Social Icons

හොයමු බලමු

Thursday, October 10, 2013

ගෑණූ කොහොමත් විකිනෙන්නේ වැඩිම ලංසුවට බං !!!!




අයිස් ක්‍රීම් එකක් කමුද ? "

මොකක් ? 

අයිස් ක්‍රීම් බං !!!එව්වා එකක් කමුද ? ..... හැබැයි ෆලුඩා මැජික් "

මොලේ හොඳ නැද්ද යකෝ!!! "

ඇයි ? "

ඇයි අහන්නේ !!!! ගේ කපල් එකක් කියලා හිතයි ...... ෆලූඩා කන්න ..... මෙන්න මෙහෙ වර ගිහිං ස්ප්‍රයිට් පාරක් දාමු !!!! "

තර්කයක් නෑ ..... මේ දුක හිතෙන වෙලාවක් , එත් කවදාවත් නැතුව සජිත්ගෙ මුනේ තිබුනේ අතරමං වෙච්ච එකෙකුගේ පෙනුමක් . ඉස්කෝලෙ යන දවස් වල පන්තියේ හිටපු සංවේදීම චරිතේ , හිතේ තිබුන දේවල් හංඟන්නේ නැතුව කියලා දාපු  මනුස්සයෙක්ට මේ වගේ වෙන්න තරම් ........ ඇයි ඒ.....
නනාගේ කඩේ තවම තියෙනව නේද බං !!! උඹට මතකද අපි ඉස්සර සෙට් එක පිටින්ම ඇවිත් මෙතන බදු ගන්නවා , මුස්ලිම් මින්ස්සුන්ගෙන් මට හම්බවුන එකම හොඳම මිනිහා බං ....."

කඩේ තිබුනට නනා නෑ බං , දැන් වෙන එකෙක් කරනවා ඇත්තේ  ..... ලෝකෙට මුස්ලිම් වුනාට ඌ ස්ලාම්  නෙවෙයිනේ බං ...... "

හ්ම් ........ කොම්පඤ්ඤ වීදියේදි වෙඩි කාලා මැරුනනේ "

මිනිහා හිටිය නං අද ස්ප්‍රයිට් එකට සල්ලි  ඕනේ නෑ ....... මුලු හවස් වරුවටම සජිත්ගේ මූනේ ලාවට ඇදිලා ගියපු පලවෙනි හිනාව දැක්කේ ඒ වෙලාවේ .

******************************************************
දිනෙල්ක , හෙට උදෙන්ම පනා‍ගොඩ ගිහින් අළුත් ප්ලාන්ට් එකේ ඉලෙක්ට්‍රසිටි වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනේ හොඳද "

හොඳයි සර් "

මෙහෙන් හයට විතර පිටත් වෙන්න , නැත්තං පාදුක්ක ඉලෙට්‍රසිටි බොඩ් එකේ උන් ඩිස්මිස් වෙලා ඉඳි යද්දි ........ මගේ වාහනේ අරන් යන්න , අද හවසට මං ඒක තියලා යන්නං. පෙට්‍රල් වලට බිල් එක ගේන්න නැත්තං ක්ලේම් කරන්න බැරිවෙනවානේ.... ඕකේයියියි...... "

ඔකේ සර් මං යන්නම් "

                                  හෙනම උනන්දුවෙන් , ආසාවෙන් , උවමනාවෙන් ඕකේ සර් කියලා කිව්වට මොකද මට නං දැං තෝව මරාගෙන කන්න තරං කේන්තී ....... කාටද යකෝ උදේ 6ට වැඩට එන්න පුලුවන් ....... මට හොඳටම නින්ද යන්නේ 6ට ..... අනික ඒ වෙලාවට සික්කත් බුදිද කොහෙද . අද රෑ නං කකුලා විතරක් නෙවෙයි උගෙ ගෑනිවත් කොට්ටේ උඩ තියාගෙන තමයි බුදියන්න වෙන්නේ , නැත්තං කොහොමද 6ට වැඩට යන්න ලෑස්ති වෙන්නේ .......

******************************************************

ආහ් ........ දිනෙල්ක මහත්තයා !!!! ඉතින් කොහොමද ??? ඇයි අද උදෙන්ම ඇවිත් ....."

ඔවු ඔවු ..... මේ පනාගොඩ යන්න තියෙනවනේ ... කෝ **** මහත්තයාගේ වාහනේ තියෙනව නේහ්??"

" හ්ම් ...... ඊයේ යද්දි මට කියලා ගියේ අද  දිනෙල්ක මහත්තයා උදෙන්ම එයි ආවහම දෙන්න කියලා , රෙස්ට් රෑම් එකෙන් ඩ්‍රයිවර් කෙනෙක්වත් කථා කරලා ගන්න කිව්වා ."

ඇ යකෝ එහෙනං ගේට්ටුවෙන් එද්දිම  අද උදෙන්ම ආවේ මොකද කියලා ඇහුවේ ආච්චිගෙ වස්තරේටද ..... මට පේන්නේ සික්කා මාව කොචොක් එකට අරන්ද කොහෙද !!  මූසලයා ග්‍රවුට් වලකට වැටිලා මැරියං .

*****************************************************

වැඩේ ඉවරද මහත්තයා ? "

හ්ම් ........ මං දැනං හිටියේ නෑනේ ලයිට් ඉල්ලලා ඇප්ලිකේශන් එකක් දාන එන මේ තරං වෙලා යන වැඩක් කියලා . අර ග්‍රාමසේවකයගෙන් තමයි ලොකුම වදේ තිබුනේ . අම්මාපා අස්සනක් ගහන්න එච්චර වෙලා යනවනේ ඌට ."

