම ඒකත් මේකේ රස්නේ යන්න කලින් දාලා දානවා.... ඩී
Deleteai mama mey patata ena may taram parkku unay?
ReplyDeletetani ahata adenawa
Jayawewa
හි හි ...... බොහොම ස්තූති මචෝ
Deleteනියමෙටම ලියලා තියනව මචන්
ReplyDeleteඉතිරි පන්ගුවත් ඔය විභාගයක් ඉවර වුන දවසක හවස් කොරේ මොළේ ෆෝමැට් වෙන්ටත් එක්ක ලියලා දාහන්
මේ ඇත්තටම මේ වචන උඹේ යාළුවා එවෙලේ කිව්ව ඒවද? මල කියන එකේ උපරිමේටම පැනලනේ
මෙහෙම්මම කිව්වනේ බං .... උගේ කටට ඒ වචන ටික කොහෙන් ආවද මන්දා .... ඩී
Deleteඅපෙත් අමිල කියල 1ක් ඔය දේම කරා ....ඒ කෙල්ලත් කොල්ලෝ දෙන්නෙක්ට කැමතිද ඇහුවම කැමැත්ත දීල.....ඔහම කෙල්ලොන්ට නම් ඔහොම කරලා මදි....
ReplyDeleteඊඵඟ කොටසත් බලන්නකෝ ...... අපිත් ගේම අත ඇරියේ නෑ
Deleteඑවෙලේ කොල්ලා පත් වෙච්චි මානසික තත්ත්වය හිතා ගත්ත හැකි.. ඉතිරි ටිකත් ලියහන්කෝ..
ReplyDeleteමට පොඩි කතාවක් මතක් උනා...
ඔහොම කෙල්ලෙක් තමන්ගේ කකුල පෑගුවා කියල බස් එකේදි කොල්ලෙක් ට බැනලා. පස්සේ කොල්ලා කලිසම් කකුල උස්සල පෙන්නලා., තමන්ගේ විස්තරේ ත් කියල. කොල්ලගේ ඒ කකුල කෘතිමව දාපු එකක්. ඉතින් පොදු වාහන වල යනකොට ඔහොම ඒවත් වෙනවා..
මාත් ඕය කථාව අහලා තියෙනවා ...
Deleteකනට ගැහුවා කෙල්ලට රිදුනා එතනින් ඉවරයි. ආයේ වෙන එකෙකුටවත් ඔය වගේ දෙයක් නොවෙන්න පාඩමක් උගන්නලාම ආව නම් තමයි හරි. බලමුකෝ ඉස්සරහට.....
ReplyDeleteඉගැන්නුවා ඉගැන්නුවා ..... හැබැයි පාඩම සැර වැඩි උනා මං හිතන්නේ ... මතු සම්භන්ධයි
Deleteඅන්න මොලේ ඇති කොල්ලෙක්.අර පස්සේ යාලු උන එකා උනත් බලනවනේ ඇයි උගේ කෙල්ලට පාරේ යන එකෙක් ඇවිත් කනට ගැහුවේ කියලා.උට උනත් සවුත්තුව නේ.
ReplyDeleteඅනිවා ............ අනිවා ......... හැබැයි ඌ ඒක බලලා හෙන වැරදි තීරනයක් ගත්තා .... මොකද්ද කියලා ඊළඟ කොටසෙදි බලන්නකෝ
Deleteහපෝ බං ක්ෂණික කෝපය අති භයානකයි, අන්තිමයි, අධමයි මිලේච්ඡයි.. අන්තිමට අන්දකයිප්පු වෙන වැඩක් වෙයිද දන්නේ නෑ. තව කොටස් කීයක් විතර තියේවිද බං දිනේල්කයෝ.
ReplyDeleteතුජ්චයි , නින්දිතයි , කුජීතයි එමමයි ..........තව එක කොටසයි බං
Deleteඋඹලා ෂුවර් එකට ගුටි කාලා
ReplyDeleteඅපිට ගහන්න ........... එවා ඉතින් හඳේ තමයි ... තිත් දෙකයි ඩී
Deleteකොල්ලගේ කේන්තිය සාදාරණයි .ඔහොම දෙයක් දැක දැක කෙල්ලව නලවන්න යන්න බෑනේ ඉතිං ..අනික හදිසි කෝපයනේ ඔතන වැඩියම තියෙන්නේ ..
