Social Icons

හොයමු බලමු

Thursday, June 27, 2013

(ජයගන්නා අයට සිංහල කෑමක් හා ඉංග්‍රීසි බීමක් ) මඩ කවි මඩුව ???? විලක්කුවෙන් තවත් ආතල් වැඩක් .......



                                            
                                                 පහුගිය දවස්ව වල කට්ටිය හොටු පෙරාගෙන දන ගාගෙන කියවපු විප්ලව වාදියෙකුගේ ආදරය කථාව නවත්තන්න උනා. වෙන මොනවත් නිසා නෙවෙයි කථාවට  අදාල පාර්ශව වලින් එල්ලවුන දැඩි විරෝධය . කථාව ලියන්න එපා කියලා ඉතාමත් දැඩි විදිහට ඉල්ලා සිටිය නිසා අපිටත් සිද්ද උනා ඒ ඉල්ලීමට ඔළුව නවන්න . මොනව  කරන්නද !!!
ඒක නැවත්තුවා.

අළුත්  කථා , සයිට් එකේ සීන් වගේම  සොඳරී නැත්තං බෝදිලිමා අවතාරය මුනගැසීම වගේ පැරනෝමල් ඇක්ටිවිටීස් ගැනත් කථා සෙට් එකක්ම එන්න තියෙන අස්සේ ආතල් එකේම වැඩේ පටන් ගම්මුද ?
   මොකද කියන්නේ...... අද අපි දාමු හිටිවන මඩ කවි මඩුවක් .........
රිප්ලයි තියෙනව නං කවියෙන් විතරයි හරිද !!!!


අනික තමයි හොඳම රිප්ලයි එකට විලක්කුව ලියන දිනෙල්කගෙ ගානේ 
 සිංහල කෑමක් හා ඉංග්‍රීසි බීමක් තෑග්ගක් විදිහට ලැබෙනවා ඇති .....
( කවි බෑමනං ඉතිං කමක් නෑ .....)

රූපවලින් කට්ටිය අදුරනවා ඇතිනේ ......... :D




දෙහිවල සත්තුවත්තේ මතු දියුණ               පතා 
චිම්පන්සියෙක් වෙයි හිතුවගේ පලමු         පුතා 
ගොඩමඩ දෙකම සරු කරනා එකම          සතා 
මී හරකෙක් වෙයි හිතුවගේ දෙවනි            පුතා 


ලිපියක් ලියන්නට ගත්තෙමි          ප්‍රමුදියට
කඳුලු බින්දු ඇදහැලුනා                කොළවලට
වමතින් පිස දමා දකුනින් ලියන               කල
ලයිට් ගියා අපෙ ලක් එක වැඩි                කමට   





ගාන තෙල් සඳුන් වරලස ඔමරි                කොට...
 
මුණ පුර තෙල් ගාගෙන යන                   කලට...


මාන බලති රුවන්ගෙ දත්                      හලන්නට


ශම්මියො නුඹත් එනවද කවි                   ලියන්නට






කලුවන් කලු රුවට අනුශ්කා                        දිලිසෙනවා
ඒකි නිසා හෝම් පේජ්                                 වැනසෙනවා
ඇන්ටනා තේරුවොත් අපි මැච්                         පරදිනවා  
තරියා නිසා අපෙ උන් අව තැන්                          වෙනවා 





ලෝකේ තියෙන බොරු සේරම                         වපුරවනා 
රැජින තමයි කළු හොඬවැල තියෙන                         සතා 
බල්ලෙක් එක්ක බුකියේ සැරි සරණ                         තුරා
මේකා ඉදී බ්ලොග් ලෝකේ පිස්සු                            නටා




බ්ලොග් අඩවියක නිල ආතල්              සපයන්නා 
මැසිම බදාගෙන මූ ආතල්                         ගන්නා 
ගෙට්ටුව දවසෙ ෆුල් ෆන් එක දුන්න             එකා 
දිගටම හිටියොතිං ආතල් අපිට                     තමා 





බුකියේ හුරතලී වෙන්නට දත                       කනවා 
අමුතු මුතු වදන් හරියට                         තෙපලනවා 
බ්ලොග් අඩවියේ ඉන්ටෆේස් එක           පුස්කනවා 
උණට කුරුම්බාසේ බ්ලොග් ලිපි          ලියවෙනවා 






වැඩිය ලියන්න බෑ බං වෙලා නෑ !!!!!!!!! තව තමන්ට කෙලවලා දාන්න ඕනේ කවුරු හරි ඉන්නවා නං කොමෙන්ට් බොක්ස් එක තියෙන්නේ ඒවා කරන්න තමයි .