ඕහොම තමයි මහත්තයා , ඔය මොකුත් නෑ කීයක් හරි මිට මොලවලා ආවනං ...... මිනිහම ඇවිල්ලා වයර් ටිකත් ඇදලා දෙයි ."

එකෙන් මේකෙන් මහින්ද අයියට දවල් කෑමත් පරක්කු වෙලා නේද !!! දැං එකත් පහුවෙලා මගේහිතේ ..... ෆෝන් තිබුනට ඒවගේ වෙලාව  වැඩ කරන්නේ නෑනේ ."

දැං ඉතිං ගිහිල්ලාම කමු ..... කෑමඑක පිළුනුවෙලාද දන්නේ නෑ "

                                   රටේ තියෙන කාළකන්නි පරිපාලනයත් එක්ක බැඳුන ක්‍රියාපිලිවෙත් ගැන අන්තෙටම කලකිරිලා ගොඩක් කල් නිසා මේ සිද්දියට මගේ හිත අළුතෙන් රිද්දන්න පුලුවන් වුනේ නෑ .ඒත් මෙතන නං විකාර ගොඩයි  විදුලිබල මන්ඩලේ කාර්්‍යාලය තියෙන්නේ පාදුක්කේ , සල්ලි ගෙවන්න ඕනේ හංවැල්ලේ මහජන බැංකුවට ......... කළමනාකරනය හා මහජන සුභසාදනය ගැන ඉතිං තවත් කුමන කථාද !

*****************************************************

 ජීවිතේ හරි පුදුමයි , කාලයක් අපි දොස්තරලා ඉන්ජිනේරුවෝ පයිලට්ලා වෙන්න හීන දැක්කා .එහෙම හීන දැක්කේ ඒ හීනෙ හැබෑ කරගෙන සන්තෝසෙන් ඉන්න , හීන හැබෑකරගන්න කළයුතු දේවල් සතුටින් කරන්න  ......දැන් හීනේ හැබෑ වේගෙන එනවා  , තව අවුරුදු දෙකකින් විතර හරියටම හරියයි .... ඒත් සතුට කෝ . "

" දැං මොකද්ද වෙලා තියෙන්නේ කියපංකෝ බං උඹයි මායි මේ සෙට් වුනේ අවුරුදු 5කට විතර පස්සේ , ඔලෙවල් වලින් උඹ  විසි වෙලා වෙන ඉස්කෝලකට ගියානේ ......"

ඔය මොකා වෙන්න හීන දැක්කත් වැඩක් නෑ ............ සල්ලි අපිව යට කරලා .සල්ලි තියෙන එකා තමයි හැමදාමත් දිනන්නේ , සල්ලි නැති එකාට වෙන්නේ මාසේ අන්තිම වෙනකං සල්ලි කාරයංගේ කුණු අදන එක .... "අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මූ බයිලා කියවනවා .

එහෙම තමයි බං මං අද දවසටම කෑවේ උදේ කෑම එක විතරයි . කන්න බොන්න ඕනෙ කමට සල්ලි හෙව්වට , අපිට සල්ලි දෙන උන් කෑම කන්න වෙලාවක් දෙන්නේ නෑ බං . සල්ලි දීලා අපේ ගාව තියෙන හැම දෙයක්ම උදුර ගන්නවා , වැඩේ කියන්නේ උන් ඒවා අපෙන් උදුරගෙන කියලා තේරෙනකොට පරක්කු වැඩී . "

මෙච්චර වෙලා ගෝල් ෆේස් එකේ බංකුවක ඇන්ද උඩට වෙලා ඉඳගෙන හිටපු සජිත් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . 

උඹ වෙනස් වෙලා , ඒ කාලේ උඹ ඔහොම කථා කලේ නෑ "

මේකට කියන්නේ අනුගත වීම කියලා බං ........... ආහ් එක නෙවෙයි , ඒලෙවල් කරන කාලේ එක දවසක් මං උඹව දැක්කා සුවිසයිඩ් බාලිකාවේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාල යනවා ........."

*****************************************************
කොහොමද දිනෙල්ක .......... වැඩේ කලාද ? "

ඔවු සර් දැන් ඇස්ටිමේශන් එක ආවාම ගාන ගෙවන්න විතරයි තියෙන්නේ !!!"

ගූඩ් ගූඩ් ....."

"දිනෙල්ක තව පොඩි වැඩක් තියෙනවා ....... කෑමට කලින් ඒකත් කරන්නකෝ ....."

It's time to play the game...
Time to play the game! Ha ha

It's all about the game and how you play it.
All about control and if you can take it.
All about your debt and if you...................

"ආහ්.... ආන්සර් කරලම එන්නකො !!!"

අම්මේ කථා කරපු එකාට පිං දැං ඉතිං කථා කරලා කාලම තමයි ඇතුලට යන්නේ , නැත්තං ඉතිං කන්න වෙන්නේ නෑ....
දන්න අදුරන නම්බරයක් නොවුනට කවුරු වුනත් තැංකූ වේවා 

හෙලෝ ........."
මචං දිනෙල්ක !!!!"
ඔව් "
මං සජිත් බං !!!!"
මොන......"
ඇයි බං **** මේ හිටියේ "
අඩෝව්ව්ව්ව්......... අවුරුදු කීයකට පස්සෙද !!!!  ඉතිං ඉතිං  කොහොමද නම්බරේ හොයා ගත්තේ ....
ඒ ගැන පස්සේ කථා කරමුකෝ , මට උඹව හම්බ වෙන්න ඔනේ අද හවසට ගොල් ෆේස් එක පැත්තේ වරෙං ...... මං කෝල් එකක් දෙන්නං ඇවිත් ....... අනිවා වරෙං ආ ... හෙන වැදගත් "
"උඹලව බලන්නත් ආසයි බං .... හරි හරි මං එන්නං ....."
.
.
.

