Social Icons

හොයමු බලමු

Saturday, January 12, 2013

බඳුලු දුම්රියේ ..... පට්ටි පොල හටන ( විලක්කුව ලියන එකාට ජාන ලැබුන හැටි )






                                        නානු-ඔය ස්ටේශන් ‍එකේ ‍හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති .
                                              ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක ස්ටේශන් එකේ ඉදන් , ඇඟ හිරිවැටිලා යන තරම් වෙච්ච සීතල, සිගරට් දුමෙන් පන්නලා දාන ගමන්  නයිට් මේල් එක එනකන් බලාගෙන හිටපු දෙන්නෙක් බොහෝම බර කථාවක .
                               ස්ටේශන් එක වටේට  හැම තැනම කරග්ගහන අයාලේ යන බල්ලොන්ට සයනයිට් උලකින් අනින කොල්ලා තාමත් වැඩ . සයනයිට් එන්නත කාගෙන කෑගහගෙන ගියපු බැල්ලක් ස්ටේශන් එකට එහායින් තියෙන ලන්දේ දිරලා යමින් තිබුන කෝච්චි පෙට්ටියක් අස්සේ  හිටපු තමන්ගේ පැටවුන්ට කිරි දෙන්න පටන් ගත්තා . තවත් විනාඩි ගානක් ඇතුලත තමන්ගේ අම්මා මැරෙන බවට හාංකවිසියක්වත් දන්නේ නැති පැටව් පස්දෙනෙක් පොරකාගෙන ඇවිත් තන පුඩුවට කට ති‍යාගෙන කිරි බීගෙන බීගෙන යන්න ගත්ත . ඒ පැටවුන්ට ලැබෙන අවසන් කිරි වේල නේද මේ.ස්ටේශන් එකේ හිටපු දෙන්නටම පුදුම තරං දුකක් ඇති උනා ..... 

" මොනව කරන්නද මහත්තයා ..... එකිට පැටව් ඉන්න බව දන්නව නම් මං අත ඇරලා දානවා .... ශික් මේක මහ පවුකාර රස්සාවක් "
                               
                                 එහෙම කියාගෙනම එන්නත් කාරයා අර දෙන්නා ඉස්සරහින් පාරට බැස්සේ පැය ගානක් තිස්සේ තේ උගුරක් ලැබුනේ  නැති උගුර කට පිනවන්න හිතාගෙනයි .
කඳු ගානක් නැගගෙන හති දාගෙන ආපු කෝච්චිය නානු ඔයට එනකොට වෙලාව හවස 6 ට විතර තියෙන්න ඇති . 
 නානු ඔය ස්ටේශන් එකෙන් කෝච්චියට නැග්ගේ මෙච්චර වෙලා සිගරට් දුමෙන් වැහිලා හිටපු කොල්ලෝ දෙන්නා විතරයි.  මනුස්ස පුලුටක් ගැන සළකුනක්වත් නැති වෙන තරමට ස්ටේශන් එක පාළුවට යවමින් කෝච්චිය යන්න පටන් ගත්තා ........ ඈතින් පේන කඳු අස්සෙන් හොරන් හොරෙන් එබිකම් කරන ඉර දිහා බලාගෙන , තමන්ගෙම මනෝ ලෝකේ හිටපු දෙන්නාගෙ දැහුන බිඳුනේ ටිකට් පරීක්ශක තුමාගේ කට හඩත් එක්කයි . 