:D :D :D 


මහවන මැද හමුවූ බොදිලිමා අවතාරය සමඟ යලි හමුවෙමු ,








60 comments:

  1. බුකියට අක්කා කියනා කෙනෙක් ඇත
    හෙන පාරක් කියලා ඇය හිතන් ඇත
    ලයික් කොමෙන්ට් වෙනුවෙන් නම් පු.. දෙත
    සිත්තරි යන නම මතකෙට නැගෙනු ඇත

    ReplyDelete
    Replies
    1. පලමුව විලක්කුව වෙත ඔබ පිලිගනිමී
      දෙවනුව සිත්තරිය වෙත මම ඇස යොමමි
      ගන්නට දෙයක් ඇගේ නැති බව මම දකිමි
      උඩ බලාන දිගටම කොලයක් ඉරමි

      Delete
    2. අවසර නැතිව බොහො විට මම පැමින ඇත
      ආ මග ලකුනු තබනා එක පුරුදු නැත
      ඇගෙ දිග පලල බුකියෙදි දිග ඇරිල ඇත
      ගන්නට දෙයක් නැති අය ගැන කතා ඇත

      වෙනතක හරවනව මම ඔබෙ අවදානේ
      ගෙන ආ කෙනෙක් ඇත බ්ලොගයෙම අවදානේ
      ආ ගිය අතක් නැත දැන් මොනවද වෙන්නේ
      ෆ්‍රෑන්ස් ලකද මොන මගුලද නම වෙන්නේ

      Delete
    3. නැති තැන බනින එක නං බොල හොඳම නැත
      …කියන එකක් මූණට ගොස් කියනු පුත

      …සිරාවට කියන්නෙ

      …හැංගි හැංගි බනිනෙක නං කැත ම කැත

      …මුන්ට මටත් වඩා පිස්සු..

      Delete
    4. කියනා කියුම් අය බ්ලොග් ලෝකේ ඉන්න
      ලියනා කවිත් ඇරයුම් ලෙස දැක ගන්න
      මවනා පුවත් උදවිය ගැන කිය වන්න
      තිබුනා මමත් එනිසා ආවා ඔන්න

      හිත රිදිලා සිත්තරීට බනිනු දැකපු බට්ටා
      අත දිගලා මේ විදියට බන ටෝකක් දොට්ටා
      පොත දමලා කිවුවත් කිසි අහිතක් නෑ බට්ටා
      හිත කැඩුනා යමි එහෙනම් වෙන දවසක එන්ටා

      Delete
    5. ඔය කියන අක්කා
      ගැන නොදනිමි ලොක්කා
      අනේ ඒ හින්දා
      ගන්නට දෙයක් නෑයි කිව්වා

      ඇරයුම් කලේ මඩ කවි ලියුමට හින්දා
      ජීවන් ඇවිත් සිත්තරියට මඩ ගැහුවා


      හැංගි හොරා කිසිවක් නෑ විලක්කුවේ
      කරන කියන සේරම අන්තර් ජාලේ

      Delete
    6. හෙක් හෙක්.. මේ උඩ ම තියන කවිය මඩක් ද? බැලුවම මඩ මම හිතුවට වැඩිය වෙනස් නේ.. හා හා.. උඹලට කැමති දෙයක්.. :D

      Delete
    7. මඩ කියල අදහස් කලේ හිනා වෙලා ලේ පිරිසිදු කොරගන්න දෙයක් මිස පුද්ගලික තරහවන් පිරිමහගන්න එක නෙමෙයි කියල තේරිලා නෑද කොහෙදො

      Delete
  2. ගාමි මමත් තෙල් වරලස කළු වෙන්ට
    මූණ පුරා සඳුන් ගාමි සුදු වෙන්ට
    දෙන්නෙමි දිනෙක රුවනගේ දත් හැලෙන්නට
    ආවමි මමත් කවියක් කියලා යන්ට..