දිනෙල්ක ....... ප්ලීස් කම් ඉන් සයිඩ් .."
කාලා හමාරයි ( ෆක් යූ )

*****************************************





                                                    බටහිර මුහුදේ කරදිය සුවඳත් එක්ක මුහුවෙලා එන මොකද්දෝ අමුතු සුවඳකින් මුලු වෙරළම පිරිලා ඉතිරිලා . වෙනද තරම්ම නැති වුනත්, අපේ ජීවිත කථාව වගේ ඔහේ පාවෙන සරුංගල් , ඒ දිහා බලාගෙන හූල්ලන පොඩිඋන්ගෙන් වෙරළ පිරිලා. එක පේලියට හයිකරලා තිබුන බංකු උඩට වෙලා තමන්ගෙම ලෝකවල තනිවෙලා වැරදි පැත්තට කුඩ ඉහලං ඉන්න පෙම්වතුන් , ඒ දිහා පිලිකුලෙන් බලලා සන්තෝසෙන් ඉන්න ආපු හවස්යාමේ ලේපුච්ච ගන්න වැඩිහිටියෝ ......... ඒ හැම දේම දිහා බලාගෙන මොකද්දෝ ලොකු කථාවක් කියන්න හදන අපි .

ඒ ගැන කථා කරන්න කියලා තමයි බං එන්න කිව්වේ .. ලොකුම ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් සජිත් කථාව පටන් ගත්තා ."

ආහ් ......... බූට් එකක්ද ? ඕවා ඔහොම තමයි බං ....... කවුද ගනං ගන්නේ , අනික එහෙම එකක් කෑවෙ නෑ කියන්නේ ජීවිතේ ලොකු අඩුවක් . "

උඹ කියන තරං ඒහෙම එකක් දරාගන්න ලේසී නං මොනවා කරන්න බැරිද බං ."

කවුද කිව්වේ ලේසී කියලා ...... ලේසි නෑ බං .....ඒත් මුහුද දිහා බලාගෙන හිතුවා කියලා ගිය එක එන්නේ නෑ බං ..... මං දන්නවා , දැන් උඹ මුලු ගෑනු සංහතියටම වෛර කරනවා ඇති . "

පිස්සුද බං ....... මං ඒ තරං බිමට වැටිලා නෑ, මටත් අම්මෙක් අක්කෙක් ඉන්නවානේ , ලස්සනට ආදරේ කරන කෙල්ලොත් දැකලා තියෙනවනේ ... ඒත් හරි අමාරුයි බං ."

මොකද උනේ කියපංකෝ  "

 මට ඒකිව හම්බ වුනේ  ඒලෙවල් කරද්දි තමයි , අර උඹ දැක්කා කිව්වේ , ඒ ඒයත් එක්ක යනකොට වෙන්න ඇති . මට වෙන කෙල්ලෝ හිටියේ නෑනේ බං . පලවෙනි  ලව් එක !!!! "

ම්"

ඒ ලෙවල් ඉවර උනා , දෙවනි පාරත් කලා ..... අපි දෙන්නම , විභාගෙ පාස් වුනත් කැම්පස් යන්න බැරිවුනා. ජොබකට සෙට් වුනා . "

ඉතින් ......"

අවුරුදු හතක් අපි එකට හිටියා බං . මීට මාස දෙකකට කලින් කෙල්ලත් ජොබ් එකක් පටන් ගත්තා . ***** ට්‍රස්ට් බැංකුවේ , ***ය බ්‍රාන්ච් එකේ. "

ඉතිං ..........."

මං කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ් කියවලා නෑ ...... එයාගේ එෆ් බී එකවුන්ට් එකේ පාස්වර්ඩ් ඉල්ලලා නෑ , ඊමෙල් පාස්වර්ඩ් ඉල්ලලා නෑ .....  ගමනක් යන්න හදනකොට එපා කියලා නෑ . කොටින්ම උපරිම නිදහස් "

අපිට උංව හිර කරලා තියන්න බෑනේ බං "

ඒ නිසා තමයි බං මාත් අරම කලේ 
ඉතිං ......... ගිය සෙනසුරාදා උදෙන්ම මට කෝල් කලා , අපි හැම සෙනසුරාදම හම්බ වෙනවා , කොහෙ හරි යනවා , කනවා බොනවා . විහිලු කරනවා ,...... මේ සෙනසුරාදා උදෙන්ම කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නේ නෑ . යළුවෙක්ගේ මල ගෙදරක යන්න තියෙනවා සොරි කියලා ......
                  මොනතරං දුක හිතුනත් බං , යන්න එපා කියන්නෙ කොහොමද ! මලගෙදරක්නේ .... මං හා කිව්වා , කොහෙවත් යන්නත් නැති එකේ මං පබ්ලික් ලයිබ්‍රියට ගියා යාළුවෙක්ගේ පොතක් එලිදක්වන උත්සවේකට එන්න කියලා තිබුන නිසා . යන්න නෙවෙයි හිටියේ ඒත් ගියා බං ........ 
                     අපි ඉතිං තාමත් ගමන ලක්ෂ 60 වාහනේ නේ බං ...... ටවුන් හෝල්එක ගාව තියෙන 155 බස් හොල්ට් එකට වෙනකං ඇවිදන් ආවේ විහාරමහාදේවි එක පැත්තෙන් .උඹ විස්වාස කරපං අවුරුදු හතක් තිසේසේ මං පන දෙන්නං කියලා කියපු අපේ ගෑනි ඇතුලෙ ඉඳන් එලියට එනවා කොල්ලෙක් එක්ක...... මට හිටපු තැනත් අමතක වුනා බං විනාඩි දහයක් විතර යනකං , කර කියාගන්න දෙයක් හිතාගන්න කලින් උන් දෙන්නා ප්‍රාඩෝ එකක නැගලා යන්න ගියා . "