" ටිකට් ගන්න මහත්තයා .... "
දෙන්ගෙන් එක්කෙනෙක් ඔළුව උස්සලා බැලුවා ....
" දෙයියනේ ........ මේ අපේ සි‍රිමෙවන් මහත්තයානේ ..... මොන ටිකට්ද.. බොහොම සන්තෝසයි සර් දකින් හම්බවෙච්ච එක "
" ආහ් .......... අද නයිට් ශිෆ්ට් එක ලෙස්ටර්ද !! හොඳයි හොඳයි ..... ලෙස්ටර් ... මේ ඉන්නේ මගේ මල්ලි .... අහවල් රස්සාව තමයි කරන්නේ" 
" මෙච්චර කල් අහලා තිබුනට දැක්කේ අදනේ ........... දෙන්නත් එක්ක ‍ගම්පොලින් බැහැලා යන්නෙ පරිස්සමෙන් ... දන්නවනේ මේ කාලෙ හැටි ....  හමුදාවෙ උන්ට රෑ පානේ පාරේ යන උන්ව පේන්න බෑ .... ටයර් ගොඩකින් තමයි ඉවර වෙන්නේ .... පේනවනේ කෝච්චියත් , බලු බල්ලෙක් නෑ , මුලු කෝච්චියේම විසි පහක් ඇති වැඩිම උනොත් "
      කිසිම කථාවක් ‍නොකරපු අයියා මලෝ දෙන්නා හිනා උනා විතරයි .
" මං එහෙනං යන්නං මහත්තයෝ ........... "
" හොඳයි ලෙස්ටර් "
අයෙත් පාරක් අයියා මලෝ දෙන්නා කෝච්චි පෙට්ටියේ තනි උනා .

" ස්ටේශන් මාස්ටර් වෙන එකත් එක විදිහකට බැලුවාම හෙන ලාබ වැඩක් නේද අයියේ ...... කෝච්චියෙ නිකන් යන්න පුලුවන්නේ "
" ඒ වගේම වගකීමක් .......... "
" ඇත්ත "
" අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු වරප්‍රසාද බුක්ති විඳලා යුතුකම් අමතක කරන නිසයි. අපේ සහෝදරවරු සටන් කරන්නෙත් ඒ වෙනුවෙන් කියලා මල්ලි දන්නවනේ "
" හ්ම් ......  ඒ උනාට අපිට මේක දිනන්න බැරිවෙයි "
" කමක් නෑ ...... අපිට පුලුවන් වෙයි අමකන වෙ‍න්නේ නැති සලකුනක් තියන්න .... සමහරුන්ට ඒක කළු පැල්ලමක් විදිහට පෙනෙයි , ඒත් ඇත්ත වැටහෙන රට ගැන හිතන උනුත් ඉදීනේ "
                       දෙන්නගේ කථාව බොහෝම බරට නැගලා යනවා. කෑලිකැපෙන අන්දකාරය අස්සෙන් බොහෝම අමාරුවෙන් වගේ , පින්නට ලිස්සන රේල් පීලි , සිල්පර කොටන්උඩින් කෝච්චිය පට්ටිපොලට එනකොට වෙලාව 8 විතර වෙලා ඇති . 
                        මෙච්චර‍ වෙලා කෝච්චිය ඇතුලේ තිබුන නිහඩ බව නැති උනා ........ කොහෙන්දෝ කඩාගෙන පාත්වෙච්ච කොල්ලෝ කාණ්ඩයක් හතරගාතෙන් ගොඩ උනේ අයියා මලෝ දෙන්නා හිටපු පෙට්ටියටයි ....
       