    ReplyDelete
    Replies
    1. ශම්මියා ඇවිල්ලා මඩ කවි ලියන්නට
      ඇදගෙන නායිදෝ කියලා සිතුනි මට
      කළුවෙන්නට වරලස තෙල් ගාන සඳ
      උඹ තෙල් ගාන්නේ කොණ්ඩයේ විතරමද ?
      :D :D

      Delete
    2. මඩ කවි ලියලා දෙන්නම් බොට වස් වෙන්න
      ඇදගෙන නාන්නට ඇයි මෙය පොදු ලිදක්ද?
      ඉරිසියා නොකර හිටු දිනෙල්ක මගේ කොණ්ඩෙ ගැන
      කොණ්ඩෙ තමයි තෙල් ගාන්නෙ අහලා නැතිද එය??

      Delete
    3. තෙල් ගානේනෙ කොන්ඩෙට බව මම දනිමී
      (ඒත් )උඹ එතනින් නවතින් නැති බව දනිමී
      :D :D :D :D :D :D

      Delete
  3. කෙල්ලෙක් නැතුව වේලෙනවා මේ දිනෙලා
    වමනේ යනවා මුගෙ ස්ටේටස් දැකලා
    මෙන්න මූට මඩ නාගන්නට හිතිලා
    බෝදිලිමා කාලා මැරිය මේ හිවලා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වේලෙන්නේ කවුද කියා රටම දනී
      රජාට මම දීපුව මදි වෙලා වගේ

      දිග ඇරියොත් අද මම තොගෙ පැටිකිරිය
      යන්නට වේවි සයිබරයෙන් සදහටම.
      :P :D

      Delete
    2. කිව්වට කවි කෑලි පොඩ්ඩක් මඩ දමලා
      මේ හැටි ගහගන්න යන්නේ ඇයි ඔහෙලා
      බෝතලයයි බයිටුයි රැගෙන මුල්ලකට වෙලා
      ගහමුකො අපිත් අඩියක් අමනාප දුරලා

      Delete
    3. කිසිම මඩක් අමනාපෙන් ගැහුවෙ නැතී
      මඩ වැදුනට මුන්ටත් අමනාප නැති
      රාජ්ගෙ අන්තිම පදදෙක දහක් වටී
      තැනක් කියපං අපි ...... ඔන්ටයිම් ඇති

      Delete
    4. උඹ දන්නේ කොහොමද මගෙ පැටිකිරිය
      අපි සෙට් උනෙත් ලාවට එක දවසමය
      ඔයිට වඩා කෑවා අපි මඩ කරිය
      ගහනවනං ගහපන් බය නෑ හරිය

      Delete
    5. නොගා හිටියේ පවු කියලයි වැඩිය මඩ
      ආවොත් රඟන්නට ඒ පව් නැති වෙයිය
      ජීවිතේට කන්නට බැරි තරම් මඩ
      එක දවසට අල්ලාගන්නට හැකිය

      Delete
    6. සද්දේ වහලා පුළුවන් නං කරාපං
      කයිය අරන් ෆුල් රෙඩි පිට ඉන්නේ මං
      කියන දෙයක් ලස්සනටම කියාපං
      ඔක්කාරෙට වගේ එනවා දැන්නං බං

      Delete
  4. Replies
    1. බරට , සැරට කවි ලියන්න නං දන්නේ නෑ බං !!!! අවුල් වගේ නං , කවි කාලා වගේ නං සමාවෙලා අනුකම්පා කරපංකෝ :)

      Delete
  5. චුට්ටන් එවුන් හට ලියලා මඩ කෑලී
    පොර වෙන්නට හදනව මේ පොඩි මල්ලී
    ගැහුවොත් අපි වගේ රජුන්ට මඩ තල්ලී
    වහනව මඩ ගෙනත් ගනනක් ටොන්, මල්ලී!

    අඩෝ.....ව්!