සල්ලි කාරයෙක්........ඒත් . යාළුවෙක්ද දන්නේ නෑනේ බං "

උඹට පිස්සුද බං , එහෙමනං අත බදාගෙන තුරුල් වෙලා එයිද  අනික ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනානේ ! "

ඒ කොහොමද ? "

මාසයක් විතර තිස්සේ කෙල්ල මට කෝල කලෙත් අඩුවෙන් බං , මං කෝල් කරපු ටික විතරයි ඒකි කලේ කෝල් කලොත් ආන්සර් කරන එක විතරයි . අර සීන් එකෙන් දවස් හතරක් විතර යනකන් මං කෙල්ලට කථා නොකර හිටියා , මොකද වෙන්නේ බලන්න . "

ඉතිං ? "

වැඩක් නෑ බං ....ඒකිට මං උන්නද මලාද කියලා හොයන්නවත් උවමනාවක් නෑ ... කෝල් එකක් නැතිම තැන මං ඊයේ හවස ගියා කෙල්ලගේ ගෙදර . "

යකෝ ..... උඹ මාර පොරක්නේ "

අවුලක් නෑ බං .... ගෙදරින් දන්නවා ., "

හ්ම් ...... ඉතිං "

වෙනදා හෙන හැපි එකෙන් පිලිඅරං කාමරේටම ඇදං යන කෙල්ල අද එලියට ආවෙත් මං ගිහිං විනාඩි දහයක් විතර පුටුවක ඉඳං හිටියාම , අම්ම උනත් හෙන අකමැත්තෙන් හිටියේ ,..... හරියට නිකං තරහකාරයෙක් ඇවිත් වගේ ......
                        කෙල්ල ඇවිත් ඇහුවා දැන්ද ආවේ කියලා , ඉතිං මොනවා කියන්නද බං ,....... වැඩිය වටේ යන්නේ නැතුව මං කෙලින්ම ඇහුවා කවුද අර එදා හිටපු පොර කියලා .......සෑහෙන වෙලාවක් යනකං කෙල්ලට උත්තර නෑ . "

එහෙම පුලුවන් ද බං උත්තරයක් දෙන්න එපාය..... මොන හු**ද "

සොරි ...... අපි හුඟක් කල් එකට හිටියා ,  අපි ගැල පෙන්නේ නෑ , මට ඔනේ දේ දෙන්න ඔයාට බෑ , ඔයා ඒක තේරුම් අරන් මට යන්න දෙයිකියලා මං හුඟක් කල් බලාගෙන හිටියා . ඒත් එහෙම වුනේ නෑනේ, ඉතිං මං තීරණය කලා ඒ තීරණය මමම ගන්න ඔනේ කියලා .කැම්පස් නොගියට කමන්නෑ , ඒත් ඔයා හිතන්නකෝ ඔයා ගන්න හිඟන පඩියෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා . ම් ....... බෑ නේද !! ඒකයි මං ජොබ් එකකටත් ගිහින් බැලුවේ පුලුවන්ද කියලා ..... ඒත් බෑ .... සොරි සජිත් මේක ඉවරයි 
ඒකි එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගියා බං .......විනාඩි ගානක් යකනං සජිත්ට කියන්න දෙයක් හිතාගන්න මට පුලුවන් වුනේ නෑ .
උඹට මතකයිනේ දිනෙල්ක , අපි දෙන්නම එකට ඩිබෙටින් ටීම් එකේ හිටියේ , උඹ කැප්ටන් කරද්දි මං ෆෝත් , මං කැප්ටන් කරද්දි උඹ ෆෝත් . කවදාවත් කවුරුවත් කියපු දේකට උත්තර නොදී ඉන්න තරං මාව හිර වෙලා නෑ . ඒත් ඊයේ ........ "

                                        ලෝබ කමක් නැතුවම ඇස් ඇතුලේ හිරවෙලා මෙච්චර වෙලාවක් දුක්විදපු කඳුලු පේලියක් මුහුදු හුළඟත් එක්ක පැටලුන හැන්දෑ අදුරට එකතු වුනේ කොල්ලගෙ හිතේ තෙරපෙන්නේ මොනතරං දුකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න වගේ . පිරිමියෙක් ලේසියෙන් අඩන්නේ නෑ , අඩනකොට හිත හදන්නත් ලේසියෙන් බෑ.