" අප්පට සිරි මුං හොඳටම බීලා නේද "
" නොදකින් විතරක් ......... බිව්වට කමක් නෑ ගෙදර යන්න පුලුවන් තරමට බොන්න දැනගන්න ඔනේ ."
                   බේබදු කාණ්ඩේ දැන් පෙට්ටිය ඇතුලෙ හෙන පෙරලියක් කරනවා ...... එකෙක් මුල්ලකට වෙලා හෙනම ආතල් එකේ කබා දානවා , දෙතුන් දෙනෙක් මහා හයියෙන් කුණු හරප සින්දු කියනවා ..... අනිත් උන් තැන් තැන් වල ඉදන් ආන්ඩුවට බනිනවා .
                                   සැරටම ගේම නැගලා යන අල්ල පනල්ලේ තමයි ඒ කෝච්චි පෙට්ටියටම ටිකක් විතර ඇහැට කණට පේන ලමිස්සියෝ දෙන්නෙකුත් ගොඩ උනේ . 
කොල්ලොන්ගේ ආතල් එක සම්පුරණයෙන්ම වෙනස් උනා..... දැන් කට්ටි කථා වෙන්නේ කෙල්ලො දෙන්නා ගැන.
" මචං අපි මේක හෙන රොමැන්ට්ක පොට් එකක් කරන්න ඔනේ ‍ "
" කොහොමද !!! "
" ගිනි ගොඩක් ගහමුද "  කොහෙදෝ හිටපු එකෙක්ගේ අදහසක් ආවා .
" අන්න වැඩේ  ..... ඉඳහංකෝ මං සීට් එකක් ගලවලා ගන්නම් .ආණ්‍ඩුවෙන් ආයෙත් හයි කරයිනේ බං  " ඌ සීට් එක ගලවන්නයි ට්‍රයි එක .
" බල්බ් එක තිබ්බහම කරදරයි බං ..... අපි මේක අඳුරු කරන්න ඔනේ " තව එකෙක් බල්බ් එක ගලවන්න ට්‍රයි . 
                   මේ අස්සේ කෙල්ලෝ දෙන්නා බයවෙලා නහුතෙට උන්ට වෙන පෙට්ටියකට නන්නත් නෑ , අරුන්ටික පෙට්ටියේ දොරවල්‍ දෙකටම මුර දාලා .  අයි‍ය මලෝ දෙන්න පාඩුවේ හිටියට ආයෙ නං බෑ වගේ ...... වැඩියෙන්ම මල පැනලා හිටියේ මල්ලිට. 
" අයියෙ ........... ගහමුද ? "
" ටිකක් බලමුකෝ " 
ටික දුරක් ගියත් මුංගේ වැඩ වල වෙනසක් නෑ ... එක කෙල්ලෙක් අඩනවත් එක්ක. 
" අයියට බැරිනං ඉදගෙන ඉන්නඑකයි ඇත්තේ "
                                    එහෙම කියාගෙන නැගිටපු කොල්ලා තමන්ගෙ ළඟම හිටපු එකාව ඇදලා ඇරන් අතමිට මොලවලා නහට මැද්දටම  ඇදලා ඇරියා . මල්ලි ගේමක ඉද්දි අහක බලන අයියාකෙනෙක් පොල් පිත්තකින් කපා ගන්න බැරියැ ... එහෙම හිතපු අයියත් නැගිට්ටා .... කොල්ලෝ දෙන්නම පොඩිකාලේ ඉදන් ඉගන ගත්තු මාශල් ආට් එලියට එන්න  වැඩි වෙලා ගියේ නෑ ..... 
                                    අනිත් උන්ගේ සේනාව වැඩි උනාට වැඩක් නෑ . උන් සේරම බීලා .... එක පාරෙන්ම බිම ...... කොල්ලෝ දෙන්නාගේ පා පරහවල් දරා ගන්න බැරිවුන ‍කා‍ඩ් බෝඩ් විරයෝ ටික වැටුන වැටුන තැන්වල නිදි ......... 
                       වලිය යනවෙලාවේ  කෙල්ලෝ දෙන්නත් මේ දෙන්නට  චියර් එකෙන්  හෙන සප් එකක් දුන්නා .
                                  කෝච්චියේ හිටපු ගාඩ්ලා ටික මොකක්ද කලබලේ කියලා බලන්න එනකොට සේරම ඉවරයි ..... වැරදි කාරයෝ දෝයි ..                          

                              නාවලපිටියට කෝච්චිය එ‍නකොට වැරදි කාරයෝ භාර දෙන්න පොලිසියෙන් හොයන්න යන්න ගියත් මල්ලිගේ ඉල්ලීම මත ඒ වැඩේ වැලකුනා........
                                         බදුල්ල දුම්රියේ පට්ටිපොල හටන ඉවරකරපු  අයියා මලෝ දෙන්නා ගම්පොලින් පාරට බැස්සේ  මඟදි හමුදාවෙන් හම්බ නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි .





ප.ලි - හැමෝම අහනව ඇයි මටම  එක එක විදිහේ  අමුතු ආතල්  සෙට් වෙන්නේ කියලා . ඉතින් මමත් පොඩ්ඩක් හොයලා බැලුවා ඇයි කියලා ..උත්තරේ හම්බ උනා !                 
                          දෙයියනේ !! ......... මේක ජාන වලින් එක එකක්....... ඔය උඩ තියෙන කථාවේ මල්ලි කියන්නේ අපේ තාත්තා ..... දැන් හිතා ගන්ඩලාකෝ ....... ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා . අපේ තාත්තා රස කථා ‍ගොඩක් කිව්වා , ඒ කථා මට වෙලා තියෙන ඒවට වඩා හෙන ඇඩ්වාන්ස් .......
 අන්තිම නිගමනය තමයි මට මෙහෙම වෙන්නේ ජාන වලින් ලැබුන දෙයක් නිසා.  

62 comments:

  1. හේ හේ.... මම බැලුවා දිනෙල්ක අයියාවත්ද කියලා.. බලන් ගිහාය තාත්තා අයියට වඩා මාලයිනේ ඇ.. අපේ තාත්තත් නිවිච්ච තැන්පත් කෙනෙක් වුනාට අපේ අම්මා කිව්වා එක සැරයක් කට්ටියකට ගැහුවලු තනියම වැඳ වැඳ දුවන්න.. :D (එයා නම් වූෂූ කරපු කෙනෙක්)

    ReplyDelete
    Replies
    1. api bayai kiwwa kiyanna appochchata. :)

      Delete
    2. හැ.... හිකිස්..එයා හරි හොදයි අනේ...මම නම් තාවම දැකලා නෑ ඒම තරා යනවා..

      Delete
    3. වලි මුනි කෙනෙක් නොවුනට අපේ තාත්තා නැඟිටින්න ඔනේ තැන නැගිටිනවා ...... ඒ ගුණයට මං කැමතී ..... තිත් දෙකයි ඩී

      Delete
    4. කෙල්ලෙක්ව බේරගන්න දිවි පරදුවට තියන එකේ කෙල්ලෝ දෙන්නෙක්ව බේරගන්න දිවි මොකේ තියන්න බැරිද?

      Delete
  2. mobile eken web version ekata enna beruwa mechcharakal rss walen kiyewwe. Pc ekakin hoyagena aweth follow kale. E gena hoyala balanna.

    Kathawa nam pasta macho

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්නම් මචෝ .......... බොහෝම ස්තූති

      Delete
  3. හරි හරි.. ජාන තමයි. ආයිත් කියන්න දෙයක් නෑ.. හි හි

    ReplyDelete
    Replies
    1. හි හි .............. දැන් උත්තර හම්බ උනානේ

      Delete
  4. අන්න පෝරවල්...
    උඹටත් ඒ ජාන ලැබීම ගැන ආඩම්බර වෙයන්..!

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙපා ........... ආඩම්බර නොවී පුලුවනෑ ...... :D :D

      Delete
  5. හපොයි අප්පොච්චත් වසයි නෙහ් ......ජාන වලින් එන වලි හි හි

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අක්කේ ......... තාත්ත හරි හොඳයි ...... කොල්ලෙක් උනත් මට අද වෙනකන් එක පාරක්වත් ගහලා නෑ ........
      අනික මට වඩා සෑහෙන්න ඉවසන්නත් පුළුවන් ...... හුඟාක් ඉවසන අයට කලාතුරකින් තරහ ගියහම ඒක නිවාගන්න අමාරුයිනේ ...