ReplyDeleteඉතුරු ටිකත් ලියමු !
:)
බලමු බලමු ...... මොකද වෙන්නේ කියලා ..... තිති දෙකයි ඩී
Deleteමරන් කන්න තරන් කේන්ති එනවා තමා බන්..
ReplyDeleteඒ සිරා ලව් එක නිසා.(ඒත් ගැහුව එක නම් අවුල මචෝ )
ඒත් ඕක දන්නේ උබයි දසුනයගේ
සෙට් එකයි විතරනේ බන්..අන්තිමට ලෝකෙට වැරදි
කාරය වෙන්නෙත් දසුනයම තමා .නැතුව පිට ගිය කෙල්ල
නෙවේ බන්.දැන් අර කෙල්ල රට පටලලා ඇති හොදට
ලුණු ඇඹුල් දාල දසුනයව කුජීතම කරලා ..
ඒකනම් ඇත්ත තමයි බං .........මක් කොරන්ටද ඒ වෙලාවේ මටත් කරගන්න දෙයක් නැති උනා .... හැබැයි අපි රිටන් එක නම් දුන්න ලෙසටම ..... ඊළඟ කොටස බලහන්කෝ ....ඩී
Deleteඇල්වතුරත් නිවල බොන එකෙක් විදිහට මට කියන්න තියෙන්නෙ මං උඹේ යාළුව වුනා නම් ජීවිතේ හම්බුකරපු පළවෙනි පඩියෙන් ගත්තු තෑග්ග කියල ඒකත් දීල, තැන්කිව් කියලත් තමයි එන්නෙ...
ReplyDeleteඅනිවා අනිවා .......... ශැහ් ... මට ඒක ඒ වෙලාවේ කම්පනා උනේ නෑනේ
Delete+++++++++++
Deleteමම උනත් කරන්නේ මෙන්න මේ සාතන් අයියා කියපු දේ තමා....ඕක තමා ඕන කෙනෙක්ට රිදන්න හිතන හොදම විදිය.ඔය පාර වදින්නේ තමන්ගේ හිතටමයි..එක හුගක් දරුණුයි..:D
මේ කතාව වගේ සිද්දියක් මට වුනා ඒත් පොස්ට් එකේ අනිත් පැත්ත උනේ.මගේ ප්‍රතිචාරේ ඕකයි හැබැයි...:D
:D :D කොහෙද ඉතින් !!!! මට කම්පනා උනේ නෑනේ
Deleteකේන්තියෙන් වැඩ කරන එක නම් ඒ තරම්ම හොද දෙයක් නෙවෙයි.. අපිටමයි අවාසි, පොඩ්ඩක් හොයලා බලලා වැඩ කරන්න තිබ්බා,ඒත් හිත රිදුනු එක නම් ඉවසන්න බෑ තමයි,ඒත් තෑග්ග දීලා කිසිම දෙයක් නොකියා ආවා නම්, ශරීරික පීඩාවට වඩා මානසික පීඩාව වැඩි වෙන්න තිබ්බා ඒ ගෑල්ලමයට..එතකොට එයා වුනත් පසු තැවෙනවා,,
ReplyDeleteඑහ්හ්...මාවත් නිදන් ඉද්දි නැගිට්ටවන එක නම් ආසම නෑ..ඒ වෙලාවට තමයි වැඩිපුරම තරා යන්නෙ..
අපි නොදන්න කෙල්ලොන්ගේ පසුතැවිල්ල ......... එහෙම දුන්න නම් ඌට ගෙදර ඇවිල්ලා උගේ නංගි ඒ කරාඹු දෙකම දාගෙන හිනා වෙනවා බලන්න බැරිවෙනවා
Deleteඇඟ හීතල වෙනව යකෝ.. ඇත්තටම මෙහෙම උනාද?
ReplyDeleteමොකෝ බන් නැත්තේ .......... හීතල වෙන ටික තියෙන්නේ තව ඉස්සරහට ....
Deleteක්ලාස් යන කෙල්ලෝ ඔක්කොම එකයිද බන්?අනේ මන්දා උඹේ ලිවිල්ල නම් පට්ට මචෝ ඉතිරි ටිකත් ඉක්මනට දාපන් ආ.