සජිත් , මචං ප්‍රශ්න එනවා තමයි බං , ඒත් ඒවට වැටිලා බෑ ...... "

උඹ දන්නවද .... ඊට පස්සේ කෙල්ලගෙ අම්මා ආවා , මං මගේ කෙල්ලව හැදුවේ තැන තැන වැටිලා රස්සා කරන්න නෙවෙයි .අවුරුදු 22ක් වෙලත් බස් එකේ යන  මං වගේ හිඟන්නෙකුට නෙවෙයි ඒකිව දෙන්නේ මොනවා නැතත් සල්ලි තියෙන එකෙකුට කිව්වා . වෙන වෙලාවක ඔහොම එකක් කිව්වා නං මං උත්තර දෙනවා බං , ඒත් වෙලාවෙ හැටියට මට වචන එකතු කරගන්න බැරිවුනා ..... මං හිඟන්නෙක්ද බං දිනෙල්ක?
ඇයි බං මේ සම්භන්දේ ඉවරයි කියලා නැවත්තුවෙ නැත්තේ , මගෙ අම්ම තාත්තවත් එහෙම කියලා නෑ බං."

උඹට පිස්සුද බං , එහෙනං මේ රටේ බස් වල යන සේරම හිඟන්නෝ වෙන්න එපාය . අනික වාහන වල යන උන් තමයි බං හිඟන්නේ , උන් අනිත් උන්ගෙං හිඟාකාපුවා එකතු කරලා තමයි ඕවා ගන්නේ , ඔන්න බලහං මං කිව්වා කියලා මතක තියාගනිං . එකිව අරන් යන එකා ගැන ඒකිගේ අම්මා හිතාගෙන ඉන්නේ අර විදිහට නං ........ උඹේ කෙල්ලව අරන් යන එකා ඒකට කන බොන ටික දෙන්නෙත් මැනලා කියලා. "

ආත්මීය ආදරය , ආත්ම ගනාක් එකට හිටපු කථා , පණ දෙන සීන් අපිත් ඒවා විස්වාස කරගෙන බඩ බැඳං හිටපු මිනිස්සු
                                                          ඒත්මේවා සේරම බොරු කථා බං .ආදරේ කියලා දෙයක් නෑ බං , කවුරුත් ආදරේ කරන්නෙත් නෑ , ඇත්තටම ආදරේ කරන උනුත් මේ වගේ දේවල් නිසා ආදරේ විස්වාස කරන්නේ නැතිවෙනවා බං .  ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . ඒ වගේම උන් ඒ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලින් මිසක් ආදරෙන් නෙවෙයි .  අපි ජීවත් වෙන්න ඕනේනේ බං , ඒකට සල්ලි ඕනේ ඒ නිසා කෙල්ලෝ ඒවගේ වැඩිම ලන්සුවට යන එක වැරදී කියලා මං කවදාවත් හිතන්නේ නෑ ........ 
"

                                    බැහැලා ගියපු ඉරත් එක්කම පායාගෙන ආපු තරුවලින් අහස පිරිලා . ෆ්ලෑශ් ලයිට් එලියෙන් පේන වෙරල පුරා දුවන කකුලුවෝ රෑනක් හදිස්සියේම කඩාගෙන ආපු රළපාරකට අහුවෙලා මුහුදටම ඇඳිලා ගියා . තමන් කරපු වැඩේ ගැන දුක හිතිලා වගේ කකුලුවෝ වෙනුවට සුදු පාට පෙන ඉතුරුකලා රැල්ලත් යන්නම ගියා .

අපි වෙන කෙල්ලෙක් හොයාගමු බං , වෙරලේ ඉන්නේ එක කුකුලුවද .."

හ්ම් ....... සජිත්ගේ කඳුලු වේලිලා . ලාවට හිනාවක් මතුවුනා . හොයාගමු  හොයාගමු , හැබැයි මං ආයේ ආදරේ කරන්නේ නෑ ,  සල්ලි හොයනවා විතරයි ,ඊළඟ මාසේ මං ඇමරිකාවේ යනවා ....... පහුගිය සෙනසුරාදා කෙල්ලව හම්බවෙලා මං ඒ ගැන කියන්න හිටියේ . මං අර හදපු පෑනට පේට්න් එක ලැබුන නේ  , ඒ විස්තරෙත් දාලා මං එහෙ යුනිවර්සිටි එකකට ලියුමක් දැම්මා . උන් මට ෆුල් ස්කොලශ්ප් එකක් දෙන්න කැමති වුනා . ලියුමත් ආවා . පාට් ටයිම් ජොබ් පර්මිට් එකකුත් දුන්නා . "

සුපිරි මචං සුපිරි ........... අරකි මේ සීන් එක දැන ගත්තහම අපරාදේ කියලා හිතෙයි . මෙච්ච වෙලා මූඩ් ගහල හිටපු මටත් අමුතුම කික් එකක් ආවේ ඒ ආරංචියත් එක්ක

මට ලංකාවෙන් යද්දි කියලා යන්න හිතුනේ උඹට විතරයි බං . මං දිනේ කියන්නං එයාපෝර්ට් වරෙං ... "

එල එල ......... අවුරුදු කීයකටද ??? "

මං ආයේ එන්නේ නෑ .........අළුතේන් හදපු ජැටිය පැත්තට එන නැවක ලයිට් එලිය දිහා බලාගෙන සජිත් කිව්වා .