    ReplyDelete
    Replies
    1. පහ වෙන්නට ඇත්තේ තව සුලු මොහොතයි
      රාජ්ගෙ නම අතහැරීම හරි පුදුමයි
      එන්නට ඇහැකි නං අද රෑ බ්ලොගට යලිත්
      හැකිවෙයි බලාගන්නට (මඩ) අප්ඩේට් උඩින්

      Delete
  6. හිල්ටන් නංගි අල්ලාගෙන කියවනවා...
    සයිට් එකේ ඉන්නා ලොකු ජංගි හොරා....
    කෙල්ලෙක් නැතුව වේලෙන මේ දිනෙල්කයා....
    ඕනෙද මඩ ගා ගන්නට මූණ පුරා.....

    ReplyDelete
    Replies
    1. හිල්ටන් නංගි කවුද කියලා දන්නෑනේ මචං ( සිරාවටම ඇ )
      ජංගි කොහෙද සයිට් එකේ ..... බීලද බං
      කෙල්ලෙක් නෑ කියලා කිව්වෙ කවුරුද බං
      ගාන මඩක් ගාපං අපි බය නෑ බං ......

      හූ ඇ :D :D :D :D

      Delete
  7. අම්මපා යකෝ කෝ බං උඹ ලිව් ලියුම
    මල් පිපිලා වගේ දැනෙනවා මගේ හිතට
    ලියුමත් එක්ක කැන්ඩොස් වත් එවන්නට
    අමතක නොවේවා කියලා පතමි මම

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියන්නට බැරිවුනි දෙන්න බොට
      කදුලු වලින් කොල පෙඟුනනෙ ලියන කොට
      පීනන ඉබ්බො ලඟ අත්තටු කොයිද බොල
      කැන්ඩොස් දෙන්න උඹලට මේ අපි මොටද ?


      Delete
  8. කරන දෙයක් හරි විදියට කරාපන්
    මේවා කවිද කවුරුන් හෝ කියාපන්
    මින් පස්සෙවත් තාලෙට කවි ලියාපන්
    එලිසම නැතෝ කලිසම තොගෙ ලිහාපන්

    ReplyDelete
    Replies
    1. සිරාවට... මමත් ඕක කියන්න හිටියේ. මම බොහොම අමාරුවෙන් වචන දාලා මූට කවි කිව්වේ!!

      Delete
    2. අමාරුවෙන් තට්ටු දෙකක් නැග්ග මට
      පිදුරුතලාගල පෙන්නනවාද උඹ
      ගැටගහගෙන කවි දෙක තුන ලිව්ව කල
      මඟුලක් කථා කරනවා ‍උඹ කවිය ගැන :D :D

      Delete
  9. සුන්දර මඩට අප කවදත් ලයික් තමා
    ගින්දර වගෙයි ඒවට නම් උඩින් මෙමා
    රාජුගේ ඇරියුමත් හරි හොඳ ම තමා
    සෙට් වෙනවනං කියපං එනව මෙමා

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි සෙට් වෙන්නට පෝලිමය
      පමා වෙන එවුන්ගේ ගැන මට හරි දුකය
      පෝලිං හැදිලා අපි සේරම ඉන්න කල
      නලීන් අයියා දෙනවලු දිග ඇරලා වත

      Delete
  10. අපි නං හිටුවන කවි කියන්න දන්නේ නෑ ආයිබෝවන් :D

    ReplyDelete
    Replies
    1. ජයගන්න කෙනාට දෙන්නේ බුලත් විටයි සුරුට්ටුවයිද ආ :D

      Delete
    2. අඩේ එකත් නරකම නෑ නේ

      Delete
  11. හුරතල් අහිංසක මේ මට ගහන්න මඩක් නැත
    නූපන් මගෙ පුතුන් අලලා මූ බොරු ගොතා ඇත
    මෙව්වට කිපෙන , වැලපෙන කැත හිතක් නැත
    ගහපන් ඇතිවෙන්න මඩ මල්ලියේ තරහ නැත.