ReplyDeleteක්ලාස් යන උන් තව හොඳයි බං ////// කොහොමත් උන් එහෙම තමයි ......
Deleteඅද තමයි බන් මුලින්ම ආවේ.ඇත්ත කතාවක්ද බන්.ඉතිරි ටිකත් ඉක්මනට දාපන්කො
ReplyDeleteඇත්ත කථාවක් තමයි බන් .......දානවා දානවා ..... ඉක්මනට දානවා ....බොහොම සාදරයෙන් පිලිගන්නවා
Delete//ආච්චිගේ රෙද්ද තමයි ......... හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා ...... නොදකින් මූසල හැත්ත.....// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteගෑණුන්ට ඕනවට වඩා නිදහස දුන්නම ඔහොම වෙනව. අනික උන්ගෙ හිත ඉක්මනටම වෙනස් වෙනව. උන්ට හිතුනොත් මූට වඩා අරූ මට ආදරෙයි කියල හුලං තමයි. ඒ නිසා එහෙම දැනෙන්න දෙන්න එපා. අවුරුදු 7ක් ආදරේ වෙනුවෙන් දර දිය ඇදපු කාලගෝලයට වඩා, දිත්තලාට ලොකු උනේ මඟදි ක්ෂණිකව හම්බඋන දික්පිටියව. තමන් වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් උන මනමේ කුමාරයට වඩා කුමාරිය ලොකු උනේ කැලේ වැද්දෙක්ව. ඔන්න ඔහොමයි බං ගෑණුන්ගෙ හැටි. සේරටම වඩා අද කාලෙ කෙල්ලොන්ට ලව් කියන්නෙ ෆැෂන් එකක්. ටික කාලෙකින් ඒ කොල්ල අවුට් ඔෆ් ෆැෂන් උනාම තව එකෙක් හොයා ගන්නව. කතාකරල වැඩක් නෑ බං
ඒක ඇත්ත බං ... .ඒක මම කරන්නේ නෑ කියන කෙල්ලෙක්ව මොන තරං විස්වාස කරත් වැඩක් නෑ ඒක නොකරවන තැනට වැඩ කරන්න ඔනේ
Delete//ඒක මම කරන්නේ නෑ කියන කෙල්ලෙක්ව මොන තරං විස්වාස කරත් වැඩක් නෑ ඒක නොකරවන තැනට වැඩ කරන්න ඔනේ//
Deleteමොකක්...?? ඒ කිව්වේ.....
අනුමත නොකරමි...
ReplyDelete1.කෙල්ලෙක්ට අත ඉස්සීම පිරිමි කමක් නෙවේ.ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක බැඳීමක් කියලා කියන්නේ අත්මාර්ත්කාමිව ආදරේ කරපු අය. තමන්ගේ කොල්ලා වෙන කෙල්ලක් එක්ක ගියත් තරහා හිතෙන්නේ නැහැ සැබෑ ආදරයකට.අද්දැකීමෙන් කියන්නේ.පළිගැනීමේ චේතනාවෙන් වැඩ කරලා තියෙන්නේ කියලා පේනවා ඉස්සරහටත්. සැබෑ ආදරයක් නොවන නිසා ඔය කොල්ලට උණු දේ කමක් නැහැ.හොඳ වැඩේ.රට වටේ කෙල්ලෝ තියාගෙන ඉන්න කොල්ලො ඕන තරම් ඉන්න නිසා, ආදරේ නාමෙන් රෙස්ට් හවුස් වලට ගෙනිහින් වීඩියෝ කරන කොල්ලෝ ඉන්න නිසා කොල්ලොන්ටත් මෙහෙම වෙන්න ඕනේ.. කෙල්ලක් වැඩිම උනොත් බුට් එකක් තියයි.ඊට වඩා කොල්ලෙක්ගේ ජිවිතේ අසරණ කරන්නේ නැනේ..
2.කෙල්ල කරපු වැඩේ තරහට අර අම්මට කතා කරපු විදිහ අන්තිම වැරදියි.ඒ මනුස්සයාගේ දුව , එහින්දා එහෙම කියන එක සාධාරණයි.අනිත් එක නරක චේතනාවෙන් නෙවෙයි කියලා ඇත වැදුනට කමක් නැහැ කියලා හිතන්නද??