මේ පිස්සු නං කෙලින්න එපා ඇ ...... අපි මේ රටේ  නිදහස් අධ..... "

අනේ උඹේ ලබ්බේ බණ........... අපි එහෙම ඉඟන ගත්ත තමයි . ඒත් එහෙම ඉගගෙන අපි මොනව හරි කලාම කෝ බං පිළිගැනීමක් . කෝ අපිට කරන්න රස්සා ,අපේ නිර්මානශීලීත්වය බල්ලට දාලා , අපිව ගනං ගන්නේ නෑ බං . මෙහෙ තියෙන්නේ ගාමන්ට්වලයි , බැංකුවලයි ජොබ් තමයි . සයන්ස් කරපු අපිය කෝ ගැලපෙන ජොබ් .........ඒකනේ බං සයන්ස් උපාධි කාරයෝ සේරම රට දාලා යන්නේ . මේ රටේ  උන්ට තැනක් නෑ . පිස්සු හුත්*** තමයි මෙහෙ තැන තියෙන්නේ . අපිට උඹලට හරියන්නේ නෑ බං මෙහෙ.
              දැන් උඹ බලපං , මට අර පෑණ හදන අයිඩියා එක දුන්නේ උඹ , මූලධර්මෙ පෙන්නුවේ උඹ ...... උඹ මොනවද කරන්නේ ජොබ් එකට ආහ් ...... මං යනවා බං ආයේ එන්නේ නෑ ,අම්මලාවත් එහෙට ගන්නවා , සුද්දියෙක්ව බඳිනවා , උන් හෙන ඕපන් ........ උඹත් එනව නං වරෙං .... මං දාපු යුනියටම ඇප්ලයි කරපං ඒත් ඊට කලිං මට කියලා දුන්න වගේ ප්‍රින්සිපල් එකක් ඇප්ලයි කරලා අළුත් දෙයක් කරල වරෙං , එතකොට උන් පිලිගන්නවා උඹව ........උඹට එහෙ ආපුවාම උදව් කරන්න මං සැදී පැහිදී !!!! මොකද මේ ලෝකෙට ඕනේ උඹලා වගේ මිනිස්සු ....
                                         මං උඹට එන්න කිව්වෙත් මේ කථාව කියලා උඹටත් ඒහෙට ඇප්ලයි කරන්න කියන්න "

හහ් ......... මගෙන් සුබ පැතුම් බං , යන දවසට කියපං මං අනිවා එන්නං.
 මොකක් හරි අළුත් දෙයක් නේද ........ බලමු ...... දැං වරෙං යන්න , ගිහිං ෆලූඩා මැජික් එකක් කමු "







58 comments:

  1. සියලු කෙල්ලෝ එසේ නො වෙති.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ........ කොහෙත්ම නෑ කියන්නේ නෑ ...... හැමෝම නෑ .... හැබැයි බහුතරය මෙහෙමයි

      Delete
    2. 99% ma ese wethi.. aththa thiththailu..

      Delete
    3. ඇනෝ - ඇත්ත .....

      Delete
    4. ඇනෝ - 75%ක් කියමු.

      Delete
    5. 75% පිස්සුද ඔයාලට එහෙම උනොත් හරියන ලව් වලට වඩා නැති ඒවානේ තියෙන්න ඕන වැඩිම උනොත් 25% ඇති

      Delete
    6. ඉතිං හරිනේ !!! පොඩ්ඩක් හොයලා බලන්නකෝ පලවෙනි ආදරේ කාසාද බැඳගන්නේ කීයෙන් කීදෙනාද කියලා !!!! බොහොම අඩු ප්‍රතිශතයක් ...... ඒ නිසා හරියන ලව් වලට වඩා වරදින එව්වා වැඩී තමයි බං 75% කියන්නේ බොහෝම නිවැරදි අගයක්

      Delete
  2. මෙහෙම කෙල්ලොත් ඉන්නවා තමයි බං. මම නැහැ කියන්නේ නැහැ. මොකද මගේ ම යාළුවෝ හිටියා ඔය ජරා වැඩේ කරපු. හැබැයි උන් හුඟ දෙනෙක් දැන් ඇති පදං විඳවනවා.

    මගේ යාළුවෙක් හිටියා මුලින් යාළු වෙලා හිටියේ සාමාන්‍ය පවුලක අහිංසක කොල්ලෙක් එක්ක. මේකි ව ඇස් දෙක වගේ බලා ගත්තේ. කොහොම හරි පස්සේ හොඳට සල්ලි තියෙන කොල්ලෙක් ගාවට ගියා. දැන් අපායක ඉන්නේ. ඌ බීලා මේකිට ගහනවා කොහේ හිටියත්. හැබැයි, දැන් මේකිට කරන්න දෙයක් නැහැ. මොකද තිබුණ ඔක්කොම අරූට දීලා ඉවරයිනේ. ඉතුරු ජීවිත කාලෙ ම විඳවනවා ඇරෙන්න විකල්පයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් හැමෝම මෙහෙමයි කියලා කිව්වේ නෑනේ ........... එත් මෙහෙම වුනා

      Delete
  3. මේක ගූ ගොඩක්නේ හලෝ. ඔය සූස්තියක් ගහපු වෙලාවට ඔලුවට එන ඔක්කොම මඤ්ඤං තමුසෙම කොලේක ලියාගෙන කියවා ගන්නවා. කුනුවෙච්ච අදහස් තමුසෙ වගේ මඤ්ඤං කාරයෙකුටම කියනවා.