      Delete
  6. මටත් ඔව්ව නම් ඇවිත් තියෙන්නෙ තාත්තගෙන්ම තමා... :)

    ReplyDelete
    Replies
    1. එහෙම නොවී පුලුවනෑ

      Delete
  7. හික්ස්.....මං හිතුවේ අදත් දිනෙල්ක ගේමකට සෙට් වෙලා කියලා.....
    තාත්තා කළ දේ පුතා නොකළොත් නොට්ටිගෙ පුතාලු නේ....:D

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ ....... දැන් උඹලා පාරෙ යනකොට වලියක් දැක්කත් බලයි මං එතනද කියලා නේ ......... :D :D :D දාන කථා වෙනස් කොරන්ට ඔනේ .... :D

      Delete
  8. දැන් නම් තේරුනා ජාන කේස්ම තමා කියලා..:)

    ReplyDelete
  9. ජාන වලට කල හෑකි දේ බොහොමයි....

    ReplyDelete
    Replies
    1. ඒ වගේම හරි පුදුමයි :D

      Delete
  10. අනේ හුකේ නංනානේ....**** අපේ සහෝදරවරු සටන් කරන්නෙත් ඒ වෙනුවෙන් කියලා මල්ලි දන්නවනේ "අපොයි ඔය කරන්නනේ කට්ටිය...රටේ හිටිය කොල්ලො ටික බිල්ලට දීදි රජ සැප විදිමින්

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ උන් හිතන්නේ ඔහොමයි , ජෙප්පෝ හිතන්නේ ඔය මං උඩ ලියලා තියෙන විදිහටයි ........ අපි ඕවා නොදනී ........ බලා සිටීම පමනයි :D :D
      දේශපාලනය ගැන වැඩි දැනුමක් නෑ බං .... ඒ නිසා ඒ ගැන වැඩිය කථා කරන්න යන්නේ නෑ . ( නිකන් චා වෙන්න බෑ‍ නේ :D :D )

      Delete
  11. එල ගැහිල්ලක් නේ ගහල තියෙන්නේ...

    ReplyDelete
  12. අනිවාර්යයෙන්ම ජාන වලින් එන එකක් තමයි.

    ReplyDelete
  13. අඩේ දිනෙල්කට තියෙන්නේ මල්ලි ගේ ජාන එතකොට.

    ReplyDelete
    Replies
    1. ඔය තේරෙන්නේ යස අගේට :D

      Delete
  14. උබ කථාව ඉදිරිපත් කරන විදියට තමා බන් වැඩිපුරම කැමති.. කථාව අස්සෙ මොන උලව්ව තිබ්බත් එව්ව ඇස් ඉස්සරහ මැවිල පේනව.. ඒතරමට සිද්දි තාත්විකව විස්තර කරනවා....

    ReplyDelete
    Replies
    1. තැංකූ මිගොඩයා අයියේ :D:D:D

      Delete
  15. එතකොට ඒ ගෑනු ලමිස්සියෝ දෙන්නගෙන් එක්කෙනෙක් දැන් උඹලගේ අම්මා නේද? ;)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ !!!
      ඒක ඇවිල්ලා මහ මඟ ප්‍රේමයක් නෙවෙයි ...... පාසල් වියේ ‍ප්‍රථම ප්‍රේමයක් .... :D :D:D:D:D

      Delete
  16. ඇෆ්ඵට සිරි ,නිකම් පිල්ම් එකක් වගේ , අඩේ මටත් එතන ඉන්න තිබ්බ නම් මරු බලන් ඉන්න ,
    බෑ හැබැයි හිටිය නම් මටත් නෙළයි ,

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා .......... උඹටත් කෑමක් තමයි :D

      Delete
  17. ජානම් දේඛ්ලූ කිව්වලු. ජානම තමයි .

    ReplyDelete
    Replies
    1. ජානම් ..... මොකක් කිව්වා ........ ඕනේ එකක් ඕනේ එකක් ......... කොහොම හරි ජාන තමයි .........තිත් දෙකයි ඩී

      Delete
  18. ඔය වගේ වැඩක් මටත් වෙලා තියෙනවා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදි... ක්‍රීඩාංගනය වෙනුවෙන් සේවය කරපු මගෙන් ගේම ඉල්ලන්න ආපු ගලේවෙල කොල්ලෙක්ට එදා මැච් එක අවසන් වෙනතුරු දණ ගහගෙන ඉන්න පොලීසියෙ ඇත්තො නියම කලා...ඒකාට ගංජා මතේ...මේ වගේ එකෙක් කොහොම සෙනග අතරට යවන්නද කියලා තමයා පොලිසියෙන් රදව ගත්තෙ...