මේ පොස්ට් එක කියවන්න උනාටත් කනගාටුයි. සමාවෙන්න.ඇත්තම කිව්වේ...
1 . //කෙල්ලෙක්ට අත ඉස්සීම පිරිමි කමක් නෙවේ.// = එතකොට ආදරයට ද්‍රෝහීවීම ගැහැණු ගතියද ???? දැන ගත්තු එක හොදයි
Delete2.// ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක බැඳීමක් කියලා කියන්නේ අත්මාර්ත්කාමිව ආදරේ කරපු අය // = ආදරේ කොහොමත් ආත්මාර්ථකාමී තමයි කෙල්ලෝ ආදරේ කරන්නේ බෙදාගෙනද ???? දැන ගත්තු එක හොදයි
3.//සැබෑ ආදරයක් නොවන නිසා ඔය කොල්ලට උණු දේ කමක් නැහැ// = ජිවිතේ අතරමඟදි හම්බ වුන කෙනෙකුට තමන්ගේ පලවෙනි පඩයෙන් සතයක් වත් වියදං කරන්න හිතෙයිද ආදරේ ඇත්ත නොවුනා නම් ..... කොල්ලොන්ව කෙල්ලො දකින්නෙ මේ විදිහටද ???? දැන ගත්තු එක හොදයි.
4.//ආදරේ නාමෙන් රෙස්ට් හවුස් වලට ගෙනිහින් වීඩියෝ කරන කොල්ලෝ ඉන්න නිසා කොල්ලොන්ටත් මෙහෙම වෙන්න ඕනේ //= තාත්තා කරපු වැරද්දට පුතා එල්ලුන්ගස් ඇරලා හරියනවාද ? ස්ත්‍රී චින්තනේ කියන්නේ මේකද ? දැන ගත්තු එක හොදයි
5.//කෙල්ලක් වැඩිම උනොත් බුට් එකක් තියයි// = ඇත්තම ආදරෙදී අසරණ වෙනවා කියන්නේ බූට් එක මිසක් කනළ්යා පටලය නෙවෙයි . කොල්ලෝ කියන්නේ පාරේ විකුනන්න තියෙන ඇඳුම් වගේ ජාතියක් කියලද කෙල්ලෝ හිතාගෙන ඉන්නේ ????? දැන ගත්තු එක හොදයි.
6. අම්මට කථාකරපු විදිහ වැරදී කියන එක නම් මම පිලිගන්නවා .
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කෙල්ලෝ කොල්ලොන්ව මනින්නේ එක කොල්ලෙක්ගේ වලත්ත කමක් නිසා දැකපු දේකින් නම් මින් ඉදිරියට කවුරු නැතත් මම එහෙමයි . ඔන්න කැරලිකාරි දෙබරෙට ගල ගහල තියෙන්නේ ... ඊළඟට කරන්න ඔනේ දේ කියන්න ඔනේ නෑනේ
ඔය දෙන්නම මෙතන අන්තෙටම යන්නනේ හදන්නේ.. ඇයි අන්තවාදී වෙන්නේ.... මේක සාපේක්ෂ ප්‍රශ්නයක් නෙවෙයිද.... ?
Delete//අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කෙල්ලෝ කොල්ලොන්ව මනින්නේ එක කොල්ලෙක්ගේ වලත්ත කමක් නිසා දැකපු දේකින් නම් මින් ඉදිරියට කවුරු නැතත් මම එහෙමයි //
හි හි.. ඉතිං දිනෙල්ක... ඔයාගේ යාලුවා මෙතනදිත් අර බස් එකේ ගෑණු ළමයට ඒ විදියට කතා කරනකොට එයා කරන්නෙත් මේ ටිකම නේද.... ආවේගයෙන්, තරහින් උනත් මං අහන්නේ...
හැමෝම එක වගේ හොඳත් නෑ.. හැමෝම එක වගේ නරකත් නෑ.... ඇයි ඒක තේරුම් ගන්න බැරි... ?
සමහර කොල්ලෝ කෙල්ලන්ට පණ වගේ ආදරෙයි... හැබැයි ඒ ආදරේ නිසාම කෙල්ලට නීති තහංචි දානවා වැඩියි... ගෙවල් වලිනුත් හැම පැත්තකින්ම හිර වෙලා ඉන්න කෙල්ලන්ට තමන්ට ආදරේ කරන කෙනත් තමන්ව හිර කරනවා දැනෙනකොට ඒකත් වදයක් වෙනවා..