    ReplyDelete
    Replies
    1. හා ......... මං එහෙම කරන්නං ..... :)

      Delete
    2. කවුරු වුනාම මොකෝ බං !!! අපි සියලුම පාඨක අදහස් ගරුකරනවා ........අපි ලියන ශෛලිය හැමෝටම සෙට් වෙන්නේ නෑ නෙ බං .. :) :)

      Delete
    3. එකත් ඇත්තනේ

      Delete
  4. අහම්බෙන් වගේ මේ පැත්තට ආවේ.. හොඳ හොඳ දේවල් ටිකක් තියෙනවා වගේ කියවන්න... දිගටම ලියන්න. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එල එල!!! සාදරයෙන් පිලිගන්නවා

      Delete
  5. ලෝකෙ බොහොම වේගවත්. එක කිම්බක් පස්සෙ නැැහෙන එක මෝඩ කමක්.. ඒ නිසා ලව් කරන හැම වෙලාවකම බැකප් එකක් තියාගන්න එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඇ .......... ඕල් වේස් කීප් අ බැකප් ...... අපි නං ඒ තියරිය පිලිපදිනවා

      Delete
  6. ආදරේද .. සල්ලිද...? ආදරේ..! පිස්සුද බන් සල්ලි සල්ලි.... අහවල් ආදරේ තිබ්බට වැඩක් නෑ ගෑනිට කන්න බොන්න දෙන්න බැරිනං...ඒකිට අහසේ මාලිගා හදවල ඒවායේ රජ කරවන්න පුළුවන් උනාට වැඩක් නෑ ඒකිට ඔලුවට හෙවනක් වෙන්න ගෙයක් හදාගන්න බැරිනං... හැබැයි එහෙම නොවී සාර්ථකව ගමනක් යන කොල්ලෙක් එක්ක ඉඳලා එකා පොද්ද පොද්ද දියුණු වෙද්දී වැඩිම ලන්සුවක් දෙන කොල්ලෝ එක්ක යන කෙල්ලොන්ට අවසානේ දුකම තමයි...

    වටින්නේ සල්ලි බන් . ආදරේ බල්ලට ගියාවේ (මෑතකදී ඉඳන් -_- )

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ සෑම සාර්ථක මිනිහෙක් පිටුපසම ගැහැනියක් සිටී කියලා ...... උන් යන්නේ සාර්ථක උන්ගේ පස්සේ විතරයි ..... ඒහෙම යන එකේ වැරද්දක් නෑ බං

      Delete
  7. කාගෙද වරද කියන එක තමයි ප්‍රශ්නේ! කෙල්ල්ගෙද සමජයේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතන එක ඔබට බාරයි

      Delete
  8. මාතෘකාව ආදරේ නම් ඒ එක්කම විරහවත් ගෑවිලා තියෙනවමයි නේද...

    ReplyDelete
  9. පරණ කතාවක් මතක් වුනා මගේ හිතත් පොඩ්ඩක් හැගීම්බර වුනාද මන්දා ,,,,,,
    හ්ම්ම්ම්ම්ම්ම් ,,

    ගොඩ කාලෙකින් පොස්ට් එකක් දැම්මේ නේ .. දිගටම ලියමු ,, අපිව අමතකද දන්නෙත් නෑ දැන්

    ReplyDelete
    Replies
    1. නෑනේ බං උඹ කවුද ???? :P :D :D කෝ බං ඉතිං උඹලා ලියන්නෙත් නෑනේ

      Delete
    2. අමතක වුනාට කමක් නෑ ඉතින් :/
      අපිත් දැන් ලියන්න පටන් ගත්තෝ ....

      Delete
  10. praado එකේ යන එකා විහාර මහා දේවි එකට කෙල්ලව එක්කං ගියා කිව්වහම් කතාවේ යතාර්ථවාදී බවට හානියක් වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අනිවා !!!! ඒ වුනාට ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ ............ සමහර විට කොල්ලත් සල්ලි තිබුනට අහිංසකයෙක් වෙන්න ඇති . විලක්කුවේ ලියවෙන්නේ ප්‍රභන්ධ කථා නෙවෙයි බං . අද්දැකීම් විතරයි .

      Delete
    2. වෙන්න පුළුවන් සිද්ධි 2.
      1. Prado එක වෙන කාගෙ හරි (කොල්ලා Driver ද දන්නේ නැහැ)
      2. කොල්ලා හෙන කුණෙක්.

      Delete
    3. :D :D
      දෙවනි එක වෙන්ටෑ

      Delete
  11. අලේ මන්දා බන්,ආදරේ කියන්නෙ පුද්ගලයෙක් ගැන ඇතිවන විස්වාසය මත පදනම් වෙච්චි දෙයක්,ඊට අමතරව අපිට එයා අනිත් අයගෙන් කොයි තරම් විශේෂයිද, කොයි තරම් දුරට වටිනාකමත් ලබපු චරිතයක්ද කියන එක තමයි,

    කොයි දේත් තීරණය වෙන්නේ තෝරාගන්නා පුද්ගලයා අනුවනේ බන්

    ReplyDelete
    Replies
    1. තේරුන් නෑ මෙලෝ දෙයක්

      Delete
  12. අද කාලේ කෙල්ලෝ වගේද බෝල සල්ලි $$$$$ අද කාලේ හැමෝගෙම ජිවිත වලට මුදල්මය වටිනාකමක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාව !!!! අපේ සමහරු සල්ලි කාරයින්ට බනිනවා ....... හැබැයි ඇතුලෙන් ඌත් කැමති සල්ලි කාරයෙක් වෙන්න . හැමෝම බලන්නේ වටිනාකමක් හදාගන්න හැබැයි මූල්්‍යමය පැත්තෙන්

      Delete
  13. කියන්නනම් හුඟක් දේවල් හිතෙනවා දිනෙල්කයෝ.. ඒත්..