    කථාව ලියලා තියෙන විදිය බොහොම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මැච් එකේ සීන් එක නම් පවු බං .......... අගය කිරීමට ස්තූති

      Delete
  19. හික්ස් මාරු තත්තෛ, පුතෛ......

    ReplyDelete
  20. හික්...ඒකයි එහෙනම් මේ කේස් එක..... :D

    ReplyDelete
    Replies
    1. බලන්ටකෝ ඉතින් ඒකෙත් හැටි නේද .........:D:D:D

      Delete
  21. පුතාගෙම තාත්තා එහෙනම්... :)

    ReplyDelete
    Replies
    1. ශූවර් ඇන්‍ඩ් ‍ශොට්

      Delete
  22. හෆ්ෆටසිලි!!!ජාන වල බලය!!! :D මම මීට කලින් මෙහාට ඇවිත් නැද්ද? :O

    ReplyDelete
    Replies
    1. මීටර් නෑ අක්කේ ............. නැතුව ඇති මගෙ හිතේ ....... තිත් දෙකයි ඩී

      Delete
  23. තාත්ත කරන දේ නොකරන පුතා නොට්ටිගෙ පුතාලුනෙ

    ReplyDelete
    Replies
    1. නෝටි පුතා කිව්වා !!!! තිත් දෙකයි ඩී .....

      Delete
  24. සිරාවටම මචන් අර බල්ලව මරපු සීන් එක නම් බොක්කටම වැදුනා..මමත් දැකලා තියනවා ඔය දේ. ඉතින් බන් තාත්තගේ පුතා කියන්නේ එකනේ බන්

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුත් කැමත්තෙන් කරන රස්සාවක් නෙවෙයි බං ......... කොහොම උනත් දැන් ඒ වැඩේ කරන්නේ නෑනේ .... මං ඒ කොටස දැම්මේ ... ඒකාලේ පරිසරය මවන්න හිතාගෙන

      Delete
  25. හෙඩිම දැක්ක ගමන් කමෙන්ට් එක දාන්න ආවෙම මෙයා වලිමයි කියාගෙන.....හික් හික්.... ඒක ආවෙ කොහෙන්ද කියලනෙ පෝස්ට් එක...;)

    ReplyDelete
    Replies
    1. යන විදිහ වෙනස් කරන්න වෙයි වගේ ......... නැත්තං එහෙම මං බ්ලොග් ලෝකේ වලිමුනි විදිහට රෙජ්ස්ටර් වෙයි .........තිත් දෙකයි ඩී

      Delete
  26. එහෙනම් පරම්පරාගත උරුමයක්

    ReplyDelete
  27. "සයනයිට් එන්නත කාගෙන කෑගහගෙන ගියපු බැල්ලක් ස්ටේශන් එකට එහායින් තියෙන ලන්දේ දිරලා යමින් තිබුන කෝච්චි පෙට්ටියක් අස්සේ හිටපු තමන්ගේ පැටවුන්ට කිරි දෙන්න පටන් ගත්තා . තවත් විනාඩි ගානක් ඇතුලත තමන්ගේ අම්මා මැරෙන බවට හාංකවිසියක්වත් දන්නේ නැති පැටව් පස්දෙනෙක් පොරකාගෙන ඇවිත් තන පුඩුවට කට ති‍යාගෙන කිරි බීගෙන බීගෙන යන්න ගත්ත"

    ඇගේ ලේ ඇතුලටම කිඳා බැස්සා මේ ටික

    ReplyDelete
    Replies
    1. ඔය සිද්ධය එදා ඇත්තටම වෙච්ච දෙයක්ලු බං ......... හෙන දුකයි තමයි ...

      Delete
  28. පාරම්පරික සංසාරගත ගැහිල්ලක්නේ ඈ...

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text