සමහර කෙල්ලෝ කොල්ලන්ට පණ වගේ ආදරෙයි... කොල්ලා කියන හැම දෙයක්ම කරනවා.. හැම තිස්සෙම පස්සෙන් එල්ලිලා ඉන්න දඟලනවා.. හැම තිස්සෙම කෝල් කරනවා.. මැසේජ් එවනවා... යාලුවොත් එක්ක ඉන්නකොටත් කතා කරනවා.. කොල්ලන්ට ඕකත් හෙන වදයක් වෙනවා...
වදයක් උනාම දෙන්නගෙන් එකෙක්වත් අනිත් එකාට කියන්නෙ නෑ අනේ ඔයා මට හරි වදයක් කියලා... හිමින් සීරුවේ මඟ අරින්න හදනවා මිසක්.... අන්න එතෙකාට පණ වගේ ආදරේ කරපු කෙනා අප්සට් වෙනවා..
ආදර සම්බන්ධයකදි ඕනෙම කෙනෙක් හිතේ තියාගන්න ඕනේ දේ තමයි පණ වගේ ආදරේ කරනවා කියන්නේ තමන්ගේ හිත ගැන විතරයි කියලා... දවසක් දෙකක්, මාසයක්, අවුරුද්දක් දැන ගෙන හිටිය කෙනෙක් ගැන ඇත්තටම අපි හැමදෙයක්ම දන්නේ නෑ නේ... තමන්ගේ හිත ගැනවත් විශ්වාස කරන්න බැරි කොට තව කෙනෙක් ගැන 100% විශ්වාස කරන්නේ කොහොමද...?
දැං ඔය යාලුවා කෙල්ලට පණ වගේ ආදරේ කරපු කෙනෙක්... ඒකනේ එයා ඔච්චර නැහුනේ කෙල්ලව සතුටු කරන්න... නමුත් කෙල්ල එයාට ඒ තරම් ආදරේ කරලා නෑ කියල ඔය කියන විදියෙන් තේරෙන්නේ... කෙල්ල සම්පූර්ණ බොරුවක්, රැවැටීමක් කරලා කියලා කියන්න බෑ කතාව හරියට දන්නේ නැතුව... නමුත් මේ තියෙන හැටියට යාලුවා වැරැද්දක් කළා කියලා මට කියන්න හිතෙන්නේ නෑ... ඇත්තටම ඒක වැරැද්දක් උනත්... මොකද ඔය වගේ වෙලාවක බණ කියනවට වඩා ඔය පොඩි වැරැද්දෙන් විතරක් එයාගේ හිත හරිගස්සන්න පුළුවන් නිසා.. නැත්තම් එයා ඊළඟට ඊට වඩා ලොකු වැරැද්දක් කරන්න ඉඩ තියෙන නිසා..
නමුත් එතනින් එහාට කරන දේ ආවේගය පැත්තකින් තියලා කරන්න පොළඹවන එක තමයි කරන්න ඕනේ දේ... යාලුවො වැදගත් වෙන්නේ ඒ වෙලාවට...
නමුත් කැරළිකාරි කියන දේ එක ඇත්තක් තියෙනවා... තමන් ඇත්තටම ආදරේ කළා නම්, එහෙම කරපු කෙනෙක්ට කිසිම විදියකින් රිද්දන්න හිතෙන්න බෑ.. ආවේගයට එහෙම කළාට සමහරු ඊට වඩා පසුතැවිලි වෙනවා පස්සේ.....
තව දෙයක් ... කොල්ලෝ කියන්නේ පාරේ විකුණන්න දාලා තියෙන බඩුවක් ගානට දාගත්තේ අපේ සමාජයමයි.... කොයි ගුබ්බෑයමේ ලැගලා ආවත් කොල්ලෙක්ව කිරෙන් නාවලා ගෙට ගන්න පුළුවන් කියලා කියන අපේ සමාජයම තමයි... ඔය කියන දේවල් වැදගත් වෙන්නේ සමාජයට නේද කියන එක හිතලා බලන්න.. කන්‍යා පටලය කියන එකේ වැදගත්කම තියෙන්නේ සමාජයට නෙවෙයිද...? බැදපු පිරිමියෙක්ට උනත් දිකකසාදය ලේසි දෙයක් කියලා හිතාගෙන ඉන්න සමාජයක්නේ මේක.. ඒත් ඒ වගේ වෙලාවක ගෑණු කෙනෙක් වගේම පිරිමි කෙනෙක් උනත් කොච්චර මානසිකව දුක් විඳිනවද කියලා අපේ සමාජය හිතන්නේ නෑ නේ....