    :D
    (එහෙම කිව්වට මඩ එපා හලි? මෙව්වා බොරු මඩ :p )

    ReplyDelete
    Replies
    1. චිම්පන්සියන් උපදින්නේ කාහටද ?
      මීහරකුන් උපදින්නේ කාහටද ?
      නුවනින් විමසුවොත් වැටහෙයි ගහපු මඩ
      උඹේ හුරතලේ ගැන කියනා කට මොටද :D :D :D :D :D :D :D
      :D :D

      Delete
  12. එලුසමයං ගලපගන්න බැරිවෙච්චි
    …එලිවැට හිටෙව් තැන ඇද වී පෙරලිච්චී
    …රිප්ලයි කවි වලින් කාඩුත් කුඩු වෙච්චි
    හිටගෙන කවි ලියයි කුරුප්පු ආරච්චී

    …මම නැති කවි කොහෙද බං මේ බ්ලොග් අස්සේ
    …ඉපදුණු දා සිටයි මම කවි ලිඳ ඉස්සේ (මොකට කියනවද?)
    …මට මඩ ගැහැව්වොත් මම අරගෙන කොස්සේ
    …පන්න පන්න බැට දෙනවා උඹ පස්සේ

    …කවි කොතැනද එතැනම වෙයි කාන්දම
    …නොලියා ගියොත් මා හට වෙයි මාන්දම
    …සිරිකිසාද එල්ලෝරුම් පෝන්දම
    …කොනිචිව සචිං කවාසාකි සාංදම

    …අනේ පුතේ උඹට බුදු සරණයි.!!. කාලෙක ඉඳං කවියක් ලියාගන්න බැරුව හෙණ සික් එකේ හිටියේ.. යන්තං එකක් දෙකක් ලියාගන්න පුලුවන් වුණේ මේ පෝස්ට් එක නිසා.. දිගට ම ලියපං දිනෙල්කයා.. එලු සමයං හරියයි එතකොට :D

    ReplyDelete
    Replies
    1. තොපි සේරම මගෙ කවියට ලොබ බැඳලා
      මෙතනට ඇවිත් ඒ කවි හරි නෑ කියලා
      එලි සමයද මොකද්ද එක ඇද බාලා
      ගරහන්නට තනයි කවි හරි නෑ කියලා

      Delete
  13. දිනෙල්කය එළකිරි කවියෙකි
    උගෙ මඩ කවි සිරාවට බොහෝ රස ඇති
    දුකට කියන කවියට මොන අස්සරද?
    කියලා රංචගොඩ ළමයත් කියා ඇත

    යුගයේ මහා කවි, කිවිපති ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. මගේ අගේ වැටහෙන උන් මේ ඉන්නේ
      අඩවියේ රජතුමා හට මෙය පෙනියන්නේ
      කවුද මචං රංචාගොඩ කියන්නේ
      පුරුදු නමුත් නෑ නෙව මතකෙට එන්නේ

      Delete
    2. රංචගොඩ ළමය කවුදැයි අහන්නේ
      උන්දැ කලින් ඇත්ත පත්තරේ උන්නේ
      නිරෝෂා විරාජිනීගේ සින්දුවකත් ඉන්නේ
      ඔයහැටි දේ තිබුණත් මමවත් නෑ දන්නේ

      Delete
  14. දවස් පහයි මගෙ බ්ලොගයට තවම
    අදුනන්නේ ටික දෙනෙකුයි මම මෙතන
    පුලුවන් උනත් මඩ ගහන්න ඇඩෙන්නට
    කොහොමද ගහන්නේ මම පුංචියි තවම

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ආවෙමි උඹේ සයුරේ රල පදින්නට
      හැකියාවක් ඇති බව වැටහුනා මට
      දිගටම ලියාපං අපිලට කියවන්ට
      ලොකු පොඩි භේද කුමටද මඩ ගහ ගන්ට

      Delete
  15. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. හැ............. මේ මොකද්ද බං මේ ....///// කොමෙන්ට් කරලා තියෙන්නේ වැරදි බ්ලොග් එකේද මන්දා ....මටනං මේ බස් එක් ගැන කිසිම අයිඩියා එකක් වත් සම්භන්ධයක් වත් නෑ බං .... කමක් නෑ ඔහෙ තියෙද්දෙංකෝ කොමෙන්ට් එක

      Delete
  16. අම්මට සිලි සිලි. කට කහනවා වගේ ඒත් කසන්න කලින් බබඩගිනියි කාලා එන්නම් ඈ