    ReplyDelete
    Replies
    1. ඉතිං කියමුකෝ ...... අපි අහගෙන

      Delete
  14. // . ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . //

    කොල්ලාගේ කතාවත් එක්ක කොල්ලා මෙහෙම හිතන එක වැරදි නෑ....හැබැයි ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ... ලස්සනට ආදරේ කරන කෙල්ලොත් ඉන්නවා,ලස්සනට ආදරේ කරන කොල්ලොත් ඉන්නවා...ඒ වගේම ලස්සනට ආදරේ කරලා ලොකු දෑවැද්දකුත් එක්ක ගෑණු ගන්න කොල්ලොත් ඉන්නවා...මේක සජී කොල්ලාගේ වාසනාවට වෙච්චි දෙයක් කියලා තමයි මට හිතෙන්නේ....නැත්තන් සජීගේ ජීවිතේම ඉවරයි...

    කෙන කෙනාගේ අදහස් වෙනස් ... එක වගේ ලඟින් යන අදහස් තියන දෙන්නෙක් හම්බුනහම ඔය වගේ වෙන්නෙ නෑ...සජීයට හොඳ කෙල්ලෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. හැමෝම නෑ ....... හැබැයි මොකද්දෝ කරුමෙකට බහුතරය එහෙමයි

      Delete
    2. අනිවාරෙන්....... බහුතරයක් එහෙමයි.

      Delete
  15. යන්තං දෙපාරකට කියෝ ගත්තා... ගෑනු කිව්වට හැමෝම කියලා කියන්නත් බෑ :)

    ReplyDelete
    Replies
    1. කථාව අපැහැදිලීද නැත්තං දිග වැඩීද !!!!!!!!!!!!!! දෙපාරකට කියවපු නිසයි ඇහුවේ

      Delete
  16. typical කෙල්ලෝ! අරූ අරගෙන තියෙන්නේ හරි තීරණේ බං!

    ReplyDelete
  17. //ආදරේ කියලා දෙයක් නෑ බං , කවුරුත් ආදරේ කරන්නෙත් නෑ , ඇත්තටම ආදරේ කරන උනුත් මේ වගේ දේවල් නිසා ආදරේ විස්වාස කරන්නේ නැතිවෙනවා බං . ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . ඒ වගේම උන් ඒ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලින් මිසක් ආදරෙන් නෙවෙයි .//
    ඇත්ත කථාව බං. මටත් ඔය සම්බන්ධව අත්දැකීමක් තියෙනවා. හරිම දුක්බර කතාවක්. එක අතකින් බැලුවම ඕක පරිණාමයේ ප්‍රශ්නයක් බං. කාන්තාව හැම නිතරම හොයන්නේ වඩාත් ප්‍රබල තැනැත්තා. මේ කාලේ ප්‍රබලත්වය මනින මිනුම් දණ්ඩ සල්ලි නිසයි ඕක ඔහොම වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනන් නියම කොමෙන්ට් එකක් !!!! පෝස්ට් එකේ හොඳම කොමෙන්ට් එක විදිහට මේක තේරෙන වගයි

      Delete
    2. හෑ..... එහෙමෙයි.... ජය වේවා..(මට)

      Delete
  18. කෙල්ලෝ එපා වෙනවා බං මේවා කියවද්දී ...සමහර කෙල්ලන්ට ඕනේ සල්ලි විතරයි ..

    ReplyDelete
    Replies
    1. එපා වෙනවා කියන්නේ අන්තෙටම

      Delete
  19. සිරා සීන් එකකි.. ෆක්ස්ටය.. මම මේ බ්ලොගුවට අලුත් එකෙකි.. දියුනු වෙන ලක්සන මේකේ පේන්න තිබේ.. දිගටම ලියන්නට සුභ ප්‍රාර්තනා කරමි..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ....දිගටම එයි කියලා හිතනවා

      Delete
  20. චමියා කොමෙන්ටුවක ලින්ක් දැමීමේ පාඩමක් කියා දෙමින් සිටි තැනකින් අහම්බෙන් ගොඩ වැදුනෙමි. බ්ලොග නම් පට්ට සුපිරි ය. සුභපැතුම්!!

    මෙහෙම පජාත කෙල්ලොත් සිටිති, උන්ටම හරියන අම්මලාත් සිටිති. ඒ සුලුතරයකි. එහෙම නැති උනුත් බොහොමයක් සිටිති.

    ReplyDelete
    Replies
    1. හැමෝම මෙහෙම නෑ තමයි ඒත් ඉන්න උන්ටික ඇති අනිත් උන්වත් එපා වෙලා යන්න ...... දිගටම ඒවි කියලා හිතනවා ..... සාදරයෙන් පිලිගන්නවා

      Delete
  21. මෙහෙමත් අය ඉන්නවා

    http://nimmnaya.blogspot.com/p/blog-page_5894.html

    ReplyDelete
  22. machan oya wagema deyak una.... dinelkaya dannawa...... et awasanaya mehema un na..... et mewa dakiddi ewa aye matak wenawa............

    ReplyDelete
  23. Nice story , young hearts are not strong enough to cope up the pressure of seperation. His reponse is good one too, he might be successfull man one day. your effort too magnificent, for exposing the story for us

    ReplyDelete
  24. හිතේ අමුතුම කොනක් ස්පර්ශ කරා සහෝදරයා
    අමතක කරපු මගේ අතීතය ආයෙත් මතක් උනා
    ඔබට ජය!

    ReplyDelete
  25. හිතේ අමුතුම කොනක් ස්පර්ශ කරා සහෝදරයා
    අමතක කරපු මගේ අතීතය ආයෙත් මතක් උනා
    ඔබට ජය!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text