මානසිකව ගත්තොත් ආදර සම්බන්ධතාවයකදි හරි විවාහයකදි හරි, ඔය වගේ අවස්ථාවකදි කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් , කසාද බැඳපු ගෑණීයෙක් උනත්, කසාද බැඳපු පිරිමියෙක් උනත් විඳවන්නේ එකම වේදනාව නෙවෙයිද..... ? ඇයි මානුෂිකව නොවැදගත්, ඒත් සමාජයට වැදගත් දෙයක් එක්ක ,අතිශයින්ම මානුශික උනු අවස්ථාවක් සංසන්දනය කරන්න හදන්නේ....??
අන්තිම හරිය නම් පැහැදිලි මදි වගේ .......... ඒත් ඉතින් කථාන ඇත්ත තමයි ... මම කථාව ලිව්වේ මැදිහත් මානසික තත්වයකින් ..... වෙච්ච දේ කියනවා මිසක් කිසිම පැත්තක් ගන්න උවමනා උනේ නැත්තේ ඔයවගේ අද්දැකීමක් මට නැති නිසා ......
Deleteඒත් හිරැගේ කථාව ඇත්ත
ෂෙක් .. මෙච්චර ලියලත් මේකට පැහැදිලි මදිලු නේ.... හි හි...
Deleteමම අන්තිමට කිව්වේ මලයෝ මනුස්ස හිතට දැනෙන වේදනාවට ගෑණු පිරිමි බේදයක් නෑ.. නමුත් අපෙ සමාජයේ අපි හදාගෙන තියෙනවා ගෑණුන්ට මෙහෙමයි පිරිමින්ට මෙහෙමයි කියලා ස්ටෑන්ඩර්ඩ් ටිකක්.. ඔය කෙල්ලන්ගේ කන්‍යා පටලය සහ කොල්ලන්ට මොනවා කළත් ෂේප් වෙන්න පුළුවන් කියලා කියන්නේ එහෙම ස්ටෑන්ඩර්ඩ් දෙකක් විතරයි...
කොල්ලෝ කෙල්ලෝ පැත්තකින් තියමු...රැවටීමක් හින්දා ඩිවෝස් වෙච්ච පිරිමියෙක් තමන්ගේ වයිෆ් ගැන හිතලා අඬනවා නම් අෙප් සමාජය හිනාවෙනවා, ගෑණිට බනිනවා..ඕක අතෑරලා දාපන් කියනවා, ලෝකේ ඉන්නේ එක ගෑණිද කියනවා... ගෑණියෙක් එහෙම අඬුවොත් සමාජය බලන්නේ දුකෙන්, අනුකම්පාවෙන්, අර පිරිමියත් එක්ක තරහෙන්, කළකිරීමෙන්.. එයාට කියනවා ඕක පස්සේ ගිහින් වැඩක් නෑ, ඔන්න ඕක අතෑරලා දාපන් කියලා... දෙන්නට කියන විදිය වෙනස්...
නමුත් ඒ දෙන්නට දැනෙන වේදනාවේ වෙනසක් නෑ නේද.... ? මට ඒකයි කියන්න ඕනේ උනේ....
අන්තිමට.. මාත් ඔය වගේ සිද්ධි කීපයකම මැදහත්කරුවෙක් උනා ... ඒකෙදි තමයි මට ඔය දේ තේරුනේ... කිසිම වෙලාවක, කිසිම කෙනෙක් ගැන 100% විශ්වාසය තියන්න හොඳ නෑ..... ආදර සම්බන්ධයකදි නම් කොහෙත්ම හොඳ නෑ.. සමහර වෙලාවට ඒකම ලොකු රක්ෂණයක් වෙනවා ඒ සම්බන්ධයට... අනිත් කෙනා දන්නවා එයා ආදරෙයි.. හැබැයි නැති උනා කියලා මැරෙන්නේ නෑ කියලා... ඒක තමයි අවබෝධයෙන් ආදරේ කරනවා කියන්නේ... ටික කාලයක් ඔහොම ආශ්‍රය කරනකොටත් සම්බන්ධය දිගටම තිබ්බොත්, දෙන්නටම තේරෙනවා අපි දෙන්න අතරේ පිටින් එක කෙනෙකුට හෝ දෙයකට කඩන්න බැරි විශ්වාසයක් ඇති වෙලා කියලා... අන්න එතකොට තමයි ආදරේක හොඳම කාලේ පටන් ගන්නේ...