    ReplyDelete
    Replies
    1. කහන තැනක් කහගෙන වරෙංකෝ!!!!! :D :D :D

      Delete
  17. රාජ් අයිය නම් අද ඉල්ලං කාලා
    පැරිස් මාරු වී තරියා මෙතනත් සීලා
    අහෝ දුකකි ශම්මිය අද කවි ලියලා
    නලී අයිය නම් දාපං බං අතහැරලා

    ReplyDelete
    Replies
    1. මේකට කියන්න එකක් ඔළුවට එන්නෙම නෑනෙ බං :D :D :D

      Delete
    2. කවි මඩුවේ මහ කවියා මූ ලූ
      කියනව උට කවි එන්නේ නෑ ලූ
      එහෙම කියල බේරෙන්නට බෑ ලූ
      මොලේ එන්න කාපන් තව මා ලූ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  18. ඇයි සුදු අයියෙ මේහැටි මට අපහාස
    රිදුනා මගේ හිත හොඳටම දන්නවද
    ලියන්නට පිරිය නැතිවී බොහෝ කල...
    ඉඳ හිට ඇවිත් යන්නම් මේ ලෙසට සොඳ....

    ReplyDelete
    Replies
    1. හිතරිද්දන්නට නෑ මඩ ගහන්නේ
      පොඩ්ඩක් හිනා වෙන්නයි අපි හදන්නේ
      ලියනා පිරිය යලි එන්නට පතන්නේ
      දිගුකල් බුකියේ වැජබේ යැයි සිතන්නේ

      Delete
  19. කොහේ ගියත් ඉහලින්මයි වැජඹෙන්නේ
    ඇනෝ කමෙන්ට්ස් අපි නම් නෑ දාගන්නේ
    පුබුදුවාව කොතනත් චාටර් වෙන්නෙ
    රූවා නිසයි උඹලා බ්ලොග් මලවන්නේ :)

    ReplyDelete
    Replies
    1. මෙලෝ දෙයක් මට නං නෑ තේරෙන්නේ
      හෙට ඇවිදින් ගැටපදයත් ලියපන්නේ :D :D :D

      Delete
  20. මෙහෙ ආවේ ප්‍රේම කත කියවන්ට
    නැති බව දැක වුනේ මට අකුලාගන්ට
    වැඳල පුදල කියනව මං දෙයියන්ට
    ආයේ නොලිව්වොත් රෙද්දේ බඩයන්ට

    ReplyDelete
    Replies
    1. ප්‍රේම කථාවේ ඉන්නා පාර්ශව
      දැම්මා තහන්චිය කථාව ලියන්නට
      ඉතින් කෝම තව දුරටත් ලියන්නද
      වෙනත් කථාවක් ලියනවා ඉතිං මම

      Delete
  21. සෑහෙන දවසකින් ආවා මේ පැත්තේ
    ඒ එනකොට කවි හරඹකි මම දැක්කේ
    බැරි මරගාතේ පද දෙකකුත් අමුණා ගත්තේ
    හිනා නොවන් මගේ කවි දැක ඔබ සැව්මේ

    ReplyDelete
  22. ඇවිත් ටික කලයි මා බ්ලොග් ලෝකයට
    දන්නා එවුන් අල්පයි මා ගැන හොඳට
    ගොඩක් උන්ගෙ බ්ලොග් කියවා ඇති මෙමට
    ගහපන් පුලුවන්නම් මඩක් මගෙ රෙදි ගැලවෙන්ට

    ආවට ගොඩක් බ්ලොග් වලට මෙමා
    යන්නේ බොහෝ විට කියවා කොමෙන්ට් නොදා
    ඔපෙරා මිනිය දුන්නෑ දාන්න කොමෙන්ට් එදා
    වෙන බ්‍රව්සරේකින් දාමි කොමෙන්ට් මෙදා

    රජා ට මඩ වැදිල ඔටුන්නෙන් මඩ බේරෙන්නා
    තරියට මඩ වැදුණු නිසා අපි දැන් මැච් දිනන්නා
    ඇහුවට තරහ වෙන්න එපාමහ මඩ කවි විලක්කුවා
    උබත් ටිකක් දවල් ඉන්න බෝදිලිමෙක් වගෙයි දිනෙල්කයා

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text