ඒක තමයි මං මගේ පළවෙනි කමෙන්ට් එකේ කිව්වේ ලවු කළාට කමක් නෑ, හැබැයි ඔය ඉස්කෝලෙ යන කාලේ ලවු එච්චර සීරියස් ගන්නේ නැතුව කරන්න කියලා මං හැමෝටම කියන්ෙන් කියලා... හි හි
ela wrk bann next eka ikmanata daahan api balaagena innawa !!!! keep it up niyameta liyala thiyenawa
ReplyDeletethx macho :D :D ''''''''
Deleteඉතිරි ටිකත් දාපන් බලන්න.....
ReplyDeleteබස් එකේ සීන් එකටනම් කට වහන් නොයිද ගේම ඉල්ලන්න තිබුනේ... නැත්තම් උබ මයි නෝන්ඩි. අරූ ට නම් පොඩක් ඉවසල ලස්සන ගේමක් දෙන්න තිබ්බ.
අපොච්චියේ ........... මෙන්න පිස්සාත් මේකට ගොඩවැදිලා ...... කොහොමෙයි අළුත් හාමිනේගේ සැප දුක..... එල එල බොහෝම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ....
Deleteඅනිවා ඉක්මනට දානවා ඉතිරි කොටසත් .......
කෙල්ලො ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය
ReplyDeleteහෑ...:o :/ :@
Deleteඅපොයි දෙයියනේ ......... පවු යකෝ ........ තිත් දෙකයි ඩී
Deleteබස් එකේ සීන් එකට අතඋස්සමි. :)
ReplyDeleteඅනිත් කේස් එකට නම් ටිකක් ඒ වෙලාවේ ඉවසලා පස්සේ වෙන ගේමක් දෙන්න තිබුනේ.
ගේමක් දුන්නා ......... ඌ ඉල්ලපු විදිහටම දුන්නා .... ඒත් පවු කියලා හිතුනානේ ඊට පස්සේ .....
Deleteපට්ටයි දිනේල්කයෝ නියමයි...මමත් ඔය වගේම සීන් ගැන දාලා ලිපියක් ලිවුවා දැන් ටික දවසක්..දැම්මේ නෑ බැනුම් අහන්න වෙයි කියලා
ReplyDeleteකාගෙන් බැනුම් අහන්නද බං ........... බය නැතුව දාලා දාපන් ........
Deleteඋබේ බ්ලොග් එක මග ඇරිච්චි බ්ලොග් එකක් නෙ... ඊයෙ අහම්බෙන් වගේ සෙට් උනේ.. වැඩිය පෝස්ට් නැති නිසා ඔක්කොම ටික කියවල දැම්මා... මේ ක නම් ඒයෙම කියෙව්වනේ...
ReplyDeleteකොහෙද ඉතින් උඹ තාමත් ෆලෝ පාරක් දාලා නෑනේ .......... අනිත් කොටස අද රෑට දාන්නයි ඉන්නේ
Deleteමරු සිද්ධිය දිනේල්කයෝ..බොරැල්ලෙන් කාපු කෑම ගැන කියහන් ඉක්මනට :)
ReplyDeleteඅනේ.......... පල .... තිත් දෙකයි ඩී
Deleteඅම්මට සිරි..... නින්දක් දාන්න කියල හිටියේ... මේක කියවල නිදිමටට් නැටි උන...
ReplyDeleteඒ මොකද ඒ ...........
Deleteකෙල්ලො = වේ** බැල්ලියෝ.... මමනං තේරුම් අරන් ගොඩක් කල් මචන්...
ReplyDeleteහුඟක් කෙල්ලෝ ඔහොමයි බං ....... ටිකක් හොද උනුත් ඉන්නවා
Delete